TechWire

Author - Dhananjana Jayakody

ඉලෙක්ට්‍රොනික සම – Electronic Skin

කුමක්ද මේ ඉලෙක්ට්‍රොනික සම?

විද්‍යා ප්‍රබන්ධයක් ආකාරයට පමණක් කථා බහට ලක්වූ මාතෘකාවක් වූ, මිනිසුන්ට සහ යන්ත්‍ර වලට සංවේදී හැඟීම් යථා තත්වයට පත් කිරීමේ අදහස දැන් යථාර්ථයට කරා ළඟා වෙමින් පවතියි. ලොව පුරා විද්‍යාඥයින් විසින් යාන්ත්‍රික අක්‍ෂි වැනි කෘතිම අවයව සංවර්ධනය කරමින් ආබාධිතයින්ට සංවේදී හැඟීම් යථා තත්වයට පත් කළ හැකි හෝ යන්ත්‍ර සඳහා ප්‍රයෝජනවත් සංවේදක හැකියාවන් ලබා දීමේ කර්තව්‍යයේ නියැලෙමින් සිටියි. රොබෝවරුන්ට සහ පුරස්ථිතික හෙවත් කෘත්‍රිම අවයව පැළඳ සිටින අයට ස්පර්ශ කිරීමේ සහ හැඟීමක් ඇති කිරීමේ උත්සාහයක් ලෙස දැන් ඉලෙක්ට්‍රොනික සම සංවර්ධනය වෙමින් පවතී. මෙම අධ්‍යයන ක්ෂේත්‍රය තව දුරටත් ඉදිරියට ගියහොත් එය පැළඳිය හැකි උපාංග තාක්ෂණයට පවා භාවිතා කළ හැකි වනු ඇත.

වර්තමානය වන විට රොබෝවරු බොහෝ කාර්යයන් සඳහා යොදා ගනු ලැබේ. එම නිසාම මෙම විද්‍යුත් සම පිළිබඳ අධ්‍යයනය ඉතා වැදගත් වේ. ඔබේ රොබෝවරයා නිවස ආශ්‍රිත කටයුතු වලදී හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔබට උදව් කිරීමට යන්නේ නම්, උපායශීලී සංවේදනය (Tacticle Sense) එහි ආරක්ෂිත ක්‍රියාකාරිත්වයේ මූලික අංගයක් වනු ඇත. පෘෂ්ඨයක් ලිස්සන විට හඳුනා ගැනීමට මෙන්ම එය ග්‍රහණය කරගත් වස්තූන්ගේ හැඩය, පෘෂ්ඨයේ ස්වභාවය සහ උෂ්ණත්වය දැනීමට එයට හැකියාව තිබිය යුතුය. එම වස්තුවේ ගුණාංග රෝබෝවරයාට වටහා ගත හැකි නම්, එය රඳවා තබා ගන්නා විට කොපමණ බලයක් යෙදිය යුතුද යන්න රොබෝවරයාට තීරණය කළ හැකිය.

Electronic Skin
Ultra-Sensitive Electronic Skin

පීඩන වෙනස්කම් මැනීම සඳහා Distributed Sensors භාවිතා කිරීම පැළඳිය හැකි තාක්ෂණික උපාංග (Wearable Technology) නිෂ්පාදකයින්ගේ සහ උනන්දුවක් දක්වන අයගේ අවධානය දිනාගෙන තිබේ. කෘත්‍රිම ඉලෙක්ට්‍රොනික සම, හෝ ඊ-සම ශරීරයේ සෞඛ්‍ය අධීක්ෂණය සහ සිරුර අභ්‍යන්තරයේ සිදු කරන සුළු සැත්කම් සඳහා මෙන්ම රොබෝ විද්‍යාව හා පුරස්ථි විද්‍යාව (කෘත්‍රිමව ශරීර කොටස් නිර්මාණය සහ සවි කිරීම සම්බන්ධ විද්‍යාව) සඳහා භාවිතා කිරීමේ හැකියාව ඇත.

ඉලෙක්ට්‍රොනික සම සතු මෘදු බව, නම්‍යශීලිත්වය සහ ඇදෙන සුළු බව

මිනිස් සම මෙන් මෘදු හා නම්‍යශීලිත්වය යන හැකියාවන් අන්තර්ගත කල විට එය ඉලෙක්ට්‍රොනික් සම සඳහා විශාල ඉදිරි පිම්මක් වනු ඇත. මෘදු හා සුවපහසු ඉලෙක්ට්‍රොනික් සම මඟින් වස්තූන් හැසිරවීමට උසස් හැකියාවක් ඇති අතර වර්තමාන විකල්පයන් හා සම්බන්ධ බොහෝ අපහසුතාවයන් සහ බාධාවන් ඉවත් කරනු ඇත. එය පැළඳිය හැකි තාක්‍ෂණය සඳහා භාවිතය කෙරෙහි ද  වැදගත් පියවරක් සනිටුහන් කරනු ඇත.

කෙසේ වුවත් මෙය දැවැන්ත අභියෝගයකි. සමට වක්‍ර මතුපිටට අනුකූල වීම සඳහා, ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට නම්‍යශිලිත්ව  ගුණාංගයන් එක් කල යුතු අතර වර්තමානයේ භාවිතා වන ක්‍ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික තාක්ෂණය තවමත් පැතලි මතුපිට සඳහා පමණක් සංවර්ධනය කර ඇත. මෙම ගැටළුව මඟහරවා ගැනීම සඳහා විවිධාකාර ප්‍රවේශයන් සහ සැලසුම් අනුගමනය කරනු ලැබේ. නම්‍යශීලි ඉලෙක්ට්‍රොනික සම ලබා ගැනීමට මුල් උත්සාහයන් නම්‍යශීලි මුද්‍රිත පරිපථ පුවරු මාර්ගයක් අනුගමනය මගින් සිදු කරනු ලැබිණි. මෙහිදී, අක්‍රීය සංවේදක සහ ඉලෙක්ට්‍රොනික සංරචක නැමිය හැකි මුද්‍රිත පරිපථ පුවරුවලට විසුරුවා හරිනු ලැබේ. මෙම විසඳුම් යාන්ත්‍රිකව ඒකාබද්ධ වී ඇති නමුත්, වෙනත් අයුරකින් එකිනෙකින් වෙන්ව පවතියි. එනම් එකිනෙකට ලෝහමය අයුරින් සම්බන්ධ කොට ඇති අක්‍රීය ඉලෙක්ට්‍රොනික් සංරචකවල එකිනෙකට වෙනස් හා උප පරිපථ වෙන් වෙන් ආකාරයට පැවතීමයි.

රොබෝ සම සඳහා මෙම උපක්‍රමය සාර්ථකව භාවිතා කර ඇති අතර ඉතාලියේ අයිඅයිටී ආයතනය (IIT Institute) හි සංවර්ධනය කරන ලද iCub humanoid robot ඇතුළු විවිධ රොබෝවරුන් සඳහා ස්පර්ශක සම නිපදවා ඇත. මෙම ආයතනය මගින් නිපදවා ඇති අර්ධ දෘඩ සම ශරීරයේ වක්‍රතාවයෙන් වැඩි කොටස් (iCub humanoid robot හි බාහු) ආවරණය කිරීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමවේදයකි. එය දැනට රොබෝ විද්‍යාවේ වඩාත්ම දැවෙන අවශ්‍යතාවයන් සපුරන නමුත් ඉතා ඉක්මණින් ඊටත් වඩා උසස්  නිමැවුමක අවශ්‍යතාවය පවතියි.

Electronic skin on robots
iCub humanoid robot

සම සම්බන්ධ සංකල්පීය ප්‍රවර්ධනය සහ අනාගත ප්‍රවණතා

මෙම තාක්ෂණයේ වඩාත් සිත්ගන්නා සුළු වර්ධනයක් වන්නේ කාබනික අර්ධ සන්නායක මත පදනම් වූ තුනී පටල ට්‍රාන්සිස්ටර භාවිතා කරන ඉලෙක්ට්‍රොනික් සම වන අතර එය ටෝකියෝ විශ්ව විද්‍යාලයේ සහ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සංවර්ධනය කර ඇත. කාබනික අර්ධ සන්නායකවල ආවේණික නැමීමේ හැකියාව ඇත්තේ ඒවායේ ඇති විශේෂිත අණුක ව්‍යුහයන් නිසා වන අතර එය මෘදු බව පිළිබඳ ගැටළුව විසඳීමට යම් ආකාරයකින් උපකාරී වෙයි. මෙහි ඇති අවාසිය නම්, අඩු ආරෝපණ වාහක සංචලතාව නිසා ට්‍රාන්සිස්ටර සහ සංවේදක මෙම ද්‍රව්‍ය සමඟ භාවිතා කරන විට මන්දගාමී වේ. මෙම ද්‍රව්‍ය තුළ අනෙක් ඒවාට වඩා ඉලෙක්ට්‍රෝන වලට චලනය වීමට  වැඩි කාලයක් ගත වේ. ඒවා ද අඩු ස්ථාවර බවකින් යුක්ත වේ.

රොබෝ තාක්ෂණයෙන් හෝ වෙනත් තැනක විද්‍යුත් සම ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා, රොබෝවරයාට ඉක්මණින් ප්‍රතික්‍රියා කළ හැකි වන පරිදි සංවේදක දත්ත මිලි තත්පරයකට අඩු කාලයකින් ලබාගෙන සම්ප්‍රේෂණය කළ යුතුය. එහි අරුත නම් ඉහල සංචලතා ද්‍රව්‍යයක් වන single-crystal silicon වඩා යෝග්‍ය විකල්පයක් වනු ඇත. මයික්‍රෝ / නැනෝ ෆැබ්රිකේෂන් මෙවලම් භාවිතයෙන් සිලිකන් සහ අනෙකුත් අධි-සංචලන ද්‍රව්‍ය භාවිතා කරමින් සැකසිය හැකි ඉලෙක්ට්‍රොනික සමක් ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සංවර්ධනය කෙරෙමින් පවතියි. නමුත් මෙය නැවත නම්‍යශීලීත්වය සම්බන්ධ ගැටලුවකට ගෙන යන්නේ සිලිකන් නැමීමේදී ඉරිතලා යන බැවිනි. හුවමාරු මුද්‍රණ ප්‍රවේශයක් භාවිතා කරමින් ඔවුන් අභියෝග ජයගෙන තිබේ. එහිදී සිලිකන් නැනෝවයර් තොග වශයෙන් වේෆර් වලින් කැටයම් කර ඒවා නම්‍යශීලී ප්ලාස්ටික් උපස්ථර වලට මුද්‍රණය කරයි. එවිට සම යනු පොලිමයිඩ් නම් රබර් පොලිමර් වන අතර එය මත කුඩා සිලිකන් නැනෝවයර් ඇති අතර එය තුනී පටල ට්‍රාන්සිස්ටර සහ සංවේදක වලට මග පාදයි.

