TechWire

Tag - Laptop

Intel 10th Gen සමග නවතම Acer නිෂ්පාදන රැසක්

Acer - Intel 10th Gen Launch Featured Image

2019 ඔක්තෝම්බර් 02 වන දින Acer ආයතනය මගින් Intel 10th Gen Processor සමග පැමිණෙන ඔවුන්ගේ නවතම නිෂ්පාදන හදුන්වා දීමේ උත්සවය, Mövenpick හෝටලයේදී හිදී පැවැත්විය. මෙහිදි Colombo Sri Lanka: Acer සමාගමේ, ඉදිරියේදී වෙළඳපොලට පැමිණීමට නියමිත නවතම 10th Gen Intel Core processors සහිත laptop සහ notebook පරිගණක මාදිලි කිහිපයක් හඳුන්වා දුන් අතර Intel සමාගමේ නවතම 10th Gen Processors සහ තවත් නව තාක්ෂණයන් හඳුන්වා දීම සිදු කරන ලදී.

නව Acer නිෂ්පාදන හඳුන්වාදීම

ප්‍රථමයෙන් මෙම උත්සවයේ අරමුණ සම්බන්ධව සිංගප්පූරුවේ පිහිටි Acer සමාගමේ ප්‍රධාන කළමනාකරු වන සුනිල් නායර් මහතා විසින් හැඳින්වීමක් සිදු කරන ලදී. තවද Intel 10th Gen තාක්ෂණය යොදාගනිමින් නිපදවන ලද Acer නිෂ්පාදන සම්බන්ධව වැඩි දුරටත් අදහස් දැක්වීය. ප්‍රධාන වශයෙන් හඳුන්වා දුන් නව Acer notebook මාදිලි නම්, Acer Aspire 5, Aspire 3 සහා Acer Swift 5, Swift 3 මාදිලි වේ.

Acer - Intel 10th Gen Launch Image 1

Acer Aspire Standard Series

Acer Aspire 5 මිලි මීටර 17.95 ක් ඝනකමින් යුක්ත වන අතර එහි අඟල් 15.6 ක තිරය, Full HD වේ. මෙහි අඩංගු 10th Gen Intel Core i processor, NVIDIA GeForce MX250 graphics, Intel Wi-Fi 6 (802.11ax) මගින් වඩාත් සුමටව හා කාර්යක්ෂමව ක්‍රියා කිරීමට හැකියාව ඇත. තවද වැඩි දියුණු කරන ලද තිරයේ වැඩි වර්ණ පරාසයක් සහ වඩාත් සුපැහැදිලිව ශබ්ද විකාශනය කල හැක.

Acer Aspire 3 ද පෙරට වඩා සිහින් ස්වභාවයක් ගන්නා අතර, රැගෙන යාමට වඩාත් පහසු වේ. මෙයද 10th Gen Intel Core i processor, NVIDIA GeForce MX230 graphics මගින් බලගැන්වෙන අතර පෙර පැවතී Acer BluelightShield, 802.11ac wireless antennae යනාදිය අඩංගු වේ.

Acer Swift LightWeight Series

Acer Swift 5 ලොව බරින් අඩුම අඟල් 14 තිරයක් සහිත notebook පරිගණකය ලෙස හැඳින්වේ. මෙහි බඳ කොටස මැග්නීසියම්, ලිතියම්, ඇලුමිනියම් මිශ්‍ර ලෝහයකින් නිපදවා ඇති අතර මෙය ග්‍රෑම් 990 තරම් සැහැල්ලු වේ. තවද Acer Swift 5 notebook පරිගණකය මිලි මීටර 14.95 ක් තරම් සිහින්ය. මෙහි  NVIDIA GeForce MX250 graphics සහ Intel Iris Pro graphics අඩුංගු වන අතර 10th Gen Intel Core i processor, ටෙරා බයිට් 1ක උපරිම ධාරිතාවෙන් යුත් SSD පහසුකම්, සුපැහැදිලි අඟල් 14 ක ස්පර්ශ සංවේදී තිරය, dual-band Intel Wi-Fi 6 (802.11ax) සහ ප්‍රබල Thunderbolt 3 පහසුකම් සහිත USB 3.1 Type C සම්බන්ධකයක් අඩංගු වේ. Acer Swift 5 ප්‍රමාණයෙන් කුඩා සහ බරින් අඩු වුවද, වෘත්තීයමය කාර්යන් යන එන ගමන් සිදු කිරීමට හැකියාව ඇති අතර, පැය 12.5 ක බැටරි ආයු කාලයක් සහ fast charging පහසුකම් මෙන්ම ඇඟිලි සලකුණු හදුනා ගැනීමේ උපාංගයක් ද අඩංගු වේ.

Acer Swift 3 බොහෝ දුරට Acer Swift 5 හා සමාන වන අතර බර කිලෝග්‍රෑම් 1.19 ක් හා ඝනකම ,මිලි මීටර 15.95 වේ. තවද බැටරි ආයු කාලය තරමක් අඩුය.

මීට අමතරව Acer Spin notebook පරිගණක සම්බන්ධව කෙටි හැඳින්වීමක් කල අතර මෙයද Intel 10th Gen Processor මගින් බලගැන්වෙන බව පැවසීය. තවද Acer Nitro සහ Predator Gaming laptop පරිගණක පිළිබඳව ද සඳහන් කල අතර මේවායේ Intel 10th Gen Processor නොව 9th Gen Processor අඩංගු වන බව පැවසීය.

Intel 10th Gen හඳුන්වාදීම

ඉන්පසු Acer-Global Accounts Team හි වාණිජ ප්‍රධානී සුමිත්‍ර කේ. රායි මහතා විසින් Intel 10th Gen තාක්ෂණය පිලිබඳ හැඳින්වීමක් සහ Intel හි නව තාක්ෂණයන් පිළිබඳව තවදුරටත් හඳුන්වා දෙන ලදී.

