TechWire

ASUS සමාගම VivoBook S14 සහ S15 ලැප්ටොප් පරිගණක හඳුන්වා දේ

ඉතා පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වගේම අපුර්වත්වය සහ නව්‍යකරණය ගැබ්වූ පෙනුමකින් හෙබි 10th Gen Intel processors සහ  NVIDIA GeForce graphics අඩංගු මේ ලැප්ටොප් පරිගණක ඔබේ පෞර්ෂත්වය ඔප් නන්වමින් කාර්යක්ෂමතාව වැඩි කරන බව අපට විශ්වාසයි.

SUS  VivoBook Series
  • වෙනස් වීමට නිර්භීත වන්න : අපුර්ව හැඩයක් සහ නව්‍යකරණය වූ නිමාවක් සහිත මේ පරිගණක මාදිලි සතුව color-blocking සහිත  Enter key එකක්, diamond-cut chamfered edges වගේම ශක්තිමත් ලෝහ නිමාවක් අන්තර්ගත වෙනවා.
  • රාමුව බිද දමන්න : 1.4 kg තරම් බරින් අඩු, 1.59 mm තරම් සිහින් සංගත නිමාවකින් වගේම slim-bezel NanoEdge සහිත 86% දක්වා ඇති screen-to-body ratio display එකක් මේ උපාංග සතුයි.
  • හොඳම දේ සොයා ගන්න : 10th Gen Intel® Core™ i7 CPU එකක් වගේම බලවත් NVIDIA® GeForce® MX350 graphics උපාංග සමග ක්‍රියාත්මක වීමේ හැකියාව මේ උපාංග සතු වෙනවා.
  • ලැප්ටොප් පරිගණකය ජංගම දුරකථනයට ඒකාබද්ධ කර ගන්න : නවීකරණය කරන ලද MyASUS මෘදුකාංගය හරහා  ලැප්ටොප් පරිගණකය සහ දුරකථනය සම්බන්ධ කිරීම තවත් පහසුයි.

ASUS සමාගම තමන්ගේ නවතම VivoBook S14 (S433) සහ S15 (S533) ලැප්ටොප් පරිගණක යුගලය 2020 ජනවාරි මස නිල වශයෙන් නිවේදනය කළා. අඟල් 14 සහ අඟල් 15 ප්‍රමාණයන්ගෙන් මේ පරිගණක ද්විත්වය සමන්විත වෙනවා. ඉතා පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ලෙසින් නිමවා ඇති මේ පරිගණක යුගලය, අපුර්වත්වය සහ නව්‍යකරණය ගැබ් වූ පෙනුමකින් සමන්විත වෙනවා. පරිශීලකයාගේ පෞර්ෂත්වය ඔප් නැංවීම වගේම පරිගණක වල ඉතා බලවත් ක්‍රියාකාරීත්වය නිසාම මේ උපාංග විශිෂ්ටතම උපාංග ලෙස හඳුන්වන්න පුළුවන්.

VivoBook S14 (S433) සහ S15 (S533) පරිගණක සතුව පවතින සුවිශේෂී Diamond-cut edges, metallic textured නිමාව වගේම පරිශීලක පෞර්ෂත්වය විදහා දැක්වෙන වර්ණ පරාසයන් මේ උපාංගවල කැපී පෙනෙන ලක්ෂණයි. තිරය දිගහැරිය මොහොතේ සිට පරිශීලකයාගේ ඇස ඇද ගන්නා color-blocked edges සහිත Enter යතුරත් මේ පරිගණකය වෙත සපයන්නේ අසම සම අත්දැකීමක්.

අද්විතීය මෝස්තරයක් සහ සිත්කළු පෙනුමක් ඇති මෙම නව VivoBooks බලගන්වන්නේ Intel® Core ™ i7 ප්‍රොසෙසරයක් මගින්. NVIDIA® GeForce® MX 250 දක්වා ඇති discrete graphics සහ 16 GB RAM දක්වා ඇති RAM ධාරිතාව වගේම විශාල ධාරිතාවක් ඇති PCIe® SSD හා Intel Optane™ Memory H10 අධිබලැති සහ වේගවත් දත්ත ගබඩාවක් සපයනවා.

වෙනස් වීමට නිර්භීත වන්න

ASUS VivoBook S මාදිලි වල පරිගණක ලොව පුරා පරිශීලකයන් අතර ඉතාම සුප්‍රකට බව නොරහසක්. මේ නව S14 සහ  S15 මාදිලි ගෙනෙන නව පෙනුම සහ අපූරු වර්ණ වලට ඔබව විශ්මයට පත් කරන්නට නොහැකි වුණොත්, Bold yellow Enter key එක ඒ දේ සිදු කරන බව අපට විශ්වාසයි. Diamond-cut හැඩය ඇති, chamfered edges සිහින් පෙනුමක් එක් කරනවා සේම ඉතා පහසුවෙන් ලැප්ටොප් පරිගණකය විවෘත කරන්නත් හැකියාව ලබා දෙනවා. මේ පරිගණක යුගලය සතුව ඇති නව VivoBook ලාංඡනය මෙම සුන්දර ලැප්ටොප් පරිගණකයේ, සරල නමුත් අසාමාන්‍ය අපුර්වත්වය ඉස්මතු කරනවා.