මෙම  සංකල්පය විශේෂයෙන්ම පුරස්ථි විද්‍යාව (කෘත්‍රිමව ශරීර කොටස් නිර්මාණය සහ සවි කිරීම සම්බන්ධ විද්‍යාව) වැඩි දියුණු කිරීමට වැදගත් වේ. මන්දයත් කෘත්‍රිම අවයවයන් වැඩි දියුණු කිරීමට හැකි නමුදු ඒවායෙහි ආවේනිකව තද බවක් පවතියි. කෙසේ වෙතත් පුරස්ථික උපාංග ස්පර්ශයන්ට ප්‍රතිචාර දැක්විය හැකි අන්දමට වැඩි දියුණු කිරීමට මෙම “ඉලෙක්ට්‍රොනික සම” ට හැකිවනු ඇත.

Electronic Skin
Recent Progress & Future Prospects

ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලය මගින් කෘත්‍රිම සම සංවර්ධනය කිරීමත් සමඟ අනාගතයේදී නිර්මාණය වන පුරස්ථික අවයවයන් (කෘත්‍රිම අවයව) වලට ආලෝකයේ, ස්පර්ශයේ සංවේදනය දැනීමට මෙන්ම මොළය වෙත සංඥා යැවීමට සහ මොළය වෙතින් ලැබෙන සංඥා සඳහාද සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට හැකි වනු ඇත.

මෙම බාධක ජයගත් පසු, කුඩා හා වඩා කාර්යක්ෂම බැටරි සහ සැබෑ සමට වඩා සමීපව සමාන වන සිරුරට හිතකර ද්‍රව්‍ය භාවිතා කරමින් විද්‍යුත් සම භාවිතා කිරීමේ අත්දැකීම් තවදුරටත් වැඩිදියුණු කළ හැකිය. එය සත්‍ය වශයෙන්ම බොහෝ සිත්ගන්නා සුළු වේවි.

ඉලෙක්ට්‍රොනික සම පිළිබඳ වැඩි යමක් සඳහා පහත යොමුව වෙත පිවිසෙන්න

WiFi මගින් ඔබේ ජංගම දුරකථනය ආරෝපණය කරන්නේ කෙසේද?

ස්මාර්ට් දුරකථනයක් ස්වයංව ආරෝපණය කල හැකි දුරකථන ආවරණයක් වෙළඳපොළට නිකුත් වීම සැමදෙනාගේම නොමඳ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. මෙම නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් වීමට පෙර සාමාන්‍යයෙන් ජංගම දුරකථනය කලින් ආරෝපණය කර ගෙන පාවිච්චි කල යුතුව තිබිණි. වර්තමානයේද බොහෝ විට දක්නට ලැබෙන්නේ එම ක්‍රමවේදයයි. එසේත් නොමැති නම් සුර්ය පැනල හරහා සුර්ය ශක්තිය මගින් ඍජු ධාරාවක් ලබා ගැනීමේ ක්‍රමවේදය භාවිතා වෙයි.

නමුත් දැන් නිකුත් වීමට නියමිත දෙවන අනුවාදය සලකා බලන විට ඉහත සඳහන් කල බහුලව භාවිතා කරන ක්‍රමවේද ඉක්මවා වෙනස්ම ආරයක ක්‍රමවේදයක් වෙත ළඟා විය හැකි හැකි බව අනුමාන කල හැකිය. සිතා බලන්න: වයිෆයි රවුටර් (Wifi Router) මගින් නිදහස් කරනු ලබන ශක්තිය උරාගත හැකි ස්මාර්ට් දුරකථන ආවරණයක් පිළිබඳව. මන්දයත් Router වැනි Wifi විමෝචක උපාංග  මගින් Tetrahertz තරංග හෙවත් T කිරණ නිපදවන නිසා ඔබේ ජංගම දුරකථනය ආරෝපණය සඳහා අවශ්‍ය ශක්තිය නිර්මාණය කිරීමට  එම විද්‍යුත් චුම්භක තරංග උපයෝගී කර ගැනීම න්‍යායාත්මකව සිදු කළ හැකිය.

Massachusetts Institute of Technology හි පර්යේෂක කණ්ඩායමක් විසින් ග්‍රැපීන් (Graphene) වල හැසිරීම වෙනස් කොට එමගින් ඍජු බලශක්ති ධාරාවක් ලබා ගත හැකි ක්‍රමවේදයක් සොයා ගෙන ඇත. මෙම ක්‍රමවේදය නිෂ්ක්‍රීය අරෝපකයක් (Passive Charger) සඳහා වඩාත් සුදුසු වන අතර අවශ්‍ය වන්නේ එය රවුටරයක් අසලින් තැබීම පමණි. ඔවුන්ගේ මෙම සොයා ගැනීම පිළිබඳව “Science Advances” සඟරාවේ පලවිය.

“අප ටෙරාහර්ට්ස් පරාසයේ විද්‍යුත් චුම්භක තරංග වලින් වට වී සිටිනවා” යැයි MIT ආයතනයේ ද්‍රව්‍ය පර්යේෂණ රසායනාගාරයේ පශ්චාත් ආචාර්ය පර්යේෂක ප්‍රධාන කතුවරයා වන හිරෝකි ඉසෝබේ පවසා ඇත. “අපට එම ශක්තිය එදිනෙදා ජීවිතයට භාවිතා කළ හැකි බලශක්ති ප්‍රභවයක් බවට පරිවර්තනය කළ හැකි නම්, එය අප දැන් මුහුණ දී සිටින බලශක්ති අභියෝගයන්ට මුහුණ දීමට උපකාරී වනු ඇත” යන්න ඔහු වැඩිදුරටත් සඳහන් කොට ඇත. 

ප්‍රත්‍යාවර්ථ ධාරාවෙන් සරල ධාරාවට

AC-to-DC-converter-circuit-rectifier
AC-to-DC-converter-circuit-rectifier

පරිසර ශක්තිය වඩාත් ප්‍රායෝගිකව යොදා ගැනීමට විද්‍යාඥයින් උත්සාහ කළ දීර්ඝ ඉතිහාසයක් ඇත. භාවිතයට නොගැනීම නිසා පුනර්ජනනීය බලශක්තියේ විශාල නාස්තියක් සිදුවේ. සූර්ය පැනල හරහා එකතු කර විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කළ හැකි සූර්යයාගේ ආලෝක ශක්තිය දැනට පවතින පැහැදිලිම පුනර්ජනනීය බලශක්තියයි.

සාම්ප්‍රදායික නොවන බලශක්ති ප්‍රභවයන් පාලනය කිරීම සඳහා පර්යේෂකයන් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ සෘජුකාරක හෝ සෑම දිශාවකටම දෝලනය වන විද්‍යුත් චුම්භක තරංග වල ප්‍රත්‍යාවර්ත ධාරාව සෘජු ධාරාවක් බවට පරිවර්තනය කිරීම සඳහා නිර්මාණය කර ඇති උපාංගය. මූලික වශයෙන්, යන්ත්‍ර තුල ධාරාව එක් දිශාවකට පමණක් ගලා යන බව සහතික කරයි.

සෘජුකාරක සාමාන්‍යයෙන් රේඩියෝ තරංග වැනි අඩු සංඛ්‍යාත විද්‍යුත් චුම්භක තරංග ඩයෝඩ වලින් සවිකර ඇති විද්‍යුත් පරිපථයක් හරහා හෝ ධාරාව එක් දිශාවකට පමණක් ගලා යාමට ඉඩ සලසන අර්ධ සන්නායක උපාංග හරහා පරිවර්තනය කරයි. මෙය විද්‍යුත් ක්ෂේත්‍රයක් ජනනය කරන අතර එය සෘජු ධාරාවක් ලෙස පරිපථය හරහා තරංග රැගෙන යයි. නමුත් සෘජුකාරක ස්ථාවරව පවතින්නේ සීමාසහිත සංඛ්‍යාතයක් දක්වා පමණක් බැවින් ඊට ටෙට්‍රාහර්ට්ස් පරාසය තුළ තරංගවලට ප්‍රතිචාර දැක්වීම කළ නොහැක.

දුරකථනය ආරෝපණය කිරීමට ගුණාත්මක සෘජු ධාරාවක්

පාරදෘශ්‍ය T – කිරණ ශක්තිය වඩාත් පුරෝකථනය කළ හැකි හා භාවිතා කළ හැකි දෙයක් බවට පරිවර්තනය කිරීම සඳහා, ඉසෝබේ සහ ඔහුගේ සෙසු පර්යේෂකයන් කල්පනා කළේ සෘජු ධාරාවක් ඇති කිරීම සඳහා සෘජුකාරක මත රඳා සිටිනවා වෙනුවට ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට ගලා යාමට බල කිරීම සඳහා ද්‍රව්‍යයක පරමාණුක ව්‍යුහය සමඟ සම්බන්ධ විය හැකිද යන්නයි. ඔවුන්ගේ අවධානය යොමු වී ඇත්තේ ඉලෙක්ට්‍රොනික්, සූර්ය පැනල සහ ඇස්ෆල්ට් වල බහුලව භාවිතා වන ද්‍රව්‍යයක් වන ග්‍රැපීන් වල පරමාණුක හැසිරීම කෙරෙහි ය.

