TechWire

Author - Asanka Abeywickrema

පිටතට නොපෙනෙන ශ්‍රවණාධාරක | Invisible Hearing Aids in Sri Lanka

තාක්ෂණයේ දියුණු වීමත් සමඟ ශ්‍රවණ දුර්වලතා සඳහා පළදින ශ්‍රවණ උපකරණ එනම් ශ්‍රවණාධාරක  (Hearing Aids) පිටතට නොපෙනෙන ආකාරයෙන් සකස් කිරීමට සමත් වී ඇත.

ඔබ හට ශ්‍රවණ දුර්වලතායක් ඇතිනම් ප්‍රථමයෙන් ශ්‍රවණ පරීක්ශණයක් සිදුකර ගැනීම අවශ්‍ය වේ. ශ්‍රවණ පරීක්ෂණයක් මගින් ශ්‍රවණ ඌණතාවය නිවැරදිව තහවුරු කරගැනීමෙන් අනතුරුව ඔබහට පිටතට නොපෙනෙන ශ්‍රවණාධාරකයක් අවශ්‍ය නම්, ඔබහට පිටතට පළදින ශ්‍රවණ උපකරණයක් එනම් කන පිටුපසට පළදින ශ්‍රවණ උපකරණයක් අත්හදා බැලිය හැකිය. අනතුරුව පිටතට නොපෙනෙන ශ්‍රවණ උපකරණයක් ඔබහට ලබාගත හැකිය. මේ සඳහා සති තුනක් පමණ කාලයක් ගත වේ. මන්දයත් මෙම පිටතට නොපෙනෙන ශ්‍රවණ උපකරණය ඔබගේ කනෙහි ප්‍රමාණයට වෙනමම සාදනු ලැබේ. ඇතැම්විට පමණක් ශ්‍රවණාධාරක සෑදීම සඳහා වෙනත් රටකටද යැවීමට සිදුවන හේතුවෙන්  කල් ගත වේ.

මෙම පිටතට නොපෙනෙන ශ්‍රවණ උපකරණ ඕනෑම අයෙකුට ගැලපේද?

මෙය ඔබගේ ශ්‍රවණ දුර්වලතාවය අනුව තීරණය වේ, එනම් ඔබගේ ශ්‍රවණ දුර්වලතාවය සියයට 80 ට වඩා වැඩි නම් මෙම ශ්‍රවණාධාරකය ඔබට ගැලපෙන්නේ නැත. මන්දයත් ශ්‍රවණ උපකරණ කුඩා වීමත් සමගම එහි Power එක අඩු වීමයි.

එමෙන්ම ඔබ කනෙහි පිහිටීම සහ පිටත ශ්‍රවණ නාලයේ ඇති ඉඩ සහ හැඩය මේ සඳහා බලපෑ හැකිය.

ඔබගේ කනෙහි නිතරම කළාඳුරු තත්වයක් ඇතිවේනම් මෙහි ඇති Wax filters නිතරම මාරු කිරීමට සිදුවේ.

මෙහි ඇති වාසි

  • පිටතට නෙපෙනෙන නිසා අන් අයට ඔබ ශ්‍රවණ උපකණයක් පළදින් බව දැකගැනීමට නොහැකි වීම
  • ඔබේ කණෙහි ප්‍රමාණයටම සාදන නිසා feedback නොවීම.
  • ප්‍රමාණය කුඩා වීම නිසා බර අවම වීම
  • Wires හෝ Tubes අඩංගු නොවීම

මෙහි ඇති අවාසි

  • ප්‍රමාණය කුඩා වීම නිසා බැටරිය දමා ගැනීම, සහ පැළදීම අපහසු වීම
  • Wax filters නිතරම මාරු කිරීමට සිදුවීම
  • සෑම දුර්වලතාවයකටම ප්‍රමාණවත් නොවීම, එනම් ඔබහට ශ්‍රවණ දුර්වලතාවය අධික ලෙස ඇතිනම් මෙය ප්‍රමාණවත් නොවේ.