10th Gen Intel Core Processors

Intel සමාගමේ නිෂ්පාදිත නවතම 10th Gen Intel Core Processors හි, වැඩි දියුණු කරන ලද විශේෂාංග මෙන්ම, අලුතෙන්ම එක් කරන ලද විශේෂාංග කිහිපයක්ද ඇත. මෙමගින් කාර්යක්ෂම තාව දෙගුණයකින් ද, 2.5 ගුණයකින් වේගවත් photo rendering, තුන් ගුණයකින් වේගවත් Wi-Fi පහසුකම් සහ අට ගුණයකින් වේගවත් Thunderbolt දත්ත හුවමාරු පහසුකම් ලැබෙන බව පැවසීය. තවද 10th Gen Intel Core Processors, “Ice Lake” සහ “Comet Lake” ලෙස වර්ගීකරණය කර ඇති අතර ඒවායේ වෙනස්කම් පහත දැක්වේ.

Intel Adaptix

මෙහිදී හඳුන්වා දුන් තවත් තාක්ෂණයක් වන්නේ Intel Adaptix. මෙමගින් පරිගණකයේ processor ක්‍රියාකාරීත්වය සහ graphics card හි ක්‍රියාකාරීත්වය ගතිකව වෙනස් කිරීම සිදු කරයි. පරිශීලකයා කරන කාර්යය අනුව කාර්යක්ෂමතාව උපරිම කිරීමටත්, graphics ගුණාත්මක භාවය උපරිම කිරීමටත්, ශක්ති පරිභෝජනය උපරිම ඵලදායී තාවකින් සිදු කිරීමටත් මෙමගින් හැකිවේ. මේ සඳහා Machine Learning තාක්ෂණය උපයෝගී කරගෙන ඇත. Intel Adaptix ගැන වැඩි දුර තොරතුරු දන ගැනීමට පිවිසෙන්න, https://www.intel.com/content/www/us/en/architecture-and-technology/adaptix.html

Wi-Fi 6

Intel 10th Gen සමග එන තවත් තාක්ෂණයක් වන්නේ Wi-Fi 6 තාක්ෂණයයි. පෙරට වඩා තුන්ගුණයක් වේගවත් සහ හතර ගුණයකින් වැඩි ධාරිතාවයකින් Wi-Fi 6 සමන්විත වේ. දශකයේ දියුණුම Wi-Fi තාක්ෂණය මෙය බවද පැවසීය. වැඩි දුර තොරතුරු, https://www.intel.com/content/www/us/en/products/docs/wireless/overview.html

Thunderbolt 3

Thunderbolt 3 තාක්ෂණය මගින් වඩාත් වේගවත් සහ පහසුවෙන් දත්ත හුවමාරු කර ගැනීමට හැකි වේ. මෙය USB Type C හි වැඩි දියුණු කරන ලද තාක්ෂණයකි. තනි Thunderbolt 3 port එකක් ආධාරයෙන්, 4K තිරයන් කිහිපයක් සම්බන්ධ කිරීම, ජාලගත කිරීම, USB මගින් දත්ත හුවමාරු කිරීම, බැටරි ආරෝපණය ඇතුලු සියළු සම්බන්ධක කාර්යන් සිදුකල හැකි අතර USB 3.0 වලට වඩා 8 ගුණයකින් වේගවත් බව පැවසීය. වැඩි විස්තර, https://www.intel.com/content/www/us/en/products/docs/io/thunderbolt/thunderbolt-technology-general.html

Intel Optane Memory H10 With Solid State Storage

Intel Optane Memory තාක්ෂණය, පරිගණකයක කාර්යක්ෂමතාව වැඩි කරන තාක්ෂණයකි. මෙහිදී Machine Learning තාක්ෂණය උපයෝගී කරගනිමින්, පරිශීලකයා විසින් නිරන්තරයෙන් භාවිතා කරන පරිගණක වැඩසටහන්, මෘදුකාංග සහ දත්ත හඳුනාගෙන, ඒවා වඩාත් වේගවත් SSD මතකයක ගබඩා කොට තබා ගන්නා අතර, මෙම ක්‍රියාවලිය සෑමවිටම යාවත්කාලීන කරයි. මේ මගින් පරිගණකයේ කාර්යක්ෂමතාව මෙන්ම ඵලදයීතවද වැඩි කරයි. වැඩි විස්තර, https://www.intel.com/content/www/us/en/architecture-and-technology/optane-memory.html

වැඩසටහන් නිමාව

අවසානයේ, හොඳම Acer අලෙවි නියෝජිතයන් හට තෑගි ප්‍රධානය කිරීම හා රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව වැඩසටහන නිමාවට පත් විය. වැඩසටහනේ ඡායාරූප පෙළක් පහත දැක්වේ.

Asus ZenBook Pro Duo

Asus ZenBook Pro Duo Featured Image

2019 මැයි 28 සිට ජුනි 1 වනදා දක්වා, තායිවානයේ පැවති Computex 2019 හිදී Asus සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදන රැසක් එළිදක්වන ලදී. ඒ අතරින් වඩාත් අවධානයට ලක් වූයේ ZenBook Duo සහ විශේෂයෙන් Asus ZenBook Pro Duo laptop පරිගණකයයි.

Asus ZenBook Pro Duo laptop පරිගණකය සඳහා Intel Core i9 9th Gen 8 core දක්වා processor, Nvidia RTX 2060 දක්වා GPU, 1 TB දක්වා SSD දෘඩ තැටිය සහ 32 GB දක්වා RAM අඩංගු වේ. එමෙන්ම Amazon Alexa, IR කැමරාව සහ Face Unlock, Thunderbolt 3 USB-C port වැනි විශේෂාංග රැසක් අඩංගු වේ.