 Second-order response by skew scattering on a honeycomb lattice
Second-order response by skew scattering on a honeycomb lattice

සාමාන්‍ය තත්වයන් යටතේ ග්‍රැපීන් සහජයෙන්ම සමමිතික වේ. එහි අරුත නම් ඉලෙක්ට්‍රෝන වලට තම තමන් අතර සමාන බලයක් දැනෙන අතර එම ශක්තිය මගින් ඉලෙක්ට්‍රෝන සෑම දිශාවකටම සමානව විසිරී යයි. ඉසෝබේ සහ ඔහුගේ කණ්ඩායම මෙම විසිරීම අසමමිතික කිරීමට ක්‍රම සෙවීමට පටන් ගත්හ.

විද්‍යාඥයින් සොයාගත්තේ ග්‍රැපීන් වෙනත් ද්‍රව්‍යයක් සමඟ සංයෝජනය කිරීමයි, බෝරෝන් නයිට්‍රයිඩ් (boron nitride). එමගින් ග්‍රැපීන් ඉලෙක්ට්‍රෝන පොදු දිශාවකට ගමන් කිරීමට බල කරයි. එයින් අදහස් වන්නේ එන ටෙරාහර්ට්ස් තරංග මගින් ග්‍රැපීන් ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට සෘජු ධාරාවක් ලෙස සංයුක්ත වේ. මෙම සමස්ත ආචරණය “skew scattering” ලෙස හැඳින්වේ.

කෙසේ වුවත් මෙහිදී අවධානය යොමු කල යුතු විශේෂ කරුණක් පවතියි. එනම් ග්‍රැපීන් නිර්මාණය වී ඇත්තේ කාබන් පරමාණු තනි තට්ටුවක බැවින්, එහි අපද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා පවතියි නම්, එහි ඇති සන්නායකතාව වැනි සමහර ගුණාංග නැති වී යාමේ අවධානමක් ඇත. අපද්‍රව්‍ය වලට ඉලෙක්ට්‍රෝන වලාකුළු වල පලිහක් මෙන් ක්‍රියා කළ හැකි අතර එමගින් ඉලෙක්ට්‍රෝන විසිරී යා හැකිය.

“බොහෝ අපද්‍රව්‍ය පැවතීම මගින්, මෙම ඇතිවූ චලිතය දෝලනය වීමෙන් අවසන් වන අතර, එන ඕනෑම ටෙරාහර්ට්ස් ශක්තියක් මෙම දෝලනය හරහා නැති වී යයි, ”ඉසෝබේ පැවසීය. “එබැවින් අපට අවශ්‍ය වන්නේ පිරිසිදු නියැදියක් යොදා ගෙන ඵලදායී ලෙස ඇතිවූ චලිතයක් ලබා ගැනීමයි.” ඉසෝබේ වැඩිදුරටත් පැවසීය.

ටෙරාහර්ට්ස් සෘජුකාරක

Inner Process of Terahertz Rectifiers
Inner Process of Terahertz Rectifiers

මෙම සොයා ගැනීමත් සමඟ ඉසෝබේ සහ සමාගම ටෙරාහර්ට්ස් සෘජුකාරකයක් සඳහා සැලැස්මක් නිර්මාණය කළේය. ඔවුන් “අධි සංඛ්‍යාත නිවැරදි කිරීමේ” උපාංගයක් ලෙස හඳුන්වන දේ සඳහා පේටන්ට් බලපත්‍රයක් ඉල්ලුම් කර ඇත.

පරිසරයෙන් ටෙරාහර්ට්ස් විකිරණ එකතු කර සාන්ද්‍රණය කරන ඇන්ටෙනාවක් සිතන්න. පර්යේෂකයෝ සොයා ගත් පරිදි ටෙරාහර්ට්ස් ශක්තිය ශක්තිමත් වන තරමට උපාංගයට හොඳින් එය සරල ධාරාවක් බවට පරිවර්තනය කළ හැකිය. ඇන්ටෙනාව තුළ බෝරෝන් නයිට්‍රයිඩ් තට්ටුවක් මත කුඩා ග්‍රැපීන් ප්‍රමාණයක් ගල්වා ඇත.

“සංසරණ ශක්තිය නිෂ්ක්‍රීය ලෙස එකතු කර පරිවර්තනය කිරීමට වෙනස් සංඛ්‍යාත පරාසයක් යොදා ගැනීම හැරුණු කොට මෙය සූර්ය කෝෂයක් ආකාරයටම ක්‍රියාකරනු ඇත” යනුවෙන් MIT හි භෞතික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ලියාන් ෆු පවසයි.

භෞතික මූලාකෘතියක් ඉදිරිපත් කිරීම සඳහා කණ්ඩායම මේ වන විට MIT හි පර්යේෂණාත්මක භෞතික විද්‍යාඥයින් සමඟ කටයුතු කරමින් පවතියි. එය කාමර උෂ්ණත්වයේදී ක්‍රියා කල හැකි ආකාරයට නිපදවීමට සැලසුම් සකස් කොට ඇත. ඉසොබේ විශ්වාස කරන ආකාරයට නුදුරු කාලයේදී  මිනිස් සිරුර තුල ශක්තිය අධිරෝපණය කිරීම සඳහා ටෙරාහර්ට්ස් සෘජුකාරක භාවිතා කළ හැකි බවයි.

සෙවණැලි ආධාරයෙන් විද්‍යුතය නිපදවිය හැකි නවතම ක්‍රමවේදයක්

සූර්ය පැනල පිළිබඳව සලකා බලන විට ඔබට, පෙළින් පෙළට සුර්ය කෝෂ වලින් ආවරණය වී පවතින, බොහෝ වටිනා ස්‌වාභාවික  ශක්තියක් වන සූර්ය ශක්තිය ගබඩා කරන, විශාල ක්ෂේත්‍රඵලයක පැතිර පවත්නා සූර්ය පැනල වල රූපය මනසේ සිතුවම් වනු ඇත. නමුත් එම සූර්ය ශක්තිය හා සම්බන්ධ මෙම ක්‍රියාවලිය සූර්යයා සහ නිෂ්ක්‍රීය හරිත ශක්තිය වෙතට සම්ප්‍රේෂණය වුවහොත් කුමක් සිදුවේවිද?

සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් එක්ව මෙම අපූරු අත්හදා බැලීම සිදුකොට තිබේ. එමගින් ඔවුහු සෙවණැලි ආධාරයෙන් විද්‍යුතය උත්පාදනය කල හැකි නව යන්ත්‍රයක් නිර්මාණය කර තිබේ. එමගින් අන්ධකාරය ආලෝකය බවට පරිවර්තනය කරනු ලබයි. එයින් අදහස් වන්නේ ජනෙල් කවුළුවක සිට ඔබ ඔබේ පසුබිමෙහි තණකොළ බිස්සක් දෙස බැලීමේදී අර්ධ වශයෙන් හිරු එළිය පමණක් දකින අපට වඩාත් තද එනම් වඩාත් අඳුරු අවකාශයන්හි පවා ශක්තිය රැස් කර ගත හැකි බවයි.

සෙවණැලි ආධාරයෙන් විද්‍යුතය තැනීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය

මෙම ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ශක්ති උත්පාදක යන්ත්‍රය හෙවත් “ජෙනරේටරය ” මගින්, ජනක යන්ත්‍රයේ කොටසක් සෙවනැලි කොටසක තැබීම මගින් ,උපකරණය මත ඇති වන ආලෝකකරණයේ වෙනස සෙවනැලි වාත්තු කිරීම මගින් ඉවත් කර සෘජු ධාරාවක් (DC) ජනනය කරයි. මේ බව පර්යේෂකයින්ගේ පර්යේෂණ පත්‍රිකාවේ සඳහන්ව ඇති බව “බලශක්ති හා පාරිසරික විද්‍යා ” සඟරාව සඳහන් කරයි.

Generating_Electricity_Through_Shadow

සාම්ප්‍රදායික සූර්ය පැනල තාක්ෂණිකව ක්‍රියාත්මක වන්නේ අඳුරේදී හෙවත් සෙවණ ඇති විටෙකදී බව සැබෑවකි. නමුත් එම අවසාන ප්‍රතිදානය ඍජු ධාරාවක් ජනනය නොකරන බැවින්, පැනල ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය ගබඩා කර ගැනීම සඳහා පූර්ණ සූර්යාලෝකය අවශ්‍ය වේ. නිදසුනක් ලෙස උස ගස් වලින් අර්ධ වශයෙන් සෙවණ ලබා ගත හැකි කුටුම්භයන්ට මෙය පොදු සංසිද්ධියකි. නමුත් මේ හේතුව නිසාවෙන් ඉංජිනේරුවන් විසින් දෘෂ්ටි-විද්‍යුත් යෙදීම් වල සෙවණැලි ඇතිවීම් මහත් පරිශ්‍රමයකින් යුතුව වළක්වා ඇති බව පර්යේෂකයින් පවසා ඇත.

සෙවණැලි ආචරක බලශක්ති ජනක යන්ත්‍රය තුල නැනෝමීටර 15 ක ඝනකමකින් යුත් ඉතා තුනී රන් ආලේපනයක් සහිත සිලිකන් ස්ථරයක් (සූර්ය කෝෂ සඳහා සුපුරුදු උපස්ථරය) පවතී. (මිනිස් DNA තන්තුව නැනෝමීටර 2.5 ක් පමණ වේ). ආලෝක ධාරා සිලිකන් ස්ථරය සමඟ ස්පර්ශ වූ විට, ෆෝටෝන හෙවත් සැහැල්ලු අංශු සිය පරමාණු තුල අඩංගු ඉලෙක්ට්‍රොන නිදහස් කරයි. එමගින් ශක්ති ධාරාවක් නිර්මාණය වෙයි.

