TechWire

in-display Selfie Camera සමග හදුන්වා දෙන HUAWEI Nova 4


HUAWEI සමාගම විසින් නිෂ්පාදනය කරන ජංගම දුරකථන මාදිලි අතරින් Nova කාණ්ඩයේ ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ජනප්‍රිය වීමක් දක්නට ලැබේ. මෙම කාණ්ඩයේ තවත් ජංගම දුරකථනයක් නව විශේෂාංග රැසක් සමග Nova 4 ලෙස නුදුරේදීම එළි දැක්වීමට නියමිතය.

This image has an empty alt attribute; its file name is Huawei-Nova-4-1024x683.jpg

මෙම ජංගම දුරකථනය භාහිර පෙනුමෙන් තරමක් දුරට Nova 3i  ජංගම දුරකථනය ආකාරයේ වන අතර Aurora Blue, Red, White සහ  Blackයන වර්ණ වලින් වෙළදපොලට පැමිණේ. එහි  අගල් 6.4 ක විශාලත්වයකින් යුත් 16M වර්ණ සහිත IPS LED (1080 x 2310, ~398 PPI) තිරයක්(Display) ඇත. එය  Huawei Nova 4 ජංගම දුරකථනයේ සම්පුර්ණ ඉදිරිපස මුහුණතේ ආසන්න වශයෙන් 86% ප්‍රමාණයක් විහිදී පවතී.

This image has an empty alt attribute; its file name is Android-9-Pie-1024x576.jpg

මෙහි මෙහෙයුම්  පද්ධතිය Android™ 9.0(Pie) වන අතර Hisilicon Kirin 970 CPU ප්‍රොසෙසරයකින් සමන්විත වේ. මෙහි මතක ධාරිතාව(Memory)  8 GB RAM + 128 GB ROM වේ. තවද 512GB දක්වා වූ microSD Card භාවිතා කිරීමෙන්  මතක ධාරිතාව තව දුරටත් වැඩි කර ගැනීම සිදු කල හැක.

මෙහි ඉතා ඉක්මනින් ආරෝපිත වන (Fast Charging) 3750 mAh බැටරියක් පවතින අතර එමගින් දිගු කාලයක් එහි බලය පවත්වා ගනී. නමුත් මෙම ජංගම දුරකථනය රැහැන් රහිතව ආරෝපණය කිරීමේ හැකියාවක් (Wireless Charging)  ගැන සදහනක් නොපවතින අතර USB Type-C port එකක් උපයෝගී කරගෙන ඉතා ඉක්මනින් charge කර ගත හැක.

HUAWEI Nova 4 ජංගම දුරකථනය පිටුපස ඇඟිලි සලකුණු සංවේදකයක් ස්ථාපනය කර ඇති අතර එය මගින් ජංගම දුරකථනය එහි හිමිකරුට පමණක්  ජංගම දුරකථනය අගුළුලා (Screen Lock) ඇති අවස්ථාවක අගුළු ඉවත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.

Display Notch ?

This image has an empty alt attribute; its file name is huawei-in-display-camera.jpg

වර්ථමානයේ හදුන්වා දෙන බොහෝ ජංගම දුරකථන අනෙක් දුරකථන වලට වඩා නව මුහුණුවරක්  ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් Display Notch එලි දැක්වීම සිදු කරයි. HUAWEI Nova 3 සහ HUAWEI Nova 3i ජංගම දුරකථන වලද එය දක්නට ලැබේ. නමුත්  HUAWEI සමාගම HUAWEI Nova 4 ජංගම දුරකථනයේදී ඉන් ඔබ්බට ගොස් සම්පුර්ණ ඉදිරිපස මුහුණතෙන් ආසන්න වශයෙන් 86% එහි Display සදහා යොදාගෙන ඇත.

පසුපස කැමරා ත්‍රිත්වයකින් යුත් HUAWEI Nova 4

This image has an empty alt attribute; its file name is huawei-nova-4-camera.jpg

මෙම ජංගම දුරකථනය

  • 48 MP, f/1.8, PDAF
  • 16 MP, f/2.2
  • 2 MP, f/2.4, depth sensor

ආකාරයේ  පිටුපස කැමරා 3කින් යුක්ත වේ. තවද 2160p@30fps හා  1080p@30fps යන තත්වයන් යටතේ වීඩියෝ ගත කිරීමේ පහසුකමත් පරිශීලකයාට  ලබා දී පවතී. මෙහි ඉදිරිපස 16 MP-f/2.2- PDAF හා 2 MP-depth sensor ආකාරයේ  කැමරා දෙකක් භාවිතා කර ඇති නමුත් එය in-screen/in-display Selfie Camera  ලෙස හදුන්වා දී ඇත. එය මෙම HUAWEI Nova 4 ජංගම දුරකථනයට නව  මුහුණුවරක් ලබා දීමට සමත් වී ඇත.

HUAWEI Nova කාණ්ඩයේ  ජංගම දුරකථන සාමාන්‍යයෙන් mid සහ upper-mid  කාණ්ඩයේ මිළ ගණන් යටතේ පැමිණෙන මෙම ජංගම දුරකථනය ආසන්න  වශයෙන් රු.100000 ක් පමණ මිළ ගණන් වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

About author View all posts

Kaveesha Baddage

I am keen on programming and passionate towards the field of DevOps. I am a tech enthusiast and like to share my knowledge with others.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.