මෙහි විවිධ ආකරයන් කිහිපයක් පැමිනෙයි, එනම්,

  • ITE – In the ear
  • ITC – In the canal
  • CIC – Completely in the canal
  • IIC – Invisible in canal

ලෙස කිහිප ප්‍රමාණයකින් පැමිනෙයි.

මෙහි ආයු කාලය

මෙය ඔබ භාවිතා කරන ආකරය අනුව තීරණය වේ. මන්දයත් ඕනෑම ශ්‍රවණ උපකරණයක් ජලයෙන් වෙන හානි මගින් ප්‍රවේශම් කරගත යුතු වේ. ජලයෙන් වෙන හානි වගකීමෙන්ද බැහැර වේ.

එමෙන්ම ඔබ මෙය මාස තුනකට වරක් අනිවාර්‍ය්යෙන්ම Service කරගත යුතු වේ. ඔබ හොදින් භාවිතා කල හොත් සාමන්‍යයෙන් අවුරුදු 5-7 ක් අතර කාලයක් භාවිතා කල හැකි වේ.

ශ්‍රවණාධරක මිළ ගණන්

මෙහි අවමය රු. 78,000 කින් පමණ ආරම්භ වන අතර රු.450,000 වන තෙක් පවතී. ශ්‍රවණාධාරයේ  මිළ ගනන් වැඩි වන විට එහි පහසුකම් මෙන්ම ශබ්ද වල (කථනයේ සහ බාහිර ශබ්ද) පැහැදිලි තාවයද වැඩි වේ.

Sources : Ratmalana Audiology Centre

වැඩි විස්තර – 076 8 050600

Samsung Galaxy S10 ආගමනය

Samsung  සමාගම විසින් පසුගිය මාර්තු 18 වනදා ඔවුන්ගේ Galaxy දශක සැමරීමද, ඊලඟ පරම්පරාවේ නවීන තාක්ෂණයෙන් යුතු ජංගම දුරකථනය එනම් Samsung Galaxy S10 දුරකථනය කොළඹදී එළිදැක්වීය. මෙය Galaxy S10e, Galaxy S10 සහ Galaxy S10+ ත්‍රිත්වයක් ලෙස හඳුන්වා දුන් අතර Samsung වෙළඳ නියෝජිතයින් මගින් මෙම මස සිට ඔබට මිලදී ගත හැකි වේ. Read More

අන්තර්ජාල බැංකු සේවා වෙත ඔබ යොමු විය යුත්තේ ඇයි?

 වර්ථමානය වනවිට අප බොහෝ දෙනා අන්තර්ජාල සේවා වෙත යොමු වී ඇත. නමුත්  මෙම පහසුකම් පිළිබඳ දැනුවත් වුවද බොහෝ දෙනා ඒ පිළිබඳ වැඩි නැඹුරුතාවයක් නොදක්වයි. මේ සඳහා මූලිකවම දේශීය බැංකු මගින් අන්තර්ජාල බැංකු සේවා  පිළිබඳ ගණුදෙනුකරුවා නිවැරදිව දැනුවත් නොකිරීමද, ගණුදෙනුකරුවන් අතර ඇති අනිසි බිය  බලපායි.

Read More

ඔබගේ නිවසේදී/කාර්‍යාලයේදී ඇතිවන අන්තර්ජාල සම්බන්ධතා ගැටළු විසඳ ගන්නා අයුරු

අප බහුතරයක් දෙනා  අන්තර්ජාලය බිඳ වැටීමකදී විමසිලිමත්ව සොයා නොබලා අන්තර්ජාල සේවා සපයන්නා ඇමතීම බොහෝ විට දක්නට ලැබේ. එමෙන්ම ආයතනයක නම් තොරතුරු තාක්ෂණ නිළදාරියා වෙත ගැටළුව යොමු කරයි. නමුත්  පමණක් ගැටළු ඔබටම විසඳා ගත හැකිය. නැතිනම් ඔබේම නොසැලකිලිමත් කම හේතුවෙන් මෙම ගැටළු පැන නැගිය හැක. Read More