මෙය සාමාන්‍ය සූර්ය කෝෂ වල අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලියම වේ. නමුත් මෙහි රන් ආලේපිත ස්ථරය විශේෂයෙන් අවධානයට  ලක්කොට සිතිය යුතුය. මන්දයත් එම රන් ආලේපනය සමඟ උපාංගය සෙවණැල්ලක් මගින් අර්ධ වශයෙන් ආවරණය වන විට වඩා ශක්තිමත් විද්‍යුත් ධාරාවක් ජනනය කිරීමේ හැකියාව පවතියි. මෙය සාමාන්‍ය සූර්ය කෝෂ මෙන් 200% ක කාර්යක්ෂමතාවයක් ලබා දෙයි. මෙහිදී කම්පනයට පත්වූ ඉලෙක්ට්‍රොන සිලිකන් තට්ටුවේ සිට රන් ආලේපිත තට්ටුව මතට පතිත වීමේදී, ආලෝකය සහ අඳුරු කොටස් අතර වෙනසක් ඇති විට ලෝහයේ වෝල්ටීයතාව වැඩිවේ.

Energy_Harvesting_From_Shadow

සාර්ථක වූ අත්හදා බැලීම්

පර්යේෂණ කණ්ඩායම මෙවැනි ජනක යන්ත්‍ර 8ක් භාවිතයෙන් වෝල්ට් 1.2 ක වෝල්ටීයතාවයකින් යුත් ඉලෙක්ට්‍රොනික් ඔරලෝසුවක් ආරෝපණය කරන ලදී. තවත් පර්යේෂණයකදී දුරස්ථ පාලක සෙල්ලම් මෝටර් රථයක් උපාංගය පසුකර යාමේදී සෙවණැල්ලක් නිර්මාණය වීමත් සමඟ එයින් ජනනය වූ ශක්තියෙන් පසුව LED එකක් බල ගැන්වීම සිදු කරන ලදී. එම හේතුව නිසාවෙන්ම විද්‍යාඥයින් විශ්වාස කරන්නේ “ස්මාර්ට් සිටි” සංකල්පයක කොටසක් ලෙස ගොඩනැගිලිවලට සවි කර ඇති අඩු ශක්ති සංවේදක බල ගැන්වීම සඳහා ඔවුන්ගේ විදුලි ජනකය සුදුසු වනු ඇති බවයි. එමෙන්ම දිගු සෙවණැලි ඇති දැවැන්ත අහස උසට වැඩෙන නාගරික සූර්ය ශක්ති ජනක මධ්‍යස්ථාන වල පවා ඒවා භාවිතා කළ හැකිය.

ඉදිරියේදී මෙම නිෂ්පාදනය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා පර්යේෂකයන්ට අවශ්‍ය වන්නේ සූර්ය කෝෂ තාක්‍ෂණය වැඩි වශයෙන් ඔවුන්ගේ උපාංගයට ඒකාබද්ධ කිරීම වන අතර එමඟින් කුඩා ආලෝක ප්‍රමාණයක් ලබා ගත හැකි බව ඔවුහු පවසති. එසේම ඔවුන් කුඩා ජනක යන්ත්‍ර ස්මාර්ට් රෙදිපිළි (Smart Textiles) ලෙස ඇඳුම් තුළට කාවැද්දීමට ක්‍රම සොයමින් සිටින අතර එමඟින් අපට ගමනේ දී ශක්තිය රැස් කර ගත හැකිය.

සාරාංශයක් ලෙස

  • සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ බලශක්තිය අස්වැන්න සඳහා නව ක්‍රමයක් ඉදිරිපත් කර ඇත: සෙවණැලි වලින් විදුලිය නිර්මාණය කිරීම.
  • නාමයේ සඳහන් වන ආකාරයටම උපාංගයේ කොටසක් සෙවණැලි වල පවතින විට “සෙවනැලි-ශක්ති ශක්ති උත්පාදක යන්ත්‍රය ”  විද්‍යුත් ධාරාවක් නිපදවයි.
  • ඔවුහු සිය සොයාගැනීම් බලශක්ති හා පාරිසරික විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත.

සාමාන්‍ය ජීව දෘෂ්ටි පරාසයන් ඉක්මවා යන නව යාන්ත්‍රික අක්‍ෂිය

අන්ධ පුද්ගලයින් හට පෙනීමේ හැකියාව ලබාදීම වර්තමාන වෛද්‍ය පර්යේෂණයන් අතර ඉතාම වැදගත් ස්ථානයක් ලබා ගැනීමට සමත්ව ඇත. එය එක පසකින් රෝගී ජීවිතයකට සම්පුර්ණයෙන්ම පහේ නවමු ජිවිතයක් ලබා දීමක් වන අතරම නූතන වෛද්‍ය විද්‍යාවේ සුවිශාල ජයග්‍රහණයක් ලෙස සටහන් වනු ඇත. මීට පෙර නිර්මාණය කරන ලද යාන්ත්‍රික අක්‍ෂි වලට යම් විශේෂ සීමාවකට යටත්ව සිමිත පෙනීමේ හැකියාවක් ලබා දීමට හැකිවී තිබිණි. යාන්ත්‍රික දෘෂ්ටි විතානය නිර්මාණය කිරීම සඳහා නව අත්හදා බැලීමක ප්‍රතිඵල සමඟින් අනාගතයේදී එය වෙනස් කිරීම සඳහා පර්යේෂකයන් සුවිශාල පියවරක් ගෙන ඇත.

කෘත්‍රිම අක්‍ෂිය නිෂ්පාදනයේ අභියෝග

අධි ඝනත්ව නැනෝ තන්තු වලින් නිමවා ඇති අර්ධගෝලීය දෘෂ්ටි විතානයක් නිර්මාණය කිරීම පිළිබඳ විස්තරයක් පර්යේෂණ කණ්ඩායම විසින් ප්‍රකාශයට පත් කර ඇත. පූර්ව යාන්ත්‍රික අක්‍ෂි සම්බන්ධ පර්යේෂණයන් වලදී පර්යේෂකයින් හට විශාලතම අභියෝගය වී ඇත්තේ ජෛවමිතික උපාංග මගින් දෘෂ්ටි විතානයේ ගෝලාකාර හැඩය ලබාගැනීමයි.

Overall_Comparison_of_the_Human_Eye-System_and_the_Bionic_Eye_Imaging_System

පළමුව අක්‍ෂි කාචය හරහා වක්‍රවූ ආලෝකය ඇසට ඇතුල් වෙයි. මෙහි අර්ථය වන්නේ දෘෂ්ටි විතානය වෙත පැමිණෙන ආලෝකය ඒ වන විටත් වක්‍ර වී ඇති බවයි. එය ග්‍රහණය කර ගැනීම සඳහා පැතලි සංවේදකයක් භාවිතා කරන විට, රූපය කෙතරම් දුරකට ග්‍රහණය කළ හැකිද යන්නට නිශ්චිත සීමාවක් ඇත. මෙම ගැටළුව සඳහා නවීන කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය පිළියමක් ලෙස පෙනෙන නමුත් මිනිස් ඇහිබැමක පිටුපස ඇති සැකසුම් බලයේ ප්‍රමාණය සීමිත වන අතර අක්‍ෂි මගින් ග්‍රහණය කරනු ලබන රූප දර්ශනය වීමේදී ප්‍රමාද වීම් සිදු නොවිය යුතුය. එසේ නොමැති නම් අපට අර්ධගෝලයේ ගැටලුව විසඳිය හැකිය. හොංකොං විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරුවෙකු වන ෂියොන්ග් ෆෑන් (Zhiyong Fan) සහ සෙසු පර්යේෂණ කණ්ඩායම විසඳා දෙනු ලැබුවේ එම ගැටළුවයි.

කෘත්‍රිම අක්‍ෂියේ ක්‍රියාකාරිත්වය සහ නිමාව

ඔවුන් මෙම ක්‍රියාවලිය සඳහා ඇලුමිනියම් තීරුවකින් නිර්මිත අර්ධගෝලීය හැඩයක් යොදා ගනී. විද්‍යුත් රසායනික ප්‍රතිකාර මගින් මෙම තීරු, ඇලුමිනියම් ඔක්සයිඩ් ලෙස හඳුන්වන පරිවාරකයක් බවට පරිවර්තනය කර ඇති අතර ඒවා මගින්  සිය ක්‍රියාදාමය පුරාම නැනෝ පරිමාවෙන් යුත් සිදුරු පුරවා තබනු ඇත. ඉන්පසු මෙම ඝන සිදුරු පොකුරු දෘෂ්ටි විතානයේ ක්‍රියාකාරිත්වය අනුකරණය කරන perovskite නැනෝ තන්තු සඳහා සම්බන්ධක ලෙස ක්‍රියාත්මක වෙයි. perovskite සූර්ය කෝෂ නිපදවීම සඳහා යොදා ගනී. නැනෝ තන්තු වැඩුණු පසු, පර්යේෂක කණ්ඩායම කෘත්‍රිම කාචයකින් ඇස ආවරණය කර අයනික ද්‍රවයකින් පුරවා අපගේ අක්‍ෂි ගෝලය තුළ ඇති කාච රසයේ අනුකාරකය නිර්මාණය කරයි.

මෙම අයනික ද්‍රවය වඩාත් වැදගත් වන්නේ නැනෝ තන්තු වලට ආලෝකය හඳුනා ගැනීමට සහ එහි සංඥා බාහිරට සම්ප්‍රේෂණය කිරීමට ඉඩ දීම, එනම් ඉලෙක්ට්‍රොනික රූප සැකසුම් ක්‍රියාවලිය සඳහාය.

මෙම කෘත්‍රිම අක්‍ෂියේ ක්‍රියාකාරිත්වය සිත් ඇද ගන්නා සුළුය. මන්ද එය අපගේ ජීව අක්‍ෂි කාචයේ ජීව විද්‍යාත්මක පරාමිතීන් මගින් සීමා නොකෙරේ. ඊට නැනෝ මීටර 800 (800nm) ​​දක්වා ආලෝකයේ තරංග ආයාමයන්ට ප්‍රතිචාර දැක්විය හැක. මිනිස් දෘශ්‍ය පරාසය මිලිමීටර් 740 (740mm) ක් පමණ වේ. මෙම තරංග ආයාමයට ඉහළින් ඇති වර්ණ අපට කළු පැහැයෙන් දිස්වේ. අපට නැනෝ මීටර 800 (800nm) ​​දක්වා ආලෝකයේ තරංග ආයාමයන් දර්ශනය වුවහොත්, අධෝරක්ත කිරණ වල මුල් පරාසය ආසන්නය දක්වා පරාසයක ආලෝකය අපට දර්ශනය වනු ඇත (අධෝරක්ත කිරණ වල තරංග අයාම පරාසය 750nm  – 1400nm ලෙස සැලකේ). මෙම කෘත්‍රිම අක්‍ෂියේ ආලෝක රටා සඳහා සැකසීමේ කාලය මිලි තත්පර 19 (19ms), එසේත් නොමැතිනම් මිනිස් ඇසකට ආලෝක රටා සැකසීමට ගතවන කාලයෙන් අඩක් පමණ වේ. ඇසේ ප්‍රතික්‍රියා වේගය 19ms දක්වා අඩු කිරීමෙන් මිනිස් ප්‍රතික්‍රියා කාලය අඩු විය හැකිය. එසේම කෘත්‍රිම අක්‍ෂිය මගින් නිපදවෙන රූප ඉතාම පැහැදිලි සහ තියුණු බැවින්ද සමස්ත නිෂ්පාදනයේ ගුණාත්මක භාවය ඉතාම ඉහලය.