Asus ZenBook Pro Duo Image 1

Laptop පරිගණකයක තිර දෙකක්

Asus ZenBook Pro Duo හි ප්‍රධානම විශේෂත්වය වන්නේ, මෙහි තිර දෙකක් පැවතීමයි.  බොහෝමයක් laptop පරිගණකයක අඩංගු වන්නේ එක් තිරයක් පමණි. නමුත් Asus ZenBook Pro Duo හි 4K resolution තිරයන් දෙකක් පවතී. සාමාන්‍ය laptop පරිගණකයක ආකාරයට අඟල් 15ක 16:9 OLED තිරයකට අමතරව 32:9 IPS තිරයක් යතුරු පුවරුවට ඉහලින් පිහිටා ඇත. මෙම දෙවන තිරය “Screen Pad” ලෙස හඳුන්වන අතර, එය ප්‍රධාන තිරයේ උසින් අඩකට සමාන වේ. යතුරු පුවරුවේ දකුණු පසින් touch pad එක පිහිටා ඇත. එමෙන්ම මෙම තිර දෙකම ස්පර්ශ සංවේදී වේ.

මෙසේ තිර දෙකක් පැවතීම Graphic නිර්මාණකරණය, Video සංස්කරණය, මෘදුකාංග නිර්මාණකරණය, පරිගණක ක්‍රීඩා සහ තවත් බොහෝ කාර්යයන් වඩාත් පහසු කරයි. සාමාන්‍ය පරිගණකයක තිර දෙකක් භාවිතා කර ගනිමින් සිදු කරන කාර්යයන්, Asus ZenBook Pro Duo laptop පරිගණකය මඟින් කරගැනීමට හැකියාව ඇත. එමෙන්ම Screen Pad සමග එන view max, task groups, app navigator වැනි විශේෂාංග බොහෝමයක් මෙම laptop පරිගණකයෙහි ඇතුලත් වේ.

Asus ZenBook Pro Duo Image 2

Asus ආයතනය, ZenBook Duo ලෙස අඟල් 14 වන කුඩා සහා මිල අඩු laptop පරිගණකයක් ද නිෂ්පාදනය කරයි. මෙහි පෙනුම සහ සංකල්පය ZenBook Pro Duo laptop පරිගණකයට සමාන නමුත් විශේෂාංග කිහිපයක් ඉවත් කොට ඇත. කෙසේ නමුත් ZenBook Pro Duo සහ ZenBook Duo හි මිල ගණන් තවමත් Asus සමාගම විසින් ප්‍රකාශයට පත් කොට නොමැත.

Laptop.lk revamps website

Laptop.lk is one of the more known laptop shops in Unity Plaza. Their website is also frequently browsed to find out their available laptops and also the general prices of laptops in the Sri Lankan market. Quite recently they revamped their site, in order to improve the user experience for users searching for a laptop.

laptop.lk-revamp

Earlier you would have to browse the laptops brandwise, or go through their laptop price list PDF document. In their new site, they have a module to filter and view the available laptops according to the required specification. There is a separate line bar to configure your budget range as well. This makes searching a laptop a breeze. The site is still on beta, and some of the laptop information is yet to be complete. However looks to be a module that will be heavily used, and one which will be very userful for laptop hunters.

2014 නව වසරේදී ලැප්ටොප් පරිගණකයක් තෝරාගන්නට පෙර… – දෙවන කොටස

පළමුවන කොටස

භාවිතය අනුව ලැප්ටොප් පරිගණක NetBook, UltraBook, Mainstream, Business, Gaming, Entertainment හා Desktop Replacement වර්ග කල හැකියි.

ශ්‍රී ලංකාවේ NetBook එතරම් ජනප්‍රිය නොවුනත් අනෙකුත් ඕනෑම වර්ගයක ලැප්ටොප් පරිගණකයක් ලංකාවේ වෙළඳ පොලේ පහසුවෙන් සොයා ගත හැකියි. යට කියන ලද කාණ්ඩ අනුව වර්ග කල වෙළඳ පොලේ බහුලව දක්නට ඇති පරිගණක මාදිලි කිහිපයක් පහත දැක්වේ. මෙම පරිගණක මාදිලි හා සඳහන් කොට ඇති මිල ගණන් මෙම ලිපිය ලියැවුනු කාලයේ වෙළඳ පොලේ දක්නට ලැබුණු මාදිලි හා මිල ගණන් බව සලකන්න. මේවා කාලයත් සමඟ වෙනස් වීමට ඉඩ ඇත. විශේෂයෙන්ම ඇපල් මැක්බුක් වර්ගයේ පරිගණකවල මිල විචල්‍යතාවය රු. 10,000 සිට 25,000 දක්වා අගයක් ගැනීමට ඉඩ ඇත. සියළු මිල ගණන් දක්වා ඇත්තේ රුපියල් වලිනි.

NetBook

netbook

  • ප්‍රමාණය – අඟල් 7 සිට 10 දක්වා
  • භාවිතය – ප්‍රධාන වශයෙන් අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා. කුඩා ප්‍රමාණය හා බරින් අඩු බව නිසා පහසුවෙන් නිතර නිතර එහා මෙහා ගෙනයන්නට පුලුවන්.

UltraBook

mac book air

  • – භාවිතය – ලැප්ටොප් පරිඝණකය නිතර එහා මෙහා ගෙන ගොස් වැඩ කිරීමට අවශ්‍ය අයගේ භාවිතය උදෙසා නිර්මාණය වී තිබෙනවා.
  • – ගති ලක්ෂණ – බර අඩු බව, දිගු බැටරි කාලය (5-6 hours), සාමාන්‍ය ලැප්ටොප් පරිගණකයට වඩා තුනී බව
    • – MacBook Air
      • – 11” (147,000 පමණ)
      • – 13” (161,000 පමණ)
  • – MacBook Pro
    • – 13” (172,000 පමණ)
  • – MacBook Pro Retina
    • – 13” (288,000 පමණ)
  • – HP SleekBook
    • – Core i3 (64,000 පමණ)
    • – Core i5 (81,500 පමණ)
  • – HP Envy Ultrabook
    • – Core i5 (100,000 – 130,000)
  • – Toshiba Satellite U series
    • – Core i3 (86,000 පමණ)
    • – Core i5 (114,000-119,000)
    • – Core i7 (183,000 පමණ)
  • – Dell Latitude