Android TV Box පිළිබඳව දැනගමු

අප Smart ජංගම දුරකථනය සහ පරිගණකය භාවිතා කරනවා සේම Android TV Box එකක්ද මෙහෙයුම් පද්ධතියකින් සහ දෘඩාංග වලින් සමන්විත වනවා. මෙහි මෙහෙයුම් පද්ධතිය ලෙස Android මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කර ඇත. වෙනසකට ඇත්තේ මෙහි තිරයක් (Display) නොමැති වීමයි. 

Read More

ඔබ අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු

මෑතකාලය වන විට අප බොහෝ දෙනා එදිනෙදා අවශ්‍ය වන භාණ්ඩ හා සේවා අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට පුරුදු වී සිටියි. මුල්කාලයේදී Ebay, Ali Express වැනි විදේශිය මිලදී ගැනීම්ද වර්ථමානය වන විට දේශීය වෙළඳපොළද ඉදිරියට පැමිණ ඇත. ඒ අතර Wow, Takas, Daraz ඉතා ප්‍රචලිත වී ඇත. දිනෙන් දින අන්තර්ජාල මිලදී ගැනීම් ඉහත යන වෙළදපොල තුල ඔබ දැන සිටිය යුතු කරුණු කිහිපයක් ඇත.

 

 

Read More

ඔබගේ Smart ජංගම දුරකථනය PC Remote Controller එකක් කරගන්නා අයුරු

එදිනෙදා පරිගණකය භාවිතා කිරීමේදී ඔබ හට දුරස්ථ පාලකයක් මගින් පරිගණකය හැසිරවීමට ඇත්නම් කියා සිතුන අවස්ථා බොහොමයක් ඇති.

 අප බොහෝ දෙනෙක් චිත්‍රපටි නැරඹීමේදී හා ගීත ශ්‍රවණය කිරීමේදී පරිගණකය භාවිතා කරනු ලබයි. මේ සඳහා ඔබ හට දුරස්ථ  පාලකයක් (PC Remote Controller) ඇතිනම් කාර්‍ය්ය වඩාත් පහසු වේ.

ඔබට මේ සඳහා E bay මගින් USB PC Remote Controller එකක්ද රු 700 ක් වැනි මුදලකට ලබාගත හැකිය. නමුත් මෙහි යම් සීමාවන් පවතී.

Read More

කෝච්චියේ නිතර යන ඔබ RDMNS Mobile App පිළිබඳ දැනුවත්ද?

බොහෝ දෙනෙක් තම තමන්ගේ දෛනික ගමනාගමන කටයුතු සඳහා බහුලවම භාවිතා කරන ප්‍රවාහන මාධ්‍යයන් අතර දුම්රිය ප්‍රධාන තැනක් ගනියි. බොහෝ දෙනෙක් දුම්රියෙන් ගමන් කරනු ලබන්නේ තමන්ගේ ගමන් මහන්සිය අවම කරගැනීමත්, මාර්ග තදබදයට අසු නොවී ඉක්මණින් තමන්ගේ ගමනාන්තය වෙත ළඟා වීම සඳහා වේ.

නමුත්  දිනපතා අප දුම්රියෙන් ගමන් යනවිට ඇතිවන ප්‍රධාන ගැටළුවක් වනු ලබන්නේ දුම්රිය ප්‍රමාද වීම සහ කාර්මික දෝෂයන්ට ලක් වීමයි.

 

මෙම කාලීන ගැටළුව හඳුනා ගනිමින් RDMNS Admin මඩුල්ල මෑතකදි හඳුන්වාදෙනු ලැබූ RDMNS Mobile App ය  ඉතාමත් ජනප්‍රිය වුවා. මුලදී Android දුරකථන සඳහාද මෑතකදී Apple දුරකථන සඳහාද හදුන්වා දෙනු ලැබුවා.