External_View_of_the_Bionic_Eye

විවිධ කෝණයන්ගෙන් විමසා බලන විට මෙම කෘත්‍රිම දෘෂ්ටි විතානය ඉතාම ඉහල මට්ටමක තිබෙන බව කිව යුතුමය. මෙතරම් ගුණාත්මක තත්වයෙන් යුත් කෘත්‍රිම අක්‍ෂියක් නිපදවූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම නව දෘෂ්ටි විතානය තුළ කළු ලපයක් හෙවත් අන්ධ ස්ථානයක් පවා සොයා ගත නොහැක.

ඔබේ දැනුමට යමක්

සාමාන්‍ය මිනිස් ඇසක ප්‍රතිචාර දැක්වීමේ වේගය සහ ප්‍රකෘතිමත් වීමේ වේගය මිලි තත්පර 40 (40ms) සිට මිලි තත්පර 150 (150ms) අතර වේ. සම්පුර්ණ මිනිස් ප්‍රතික්‍රියා කාලයේ සාමාන්‍ය අගය  මිලි තත්පර 200 ත් 250 ත් (200ms – 250ms) අතර වේ. සුවිශේෂී පුද්ගලයන් සමහර විට මෙම වේගය ඉක්මවා යාමට ඉඩ ඇත.

Apple සමාගමේ නවතම Airpod නිෂ්පාදන

Apple සමාගම සෑම විටම සිය නිෂ්පාදනයන් වලට සෞඛ්‍ය අධීක්ෂණ අංග (Health Monitoring Features) ඇතුලත් කිරීමෙහි ලා ප්‍රමුඛතාවයක් දීමට උනන්දු වෙයි. නවතම වාර්තාවකින් පෙන්නුම් කරන පරිදි ඔවුන් සිය නිෂ්පාදන වල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ අනාගත Apple Airpods නිෂ්පාදන වලට සංසරණ ආලෝක සංවේදක (Ambient Light Sensors) සම්බන්ධ කිරීම මගින් රුධිර ඔක්සිජන් මට්ටම සහ හෘද ස්පන්දනය වැනි සෞඛ්‍ය අධීක්ෂණ මිනුම් ලබා ගත හැකි ආකාරයට නිපදවීමට බලාපොරොත්තු වෙයි.

General_Airpod_View

නව Apple Airpods නිෂ්පාදන විශේෂතා

DigiTimes සඟරාව වාර්තා කරන ආකාරයට අනුව ASE Technology ආයතනය මෙම සංසරණ ආලෝක සංවේදක නිෂ්පාදනය සඳහා සම්බන්ධ වනු ඇත. එමනිසා ඉදිරි වසර කිහිපය ඇතුලත මෙම සංවේදක නව Airpod නිෂ්පාදන වලට ඇතුලත් කෙරෙනු ඇති අතර තායිවානයේ ASE Technology ආයතනය මඟින් නව සංරචකය සඳහා පසුබිම් ක්‍රියාවලිය හැසිරවිය හැකිය.

කෙසේ වෙතත් GSMArena වාර්තාවක් පෙන්වා දෙන පරිදි Galaxy S9 නිෂ්පාදනයේහි මීට සමාන තාක්‍ෂණයක් භාවිතා කරන බව පවසයි. එමඟින් ඔවුන්ගේ හෘද ස්පන්දනයේ වෙනස්කම් මැනීම සඳහා පරිශීලකයාගේ සම හරහා ආලෝකය විහිදුවන සංවේදකයක් භාවිතා කරයි.

කෙසේ වෙතත්, Apple Airpods වැනි ප්‍රමාණයෙන් කුඩා නිෂ්පාදනයක් තුළට මෙම සංවේදක තාක්‍ෂණය ඇතුළත් කිරීම කෙලෙස Apple ආයතනය  කළමනාකරණය කරන්නේද යන්න බැලීම සිත්ගන්නා සුළු වනු ඇත. එය යථාර්ථයක් බවට පත් වූ පසු, මෙම සුවිශේෂ අංගය පරිශීලකයින්ට විශාල වශයෙන් භාවිතා කිරීමට හැකිවනු ඇත. පුද්ගලයෙකුගේ සෞඛ්‍යය හා ගැබ්ව පවතින තත්වයන් පරීක්ෂා කිරීම සඳහා රුධිරයේ ඔක්සිජන් මට්ටම නිරීක්ෂණය කිරීමට Apple Airpod නිෂ්පාදනය තුල සැහැල්ලු සංවේදක භාවිතා කිරීමට බොහෝ ඉඩකඩක් පවතියි.

නිෂ්පාදන එළිදැක්වීමේ සැලසුම්

කෙසේ වෙතත් DigiTimes සඟරාව වාර්තා කරන පමණින්ම මෙම ප්‍රවෘත්තිය පිළිගන්නවාට වඩා Apple සමාගම හෝ ඊට  අනුබද්ධ අනුග්‍රාහක සමාගමක් විසින් හෝ මෙම නව නිෂ්පාදනයේ මූලික ආකෘතියක් හෝ පරීක්‍ෂාවට ලක් කරන්නේදැයි විමසා බැලීම වටී. කෙසේ වුවත්, අනාගත Airpods හි සෞඛ්‍යයට සම්බන්ධ නව අංගයන් ඇතුළත් කිරීම ගැන අපට අසන්නට ලැබෙන පළමු අවස්ථාව මෙය නොවන බව සලකන විට, ඉදිරි වසර කිහිපය තුළ මෙම අංගය යථාර්ථයක් බවට පත්වීම අපට දැකගත හැකි වනු ඇත.මීට පෙර, Apple සමාගමේ Airpods නිෂ්පාදන පෙළ එක් නිෂ්පාදිතයකට වඩා වැඩි ගණනක් සමඟ පුළුල් කිරීමට සූදානම් වන බව අප අසා ඇත. ටීඑෆ් ජාත්‍යන්තර සුරැකුම්පත් පිළිබඳ ප්‍රකට විශ්ලේෂකයෙකු වන Ming-Chi Kuo ඊලඟ පරම්පරාවේ Airpods මාදිලි සහ ඉදිරියට එන over-ear headphones සඳහා Apple සමාගමේ සැලසුම් පිලිබඳ කරන නව ආයෝජක සටහනක් මෑතකදී නිකුත් කර තිබුණි. 2021 මුල් භාගයේදී Airpod 3 මහා පරිමාණ නිෂ්පාදනයට පිවිසෙන අතර Airpod pro 2 නිෂ්පාදනය 2021 අග භාගයේදී ආරම්භ වනු ඇතැයි Kuo සඳහන් කර තිබේ. Kuo ට අනුව over-ear headphones මෙම ගිම්හානයේදී විශාල නිෂ්පාදනයක් කිරීමට සූදානම් වනු ඇත.

Over-Ear_Headphone_View

ආයෝජකයන් වෙනුවෙන් ඔහු තැබූ සටහනෙහි 2020 මැද භාගයේදී Apple සමාගමේ over-ear headphones මහා පරිමාණ නිෂ්පාදනයට පිවිසෙනු ඇතැයි Kuo අනාවැකි පළ කරයි. මෙයින් අදහස් කරන්නේ ග්‍රීෂ්ම සෘතුවේ අගභාගයේදී හෝ මෙම වසරේ මුල් භාගය වන විට headphones වෙළඳපල මුදා හැරීමට සූදානම් විය යුතු බවයි. කෙසේ වෙතත්, COVID-19 වසංගතය නිසා මෙයට ඇතිවන බාධා වල බලපෑම පුරෝකථනය සඳහා තක්සේරුවක් තවමත් සිදුකර නොමැත. නමුත් මීට පෙර සඳහන් වූ සමහර කරුණු වලට අනුව Apple සමාගම විසින් Beats සන්නාමය යටතේ අධිමිල පරාසයේ over-ear headphones නිපදවන බවත් එය ප්‍රභේද දෙකකින් ලබා ගත හැකි බවත් නිගමනය වී තිබිණි. කෙසේ නමුත් වර්තමානයේ පවතින ගෝලීය වසංගත තත්ත්වය පහව ගිය පසු අපට Apple සමාගමේ මෙම අලුත්ම නිෂ්පාදන පෙල බලාපොරොත්තු විය හැකිවනු ඇත.

සාරාංශයක් වශයෙන්;

  • අනාගත Apple Airpods මගින් හෘද ස්පන්දන වේගය අධීක්ෂණය සඳහා සංසරණ ආලෝක සංවේදකය ගෙන එනු ඇත
  • මෙම අංගය ඉදිරි වසර 2-3 තුළ Apple Airpods හි ඇතුළත් කළ හැකිය

Covid 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආරක්‍ෂා කල හැක්කේ කෙසේද?

කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතක සමස්ත ලෝකයටම විශාල බලපෑමක් එල්ල කරමින් පැමිණි කොරෝනා වසංගතය හෙවත් Covid 19 වසංගතය හේතුවෙන් සමස්ත ලෝකයේම ජන ජීවිතය අඩපණ වී ඇත යන්න අතිශයෝක්තියක් නොවේ. සියලුම රජයන් පාහේ සිය රටවැසියන්ගේ සුබ සිද්ධිය උදෙසා විවිධාකාර වූ ක්‍රියාමාර්ගයන් වලට යොමුවී ඇත. බොහෝ රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන වල වැඩ කටයුතු තවමත් 100% යථා තත්ත්වයට පත්වී නොමැත. නිෂ්පාදන කර්මාන්ත, අපනයන කර්මාන්ත මෙන්ම ස්වයං රැකියා ආශ්‍රිත කටයුතු පවා මේ මොහොතේදී සිය දෛනික ක්‍රියාවලීන් අතරමග නතරකොට හිඳින  මෙවැනි වකවානුවක සාමාන්‍ය ජනතාවට මතුපිටින් නොපෙනුනද රටක ආර්ථික තත්වයට දැඩි ලෙස බලපෑමක් එල්ල වී ඇති බව කිව යුතුය. Covid 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව විමසීමක් කිරීම ඔබ අප සැමටම යෝග්‍ය වනු ඇත.

Covid 19 වසංගතයේ විනාශකාරී බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බේරා ගත යුත්තේ කෙසේද? දශක ගණනාවක් තිස්සේ පවතින විසඳීමක් නොමැති ගැටළු හේතුවෙන් ලංකාවේ ආර්ථිකය කෙටිකාලීනව නොව දීර්ඝ කාලීනව ඇද වැටී තිබෙන බව අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවෙයි. එම ඇදවැටීම අතරතුරේදීම මෙම Covid 19 වසංගතය පැමිණීමත් සමඟ ලංකාවේ ආර්ථික තත්ත්වය කබලෙන් ලිපට වැටුණා යැයි පැවසුවහොත් නිවැරදි වෙයි.

දරිද්‍රතාවය

රට වසා දැමීම හෙවත් Lock-down කිරීමෙන් පසු ඇතිවූ;

  • සැපයුම් දාම අවහිරතා
  • භාණ්ඩ හා සේවා හිඟය
  • අපනයන, සංචාරක හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හි බිඳවැටීම
  • විරැකියාව

වැනි බලපෑම් දෘශ්‍යමානව සිදුවුවද ඒවායේ නොපෙනෙන පැතිකඩ නම් ජනතාවගේ දරිද්‍රතාවයේ ඉහළයාම සහ වියදම් සහ අදායම් අතර පවතින අසමානතාවය තව තවත් ඉහළ යාමයි.

Poverty_Map_of_Srilanka

නිල වාර්තා වලට අනුව 2016 වන විට ලංකාවේ දරිද්‍රතාවය මුළු ජනගහනයෙන් 4.1% ක් විය. මෙම දරිද්‍රතා නිර්ණය පදනම් වී ඇත්තේ හුදෙක්ම  ‘දරිද්‍රතා රේඛාව’ (Poverty Line) එනම් ආහාර සඳහා පමණක් මසකට රු.4,166 ක් වැය කිරීමට ඇති හැකියාව යන නිර්ණායකය මත පමණි. මේ අතර රජය විසින් රටේ ජනගහනයෙන් 24% ක් (මිලියන 5.2) පමණ වන සමෘද්ධි  ප්‍රතිලාභීන් හට මසකට රු .5,000 බැගින් වූ ආධාර මුදලක් ලබා දෙන ලදී. මේ අතරට එවැනි ගෙවීම් ලැබීමට සුදුසුකම් නොමැති පුද්ගලයින් සහ සුදුසු අය පවා ඇතුළත් විය හැකි වුවද, එය දළ වශයෙන් සාවද්‍ය 4.1% ට වඩා රටේ දරිද්‍රතාවයේ වඩාත් නිවැරදි සංඛ්‍යාතයේ පෙන්නුම් කිරීමක් ලෙස උපුටා දැක්විය හැකිය. මෙහිදී පැන නගින ගැටළුව වන්නේ වසංගතය නිසා ඇති වූ විනාශය හේතුවෙන් මෙම සංඛ්‍යාව පවා ඉහළට යාමේ අවධානමක් තිබේද යන්නයි. වසංගතයෙන් පසු ආර්ථිකයේ සංවර්ධනය සඳහා සැලසුම් සකස් කිරීමට පෙර මෙය වහාම විමර්ශනය කළ යුතුය.

ආර්ථිකය ගොඩනැගීමේ සැලසුම්

වසංගතයේ බලපෑමත් සමඟ ආර්ථිකය ගොඩනැගීම සැලසුම් ආකාර දෙකකට  සිදුකළ යුතුය. එනම් කෙටිකාලීන සැලසුම් හා දිගු කාලීන සැලසුම් වශයෙනි. පළමුව ක්‍ෂණික විසඳුම් අවශ්‍ය ගැටළු පිළිබඳව අවධානය යොමු කල යුතුය. උදාහරණ වශයෙන්;

  • වසංගත තත්ත්වය හේතුවෙන් පැන නැගුණු සෞඛ්‍ය ගැටළු
  • නිෂ්පාදන සැපයුම් බිඳ වැටීම්
  • ආර්ථික වශයෙන් බලපෑමට ලක්වූවන්ට ලබා දුන් මුල්‍ය සහ ණය සහන දීර්ඝ කිරීම සහ පවත්වාගෙන යාම

සඳහන් කල හැකිය. නමුත් දරිද්‍රතාවයේ සිදුවූ දැවැන්ත මෙන්ම ක්‍ෂණික වැඩිවීම කළමනාකරණය සඳහා ලෝක වසංගත තත්ත්වය පහව යාවි යන පූර්ව අපේක්‍ෂාව පෙරදැරිව දීර්ඝ කාලින සාර්ථක සැලසුමක් පිළිබඳව අවධානය යොමු කල යුතුය. දීර්ඝ කාලින සැලසුමකින් තොරව මෙම දරිද්‍රතාවය වැඩිවීමේ ගැටළුව සම්බන්යෙධන් ක්‍රියාත්මක වීම අත්තිවාරමක් නොමැතිව ගොඩනැගිල්ලක් ඉදි කරන්නාක් බඳු අසාර්ථක ක්‍රියාවකි. දීර්ඝ කාලින සැලසුමක් ගොඩනැගීම සඳහා පහත ආකාරයේ සැලසුමක් යොදා ගත හැකිය.

“Strategies_for_Economic_Recovery_After_the_Covid_19_Pandemic”
‘Export Competitiveness and Poverty Alleviation’ by Lloyd_Yapa _published by the Godage Book Shop _2017

අස්ථායිතාවය සහ පූර්ව නිගමනයන්ට එළඹීමේ නොහැකියාව

සෘජු විදේශ ආයෝජන බහුල වශයෙන් ඉන්දියාව සහ චීනය වැනි විශාල වෙළඳපොලවල් සොයමින් ඒවායේ ආයෝජනය කිරීම සිදුකරයි. එසේ නොවුවහොත්, ඔවුන් සමාජ, දේශපාලන හා ආර්ථික (මූල්‍ය) ස්ථාවරත්වයක් ඇති රටවල් සොයනු ඇත. විශේෂයෙන්ම අවම වශයෙන් වසර 30ක පමණ කාලයක් තිස්සේ නිවැරදි පූර්ව නිගමනයන්ට එළඹීමේ හැකියාව සහිත මෙන්ම නිවැරදි සෘජු ප්‍රතිපත්තිගරුක වෙළඳ ඉතිහාසයක් සහ රට තුල ශක්තිමත් සහ නිවැරදි නීති පද්ධතියක් සහිත රටවල් වෙත සෘජු විදේශ ආයෝජකයන්ගේ අවධානය නිතැතින්ම යොමුවීම සිදුවේ. නමුත් ලංකාවේ පවතින පස් අවුරුදු දිවීමේ කලාව කෙසේවත් මෙවැනි සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙහි ලා සමත්කම් නොදක්වයි. නිවැරදි ආකාරයේ ප්‍රතිපත්තීන් සමාජ වෙළඳපොල ලිබරල්වාදය ලෙස හැඳින්විය හැකිය. එහි අර්ථය නම් රාජ්‍ය අංශය මගින් සමාජ සුබසාධනය සහ යටිතල පහසුකම් සම්බන්ධ වගකීම සහිතව පෞද්ගලික අංශය මගින් බලගැන්වී ඇති විවෘත වෙළඳපොළත් සමඟ බැඳුනු සමාජවාදී සහ ලිබරල්වාදී ප්‍රතිපත්තීන්ගේ සම්මිශ්‍රණයක් ලෙස හැඳින්විය හැකිය.

නව ලිබරල්වාදී ප්‍රතිපත්තීන් අතහැර මෙම නවතම සමාජ වෙළඳපොල ලිබරල්වාදී ප්‍රතිපත්තීන්ට අනුකූලව හද ගැසීමට රුසියාව, ඉන්දියාව, චීනය වැනි බලවත් නැගෙනහිර ආසියානු රටවල් සමත්වී තිබේ. ශ්‍රී ලංකාව 1956 සිට එවැනි ස්ථාවරත්වයක් සහ පුරෝකථනයක් ලබා නොතිබූ අතර ‘ෆෝචූන් 500’ ලෙස හඳුන්වන ෆෝචූන් සඟරාවේ ලැයිස්තුගත කර ඇති විශාල හා ප්‍රසිද්ධ විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට එයට නොහැකි වී ඇත්තේ එබැවිනි. එසේම සමාජ දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිකම නිසා රට හැර යාමට ජනතාව පෙළඹී ඇති බව ද සඳහන් කළ යුතුය. මේ නිසාම බුද්ධි ගලනය වීමේ ඉහළ ප්‍රතිශතයක් ඇති රටවල් අතරට ලංකාවද අයත්ව තිබීම කණගාටුවට කරුණකි.