ASUS  VivoBook Series

VivoBook S නව දශකයක් සැමරීම සඳහා නවතම වර්ණ ගණනාවක් හඳුන්වා දෙනු ලබනවා. Resolute Red වර්ණය ඕනෑම මේසයක් මත කැපී පෙනෙන ආකර්ෂණීය වර්ණයක්. Gaia Green වර්ණය සොබාදහමේ අපුර්වත්වය රැගත් වර්ණයක්. Dreamy White වර්ණය නව්‍යත්වය විදහා දක්වන අතර අවසාන වශයෙන් Indie Black වර්ණය පරිගණකයේ දීප්තිමත් සංදර්ශකය සමඟ බලවත් බව විදහා දක්වනවා. වර්ණය කුමක් වූවත් ඉතා සුක්ෂමවත්, නිවැරදිවත් නිර්මාණය කර ඇති මේ අපුර්වතම උපාංග යුගලය සමග වැඩ කිරීම පමණක් නොව අතට ගැනීමක් සතුට උපදවන අත්දැකීමක් වන බව නොඅනුමානයි. VivoBook S lineup එකෙහි ඇති නව yellow color-blocked Enter යතුර මේ පරිගණයකට සෞන්දර්‍යාත්මය වටිනාකමක් එක් කරනවා.

ASUS  VivoBook Series Stickers

VivoBook S14 සහ S15 එකිනෙකට වෙනස් VivoBook වර්ණ හතරට ගැලපෙන අද්විතීය මෝස්තර සහ වාක්‍ය ඛණ්ඩ ඇතුළත් ස්ටිකර් ද ඇතුළත් වන අතර තරුණ පරිශීලකයින්ට ඔවුන්ගේ VivoBook පරිගණක තව දුරටත් තම අභිප්‍රාය මත පුද්ගලීකරණය කිරීමට එමඟින් ඉඩ සැලසෙනවා.

රාමුව බිද දමන්න

1.4 kg බරකින් සහ 1.59 cm වලින් ආරම්භ වෙන මේ නව ASUS VivoBook S14 සහ S15 මාදිලි දෙකම සිහින් සහ සැහැල්ලු ලෙසින් නිමා කර තිබුණත් මේ උපාංග පරිශීලක කාර්යක්ෂමතාවය කෙරෙහි මුලිකත්වය ලබා දෙන විශ්වාසදායි පරිගණක ලෙස හඳුන්වන්න පුළුවන්. 

Thin-bezel NanoEdge FHD සංදර්ශක තිරය පුළුල් සහ අතිවිශිෂ්ට නැරඹුම් අත්දැකීමක් පරිශීලකයන් වෙත ලබා දීමට සමත් වෙනවා. සංගත ලෙසින් නිමවා ඇති නිසාම බෑගයක හෝ මේසයක් මත ලබා ගන්නෙත් ඉතාම අඩු ඉඩ ප්‍රමාණයක්.

ASUS  VivoBook Series

අඟල් 15.6ක සංදර්ශකය සමඟ හඳුන්වා දෙන මෙය උපරිම තිර අවකාශය ලබා දෙනවා. එබැවින් තිරයේ ක්‍රියාකාරී කවුළු දෙකක් හෝ වැඩි ගණනක් සහිත බහු කාර්යයන් (multitask) කිරීමට නැඹුරු වන අයට එය වඩාත් ප්‍රායෝගික තේරීම බව අපේ අදහසයි. අඟල් 14ක තිරය සහ  1.4 kg බරකින් යුතු VivoBook S14 පරිගණකය පරිශීලකයන් විශාල ප්‍රමාණයකට ගැලපෙනම උපාංගය ලෙස හඳුන්වන්න පුළුවන්.

Numeric keypad (සංඛ්‍යාත්මක යතුරු පෑඩයක්) භාවිතා කිරීමට කැමති පරිශීලකයින් සඳහා VivoBook S14 හි, නව ASUS NumberPad 2.0 ඇතුළත් කර තිබෙනවා. මේ නව LED-illuminated numeric keypad එක ඔස්සේ ඉතා වේගවත්ව දත්ත ඇතුළත් කිරීමට පරිශීලකයන් වෙත අවස්ථාව උදා වෙනවා.