RDMNS යනු,

RDMNS යනුවෙන් හඳුන්වනු ලබන්නේ ‘රජයේ දුම්රිය මගීන්ගේ නිළ සමූහය’ යි. Facebook Group එකක් ලෙස ආරම්භ කරනු ලැබූ මෙය අද වන විට දුම්රිය Rail CSR Project සිදුකිරීම දක්වා පැමිණ ඇත. මෙම Facebook Group මගින් මගීන් හට දුම් රිය ප්‍රමාද වීම, කාර්මික දෝශයන්ට ලක්වීම කලින් දැනුවත්  කරනු ලැබීම මගින් ඉතා කෙටි කාලයකදි වැඩි පරිශීලකයන් ගණනක් මේ සමඟ සම්බන්ධ කර ගැනීමට RDMNS Team එකට හැකි වුනා.

 

මෙහි විශේෂාංග

ඔබ RDMNS App එක භාවිතා කරනවානම් ඔබ හට පහත පහසුකම් ලබා ගත හැකි වේ.

  1. දුම්රිය ප්‍රමාද වීම්
  2. දුම්රිය කාර්මික දෝශයන්ට ලක් වීම්
  3. දුම්රිය අවලංගු වීම්
  4. විශේෂ දුම්රියන් ධාවනය වීම්

ඉතා පහසුවෙන් මෙම App එක මගින් ඔබගේ ගමන් මාර්ගය ලබාදීම මගින් ඉහත Alerts ඔබ වෙත ලබා ගැනීමට හැකි වේ.

ඉදිරියට පැමිණීමට නියමිත ව්ශේෂාංග

  1. Offline Time Table – ඔබට දිවයිනේ සියළුම දුම්රියන්හී ගමන් වාර වේලාවන් අන්තර්ජාලය නොමැතී වූවත් බලාගැනීමට හැකිවනු ඇත.
  2. Share my train with GPS – මේ මගින් ඔබ ගමන් කරන දුම්රිය ඇති ස්ථානය අනෙක් අයට දැනුවත් කීරීමට හැකි වනු ඇත.
  3. Lost and Found Items – දැනටමත් FB Group තුලින් නැතිවූ යමක් සොයාගතහොත් ඒ පිළිබඳ අනෙකුත් අය දැනුවත් කිරීම සිදු කරයි. මේ මගින් අදාල මගියා වෙත ඔහුගේ/ඇයගේ නැතිවූ දෙය සහ දැනට ඇති ස්ථානය සොයාගැනීමට හැකි වේ. මෙය වැඩිදියුණු කරමින් ඉදිරියට Mobile App මගින් මෙම පහසුකම අත්වීදීමට ඔබට හැකි වේ.
  4. Station contact number finder – මේ තුලින් ඔබට හදිසි අවස්ථාකදී ඔබට අවශ්‍ය දුම්රිය ස්ථානයක දුරකථන අංකය දැනගැනීමට හැකි වේ. 
  5. Railway educational articles – ඔබ දුම්රිය සේවය ගැන වැඩිදුර විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් එහි අතීතය සහ අධ්‍යාපනික කරුණු මේ මගින් ඔබහට කියවීමට හැකියාව ලැබේ.
  6. Common Q+A – මේ මගින් කාටත් එදිනෙදා මතුවන ගැටළු වලට පිළිතුරු ලබාගැනීමට හැකිවනු ඇත.එනම් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගන්නා ආකරයන්, දුම්රිය මගින් භාණ්ඩ යැවීම සිදු කරන ආකාරය, ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගන්නා ආකාරය සහ දුම්රිය ස්ථානයන්හීදී ඡායාරූප ලබාගැනීමට අවසර ලබාගන්නා ආකරය වැනි ගැටළු සඳහා පිළිතුරු ලබාගැනීමට මේ මගින් හැකිවේ.
  7. Railway Security Contact – මේ පහසුකම හරහා ආරක්ෂක අංශයේ උදවු අවශ්‍ය විටකදී හදිසි අවස්තාවන් වලදී දැනුම්දීම සඳහා ආරක්ෂක මූලස්ථානය වෙත දුරකථනය ඔස්සේ සම්බන්ධ විය හැක
  8. RDMNS Video Gallery