අඩු ඵලදායිතාවය

Covid 19 වසංගත තත්ත්වය පාලනය කිරීම උදෙසා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන ලද සමාජ දුරස්ථභාවය, රටේ කාර්යක්‍ෂමතාවය සහ ඵලදායිතාවය සැලකිය යුතු ලෙස අඩුවීමට සෘජුවම බලපෑම් එල්ල කොට ඇත. ශ්‍රී ලංකාවේ ඵලදායිතා මට්ටම අඩු වීමට හේතු ලෙස;

  • අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක භාවය අඩුවීම
  • යටිතල පහසුකම් සංවර්ධනයේ දුර්වලතා
  • අල්ලස්, දූෂණ සහ වංචා වැඩිවීම්
  • ක්‍රියා පටිපාටීන්ගේ අනවශ්‍ය සංකීර්ණත්වය
  • බොහෝ ක්‍රියාවලීන් තවමත් හස්තීය ලේඛන ක්‍රමවේද (Manual Documentation Systems) ඔස්සේ ක්‍රියාත්මක වීම 

දැක්විය හැකිය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලෝකයේ අසාර්ථකම අධ්‍යාපන ක්‍රමවේද 10න් එකකි. එසේම යටිතල පහසුකම් සංවර්ධන මට්ටම අනුව ලංකාවට හිමිවී ඇත්තේ 76 වන ස්ථානයයි.

ලෝක බැංකුවේ ව්‍යාපාර කටයුතු පහසු කිරීමේ දර්ශකය මගින් පෙන්නුම් කරන පරිදි ව්‍යාපාරික මෙහෙයුම් සම්බන්ධ ක්‍රියා පටිපාටි සහ ලියකියවිලි දිගු ප්‍රමාදයකට තුඩු දෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා ශ්‍රේණිගත කිරීම රටවල් 199 ක් අතුරින් 99 වන ස්ථානයයි.

COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සමස්ත සාධක ඵලදායිතාවයේ මට්ටම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බැවින්, ඉහත සඳහන් ගැටළු විසඳීමෙන් එය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට කඩිනම් පියවර ගත යුතුය.

කෘෂිකාර්මික ඵලදායිතාවය වැඩිදියුණු කිරීම

ආහාර නිෂ්පාදනයේ ස්වයංපෝෂිත භාවය ළඟා කර ගැනීම පිළිබඳව දැන් වැඩි අවධානයක් යොමුවී පවතී. සැබවින්ම අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගෙන් 90% ක් (සමස්ත ජනගහනයෙන් 80% ක් පමණ) දුප්පත් යැයි වාර්තා වන බැවින් ග්‍රාමීය ප්‍රජාවන්ගේ ඉපැයීම් වැඩිදියුණු කිරීමයි. සහල්වල ස්වයංපෝෂිත භාවය ලබා ගැනීම හුදෙක්ම ගොවීන් සමෘද්ධිමත් වීම නොවන බව වටහා ගත යුතුය.

Agriculture_Map_of_Srilanka

මෙහි ඇති සත්‍යම ගැටළුව  නම් ඉහල ඵලදායිතාවයක් ලඟා කරගැනීමට සහ ගොවීන්ගේ  අදායම් තත්ත්වය ඉහල නංවාලීමට මෙම  ගොවි ඒකක ප්‍රමාණවත් නොවීමයි. 2002 කෘෂිකාර්මික සංගණනයට අනුව, මිලියන 3.3 ක මුළු කෘෂිකාර්මික භූමි ප්‍රමාණයෙන් 45% ක් පමණ අක්කර 1/4 ක් පමණ වේ. මේ අතරින් බොහෝ ඉඩම් එම ගොවීන්ට පූර්ණව අයත් නොවන අතර පැරණි ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බදු අයිතිය පමණක් පවතියි. මේ හේතුවෙන්ද ක්‍රියාවලීන් ප්‍රමාදවීම මෙන්ම අක්‍රමිකතා ඉහල යාමද සිදුවේ. ඉඩම්වල ප්‍රමාණය ගැන සැලකිලිමත් වන විට විසඳුම වන්නේ රජය විසින් මෙහෙයවනු ලබන ඉඩම් ප්‍රතිසංස්කරණයක් සිදු කරමින් ඒකකවල හිමිකාරිත්වය එම ගොවීන්ට ලබා දෙන අතරම එය වැඩි දියුණු කිරීමයි. ගොවීන්ගේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැක්කේ ආහාර නිෂ්පාදනය වැඩි කරන අතරම අතීතයේ දී මෙන් අත්පත්‍රිකා ලබා දීමෙන් නොව, ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමෙන් පසුවම පමණි.

සාරාංශය

COVID-19 සැබවින්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි හානියක් සිදු කර ඇති අතර සැපයුම් දාම කඩාකප්පල් කරමින් විරැකියාව ඇති කරන අතරම දරිද්‍රතා මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ. දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට ක්ෂණික සහනයක් ලබා දීම සඳහා කෙටිකාලීන සැලැස්මක් සකස් කළ යුතුය.

මෙම සැලසුම් වල මූලික පරමාර්ථය විය යුත්තේ වසංගතය නිසා ඇති වන ඉහළ මට්ටමේ දරිද්‍රතාවය සහ ආදායමේ අසමානතාවය අඩු කිරීම මෙන්ම අපනයන ඉපැයීම් පුළුල් කිරීම, විශේෂයෙන් ඩොලර් බිලියන 60 ක් පමණ වන විශාල විදේශ ණය බරින් මිදීම සඳහා ය. දේශීය ඉතිරිකිරීම් / ආයෝජන ප්‍රමාණවත් නොවීම නිසා හොඳ නමක් ඇති විදේශ සෘජු ආයෝජන විශාල වශයෙන් ආකර්ෂණය කර ගැනීම සැලැස්මේ ප්‍රධාන උපාය මාර්ගය විය යුතුය. මෙම සැලසුම් වල මුලික අවශ්‍යතාවය වන රටේ ස්ථාවරත්වය, රටේ විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් එක්සත් කිරීම මගින් මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ පැවති ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවයකින් සාක්ෂාත් කරගත හැකිය.

රාජ්‍ය මූල්‍ය ස්ථායිතාව, විශේෂයෙන් ග්‍රාමීය කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව, රටේ ගෝලීය තරඟකාරිත්වය සහ අපගේ වටිනා ස්වාභාවික පරිසරය සුරැකීම සඳහා වැඩි දියුණු කිරීම මගින් Covid 19 වැනි ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත්ව නඟා සිටුවීමට මහෝපකාරී වනු ඇත.

තාක්ෂණය අනාගතයේදී වෛද්‍යවරුන් ඉවත් කරාවිද?

ඔබ වෛද්‍යවරයෙක්ද? එසේත් නොමැතිනම් සෞඛ්‍ය සේවා අලෙවිකරණ වෘත්තීයක් වෙනුවෙන් සැලසුම් කරන්නෙක්ද? මොහොතක් සිටින්න. ඔබ බලාපොරොත්තු වන වෘත්තීය හෝ සැපයීමට අදහස් කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල සේවාව ලබාගැනීම සඳහා වර්තමානයේ හෝ නුදුරු අනාගතයේදී පරිගණක යෙදුමක්, සරලවම පැවසුවොත් App එකක් හඳුන්වා දෙනු ලැබුවහොත්? සත්‍ය වශයෙන්ම එය එසේ වනු ඇත. තාක්ෂණයේ අනාගතය විසින් දශක කිහිපයකින් වෛද්‍යවරුන් සහ වෛද්‍ය අලෙවිකරණයේ අවශ්‍යතාවය ඉවත් කරනු ඇත. ඔබ ඊට එකඟ වන්නේද? නොවන්නේද? මෙම අනාගත දැක්ම ගැන ඔබ සිතන්නේ කුමක්ද? අපගේ තාක්‍ෂණය මත පදනම් වූ ලෝකය නැවත හැඩගස්වන සාක්ෂි කිහිපයක් මෙන්න.

තාක්ෂණය සහ වර්තමානය

තාක්‍ෂණය, පරිගණක, මෘදුකාංග සහ රොබෝවරු මීට වසර කිහිපයකට පෙර මනංකල්පිත විද්‍යා ප්‍රබන්ධයක් මෙන් පෙනෙන්නට තිබූ ආකාරයට මිනිසුන් සහ ක්‍රියාවලීන් ප්‍රතිස්ථාපනය කරමින් සිටියි. පහත උදාහරණයන්ද සලකා බලන්න.

  • සිල්ලර වෙළඳසැල් නොමැතිව ලොව විශාලතම සිල්ලර ව්‍යාපාරය බවට Amazon පත්විය.
  • ගෝලීය හෝටල් ව්‍යාපාරයක් වන Airbnb හට භෞතික වශයෙන් කිසිදු හෝටලයක් අයත් නොවේ.
  • ප්‍රධාන ප්‍රවාහන සමාගමක් වන Uber සතුව කාර් හෝ කුලී රථ නොමැත.

ශරීරය වැය කරන කැලරි ප්‍රමාණය ගණනය කරන හෝ ශාරීරික ක්‍රියාකාරකම් වාර්තා කරන පුද්ගලයින්ට පැළඳිය හැකි උපාංගවලට (Wearable Devices) වලට ඉහළින් සහ ඉන් ඔබ්බට වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් නිමවී ඇති තාක්ෂණික උපාංග අතර IBM ආයතනය මගින් නිෂ්පාදිත Watson පරිගණකය වෛද්‍ය තීරණ ගැනීමේ සහ රෝග විනිශ්චය කිරීමේ දක්ෂයෙකි.

Fitness_Tracker

එසේම විකිරණවේදියෙකු සිදු කරන ආකාරයටම X-ray, MRI  සහ වෙනත් රූප අර්ථ නිරූපණය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) භාවිතයෙන් නිමවා ඇති පද්ධති සංවර්ධනය කෙරෙමින් පවතියි.

වෛද්‍යවරුන් වෙනුවට රොබෝවරු?

නුදුරු අනාගතයේදී ලෝකය කෙබඳු වේ දැයි අධ්‍යයනය කරන ඉතා බුද්ධිමත් පුද්ගලයින් අනාවැකි පල කරන්නේ තවත් වසර 20ක් වැනි කාලයක් ඇතුලත වෛද්‍යවරුන්, නීතිඥයින් සහ ගණකාධිකාරිවරුන් වෙනුවට අති දක්ෂ රොබෝවරුන් ආදේශ වන බවයි.

