අතීතයේ සිටීම මිනිසුන් අහස නිරීක්ෂණය කරමින්, ඉන් එපිට තිබෙන්නේ මොනවාද යන්න පිලිබද කුතුහලයෙන් පසු විය. කාලයත් සමග තාක්ෂණය අතිශය දියුණු තත්වයට පත්ව තිබුනද, අභ්‍යවකාශ ගමනය සාපේක්ෂව නොදියුණු තත්ත්වයක පසුවිය. 21 වන ශතවර්ෂය ආරම්භය වන විටත් අභ්‍යවකාශ ගමනය ඉතා සංකීර්ණ, මිල අධික කටයුත්තක් විය. එමෙන්ම එය සම්පුර්ණයෙන්ම පාලනය වුනේ විවිධ රටවල් වල රජයන් යටතේ ය. මේ තත්වය මග හැරීමට අලුත්ම සංකල්පයක් ලොවට අවශ්‍ය විය. එක් මිනිසෙකුට මේ සියල්ල වෙනස් කිරීමට සිහිනයක් තිබුණි. ඒ මිනිසා නමින් ඊලෝන් මස්ක් (Elon Musk) වන අතර ඔහුගේ හීනය SpaceX නම් විය.

SpaceX ආයතනයේ ආරම්භය
SpaceX නැතහොත් Space Exploration Technology Corporation යන ආයතනය Elon Musk විසින් 2002 වර්ෂයේදී ආරම්භ කරනුයේ, අභ්‍යවකාශයේ ගමන් කිරීමට යන වියදම අවම කිරීමට අවශ්‍ය තාක්ෂණය නිර්මාණය කිරීම සහ අඟහරු ග්‍රහයාගේ ජනාවාස ඇති කිරීම යන පරමාර්ථ ඇතුවය. Elon Musk ගේ දැක්ම වුයේ, සාපේක්ෂව වියදම අඩු රොකට් යානා නිර්මාණය කර අභ්‍යවකාශ ගමනාගමනය දැනට පවතින ගුවන් සේවාවක් මෙන් පහසු කිරීමය. එනම් භාණ්ඩ හෝ මගීන් අභ්‍යවකාශයේ ප්‍රවාහනය කර එම යානා නැවත පෘථිවියේ ගොඩ බස්වා, නැවතත් භාවිතයට ගැනීමට හැකි තාක්ෂණයක් ඇති කිරීමය.
2000 වර්ෂයේ මුල් භාගයේ දී Elon Musk රුසියාවේ අභ්‍යවකාශ වැඩසටහනකට සම්බන්ධ වී, ඔහුගේ හීනය ජය ගැනීමට කටයුතු කළේය. අවාසනාවන්ත ලෙස, එය අසාර්ථක විය. පසුව ඔහුගේ හීනය ජය ගැනීමට රුසියානුවන්ගේ හෝ අන් කිසිවෙකුගේ උදවු අවශ්‍ය නැති බවත් රොකට් නිෂ්පාදනය නවතම ආකාරයකට සිදුකල යුතු බවත් Elon Musk විශ්වාස කළේය. පෞද්ගලික අභ්‍යවකාශ ගමනාගමනය පිලිබඳ කිසිවෙක් උනන්දුවක් නොදැක් වූ හෙයින්, Elon Musk හට සියළු කාර්යයන් තනිවම සිදුකිරීමටත්, වියදම් තම පෞද්ගලික ධනයෙන් සිදු කිරීමටත් සිදු විය. අවසානයේ රොකට් යානයක් ඉතා අඩු වියදමකින් නිපදවීමට Elon Musk සමත් විය.

SpaceX හි විශේෂත්වය කුමක්ද?
Elon Musk භාවිත කලේ අවම වියදමක් සහිත ක්‍රම වේ. උදාහරණ වශයෙන් NASA හි නිපදවන එක් වතාවක් පමණක් ගුවන් ගත කල හැකි රොකට් යානයක වියදම ඇමරිකානු ඩොලර් මිලියන 100ත් 260ත් අතර අගයක් වේ. නමුත් SpaceX හි Falcon 9 නැවත භාවිතයට ගත හැකි රොකට් යානයක වියදම වුයේ ඇමරිකානු ඩොලර් මිලියන 57ක් වැනි අගයකි. එමෙන්ම NASA හි රොකට් යානයක් ගුවන් ගත කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 200ක ඉන්ධන දහනය කරන අතර SpaceX හි එක් ගුවන්ගත කිරීමක් සඳහා වියදම් වන්නේ ඇමරිකානු ඩොලර් 200,000 කි. SpaceX ආරම්භ කරන විට Elon Musk මෘදුකාංග ඉංජිනේරු සහ ව්‍යාපාර වැනි රොකට් විද්‍යාවට හාත්පසින්ම වෙනස් අංශයන් වලට සම්බන්ධව කටයුතු කරමින් සිටි නමුත් පොත් පත් පරිශීලනය කර ඔහු රොකට් විද්‍යාව හදාරා ඇත.
SpaceX හි ඉදිරි ඉලක්ක මොනවාද?
Elon Musk ගේ ප්‍රධාන ඉලක්කය, අභ්යවකාශගමනය අතිශය පහසු කිරීම හා වියදම අවම කිරීමය. 2015 වර්ෂයේ SpaceX විසින් චන්ද්‍රිකා 4000ක් දියත් කර මුළු ලොවටම අන්තර්ජාල පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේය. Elon Musk ගේ දිගු කාලීන දැක්ම, අඟහරු මත ජනාවාස ඇති කිරීමය. ඔහු 2030 වන විට අඟහරු මතට මිනිසුන් ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන බව පැවසේ.

මේ තමයි SpaceX වල කතාව. එක් මිනිසෙකු සහ ඔහුගේ අදහසක් ලොව සංකීර්ණම කර්මාන්තයේ විශාල වෙනසක් ඇති කිරීමට සමත් වීම පුදුම සහගත කරුණකි. අවසාන වශයෙන් මතක් කිරීමක් කල යුතුය. SpaceX සාර්ථක වීමට හේතුව Elon Musk අසාමාන්‍ය බුද්ධිමතෙකු වීම හෝ ඔහුගේ දැඩි කැපවීමම නොවේ. ප්‍රධානම දේ Elon Musk සතු පරාජය භාරගැනීමට ඇති අකමැත්ත සහ ඔහුගේ නොපසුබස්නා උත්සාහයයි.