සැ.යු : මෙහි පමණක් පහසුකම් හා සේවා තවමත් පර්යේෂණ මට්ටමේ සහ අනුමත කෙරෙමින් පවතින බැවින් සුළු සුළු වෙනස්කම් විය හැකිය

RDMNS CSR Projects

RDMNS Team එක සංවිධානය කරනු ලබන CSR projects මේ අතර සුවිශේෂි අංගයක් වේ. මේ මගින් දුම්රිය සහ දුම්රිය ස්ථාන වෙත අවශ්‍ය වන දේ හඳුනාගනිමින්, එම අවශ්‍යතා සපුරාලීමට මොවුන් කටයුතු කරයි.

විශේෂ ස්තූතිය – ප්‍රමිල සිල්වා මහතා

Google Maps භාවිතයෙන් ඔබගේ දුරකථනය ඇති ස්ථානය සොයාගන්න

find-my-phone

ඔබගේ Phone එක සොයාගැනීම සඳහා ඉතා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් Feature එකක් වන මෙය බොහෝ දෙනෙක්  භාවිතා කරන ආකාරය නොදනී.

ඔබගේ Phone එකට කිසිදු Third-party app එකක් install නොකර මෙම පහසුකම භාවිතා කල හැකිය.

. Read More

Chrome Remote Desktop පිළිබඳ දැනුවත්ද?

බොහෝ දෙනෙක් නොදන්න දෙයක් තමයි මේ Google Chrome වෙතින් ලබා දෙන මෙම Feature එක. අපට යම් කිසි Computer එකකට හෝ කිහිපයකට Remotely log වීමට අවශ්‍ය නම් TeamViewer, AnyDesk වැනි Remote Desktop Sharing Software එකක් අවශ්‍ය වනවා. TeamViewer software එකත් කාලයක් ගතවෙද්දී Commercial use කියලා පැමිණෙනවා. AnyDesk හීද යම් යම් අපහසුතා පවතිනවා. නමුදු Chrome Remote Desktop මගින් ඔබට වඩාත් පහසුවෙන් දුරස්ථව ඇති පරිඝනකයක් සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා Read More

අත්වැරදීමකින් Delete වුන Files Recover කර ගැනීමට පහසු මගක්

අපේ අතින් බොහෝ වෙලාවට වෙන දෙයක් තමයි අත්වැරදීමකින් Files Delete වීම. නැතිනම් Delete කරන ලද File එකක් පසුව අවශ්‍ය වීම. අප සාමාන්‍ය ආකාරයට Delete කළහොත් Recycle bin මගින් Recover කර ගැනීමට හැකිවේ. නමුත් Permanantly Delete කරන ලද (Shift+Del) files recover කරගැනීමට Software එකක් අවශ්‍ය වනවා.

 

ඒ අතරින් පහසු Software එකක් Recuva කියන්නේ. අපි බලමු Permanant delete කරපු File එකක් Recover කරන්නේ කොහොමද කියල. Read More

WhatsApp Backup එක PC එකට Download කරන්නේ මෙහෙමයි

whatsapp

කවුරුත් නොදන්න දෙයක් තමයි මේ දේ, Google drive එකේ Save වෙලා තියෙන WhatsApp Backup එක සාමාන්‍ය ක්‍රමයට Download කරන්න නොහැකි වුනත්, Download කරන්න ක්‍රමයක් තියෙනවා. මේ මගින් ඔයාගේ WhatsApp Images, Documents හා සියළුම දේ ඔයාගේ PC එකට Download කරගන්න පුළුවන්.

Read More