TechWire

පික්සල් බිලියන 24.9 යුත් ඡායාරූපයේ ඇත්ත කතාව

පසුගිය දිනවල සමාජ ජාලවල බොහෝ සෙයින් හුවමාරු වුණ ඡායාරූපයක් තමයි චීනය විසින් යවන ළද චන්ද්‍රිකාවකින් ගත් ඡායාරූපයක් යැයි කියන පික්සල් බිලියන 24.9යේ ඡායාරූපය. නමුත් මෙය බොරු ප්‍රචාරයක් බව දැන් නැවතත් ප්‍රකාශ වෙමින් පවතිනවා. ඒ හේතුව නිසා මේ ඡායාරූපය පිටුපස තිබෙන ඇත්ත කතාව ගැන තමයි මේ ලිපිය මගින් කියන්න සුදානම් වෙන්නෙ.

මෙය මුලින්ම ප්‍රචාරය වුණේ කොන්ටම් තාක්ෂණය උපයෝගී කරගෙන චීන චන්ද්‍රිකාවක් විසින් ලබාගත් ඡායාරූපයක් ලෙසයි. ඒ වගේම එහි පික්සල් ප්‍රමාණය බිලියන 24.9ක් ලෙසත් සඳහන් වුණා. මෙම ඡායාරූපයේ විශේෂත්වය වුණේ එය විශාලනය (zoom) කර බැලීමේදී මිනිසුන් ඉතා සමීපව හඳුනාගත හැකි ප්‍රමාණයෙන් තියුණු වීමයි. ඒ වගේම ඡායාරූපය විශාල වපසරියක් ආවරණය කර තිබුණා. මෙහි ප්‍රථමයෙන් සඳහන්ව තිබු කොන්ටම් තාක්ෂණයක් හෝ චන්ද්‍රිකා තාක්ෂණයක් මේ ඡායාරූපය ලබාගැනීමේදී භාවිත කර නැහැ.

මෙම ඡායාරූපය ලබාගෙන තිබුණේ Jingkun Technology ආයතනය (Big Pixel Studio) මගින්ය. ඒ ෂැන්හයි නගරය ආවරණය වන පරිදියි. මෙය ඡායාරූපගත කරලා තිබෙන්නේ Oriental Pearl Tower හි සිටයි. ඒ 2015 වසරේ ජුලි මාසයේදීය. එය අංශක 360 ක් ආවරණය කරන ඡායාරූපයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහි නිරවද්‍ය පික්සල් ප්‍රමාණය බිලියන 195ක් ලෙස තමයි සඳහන් වෙන්නෙ. මෙය ඡායාරූපගත කරලා තිබෙන්නෙ ඉහළ විභේදනයක් තිබෙන කැමරවක් සහ image stitching (ඇමුණුම්) තාක්ෂණය භාවිතයෙන්. මෙය ලොව තෙවන විශාලතම ඡායාරූපය ලෙසත් හැඳින්වෙනවා.

Zooming at the 24.9 billion pixels image

මේ ඡායාරූපය සංසරණය වීමත් සමග පැනනැගුණු ප්‍රශ්නයක් තමයි පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය (privacy) පිළිබද ප්‍රශ්නය. අපේ රටේ එය එතරම් ලොකුවට කතා බහ නොවුනත් දියණු රටවල මිනිසුන් එය දැඩි ලෙස සොයා බලන දෙයක්. එයට උදාහරණයක් ලෙස Google Street භාවිතයේදී මිනිසුන්, වාහන අංක තහඩු බොඳ කර තිබීම දක්වන්න පුළුවන්. මෙම සිදුවීමට අදාල පුවතක් මෙහිදී ඔබට බලාගන්න පුළුවන්.

         

About author View all posts Author website

Pramodya Abeysinghe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.