TechWire

අත්වැරදීමකින් Delete වුන Files Recover කර ගැනීමට පහසු මගක්

අපේ අතින් බොහෝ වෙලාවට වෙන දෙයක් තමයි අත්වැරදීමකින් Files Delete වීම. නැතිනම් Delete කරන ලද File එකක් පසුව අවශ්‍ය වීම. අප සාමාන්‍ය ආකාරයට Delete කළහොත් Recycle bin මගින් Recover කර ගැනීමට හැකිවේ. නමුත් Permanantly Delete කරන ලද (Shift+Del) files recover කරගැනීමට Software එකක් අවශ්‍ය වනවා.

 

ඒ අතරින් පහසු Software එකක් Recuva කියන්නේ. අපි බලමු Permanant delete කරපු File එකක් Recover කරන්නේ කොහොමද කියල.

01.  මුලින්ම Recuva Sofware එක Download කරගෙන Install කරන්න අවශ්‍යයි. මේ Software එකේ Paid version එකක් වගේම, Free version එකකුත් තියෙනවා.

02. දැන්  Install කරගත්ත Software එක Open කරගන්න.

03. මෙතන තියෙන්නේ මොන Category එකේ Files ද recover කරන්න තියෙන්නේ කියලා. ඒ කියන්නේ, Pictures, Music, Documents වැනි කාණ්ඩයක් තෝරන්න පුළුවන්. නැතිනම් All files දෙන්නත් පුළුවන්. නමුදු නිවැරදි කාණ්ඩය ලබා දීමෙන් Files සොයන්න යන වෙලාව අඩු වෙනවා.

 

04. මෙම Software  එක භාවිතා කරන්නේ කෙසේද යන්න උදාහරණයක් ලෙස පෙන්වීමට  C:/Users/hp/Desktop/Recura Path එකට අදාලව ඇති   TECHWIRE.png File එක Delete කිරීම සිදු කරනවා.

 

05. දැන් Recover කරන්න අවශ්‍ය Path එක ලබාදෙන්න. ඒ කියන්නේ ඔයා Delete කරපු Files තිබූ ස්ථානය. පෙර පරිදිම මෙයත් නැවැරදි Location එක ලබාදීමෙන් ඔබේ කාර්‍ය වේගවත් වෙනවා.

06. මෙතන තියෙනවා “Enable Deep Scan” යනුවෙන් option එකක්. මේක Enable කරගන්න අවශ්‍ය වෙන්නේ අපේ කාර්‍යය ආසාර්ථක වුවහොත්. ඒ කියන්නේ පළවෙනි වතාව Try කරලා හරි ගියේ නැතිනම් දෙවනි වතාව Try “Deep Scan” Enable කරලා බලන්න. මේ Scan එකට ටිකක් වෙලාව ගත වෙනවා.

07. මම දැම්මේ Normal scan එකක්. දැන් ඔයාට පේනවා ඇති තප්පර 5 ක් වැනි සුළු කාලයකදී මගේ File එක Recover වෙනවා.

මේ ආකාරයෙන් ඔබට පහසුවෙන් ඔබගේ  අතින් delete වුන  files  recover කර ගැනීමට  හැකි වෙනවා .

About author View all posts

Asanka Abeywickrema

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.