Mainstream

  • – ප්‍රමාණය – අඟල් 14 සිට 15.6 දක්වා
  • – භාවිතය – බහුලව භාවිතා වන්නේ මේ වර්ගයේ ලැප්ටොප් පරිඝණක වේ. එදිනෙදා සාමාන්‍ය වැඩකටයුතු සඳහා මෙන්ම මෘදුකාංග ක්‍රමලේඛනය උදෙසාත් මෙම පරිඝණක භාවිතා වෙනවා. ලැප්ටොප් පරිඝණකය නිතරම එහා මෙහා ගෙන ගොස් වැඩ කිරීමට අවශ්‍ය නැති අයගේ භාවිතය උදෙසා නිර්මාණය වී තිබෙනවා.
  • – ගති ලක්ෂණ – UltraBook වලට වඩා බර වැඩි වේ, බැටරි කාලය අඩු වේ (පැය 3-4)
  • – පහත සඳහන් ලැප්ටොප් වර්ග ලංකාවේ වෙළඳ පොලේ බහුලව දැක ගත හැකියි
    • – Dell Inspiron
      • – Core i3 (60,000 – 75,000)
      • – Core i5 (73,000 – 86,000)
      • – Core i7 (97,000 – 110,000)
  • – HP Pavilion
    • – Core i3 (62,000 – 67,000)
    • – Core i5 (78,000 – 90,000)
    • – Core i7 (94,000 – 103,000)
  • – Toshiba Satellite
    • – C Series
      • – Dual Core (46,000 – 51,000)
      • – Core i3 (57,000 – 70,000)
      • – Core i5 (78,000 – 90,000)
      • – Core i7 (110,000)
    • – L Series
      • – Core i3 (71,000)
      • – Core i5 (74,000 – 90,000)
    • – R Series
      • – Core i5 (100,000 පමණ)
  • – Lenovo
    • – G Series
      • – Dual Core (50,000 පමණ)
      • – Core i3 (54,000 – 63,000)
      • – Core i5 (75,000 පමණ)
    • – Z Series
      • – Core i3 (80,000 පමණ)
  • – Asus
    • – K Series
    • – X Series
      • – Core i3 (55,000 – 65,000)

Business

dell vostro

  • Laptops for small business යනු ව්‍යාපාරික ලිපිගොනු ගබඩා කර ගැනීමට, ඒවා නිතරම එහා මෙහා රැගෙන යාමට බලාපොරොත්තු වන ව්‍යාපාරිකයන් උදෙසාම නිර්මාණය වූ ලැප්ටොප් පරිගණක වර්ගයකි. කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරිකයන් ඉලක්ක කොට නිෂ්පාදනය වූ පරිගණක මාදිලි කිහිපයක් පහත දැක්වේ. දත්ත ගුප්තකේතනය (data encryption) කිරීමේ පහසුකමත් මෙම වර්ගයේ ලැප්ටොප් පරිගණක සමඟ ලැබේ.
    • – Dell Vostro (66,000 පමණ)
    • – HP ProBook
      • – Core i3 (61,000 – 75,000)
      • – Core i5 (82,000 – 87,000)
      • – Core i7 (125,000 පමණ)
  • – Toshiba L Series
    • – Core i3 (71,000)
    • – Core i5 (74,000 – 90,000)
  • – මීට අමතරව වැඩිපුර ආරක්ෂක ඇති පරිගණක Business Laptops යනුවෙන් හැඳින්වෙනවා. මෙවැනි මාදිලියේ පරිගණකවල තිබිය යුතුම ගුණාංග වන කල් පවතින බව හා වේගය මෙම ලැප්ටොප් පරිගණක වල දක්නට ලැබෙනවා. මේවායේ ඇති ආරක්ෂක අංග සඳහා උදාහරණ ලෙස TPM hardware encryption හා LoJack දැක්විය හැකිය. පාරිභෝගිකයන්ගේ සංවේදී දත්ත සමඟ වැඩ කටයුතු කරන අයට මෙම පරිගණක වඩාත් වැදගත් වන බව සඳහන් කිරීමට හැකිය. මෙම වර්ගයට අයත් ලැප්ටොප් පරිගණක මාදිලි කිහිපයක් පහත දැක්වේ. පරිගණකයකත් සමඟ ලැබෙන ආරක්ෂක අංග මාදිලියෙන් මාදිලියට වෙනස් වන බව සලකන්න.
    • – Dell Latitude (165,000 පමණ)
    • – HP EliteBook (100,000 – 160,000)
    • – Lenovo ThinkPad

Gaming

Alei

මෙම වර්ගයේ ලැප්ටොප් පරිගණක් ගතහොත් ඹ්නෑම කෙනෙකු ප්‍රථමයෙන්ම අවධානය යොමු කරන්නේ එහි graphics වෙතටයි. ඉන්පසු CPU එක හා පරිගණකයේ තිර ප්‍රමාණය සලකා බැලේ. එයට හේතුව මෙම වර්ගයේ ලැප්ටොප් පරිගණක නිර්මාණය වී තිබෙන්නේ පරිගණක ක්‍රීඩකයන්ට වඩාත් සිත් ඇදගන්නා සුළු ක්‍රීඩා අත්දැකීමක් ලබා දීම උදෙසායි. සාමාන්‍යයෙන් මෙම පරිගණක බරින් වැඩි වේ. වෙළඳ පොලේ දක්නට ලැබෙන Gaming Laptop මාදිලි කිහිපයක් මෙසේයි.

