TechWire

ඔබ අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු

මෑතකාලය වන විට අප බොහෝ දෙනා එදිනෙදා අවශ්‍ය වන භාණ්ඩ හා සේවා අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට පුරුදු වී සිටියි. මුල්කාලයේදී Ebay, Ali Express වැනි විදේශිය මිලදී ගැනීම්ද වර්ථමානය වන විට දේශීය වෙළඳපොළද ඉදිරියට පැමිණ ඇත. ඒ අතර Wow, Takas, Daraz ඉතා ප්‍රචලිත වී ඇත. දිනෙන් දින අන්තර්ජාල මිලදී ගැනීම් ඉහත යන වෙළදපොල තුල ඔබ දැන සිටිය යුතු කරුණු කිහිපයක් ඇත.

 

 

භාණඩය හෝ සේවාව පිළිබඳ විස්තරය (Item Description)

ඔබ යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේදී විමසිලිමත්ව විස්තරය (Item Description) කියවන්න. Item Title එක පමණක් බැලීමෙන් මිලදී ගැනීමෙන් වළකින්න. මන්දයත් ඔබගේ අවශ්‍ය කාරණය එයින් ඉටු නොවන්නට හැකියි. උදාහරණයක් ලෙස ඔබ CCTV Camera එකක් මිලදී ගනියි නම් එහි Night Vision නොමැති වන්නට පුළුවන. එම නිසා ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනවාදැයි විමසිලිමත් වන්න.

අන්තර්ගතය (Content)

එමෙන්ම ඔබ මිලදී ගන්න භාණ්ඩයෙහි අන්තර්ගතය හොඳින් කියවන්න. ඔබ මිලදී ගන්නා විට  ඒ සමග ඔබ හට ලබාදෙන අනෙකුත් දේ පිළිබඳ විමසිලිමත් වන්න. Item image එක තුල ඇති සියළුම දේ ඔබගේ Package content එක තුල ඇතුලත් නොවන්නට පුළුවන්. මෙයින් ඔබට අනෙකුත් දේවල් සඳහා වැය වන මුදල භාණ්ඩයේ මිලට වඩා වැඩි වන්නට පුළුවන.  

 

සැපයුම් ගාස්තු (Shipping Cost)

ඔබ වෙත භාණ්ඩය ලබාගැනීමේදී වැයවන සැපයුම් ගාස්තු පිළිබඳ සැලකිලිමත් වන්න. නැතහොත් ඔබගේ භාණඩයේ මිලට වැඩියෙන් සැපයුම් ගාස්තු (Shipping Cost) දැරීමට සිදු වනු ඇත. ඔබ හට Shipping Free භාණඩ ලබාගත හැකි නම් ඔබ හට වඩාත් වාසිදායක වනු ඇත.

ඔබ අන්තර්ජාල මිලදී ගැනීම් සිදුකරන්නේ දේශීයව නම් ඔවුන් ඔබගෙන් Courier charges අය කරනු ලබයි. බොහෝ විට කොළඹ නගරය තුල Courier charges ඉතා අවම මට්ටක පවතී. නැතිනම් Courier charges අය නොකරයි.

 

සසඳන්න ( Compare Prices of Similar Products )

වර්ථමානය වන විට අන්තර්ජාල වෙළඳපොළ තුල දැඩි ඉල්ලුමක් සහ තරඟකාරීත්වයක් පවතී. එහෙයින් ඔබ මිලදී ගැනීම් සිදුකරන විට එකවරම මිලදී නොගෙන අනෙකුත් වෙබ් අඩවි සමඟ, භාණ්ඩයේ මිළ සහ සැපයුම් ගාස්තු සසඳන්න. එමෙන්ම දේශීයව මෙන්ම විදේශීය වෙළඳපොල තුලද සැසඳීමක් සිදුකරන්න.

ප්‍රවර්ධන දිනයන් සහ වැඩසටහන් (Promotions)

ඔබ මිලදී ගැනීමේදී ඉදිරියට පැමිණීමට නියමිත Promotions පිළිබඳ දැනුවත් වන්න. Black Friday, 11.11 වැනි  අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් තුලින් ඔබ හට වාසිදායක තත්වයක් අත් කර ගත හැකිය.

 

ගෙවීම් ක්‍රම (Payment method)

ඔබ ගෙවීම් සිදුකරන විට ඔබට විශ්වාසදායි වෙබ් අඩවියක්ද යන්න සැලකිලිමත් වන්න. ඔබට විශ්වාසී නොවේ නම් Credit/Debit Cards මගින් ගෙවීමෙන් වළකින්න. හැකිතාක් මෙවැනි වෙබ් අඩවි තුලින් Cash on delivery (භාණ්ඩය ලැබුනු විට මුදල් ගෙවීම) ලබාගන්න. එමෙන්ම Facebook Pages හරහා භාණ්ඩ ලබාගන්නා විට හැකිතාක් භාණ්ඩය ලැබීමට පෙර මුදල් ගෙවීමෙන් වළකින්න, භාණ්ඩය ඔබ වෙත ලැබුනු පසු පමණක් මුදල් ගෙවන්න.

එමෙන්ම විශ්වාසදායි වෙබ් අඩවි තුල ඇති Credit Cards Discounts/Promotions සහ Instalment Plan පිළිබඳ සොයා බලන්න. මේ මගින්ද ඔබට වාසි සහගත තත්වයන් අත් කරගත හැකිය.

 

අනෙකුත් අයගේ අදහස් සහ විවේචන (Read Product Reviews)

ඔබගේ භාණ්ඩයේ හෝ සේවාවේ ගුණාතමක භාවය පරීක්ෂා කිරීමට පහසුම ක්‍රමය මෙය වේ. ඒ අනෙකුත් අයගේ ගුණදොස් පිළිබඳ සොයාබැලීමයි. ඔබට Product Reviews සහ Comments කියවීමෙන් ඔබ හට ඔබ මිලදී ගන්නා භාණඩයේ හෝ සේවාවෙහි දළ අදහසක් ලබා ගත හැකිය. උදාහරණයක් ලෙස ඔබ Smart දුරකථනයක් මිලදී ගන්නේ නම් GSM Arena හි Reviews සහ ඔබ මිලදී ගන්නා වෙබ් අඩවියේ Product Reviews/Comments කියවා බලන්න.

ඔබගේ අයීතීන් පිළිබඳ දැනුවත් වන්න (Know Your Rights)

ඔබ භාණ්ඩයක් මිලදී ගන්නා විට පාරිභෝගික ප්‍රතිපත්තිය කියවා බලන්න. ඔබ මිලදී ගන්නා භාණඩය ඔබට සාමාන්‍යයෙන් ප්‍රතික්ෂේප කිරීමට යම් දවස් ගණනක් ලැබේ (Return/Refund Policy). එමෙන්ම වගකීම් කාල සීමාව (Warranty Period) සහ වගකීම් ප්‍රකාශය තුල බැහැර වන දේ කියවා බලන්න.

ඉහත කරුණු හොඳින් සැලකිල්ලට ගැනීම මගින් ඔබ හට ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගැනීමට හැකි වේ.

 

About author View all posts

Asanka Abeywickrema

2 CommentsLeave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.