TechWire

කෝච්චියේ නිතර යන ඔබ RDMNS Mobile App පිළිබඳ දැනුවත්ද?

බොහෝ දෙනෙක් තම තමන්ගේ දෛනික ගමනාගමන කටයුතු සඳහා බහුලවම භාවිතා කරන ප්‍රවාහන මාධ්‍යයන් අතර දුම්රිය ප්‍රධාන තැනක් ගනියි. බොහෝ දෙනෙක් දුම්රියෙන් ගමන් කරනු ලබන්නේ තමන්ගේ ගමන් මහන්සිය අවම කරගැනීමත්, මාර්ග තදබදයට අසු නොවී ඉක්මණින් තමන්ගේ ගමනාන්තය වෙත ළඟා වීම සඳහා වේ.

නමුත්  දිනපතා අප දුම්රියෙන් ගමන් යනවිට ඇතිවන ප්‍රධාන ගැටළුවක් වනු ලබන්නේ දුම්රිය ප්‍රමාද වීම සහ කාර්මික දෝෂයන්ට ලක් වීමයි.

 

මෙම කාලීන ගැටළුව හඳුනා ගනිමින් RDMNS Admin මඩුල්ල මෑතකදි හඳුන්වාදෙනු ලැබූ RDMNS Mobile App ය  ඉතාමත් ජනප්‍රිය වුවා. මුලදී Android දුරකථන සඳහාද මෑතකදී Apple දුරකථන සඳහාද හදුන්වා දෙනු ලැබුවා.

RDMNS යනු,

RDMNS යනුවෙන් හඳුන්වනු ලබන්නේ ‘රජයේ දුම්රිය මගීන්ගේ නිළ සමූහය’ යි. Facebook Group එකක් ලෙස ආරම්භ කරනු ලැබූ මෙය අද වන විට දුම්රිය Rail CSR Project සිදුකිරීම දක්වා පැමිණ ඇත. මෙම Facebook Group මගින් මගීන් හට දුම් රිය ප්‍රමාද වීම, කාර්මික දෝශයන්ට ලක්වීම කලින් දැනුවත්  කරනු ලැබීම මගින් ඉතා කෙටි කාලයකදි වැඩි පරිශීලකයන් ගණනක් මේ සමඟ සම්බන්ධ කර ගැනීමට RDMNS Team එකට හැකි වුනා.

 

මෙහි විශේෂාංග

ඔබ RDMNS App එක භාවිතා කරනවානම් ඔබ හට පහත පහසුකම් ලබා ගත හැකි වේ.

  1. දුම්රිය ප්‍රමාද වීම්
  2. දුම්රිය කාර්මික දෝශයන්ට ලක් වීම්
  3. දුම්රිය අවලංගු වීම්
  4. විශේෂ දුම්රියන් ධාවනය වීම්

ඉතා පහසුවෙන් මෙම App එක මගින් ඔබගේ ගමන් මාර්ගය ලබාදීම මගින් ඉහත Alerts ඔබ වෙත ලබා ගැනීමට හැකි වේ.

ඉදිරියට පැමිණීමට නියමිත ව්ශේෂාංග

  1. Offline Time Table – ඔබට දිවයිනේ සියළුම දුම්රියන්හී ගමන් වාර වේලාවන් අන්තර්ජාලය නොමැතී වූවත් බලාගැනීමට හැකිවනු ඇත.
  2. Share my train with GPS – මේ මගින් ඔබ ගමන් කරන දුම්රිය ඇති ස්ථානය අනෙක් අයට දැනුවත් කීරීමට හැකි වනු ඇත.
  3. Lost and Found Items – දැනටමත් FB Group තුලින් නැතිවූ යමක් සොයාගතහොත් ඒ පිළිබඳ අනෙකුත් අය දැනුවත් කිරීම සිදු කරයි. මේ මගින් අදාල මගියා වෙත ඔහුගේ/ඇයගේ නැතිවූ දෙය සහ දැනට ඇති ස්ථානය සොයාගැනීමට හැකි වේ. මෙය වැඩිදියුණු කරමින් ඉදිරියට Mobile App මගින් මෙම පහසුකම අත්වීදීමට ඔබට හැකි වේ.
  4. Station contact number finder – මේ තුලින් ඔබට හදිසි අවස්ථාකදී ඔබට අවශ්‍ය දුම්රිය ස්ථානයක දුරකථන අංකය දැනගැනීමට හැකි වේ. 
  5. Railway educational articles – ඔබ දුම්රිය සේවය ගැන වැඩිදුර විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් එහි අතීතය සහ අධ්‍යාපනික කරුණු මේ මගින් ඔබහට කියවීමට හැකියාව ලැබේ.
  6. Common Q+A – මේ මගින් කාටත් එදිනෙදා මතුවන ගැටළු වලට පිළිතුරු ලබාගැනීමට හැකිවනු ඇත.එනම් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගන්නා ආකරයන්, දුම්රිය මගින් භාණ්ඩ යැවීම සිදු කරන ආකාරය, ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගන්නා ආකාරය සහ දුම්රිය ස්ථානයන්හීදී ඡායාරූප ලබාගැනීමට අවසර ලබාගන්නා ආකරය වැනි ගැටළු සඳහා පිළිතුරු ලබාගැනීමට මේ මගින් හැකිවේ.
  7. Railway Security Contact – මේ පහසුකම හරහා ආරක්ෂක අංශයේ උදවු අවශ්‍ය විටකදී හදිසි අවස්තාවන් වලදී දැනුම්දීම සඳහා ආරක්ෂක මූලස්ථානය වෙත දුරකථනය ඔස්සේ සම්බන්ධ විය හැක
  8. RDMNS Video Gallery

සැ.යු : මෙහි පමණක් පහසුකම් හා සේවා තවමත් පර්යේෂණ මට්ටමේ සහ අනුමත කෙරෙමින් පවතින බැවින් සුළු සුළු වෙනස්කම් විය හැකිය

RDMNS CSR Projects

RDMNS Team එක සංවිධානය කරනු ලබන CSR projects මේ අතර සුවිශේෂි අංගයක් වේ. මේ මගින් දුම්රිය සහ දුම්රිය ස්ථාන වෙත අවශ්‍ය වන දේ හඳුනාගනිමින්, එම අවශ්‍යතා සපුරාලීමට මොවුන් කටයුතු කරයි.

විශේෂ ස්තූතිය – ප්‍රමිල සිල්වා මහතා

      

About author View all posts

Asanka Abeywickrema

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.