TechWire

Google Maps භාවිතයෙන් ඔබගේ දුරකථනය ඇති ස්ථානය සොයාගන්න

ඔබගේ Phone එක සොයාගැනීම සඳහා ඉතා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් Feature එකක් වන මෙය බොහෝ දෙනෙක්  භාවිතා කරන ආකාරය නොදනී.

ඔබගේ Phone එකට කිසිදු Third-party app එකක් install නොකර මෙම පහසුකම භාවිතා කල හැකිය.

.

ඔබගේ Phone එක අන්තිමයට තැබූ ස්ථානය  අමතක වීම හෝ  ඔබගේ දුරකථනය සොරා ගනු ලැබූ විටක, මෙම පහසුකම ඉතා ප්‍රයෝජනවත් වෙයි.

මේ සඳහා ඔබට
*අන්තර්ජාල පහසුකම
*Google account එක වෙත Log වී තිබීම අවශ්‍ය වේ.

මෙම පහසුකම සඳහා Phone එකේ Settings සාදාගන්නා ආකාරය,
01. Settings මගින් Location enable කරගන්න
02. එමෙන්ම Locating method එක High accuracy ලබාදෙන්න

Phone එක Track කිරීම සිදු කරන ආකාරය
01. Web browser එකෙන් Google Search Engine එක මත “Where is my phone” යනුවෙන් Type කරන්න


02. ඉන්පසුව ඉහතින්ම පැමිණෙන “Find your phone – Google Account” මත Click කරන්න
03. දැන් ඔබට Track කිරීමට අවශ්‍ය වන Device එක තෝරන්න

04. ඊලඟට Locate button එක Click කරන්න (මේ සඳහා නැවත ඔබගේ Password එක ලබා දීමට සිදුවේ)

05. දැන් ඔබට බලාගන්න පුළුවන්  ඔබගේ Phone එක ඇති ස්ථානය හෝ අන්තිමට Online තිබූ ස්ථානය

 

Location එක Track කරගැනීමට පමණද?

නැත. මෙහි තවත් පහසුකම් ඇත.

01. Check recent security events – ඔබගේ Google account එකට Log වූ වෙලාවන්  පිළිබඳ විස්තර

02. Lock your phone – ඔබගේ Phone එක Lock කරන්න පුළුවන්. එනම් දැනට ඇති Password එක හෝ Pattern Lock එක නොව, ඔබට වෙනමම Password එකක් දෙන්න පුළුවන්. එමෙන්ම, Phone එක ලග ඇති අයෙකුට සටහනක් සහ Call කරන්න අවශ්‍ය Phone number එකක්ද ලබා දිය හැකිය

03. Sign out on your phone – ඔබගේ Google ගිණුම Device එකෙන් Sign out කරවන්න පුළුවන්

04. Play Sound – ඔබගේ Phone එක Silent කර තිබුනත් මෙය  Click කළවිට Alert එකක් Play වනවා මිනිත්තු පහකට

05. Erasing your device – මේ මගින් ඔබට පුළුවන් ඔබගේ Device එක Reset කරන්න. හැබැයි නමුත් මෙය සිදුකල විට ඔබට ඉහත කී කිසිම දෙයක් සිදු කිරීමට නොහැකි වෙනවා.

         

About author View all posts

Asanka Abeywickrema

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.