  • – Dell Alienware (280,000 පමණ)
  • – Toshiba Qosmio (180,000 පමණ)
  • – Toshiba Satellite P Series
  • – Toshiba Satellite S Series
  • – Asus ROG G750 (360,000 පමණ)
  • – Asus G Series (250,000 පමණ)

Entertainment

Dell xps

විනෝදාස්වාදය උදෙසාම නිර්මාණය වූ පරිගණකවල ගති ලක්ෂණ ලෙස වැඩි විභේදනයකින් යුතු 1080p තිරය, යතුරු පුවරුවේ ඇති ගීත හෝ වීඩියෝ ධාවනය හා ශබ්දය පාලනය කල හැකි කෙටි යෙදුම් යතුරු, ප්‍රමාණයෙන් විශාල දෘඩ තැටිය, වැඩි ගුණාත්මක භාවයකින් යුතු ශබ්දය දක්වන්නට හැකිය. පහත දැක්වෙන්නේ එවැනි මාදිලි කිහිපයකි. මාදිලියෙන් මාදිලියට ඉහත ගුණාංග වෙනස් වන බව සලකන්න.

  • – Dell XPS (200, 000 පමණ)
  • – Dell Inspiron SE
  • – HP Envy 15, 17 (120,000 – 180,000)
  • – Toshiba Satellite P Series
  • – Toshiba Satellite S Series (132,00 – 150,000)
  • – Asus N Series

Desktop Replacement

මෙම නම කියවූ විටදීම ඔබ මෙම වර්ගයේ පරිගණක වල භාවිතය නිගමනය කරන්නට ඇති. Desktop පරිගණකයක කාර්යක්ෂමතාවයද තැනින් තැනට මාරු කිරීමේ හැකියාවද අවශ්‍ය පරිශීලකයන් උදෙසා මෙම වර්ගයේ පරිගණක නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම පරිගණක ක්‍රීඩා කරන්නන් හා වෘත්තිකයන් (video editor, photographer, engineer වැනි) මෙම පරිගණක බොහෝ ප්‍රයෝජනවත් වේ. තිර ප්‍රමාණය 16” වැඩි මෙම පරිගණක බරින් ඉතා අධික වේ. එමෙන්ම බැටරි ආයු කාලයත් කුඩා වේ. එම නිසා Mainstream වර්ගයේ පරිගණක මෙන් භාවිතයට මේවා සුදුසු නැත. බලසම්පන්න CPU එක හා විශාල RAM හා දෘඩ තැටි ධාරිතාව මෙම පරිගණකවල අමතර ගතිලක්ෂණ වේ.

  • – Dell Inspiron 15, 17
  • – HP EliteBook (99,000 – 156,000)
  • – HP Envy 17 (180,000 පමණ)
  • – HP Spectre 13 (162,000 පමණ)
  • – Toshiba Qosmio (180,000 පමණ)

අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ ඔබ කුමන ආකාරයේ ලැප්ටොප් පරිගණකයක් මිලදී ගත්තත් එය මිලදී ගන්නට පෙර අදාල මාදිලිය ගැන අන්තර්ජාලයේ වැඩිදුර තොරතුරු සොයා බලන ලෙසයි. මෙයට හේතුව පරිගණක නිශ්පාදකයන් අවුරුදු පතා විවිධ මාදිලියේ පරිගණක වෙළඳ පොලට නිකුත් කලත් සමහර ඒවා විවිධ හේතු මත අසාර්ථක නිෂ්පාදන වීමයි (උදා: ලැප්ටොප් පරිගණකය අධික ලෙස රත් වීම, නිෂ්පාදකයා සඳහන් කරනවාට වඩා ඉතා අඩු බැටරි ආයු කාලය). පරිගණකය විකුණන පුද්ගලයා කුමක් කියුවත් අදාල පරිගණක මාදිලියේ පරිශීලක විචාර (user reviews) සොයා බැලූ කල ඔබ මිලදී ගන්නා යන පරිගණකය ඔබ ගෙවන මුදලට සරිලන වටිනා කමක් ඔබට ලබා දෙනවද නැද්ද යන වග පහසුවෙන් සොයා ගැනීමට හැකි වේ.

2014 නව වසරේදී ලැප්ටොප් පරිගණකයක් තෝරාගන්නට පෙර… – පළමුවන කොටස

පරිගණක වෙළඳ පොල ඉතා විශාල වශයෙන් විවිධත්වයෙන් යුතුවෙනවා. තෝරා ගැනීමට විවිධ වෙළඳ ලකුණෙන් විවිධ මාදිලියේ විවිධ ප්‍රභේදයන් ගෙන් යුත් පරිගණක බොහෝමයක් අද දකින්නට පුලුවන්. මේ අතරින් ඔබගේ සියලු අවශ්‍යතාවයන්ට සරිලන පරිගණයක් තෝරා ගැනීම නිසියාකාර දැනුමකින් තොරව නම් ඉතා අසීරු කාර්යයක් වන බවට විවාදයක් නැත. සමහරවිට ඔබ දැනටමත් එම අත්දැකීමට මුහුණ දී ඇති. බොහෝ දෙනා වියදම් කල හැකි මුදල් ප්‍රමාණය මූලික කොට ගෙන පරිගණකයක් මිලදී ගන්නට සිතත් සමහරවිට එය ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට නොගැලපිය හැකියි. මෙම වෑයම ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමේදී ඔබ වඩාත් සෑහීමට පත්වෙන ලෙස ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම උදෙසා ඔබට අත්වැලක් සැපයීමටයි.

laptop

ඩෙස්ක්ටොප් පරිගණකයක් වෙනුවට ලැප්ටොප් පරිගණකයක් වෙත බොහෝ දෙනා යොමු වන්නේ එය එහා මෙහා ගෙන යා හැකි නිසයි. නමුත් ලැප්ටොප් පරිගණකවල ජනප්‍රිය භාවය නිසාම අද ඩෙස්ක්ටොප් පරිගණක වෙනුවට භාවිතා කල හැකි ඒ හා සමාන කාර්යක්ෂමතාවයකින් යුත් ලැප්ටොප් පරිගණක පවා දක්නට ලැබෙනවා. කෙසේ වුවත් කලින් සඳහන් කල පරිදි ලැප්ටොප් පරිඝණකයක් මිලදී ගැනීමේදී වියදම් කල හැකි මුදල් ප්‍රමාණය පමණක් සලකා බැලීම ප්‍රමාණවත් නොවේ. ඒ සමඟම සිතා බැලිය යුතු කරුණු කිහිපයක් ඇත. පරිගණකයක් මිලදී ගැනීමට පෙර

