TechWire

Huawei සඳහා ඇමරිකානු තහනම

Huawei ලොව අංක 1 ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදක ආයතනයක් බව ඔබ සැම දන්නා කරුණකි. එමෙන්ම smartphones නිෂ්පාදකයන් අතර ලොව 2 වන ස්ථානය Huawei ආයතනය සතුව පවතී. පසු ගිය දිනක Huawei ආයතනයට විශාල ඛේදවාචකයකට මුහුණ දීමට සිදු විය. එනම්, ඇමරිකාව විසින් Huawei ආයතනය සමඟ තිබූ සියලු සම්බන්ධතා නවතා දැමීමයි.

Huawei Ban image 1

කුමක්ද මෙයට හේතුව?

චීන බහුජාතික සමාගමක් වන Huawei සමාගම සමඟ තිබූ සම්බන්ධතා මෙසේ නවතා දැමීමට හේතුව, Huawei ආයතනය, චීනයේ රහස් බුද්ධි අංශ සමඟ සම්බන්ධතා පවත්නා බවට ඇති වූ අවිශ්වාසය, ඇමරිකාව සතු T-Mobile Robot Arm හි රහස් තොරතුරු සොරාගැනීම සහ ඔවුන්ගේ තාක්ෂණය ඉරානයට විකිණීම යන කරුණු සම්බන්ධයෙන් Huawei සමාගම කෙරෙහි ඇති වූ අවිශ්වාසයත්ය.

Huawei Ban image 2

මෙහි ප්‍රතිඵලය කුමක්ද?

මෙහි ප්‍රතිඵලය වශයෙන් 2019, මැයි 15 වන දින ඇමරිකානු එකසත් ජනපදයේ Trump Administrative විසින් Huawei ආයතනය Trade Blacklist නැතහොත් වෙළඳ අපලේඛනයට ඇතුලත් කිරීමයි. මෙයින් සිදුවන්නේ ඇමරිකානු සමාගම් සහ Huawei ආයතනය අතර ඇති සම්බන්ධතා සඳහා සීමා පැනවීමයි.

මේ හේතුවෙන් මැයි මස 19 වන දින Google සමාගම විසින් Huawei සමාගම සතුව තිබූ Android මෙහෙයුම් පද්ධති බලපත්‍රය සහ Google සමාගම විසින් සපයනු ලබන Play Store, Gmail, Maps, YouTube, Google Assistant ඇතුලු Google සේවාවන් Huawei නිෂ්පාදන සඳහා ලබා නොදීමට තීරණය කර ඇත. Android මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන Huawei smartphones සඳහා මෙම Android සහ Google සේවා තහනම මහත් ඛේදවාචකයක් විය.

Huawei නිෂ්පාදන සඳහා microchips සපයනු ලැබුවේ Qualcomm, Intel, Broadcom සමාගම් විසිනි. එල්ලවූ තහනමත් සමඟ මැයි 22 වන දින, ඉහත සඳහන් කල ආයතන Huawei සමඟ තිබූ සම්බන්ධතා නවතා, Huawei නිෂ්පාදන සඳහා දෘඩාංග ලබාදීම නවතා දමන ලදි.

එපමණක් නොවේ මේ වන විට Microsoft ආයතනය විසින්, Huawei MateBook X Pro ඇතුලු Huawei නිෂ්පාදන Online store හි අලෙවි කිරීම නවතා ඇත.



Huawei කුමක් කරයිද?

Huawei සමාගම Android මෙහෙයුම් පද්ධතිය වෙනුවට, “Hongmeng” නම් ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක් හදුන්වාදීමට සූදානම් බවට තොරතුරු ලැබී ඇත. එමෙන්ම Google සේවාවන් වෙනුවට Huawei නිෂ්පාදන සඳහා ආවේනික සේවාවන් ලබාදීමට සුදානම් බවටද මත පල කෙරේ.

කෙසේ නමුත් මෙම තහනම ස්ථීර තහනමක්ද, නැතහොත් කවදා අවසන්වේද යන පිලිබඳ නිසැකවම කිව නොහැක. මීට සමානම සිදුවීමක් ZTE සමාගමට මීට වසර කිහිපයකට පෙර සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ZTE සමාගමේ කීර්ති නාමය පළුදු විය. කෙසේ නමුත් Huawei ආයතනය මේ සඳහා කඩිනම් පියවරක් ගන්නේ යැයි අප සිතමු.

                     

About author View all posts

Osusara Kammalawatta

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.