TechWire

අන්තර්ජාල බැංකු සේවා වෙත ඔබ යොමු විය යුත්තේ ඇයි?

 වර්ථමානය වනවිට අප බොහෝ දෙනා අන්තර්ජාල සේවා වෙත යොමු වී ඇත. නමුත්  මෙම පහසුකම් පිළිබඳ දැනුවත් වුවද බොහෝ දෙනා ඒ පිළිබඳ වැඩි නැඹුරුතාවයක් නොදක්වයි. මේ සඳහා මූලිකවම දේශීය බැංකු මගින් අන්තර්ජාල බැංකු සේවා  පිළිබඳ ගණුදෙනුකරුවා නිවැරදිව දැනුවත් නොකිරීමද, ගණුදෙනුකරුවන් අතර ඇති අනිසි බිය  බලපායි.

ඔබ ගණුදෙනුකරුවෙකු නම් පහත උපදෙස් අනුගමනය කිරීම මගින් ඔබට අන්තර්ජාල බැංකු සේවා නිවැරදිව හා ඵලදායී ලෙස භාවිතා කිරීමට හැකි වනු ඇත.

මේ සඳහා යොමුවීම

ඔබ නව පාරිභෝගිකයෙකු නම්, ඔබගේ ගිණුම විවෘත කරන අවස්ථාවේදීම අන්තර්ජාල බැංකු සේවා පිළිබඳ විමසීමක් කර ඒ සඳහා අවශ්‍ය වන ලියකියවිලි සම්පූර්ණ කර ඔබට භාර දිය හැකිය. බැංකු විසින් මෙම පහසුකම් පිළිබඳ ඔබව දැනුවත් කිරීම ඉතාම අවම බැවින් ඔබ විසින්ම මෙම පහසුකම් සඳහා අයදුම් කළ යුතු වේ.

එමෙන්ම ඊට අමතරව SMS Banking සහ Mobile Banking ද අයදුම් කිරීමට ඔබට හැකිය.

ඔබ දැනටමත් ගණුදෙනු කරන පාරිභොගිකයෙක් නම් පමණක් බැංකු මගින් දුරස්ථව මෙම පහසුකම් සඳහා අයදුම් කල හැකිය. නැතහොත් ඔබට ළඟම ඇති ශාඛාව වෙත යොමු වීමට සිදුවේ.

වාර්ෂික ගාස්තු

දැනටමත් බොහෝ බැංකු මගින් අන්තර්ජාල බැංකු සේවා නොමිලේ පිරිනමන අතර පමණක් බැංකු මගින් වාර්ෂික ගාස්තුව මේ සඳහා අය කරයි. එම නිසා ඒ පිළිබඳ දැනුවත් වන්න.

ඔබ දිනපතා ගණුදෙනු සිදු නොකරයි නම් වාර්ෂිකව මෙවැනි මුදලක් ඔබගේ ගිණුම මගින් කපාගැනීම ඔබට පාඩු විය හැකිය.

එමෙන්ම හැකි සෑම විටම එක බැංකුවක පමණක් අන්තර්ජාල බැංකු ගිණුමක් විවෘත කරගන්න. එය ඔබගේ ආරක්ෂාවට මෙන්ම ඔබට වඩාත් පහසු වේ.

ආරක්ෂාව

  • හැකි සෑම විටම එක් අන්තර්ජාල බැංකු සේවාවක් පමණක් භාවිතා කරන්න.
  • Phishing Attack මගින් ප්‍රවේසම්කාරී වන්න.
  • Login Password සහ Transaction Password වෙන වෙනම තබාගන්න
  • Password සඳහා Simple letters, Capital letters, Numbers, Symbols නිතරම භාවිතා කරන්න (Strong Password)

ඔබට මේ මගින් ලබාගත හැකි සේවාවන්

  • ගිණුම් ප්‍රකාශන / Account statements – මේ මගින් ඔබට යම් කිසි කාල පරාසයක් ඇතුලත සිදු වූ ගණුදෙනු හුවමාරු වීම් පිරික්සා බැලිය හැකිය.
  • ස්ථාවර තැන්පතු – ඔබගේ ස්ථාවර තැන්පතු පිළිබඳ විස්තර (පොලිය, කල් පිරීමේ දිනයන්)
  • ණය / Leasing – ණය ගෙවීම් සහ කල්බදු වාරික
  • ණය පත් / Credit Cards – ඔබගේ Credit cards මගින් සිදු කල වියදම්, ගණුදෙනු එහි පොලිය පිරික්සීම සහ ගෙවීම් සිදුකල හැකිය.
  • මුදල් හුවමාරු කිරීම් / Fund Transfers – ඔබගේ මුදල් එකම බැංකුවේ ගිණුම් අතරද වෙනත් බැංකුවට මුදල් යැවීමද මේ මගින් සිදුකල හැකිය. ඔබට වෙනත් අයට මුදල් ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය නම් ඉතා පහසුවෙන් මේ මගින් සිදු කල හැකිය. එමෙන්ම් එම හුවමාරු කිරීම් සඳහා බොහෝ බැංකු මගින් යම් මුදලක් අය කරන අතර පමණක් බැංකු මගින් මුදලක් අය නොකරයි.
  • ස්ථාවර නියෝග / Standing Orders – ඔබට මාස්පතා මුදල් ගෙවීම් සිදු කිරීමට අමතක වනවා නම් මෙම ක්‍රමය ඔබට ගැලපේ. උදාහරණයක් ලෙස ඔබගේ රක්ෂණ වාරික ගෙවීම, ලීසින් වාරික ගෙවීම ඔබට ස්ථාවර නියෝගයක් මගින් මාසිපතා සිදුවන පරිදී සකසා ගත හැකිය.
  • බිල් ගෙවීම් / Bill Payments – ඔබගේ සියළුම මුදල් ගෙවීම් අන්තර්ජාල බැංකු සේවා මගින් සිදුකර ගත හැකිය. දුරකථන බිල්පත්, විදුලි සහ ජල බිල්පත්, රක්ෂණ වාරික වැනි බොහෝ බිල්පත් ගෙවීම් ඔබට මේ මගින් සිදුකර ගත හැකිය. ඔබ බිල්ගෙවීම් ස්ථාන තුල නිකරුනේ ගත කරන කාලය මේ මගින් වළක්වා ගත හැකිය.

ඔබ මෙම අන්තර්ජාල බැංකු සේවා වෙත යොමු වීම මගින් බෙහෙවින් ඔබගේ කාලය ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.

About author View all posts

Asanka Abeywickrema

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.