  • – වියදම් කල හැකි මුදල් ප්‍රමාණය,
  • – පරිඝණකය භාවිතා කරන්නේ කුමන අවශ්‍යතා සඳහාද,
  • – නිතරම පරිඝණකය එහා මෙහා ගෙනයනවද නැද්ද යන වග,
  • – විදුලියට සම්බන්ධ නොකර භාවිතා කිරීමට අවශ්‍ය වන අවම කාලය,
  • – ඔබට පහසු තිර ප්‍රමාණය,
  • – තොරතුරු රැඳවීමට කෙතරම් ඉඩ ප්‍රමාණයක් අවශ්‍යද යන වග,
  • – අවශ්‍ය කවුළු (ports) හා ඉදිරියට තවත් අංග එක් කිරීමට අවශ්‍යද යන වග,
  • – පරිගණකයෙහි තිබිය යුතු ආරක්ෂාව,
  • – Warranty

යන කරුණු පිලිබඳ අවධානයක් දැක්වීම වැදගත් වේ. මෙම ප්‍රශ්න වලට ඔබට පිලිතුරු සොයා ගැනීමට හැකි වුවහොත් පරිගණකයක් තෝරා ගැනීමේ කාර්යය පහසු කර ගත හැකියි. සමහර ප්‍රශ්න යමෙකුට වැදගත් විය හැකි අතර තව අයෙකුට නොවැදගත් විය හැකියි. එවිය එය නොවැදගත් වන පුද්ගලයාට එම ප්‍රශ්නය නොසලකා හරින්නට පුලුවන්. මෙහි අරමුණ වන්නේ ඔබගේ අවශ්‍යතා මොනවාද යන්න පැහැදිලි කරගැනීමයි.

New laptop processors

ලැප්ටොප් පරිගණක වල භාවිතා වන processor අතරින් ලංකාවේ වැඩිපුර භාවිතා වෙන්නේත් වෙළඳ පොලේ බහුලව දක්නට ලැබෙන්නේත් Intel processors වේ. AMD processors සුළු වශයෙන් හමුවේ. Intel processors අතරින් දැනට වෙළඳ පොලේ මිලදී ගැනීමට බහුලව ඇත්තේ Core මාදිලියේ processor වේ. Core මාදිලියට කලින් පැමිණි Pentium dual core හා Pentium quad core ප්‍රොසෙසර තවමත් වෙළඳ පොලේ යම් තාක් දුරකට දක්නට ලැබුනත් නිතරම වෙනස් වන අලුත් වන පරිගණක ලෝකයත් සමඟ ඉදිරියට යෑමට නම් හැකි තාක් දුරට නව මෙවලම් භාවිතයට ගැනීම අත්‍යාවශ්‍ය වේ. කාලයත් සමඟ පරණ මාදිලියන්ට එම නිෂ්පාදිත ආයතනයන් විසින් සපයන සේවාවන් හා අමතර කොටස් නිෂ්පාදනය නැවැත්වීමත් මීට එක් හේතුවක් ලෙස දක්වන්නට පුලුවන්. අන්තර්ජාලයේ සැරිසැරීම, MS Office පැකේජය භාවිතා කිරීම, චිත්‍රපටයක් නැරඹීම, ගීතයකට සවන් දීම වැනි එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය වැඩකටයුතු කරගැනීමට Core i3 processor එක හොඳටම ප්‍රමාණවත් වනවා. Core i5 processor එකේ ඇති Turbo Boost තාක්ෂණය මඟින් එහි ස්පන්දක වේගය (clock speed) ස්වයංක්‍රීයව අඩු වැඩි කර ගන්නා බැවින් මෘදුකාංග ඉංජිනේරුවන්ට, Computer simulations කරන අයට එය වඩාත් වැදගත් වනවා. ඒ Virtual machine හා Emulator භාවිතයෙන් වැඩ කිරීම Core i5 තවත් පහසු කරන නිසයි. High-end gaming, video rendering, high-end graphic designing සඳහා වඩාත් වේගවත් processor එකක් වන Core i7 භාවිතා කිරීම සුදුසු වනවා.

