TechWire

Chrome Remote Desktop පිළිබඳ දැනුවත්ද?

බොහෝ දෙනෙක් නොදන්න දෙයක් තමයි මේ Google Chrome වෙතින් ලබා දෙන මෙම Feature එක. අපට යම් කිසි Computer එකකට හෝ කිහිපයකට Remotely log වීමට අවශ්‍ය නම් TeamViewer, AnyDesk වැනි Remote Desktop Sharing Software එකක් අවශ්‍ය වනවා. TeamViewer software එකත් කාලයක් ගතවෙද්දී Commercial use කියලා පැමිණෙනවා. AnyDesk හීද යම් යම් අපහසුතා පවතිනවා. නමුදු Chrome Remote Desktop මගින් ඔබට වඩාත් පහසුවෙන් දුරස්ථව ඇති පරිඝනකයක් සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා

Google Chrome Remote App

ඔබගේ දුරස්ථව ඇති පරිඝණකය වෙත Remotely Log වීමට ඔබගේ Phone එක භාවිතයෙන් වුවද ඉඩ සැලසීම මෙහි විශේෂයක් වේ. ඒ සඳහා Google Chrome Remote App එක ඔබගේ දුරකථනයේ ස්ථාපිත කර යුතුය.

එමෙන්ම ඔබගේ පරිඝණකය මගින් Remotely Log වීමට කිසිදු Software එකක් අවශ්‍ය නොවේ. ඔබගේ Chrome Browser මගින් Chrome Remote Desktop Add-on (Extension) එක Add කරගැනීම මගින් ඔබගේ ඕනෑම පරිඝනකයක් වෙත Log වීමේ හැකියාව ඔබට සැලසේ. එමෙන්ම ඔබගේ පරිඝණකය දැනටමත් Slow වී ඇතිනම් මෙම Lightweight Software එක ඔබ සඳහා ඉතා යෝග්‍ය වේ.

එමෙන්ම මෙම ක්‍රියාවලිය සක්‍රිය කරගැනීමට ඔබ හට Chrome Browser ය වෙත Sign in වීම අත්‍යාවශ්‍ය වේ.

ඔබ මෙම Extension එක Add කර ගැනීමෙන් පසු එය Chrome Apps තුල දක්නට ලැබේ. මෙම App එක Open කරගැනීමෙන් පසු ඔබ හට ඔබගේ දැනටම ඇති පරිඝනක දැක ගැනීමට හැකි වේ.

ඔබ දැනට භාවිතා කරන පරිඝනකයද, දුරස්ථව සිට Access කිරීමට අවශ්‍යය නම් ඒ සඳහා ප්‍රථමව රූපයේ පරිදි Share කරගන්න. එමෙන්ම ඔබගේ හඳුනාගැනීමේ පහසුව සඳහා PCs rename කරගන්න.
උදා – Office, Home, Server

ඉන්පසුව මෙම App එක Install කරනු ලබන අවස්ථාවේදී ඔබ Pin/Password එකක් ලබාදීමට අවශ්‍ය වේ. මෙම Pin එක ඔබ දුර්ස්ථව සිට Log විමේදී, ඔබ හට නැවත ලබාදීමට සිදුවේ.

මෙමගින් ඔබට ලෝකයේ ඕනෑම තැනක් සිට ඔබගේ පරිඝනක Access කිරීමට හැකියාව ලැබේ.

About author View all posts

Asanka Abeywickrema

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.