TechWire

Google සහ Nest එකතුව ගෙන එන Google Nest Hub Max

Google Nest Hub Max යනු මෙවර Google I /O වැඩසටහනේදී පෙන්වූ තවත් නිර්මාණයකි. මේ වන විට Google සහ Nest යන කණ්ඩායම් මෙය නිර්මාණය කිරීම සදහා එකතු වී ඇත. කැමරාවකින් සහ අඟල් 10 ක පමණ Smart තිරයකින් මෙය සමන්විත වේ.

2018 දී නිකුත් වූ අගල් 7ක් පමණ දිගැති Google Home Hub හි කැමරාවක් නොමැති වීම එහි එක අඩුවක් විය. එම නිසා මෙවර Google කණ්ඩායම Nest කණ්ඩායම සමග එකතු වී ඇත. Nest යනු ආරක්‍ෂිත කැමරා සහ Smart උෂ්ණත්ව පාලක යන නිර්මාණ සැදීම සදහා ඇති ප්‍රසිද්ධ සමාගමකි. Google සමාගම 2014 දී නැවතත් Nest සමාගම අත්පත් කර ගත් අතර මෙය මුලින්ම Google හි මව් සමාගම වන Alphabet විසින් වෙනම ව්‍යාපාරයක් ලෙස පවත්වා ගිය අතර පසුගිය වසරේ මුල් කාලයේදී Nest සමාගම Google සමාගම විසින් පවරාගෙන ඇත. මාස පහකට පසු Nest සමාගම  Google Smart Home අංශය සමග එකතු විය. එසේම Nest සමාගම මිට පෙර Google Hardware අංශය යටතේද ක්‍රියා කර ඇත.

Nest Hub Max හි ඇති කැමරාව උපයෝගී කරගෙන , ඔබ ගෙදරට පැමිණෙන විට ඔබගේ මුහුණ හදුනා ගත හැකි අතර, පසුතල දැනුම්දීම් හෝ ඔබගේ ඡායාරූප සමග  background slideshow ක් සදහා Personalized මුල් පිටුවක් ගෙන එනු ඇත. මෙම විශේෂාංගය Face Match නමින් හැදින්වේ.

එසේම Nest Hub Max මගින් Video calls ගැනීමටද හැකි අතර ඔබ ඇමතුමක සිටින විට Smart කැමරාව මගින් ඔබගේ ඉරීයව්ව සදහා හොදින් අවධානය දී එය විශාලනය කිරීමට හැක. එසේම ඔබ රාමුව තුල සිටීන බවද වග බලා ගත හැක.

එසේම මෙහි ඇති සුවිශේෂ විශේෂාංගයක් වන්නේ මෙය ගෙදර ඇති අනිකුත් Smart උපාංග සදහා පාලක පැනලයක් (Control Panel) ලෙස ක්‍රියා කරයි. එසේම ඔබගේ හඬ විධානය(Voice Command ) උපයෝගී කරගෙන එහි ඇති ඡායාරූප බැලීමට, හෝ YouTube වීඩියෝ ක්‍රියා කිරීමට හැක. එසේම ඔබගේ අත ඔසවා එහි ක්‍රියාත්මක වෙමින් පවතින වීඩියෝ හෝ සින්දුවක් නැවැත්විය හැක. මෙහි ඇති කැපී පෙනෙන විශේෂාංගයක් වන්නේ මෙහි ඇති  speakers සහ එහි ඇති ඉහල ගුණාංගයකින් යුක්ත වූ ශබ්දයය.

$229 ක් වැනි මුදලකට මෙම අවුරුද්දේ ඒමට නියමිත මෙය Nest සමාගම හා Google සමාගම එකතු වී කරන ඉහල තාක්ෂණික මෙවලම් හා විකල්ප වලින් යුක්ත උපාංගයකි.  

About author View all posts Author website

Yohan Malshika

I'm an Undergraduate in Information Systems at Sabaragamuwa University of Sri Lanka. Self Learner and Always trying to do right things!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.