Laptop graphics

මහා පරිමාණයේ පරිගණක ක්‍රීඩා, වීඩියෝ සංස්කරණය හා චිත්‍රක සැලසුම්කරණය (Graphic designers) වැනි තීව්‍ර ලෙස graphics භාවිතා වන අංශයන්හි යෙදෙන්නන් බාහිර graphics card එකක් සහිත පරිගණකයක් භාවිතා කිරීම වඩාත් උචිත වේ. මෙය 1 GB, 2 GB වශයෙන් Nvidea හා AMD Radeon යන වෙළෙඳ ලකුණු යටතේ දැනට වෙළෙඳ පොලේ දක්නට ඇත. ‍මේ හැර අනෙකුත් අය සඳහා පරිගණකත් සමඟම එන අභ්‍යන්තර graphics card එක පමණක් ප්‍රමාණවත් වේ. දැනට ලැප්ටොප් පරිගණකත් සමඟ බහුලව එන 1 GB internal graphics හරහා 1080p HD වීඩියෝ පටයක් වුවත් පහසුවෙන් නැරඹිය හැකි වේ. Intergrated graphics යනු පරිගණකයේ RAM මතකයෙන් කොටසක් තිරයේ රූප පෙන්වීමට භාවිතා කිරීම සඳහා වෙන් කර ගැනීමයි. එවිට එම වෙන්වූ මතකය RAM එකෙහි සාමාන්‍ය භාවිතය උදෙසා යොදා ගැනීමට නොහැක. උදාහරණයක් ලෙස 4 GB RAM මතකයක් ස්ථාපනය කොට ඇති පරිගණකයක video memory සඳහා 1 GB භාවිතා කරන්නේ නම් පරිශීලකයාට දිස්වන්නේ තම පරිගණකයේ 3 GB RAM මතකයක් ස්ථාපනය කොට ඇති ලෙසයි. මෙවිට video memory සඳහා වැයවන විදුලිය ඉතා කුඩා වන අතර එම නිසා ජනනය වන තාපය කුඩා වන අතර සමස්ත වශයෙන් බැටරියේ ආයු කාලය දිගු වේ. එමෙන්ම මෙම ක්‍රමය ඉතා ලාභදායී වේ. නමුත් ප්‍රථමයෙන් සඳහන් කල පරිශීලකයන්හට එය සුදුසු නොවන්නේ එවැනි graphics තීව්‍ර ක්‍රියා වලදී එය ඉක්මනින් රත් වෙන බැවිනි. එම නිසා RAM මතකයෙන් බාහිරව ඒ සඳහාම වෙන්වූ මතකයක් භාවිතා කරන external graphics card එම පරිශීලකයන්ට වඩාත් සුදුසු වේ. මේවා මිල අධික වන අතර වෙළෙඳ පොලට පැමිණෙන්නේ ඒවාටම වෙන්වූ සිසිලන පංකා සමඟයි. එනමුත් මෙවැනි පරිගණකයක් මිලදී ගැනීමට පෙර එය graphics card එකට වෙන්වූ සිසිලන පංකාවක් සහ පරිගණකයෙන් තාපය පිටවීමට සඳහා වා කවුළු ගොඩක් සහිත බවට තහවුරු කර ගැනීම නුවණට හුරු වේ. නැතිනම් graphics card එකෙන් ජනනය වන තාපය හේතු කොට ගෙන බැටරියේ ආයු කාලය ශීඝ්‍ර ලෙස අඩුවීමට ඉඩ ඇත. මීට අමතරව external graphics card එකක් භාවිතා කිරීමේ තවත් වාසියක් වනුයේ අවශ්‍ය විටක එය වැඩිදියුණු (upgrade) කිරීමේ හැකියාවයි. මෙහිදීත් තීව්‍ර ලෙස graphics භාවිතා කරන්නන් හැර අන් පරිශීලකයන් මේ පිලිබඳ සැලකිය යුතු නොවේ. ඔබ ඉදිරියේ graphics card එක upgrade කිරීමට බලාපොරොත්තු වන්නේ නම් අලුත් තත්වයේ graphics card එකක් සහිත පරිගණකයක් මිලදී ගැනීම නුවණට හුරු වේ. Graphics යනු ශීඝ්‍රයෙන් දියුණු වන අංශයක් බැවින් නුදුරු අනාගතයේ ඔබට නැවතත් එය upgrade කිරීමට මෙවිට සිදු නොවේ.

laptop graphics

RAM මතකය ගත් කල වෙළඳ පොලේ බහුලව දක්නට ඇත්තේ 4 GB මතක ප්‍රමාණයෙන් යුත් පරිගණකයි. මීට අමතරව 2 GB, 6 GB හා 8 GB යන ප්‍රමාණ වලින්ද දැකගත හැක. සාමාන්‍ය පරිශීලකයෙකුට නම් 4 GB හොඳටම ප්‍රමාණවත් වේ. Graphic designing software, emulators, simulators හා virtual machine වැනි මෘදුකාංග පහසුවෙන් ධාවනය කිරීමට නම් මීට වඩා වැඩි RAM මතකයක් අවශ්‍ය වේ. ඔබට කෙදිනක හෝ RAM upgrade කිරීමක් අවශ්‍ය වුවහොත් දැනට පරිගණකයේ ඇති RAM මතකයේ දත්ත වේගය සමඟ සැස‍‍‍‍දෙන RAM මතකයක් භාවිතා කිරීමට මතක තබා ගන්න (උදා: දැනට පරිගණකයේ ඇත්තේ DDR3 1333 / PC3-10600 වර්ගයේ මතකයක් නම් ඉන්පසු භාවිතා කල යුත්තේද ඒ වර්ගයේම මතකයකි). මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කරුණක් නම් පරිගණක upgrade කිරීමෙදී ඇති සීමායි. ඔබගේ මෙහෙයුම් පද්ධතිය 32 bit වේ නම් එයට භාවිතා කල හැකි උපරිම මතකය 3 GB හෝ 3.5 GB වේ. මීට වඩා මතකයක් අවශ්‍ය වූ කල්හි 64 bit මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීම අවශ්‍ය වේ (මේ සඳහා processor එකද 64 bit වීම අත්‍යාවශ්‍ය වේ).  RAM මතකය දත්ත හුවමාරු කරන වේගය ගැන ඔබ වඩාත් උනන්දු නම් පරිගණකය මිලදී ගැනීමට ප්‍රථම අන්තර්ජාලයේ ඒ පිලිබඳ සොයා බැලිය හැකිය.

වෙළඳ පොලේ 11.6”, 12.1”, 13.3”, 14”, 15.6”, 17.3” හා 18.4” වශයෙන් සෑම තිර ප්‍රමාණයකම පරිගණක දැක ගත හැක. පරිශීලකයාට පහසු තිර ප්‍රමාණය වෙලඳ පොලට ගොස් පරිගණක දැකබලා ගෙන ඔහුගේ අභිමතය පරිදි තෝරා ගත හැක. සාමාන්‍යයෙන් තිර ප්‍රමාණයේ විශාලත්වයත් සමඟ ලැප්ටොප් පරිගණකයේ බරද වැඩිවේ. තවත් සැලකිය යුතු වැදගත් කරුණක් වනුයේ පරිගණකයේ විභේදනයයි (resolution). ලොකු විභේදනයක් ඇත්නම් වඩාත් පැහැදිලි රූප ලැබේ. චිත්‍රපට නැරඹීම සඳහා නිතරම පරිගණකය භාවිතා කරන්නෙකුට හෝ කලින් සඳහන් කල පරිදි තීව්‍ර ලෙස graphics භාවිතා කරන්නෙකුට මෙය වැදගත් විය හැකියි.