හොඳම දේ සොයා ගන්න

පරිශීලකයන්ගේ දෛනික පරිගණක කටයුතු සියල්ලම සිදු කර ගන්නට අවශ්‍ය බලය සහිත උපාංග දෙකක් ලෙසින් ASUS VivoBook S14 සහ  S15 නම් කරන්නට පුළුවන්. 10th Gen Intel Core processors මඟින් බලගැන්වෙන මේ උපාංග multitasking සහ high-definition entertainment සඳහා ඉතාම උචිත බව කියන්නටම ඕනේ.  Intel integrated graphics හෝ  NVIDIA GeForce MX350 graphics අතුරින් එකක් පරිශීලක අභිමතාර්ථය අනුව තෝරා ගැනීමට හැකි. ඒ වගේම 1 TB PCIe® SSD දක්වා ඇති Storage එක Intel Optane Memory H10, සහ 16 GB දක්වා ඇති RAM ධාරිතාවත් පරිශීලක කැමැත්ත පරිදි වෙනස් කර ගැනීමට හැකියාව තිබෙනවා.

ASUS  VivoBook Series

Intel-powered WiFi 6 (802.11ax) පහසුකම නිසාම අධි වේගයන් සහිත ජාලකරණ අවස්ථාවන් ඔබට හිමි වෙනවා. මේ තාක්ෂණය WiFi 5 (802.11ac) ට වඩා තුන් ගුණයක් බලවත්. ඒ වගේම සිව් ගුණයක් බලැති network capacity එකට  4K UHD වීඩියෝ දර්ශන හුවමාරු කර ගැනීමට යන කාලය 70% දක්වා අඩු කරන්නටත් හැකියාව තිබෙනවා

ලැප්ටොප් පරිගණකය ජංගම දුරකථනයට ඒකාබද්ධ කර ගන්න

ASUS VivoBook S series හි ඔවුන්ගේ  නවතම MyASUS මෘදුකාංගය ඇතුළත් වෙනවා. මේ ඔස්සේ ඔබේ ජංගම දුරකථනය වෙත ඇතුළත් කර ගත හැකි MyASUS mobile app එක සමඟින් සබඳතා ගොඩනගා ගන්නවා. මේ සමඟම හඳුන්වා දෙන නව විශේෂාංග අතර වේගවත් හා පහසු රැහැන් රහිත මාධ්‍යන් මඟින්  ගොනුවක් හෝ වෙබ් ලිපිනයක්  පරිශීලක පරිගණකය සහ ජංගම දුරකථනය අතර හුවමාරු කර ගැනීමට හැකි වෙනවා. ඊට අමතරව ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක සිට ලැප්ටොප් පරිගණකය තුළින් ඔබේ ජංගම උපාංගවල දත්ත වෙත ප්‍රවේශය ලබා ගැනීමට පහසුකම් සපයන දුරස්ථ ගොනු ප්‍රවේශය (Remote File Access) තවත් විශේෂ පහසුකමක්.  Screen mirroring පහසුකම ඔස්සේ පරිශීලකයාගේ තිරය ජංගම දුරකථනය වෙත ලබා ගැනීමට හැකි නිසා අමතර තිරයක් ලෙසින් ජංගම දුරකථනය භාවිත කිරීමට හැකි වෙනවා.

ASUS සමාගම ගැන කෙටියෙන්

ලොව හොඳම මවු පුවරු, පරිගණක මොනිටර, ග්‍රැෆික් කාඩ්පත් සහ රවුටර සඳහා ප්‍රසිද්ධියක් උසුලන බහුජාතික  සමාගම ලෙස සේම තාක්ෂණික ලෝකය වෙත නිරන්තරයෙන් නව්‍යතාවයන්ගෙන් පිරි උපාංග හඳුන්වා දෙන සමාගමක් ලෙස ලෝකය තුළ  සුප්‍රකට නාමකයකට ASUS සමාගම උරුමකම් කියනවා. 5,000 කට අධික පර්යේෂණ හා සංවර්ධන වෘත්තිකයන් ඇතුළත් වන ගෝලීය ශ්‍රම බලකායකින් සමන්විත ASUS සමාගම නවීනතම සැලසුම් සහ නව්‍යකරණයන් තුළින් තාක්ෂණික ලෝකයේ පෙරළිකාරී සමාගමක් බවට පත්ව තිබෙනවා. ASUS 2018 ගෞරවනීය සම්මාන 11 කට වඩා දිනා ඇති අතර, ඒ වගේම Forbes’ Global 2000 Top Regarded Companies , Thomson Reuters’ Top 100 Global Tech Leaders, Fortune’s World’s Most Admired Companies වැනි සුප්‍රකට නාමකරණයන් අතරටත් එක්වීමට ASUS සමාගමට හැකිව තිබෙනවා.

         

About author View all posts Author website

TechWire

Techwire delivers the latest in technology, science, gadgets, startups and events for the Sri Lankan Tech community.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.