TechWire

Android TV Box පිළිබඳව දැනගමු

අප Smart ජංගම දුරකථනය සහ පරිගණකය භාවිතා කරනවා සේම Android TV Box එකක්ද මෙහෙයුම් පද්ධතියකින් සහ දෘඩාංග වලින් සමන්විත වනවා. මෙහි මෙහෙයුම් පද්ධතිය ලෙස Android මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කර ඇත. වෙනසකට ඇත්තේ මෙහි තිරයක් (Display) නොමැති වීමයි. 

මෙහි Display සඳහා යොදාගනු ලබන්නේ TV එකක් හෝ Monitor එකක් වේ. එහි HDMI පහසුකම තිබිය යුතුවේ. එනම් ඔබගේ Normal TV එක Smart TV එකක් බවට පත් කරගැනීමට මෙයින් හැකිවේ. එමෙන්ම ඔබට Smart TV එකක් මිලදී ගන්නේ නම් වියදම අධික වේ.

මෙය සාමාන්‍යයෙන් Power Adapter එකක් හරහා විදුලිය ලබා දිය යුතු අතර, මෙහි Ethernet Port, USB Port දෙකක්, OTG port එකක් සහ HDMI port එකකින් සමන්විතය. එමෙන්ම මෙය හැසිරවීම සඳහා Remote Controller එකක් ලැබේ.

ඔබ මෙම Android TV Box එක ඔබගේ TV එකට සම්බන්ධ කර ගැනිමෙන් පසුව, සාමාන්‍ය Android OS එකක පහසුකම් ඔබ හට අත්විඳිය හැක. ඔබට අවශ්‍ය Apps/Games Play store එකෙන් ඔබ හට Download කර ගත හැකිය.

අන්තර්ජාලය හා  සම්බන්ධ වීම සඳහා ඔබ මෙහි Ethernet Port එකක් අන්තර්ගත වන නිසා ලෙහෙසියෙන්ම ඔබගේ Ethernet cable එක සම්බන්ධ කර ගැනීමෙන් අන්තර්ජාලය සමඟ සම්බන්ධ විය හැකිය. එමෙන්ම මෙහි In-built WIFI Adapter එකක් ඇති නිසා ඔබගේ Wireless connection එකටද සම්බන්ධ විය හැකිය.

android-tv-box

මෙහි USB ports භාවිතා කරමින් ඔබ හට Keyboard, Mouse, Pen drive සහ Portable Hard drive සම්බන්ධ කර ගත හැකිය. එමෙන්ම ඔබ Games play කරයි නම් Joystick එකක්ද මේ සඳහා සම්බන්ධ කර ගත හැකි වේ.

ඔබ හට මෙහි පහසුවෙන්ම Videos/Movies  නැරඹිය හැකිය. එමෙන්ම බොහෝ TV තුල චිත්‍රපටි නැරඹීමේදී සිංහල උපසිරැසි සඳහා සහය නොදැක්වීමද මේ තුලින් මගහැරවා ගත හැකි වේ. එමෙන්ම පමණක් උපාංග 4K Video සඳහාද සහය දක්වයි. Miracast මගින් ඔබගේ දුරකථනයේ Screen එක TV screen එක මත Share කරගත හැකිය.

වෙළඳපොළ (Ali Express, E bay, Tom Top, etc) තුල සාමාන්‍යයෙන් ඔබ හට මෙය රු.5000 සිට මිලදී ගත හැකිය.

      

About author View all posts

Asanka Abeywickrema

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.