දෘඩ තැටි ප්‍රමාණ ගත් කල වෙළඳ පොලේ මේවා 160 GB, 250 GB, 320 GB, 500 GB, 640 GB, 750 GB, 1 TB යන ප්‍රමාණවලින් දැක ගත හැක. බහුල වශයෙන් දක්නට ඇත්තේ 500 GB ප්‍රමාණයේ දෘඩ තැටිය. මූලික මෘදුකාංග ස්ථාපනය කොට ගෙන පොඩි පොඩි වැඩ කරගැනීමට ලැප්ටොප් පරිගණකය භාවිතා කරන පුද්ගලයෙකුට 160 GB හොඳටම සෑහේ. අනෙකුත් පරිශීලකයන්හට තමන්ගේ භාවිතයට සුදුසු පරිදි අවශ්‍ය ප්‍රමාණය මින් තෝරා ගත හැක. විශේෂයෙන්ම වීඩියෝ සංස්කරණයේ නියැලෙන්නන්ට හා පරිගණක ක්‍රීඩා ගබඩා කිරීමට විශාල මතකයක් අවශ්‍ය බැවින් ඔවුන් වැඩි ධාරිතාවකින් යුතු දෘඩ තැටියක් භාවිතා කිරීම යෝග්‍ය වේ.

Laptop ports

වර්තමානයේ සාමාන්‍යයෙන් සෑම ලැප්ටොප් පරිගණකයක්ම වෙළඳ පොලට එන්නේ Wifi (වයිෆයි ජාලයකට සම්බන්ධ වී අන්තර්ජාලය පරිශීලනය කිරීමට), Bluetooth (බ්ලූටූත් හරහා ගොනු හුවමාරු කිරීමට), Card Reader (SD card කියවීමට) යන පහසුකම් සමඟයි. එමෙන්ම Ethernet port එකක් (ජාලයකට සම්බන්ධ වීමට), USB port කිහිපයක් (ගොනු හුවමාරු කිරීමට), HDMI port එකක් (බාහිර මොනිටරයකට සම්බන්ධ කිරීමට) සෑම ලැප්ටොප් පරිගණකයම වාගේ ඇත. නිතරම බාහිර උපාංග (උදා: දෘඩතැටියක්, මවුසයක්, pen drive) සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයෙකුට USB port වැඩි ප්‍රමාණයක් තිබෙන පරිගණයක් මිලදී ගත හැකියි. නැතිනම් ඒ වෙනුවට USB hub එකක් මිලදී ගත හැකියි. අලුත්ම USB මාදිලිය වන්නේ USB 3.0 යි. මෙම මාදිලියට පරණ USB 2.0 වඩා ඉතා වැඩි වේගයකින් ගොනු මාරුව (file transferring) සිදු කල හැකියි. සෑම පරිගණකයම වාගේ වෙබ් කැමරාවක්ද දක්නට ලැබේ.

පරිගණකයෙහි හා එහි ඇති දත්ත වල ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වන්නෙකුට Kensington Lock, Finger Print Recognition (ඇඟිලි සලකුණ මඟින් පරිගණකයට ඇතුල් වීමට)  හා Face Recognition (මුහුණ හඳුනාගැනීම මඟින් පරිගණකයට ඇතුල් වීමට) යන සේවාවන් ලැප්ටොප් පරිගණකවලින් ලබා දී ඇත. Kensington Lock සෑම පරිගණකයකම වාගේ දක්නට ඇත. මෙය හරහා ඔබට ඔබේ පරිගණකය යම් දෙයකට අල්ලා යතුරු ලෑමට හැකිය. ලැප්ටොප් පරිගණක විකිනීමට ඇති තැන්වල මේ ක්‍රමය හරහා පරිගණක සොරුන් ගෙන් ආරක්ෂා කර තිබෙනවා ඔබ දැක ඇති. ඇඟිලි සලකුණ මඟින් පරිගණකයට පුරන් වීමේ (login) සේවාව Toshiba Tecra, HP ProBook හා HP Envy ලැප්ටොප් පරිගණක මඟින් ලබා දෙයි. වෙබ් කැමරාව හරහා මුහුණ හඳුනාගැනීමේ සේවාව Asus වෙළඳ ලකුණෙන් එන ලැප්ටොප් පරිගණකවල බොහෝ විට දැකිය හැකිය.

laptop warranty services

Warranty ගත් කල Parts warranty හා Service warranty යනුවෙන් වර්ග දෙකකි. බහුලව දක්නට ලැබෙන සංකලනය වනුයේ Parts warranty අවුරුද්දක් බැගින් සහ Service warranty අවුරුදු 2ක් බැගිනි. ඔබ ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමට පෙර මිලදී ගන්නා ආයතනය විසින් warranty ලබා දෙනබව තහවුරු කර ගැනීම වැදගත් වේ. Parts warranty කාලය ඇතුලත පරිගණකයේ යම් ‍කොටසකට හානියක් සිදුවුවහොත් නොමිලයේ එම කොටස ආදේශ කල හැකි වේ. ඒ සඳහා එම ආයතනය විසින් ගාස්තු අය කිරීමක්ද සිදු නොකරයි. Service warranty කාලය ඇතුලත එයම සිදුවුවහොත් ඔබට අදාල කොටසට පමණක් ගෙවීමට සිදු වේ. සේවාව නොමිලේ ලැබෙයි. මෙම කාලයන් ඇතුලත ‍ඔබට අවශ්‍ය වූ විටෙක මෙහෙයුම් පද්ධතිය නොමිලේ ප්‍රතිස්ථාපනය කරගැනීමට පවා හැකි වේ. නමුත් මෙම warranty කාලයන් දෙකම අවසන් වූ විට ඔබ ඒ සඳහා ගෙවීමක් කිරීමට අවශ්‍ය වේ. මෙම warranty කාලයන් බලපවත්වන්නේ ප්‍රථමයෙන් Parts warranty කාලය හා ඉන්පසු Service warranty කාලය වශයෙනි.

Image credits : 2013laptop.com, wallpink.com, crucial.com