ලන්ඩන් ව්‍යාපාරික පාසලේ කළමනාකරණ පුහුණුව පිළිබඳ මහාචාර්ය ලින්ඩා ග්‍රැටන් (Lynda Gratton) සහ අනාගත විද්‍යාවේදී  ඩේවිඩ් ඒ. ස්මිත්  (David A. Smith) “අනාගත රැකියා පිළිබඳව ඉදිරි දැක්ම” නම් වාර්තාවක් සම්පාදනය කළහ. සමහර කාර්යයන්  AI යන්ත්‍ර මගින් වඩාත් කාර්යක්ෂමව සිදු කරනු ඇතැයි ඔවුහු නිගමනය කරති. අනාගත විද්‍යාවේදී ඩේවිඩ් ඒ. ස්මිත් ගේ අදහසට අනුව බොහෝ ක්ෂේත්‍රයන් සඳහා නවතම තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිම කෙරෙන යන්ත්‍ර, සාමාන්‍ය මිනිසෙකුට වඩා හොඳින් ගැටළු වලට විසඳුම් ලබා දෙනු ඇත යන්නයි. යාන්ත්‍රික ඉගෙනුම් (Machine Learning) තාක්ෂණයේ වැඩි දියුණු වීමත් සමඟ අති විශාල දත්ත ප්‍රමාණයක් එකට එකතු කොට හැසිරවීමේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රිය වීමට ඉඩ තිබේ. මේ නිසා බොහොමයක් ක්‍රමික (Systematic) රැකියාවන් අවදානමට ලක්වනු ඇත. නීතිය, ගණකාධිකරණය සහ වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්‍රවල යන්ත්‍ර සාමාන්‍යයෙන් මිනිසුන්ට වඩා හොඳ පිළිතුරු සපයනු ඇත.

ඔබ සිතන්නේ කුමක්ද?

IBM හි Watson යනු අති විශාල දත්ත ප්‍රමාණයක් සමඟ වැඩ කිරීමට සහ ඉගෙනීම සඳහා දියුණු වන සුපිරි පරිගණකයකි. 

IBM_Watson

වෛද්‍යවරයෙකුගේ කාර්යාලයක මුහුණට මුහුණලා මානව සැපයුම්කරුවෙකු අපේක්ෂා කරන සාමාන්‍ය මිනිසා විසින් Watson පරිගණකය කෙසේ ශ්‍රේණිගත කරන්නේ දැයි සිතා ගත නොහැකිය. අවසාන තීන්දුව තව වසර 20 කින් පමණ ලැබීමට නියමිතය. නවීන වෛද්‍ය විද්‍යාව හා සෞඛ්‍ය සේවා බෙදා හැරීමේ ක්‍රම අනාගතයේදී මීට වඩා වෙනස් මෙන්ම වඩා යහපත් වනු ඇති බවට සැකයක් නැත.

හබල් දුරේක්ෂයේ ඥාති සොයුරු – Roman

කුමක්ද මේ Roman?

WFIRST, හෙවත් Wide Field Infrared Survey Telescope යනු දැනට සංවර්ධනය වෙමින් පවතින NASA අධෝරක්ත අභ්‍යවකාශ නිරික්ෂනාගාරයයි. මෙය කෙටියෙන් Roman ලෙසද Roman Space Telescope ලෙසද හඳුන්වනු ලැබේ. ඊළඟ දශකය සඳහා තාරකා විද්‍යාවේ ප්‍රමුඛතාවය ලෙස එක්සත් ජනපදයේ ජාතික පර්යේෂණ කවුන්සිලයේ දස අවුරුදු සමීක්ෂණ කමිටුව (United States National Research Council Decadal Survey committee) විසින් 2010 දී Roman නිර්දේශ කරන ලදී. 2016 පෙබරවාරි 17 වන දින සංවර්ධනය කිරීම හා දියත් කිරීම සඳහා Roman අනුමත කරන ලදී. NASA ආයතනයේ පරිපාලක Jim Bridenstine මහතා 2020 මැයි 20 වන දින නිවේදනයක් නිකුත් කරමින් මෙම WFIRST හෙවත් Roman, NASA ආයතනයේ හිටපු තාරකා විද්‍යා ප්‍රධානියාගේ මුලික භූමිකාව අගයමින් “Nancy Grace Roman” ලෙස නම් කරන බවයි. එම නිසා දැන් WFIRST හි නවතම භාවිත නාමය Nancy Grace Roman Space Telescope ලෙස වෙයි.

Nancy_Grace_Roman

Roman ගේ අඳුරු ශක්ති අධ්‍යයනය

මෙම පුළුල් අභ්‍යවකාශ ක්ෂේත්‍ර අධ්‍යයන මෙහෙයුම මගින් විශ්වයේ පෙර නොවූ විරූ විශාල පින්තූර ජනනය කිරීමට හැකියාව ලැබෙන අතර එමගින් විශ්වයේ ප්‍රසාරණය වේගවත් වන්නේ ඇයිද යන්න ඇතුළුව විශ්වයේ විශාල අබිරහස් කිහිපයක් ගවේෂණය කිරීමට තාරකා විද්‍යාඥයින්ට අවස්ථාව සැලසෙනු ඇත. මෙම විශ්ව ප්‍රසාරණය වේගවත් වීම සිදුවන්නේ ඇයිද යන පැනයට එක් පිළිතුරක් නම් අඳුරු ශක්තියයි (Dark Energy). එය පැහැදිලි කළ නොහැකි පීඩනයක් වන අතර එය දැනට විශ්වයේ සමස්ථ අන්තර්ගතයෙන් 68% ක් නිර්මාණය කරමින් විශ්වයේ ඉතිහාසය පුරා වෙනස් වෙමින් පවතී. තවත් එක් අදහසක් නම්, මෙම ගම්‍යමාන විශ්වීය ත්වරණය විශ්වයේ විශාල ප්‍රදේශ හරහා විහිදී යාමත් සමඟ අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ බිඳවැටීමට යොමු වීමයි. මෙම අදහස් දෙකම පරීක්ෂා කිරීම සඳහා Roman අභ්‍යවකාශ දුරේක්ෂයට හැකියාව පවතීයි.

අඳුරු ශක්තිය පිළිබඳ වැඩිදුර අධ්‍යනය කිරීම සඳහා, Roman අභ්‍යවකාශ දුරේක්ෂය සිය මීටර් 2.4 (2.4m) ක බලයක් ඇති දර්පණය සහ පුළුල් ක්ෂේත්‍ර උපකරණ භාවිතා කරයි. මෙම ක්‍රියාවලියේදී, විශ්වයේ සිට වසර බිලියන භාගයක් තරම් පැරණි හෝ වර්ථමාන යුගයෙන් 4% ක් පමණ වූ විශ්වයේ සිට වර්ථමානය දක්වා විශ්වයේ මන්දාකිණි අධ්‍යයනය කරනු ඇත.

Scientific_View_of_Dark_Energy

Roman අභ්‍යවකාශ දුරේක්ෂය විසින් Supernovae සහ මන්දාකිණි පොකුරු (galaxy clusters) ලෙස හැඳින්වෙන තාරකා පුපුරා යාම සහ මන්දාකිණි විහිදීම ත්‍රිමාණ ලෙස සිතියම් ගත කිරීම ඇතුළු විවිධ නිරීක්ෂණ උපාය මාර්ග මගින් මෙම අඳුරු ශක්තිය පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සිදු කරනු ඇත. Supernovae වල දීප්තිය හා දුර මැනීම අඳුරු ශක්තියක් ඇති බවට පළමු සාක්ෂිය සපයයි. මෙම අඳුරු ශක්තියේ බලපෑම වැඩිවීම පිළිබඳ වැඩිදුර අධ්‍යයනය Roman අභ්‍යවකාශ දුරේක්ෂය විසින් සිදුකරනු ඇත.

Roman ගේ අභ්‍යවකාශ මෙහෙයුම

Roman අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මන්දාකිණි පොකුරු කාලයාගේ ඇවෑමෙන් වර්ධනය වූ ආකාරය සිතියම් ගත කිරීම සඳහා ඒවාට ඇති දුර ඉතාම නිවැරදිව මැනිය හැකිය. මෙම මෙහෙයුම මගින් මන්දාකිණි මිලියන ගණනකට ඇති දුර ප්‍රමාණය නිර්ණය කිරීම රක්ත විස්ථාපන සංසිද්ධිය (Redshift Phenomenon) හෙවත් දුරින් වැඩි වීමට සාපේක්ෂව රතු පැහැයට හැරෙන ආකාරය මැන බැලීම මගින් සිදු කරනු ලබයි. මන්දාකිණි වල ත්‍රිමාණ පිහිටීම සිතියම් ගත කිරීම තාරකා විද්‍යාඥයින්ට මන්දාකිණි ව්‍යාප්තිය කාලයත් සමඟ වෙනස් වී ඇති ආකාරය මැනීමට ඉඩ සලසයි. එමඟින් අඳුරු ශක්තිය විශ්වයට බලපා ඇති ආකාරය පිළිබඳ තවත් මිනුමක් සපයයි.

අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාද න්‍යාය මගින් නියම කරන ලද සංසිද්ධියක් හරහා Roman අභ්‍යවකාශ දුරේක්ෂයට මිලියන සිය දහස් ගණනක දුරින් පිහිටි මන්දාකිණිවල වල පදාර්ථයන් මැනීමට Roman අභ්‍යවකාශ දුරේක්ෂයේ අන්තර්ගත පුළුල් ක්ෂේත්‍ර උපකරණය (Wide Field Instrument) ඉඩ සලසා දෙනු ඇත. මන්දාකිණි වැනි දැවැන්ත වස්තූන් තමන් අසලින් ගමන් ගන්න ආලෝකය නැමුම්ගත කර විකෘත, විශාල සහ ඉතා දුරින් රැඳි දර්ශනයක් නිර්මාණය කරන අයුරින් අභ්‍යවකාශ කාලය චක්‍රාකාරී කරයි. මෙම දුබල ගුරුත්ව කාච (Weak Gravitational Lensing) ලෙසින් හැඳින්වෙන විශාලක වීදුරු ආචරණය (Magnifying Glass Effect) සංසිද්ධිය භාවිතා කරමින් Roman අභ්‍යවකාශ දුරේක්ෂය මගින් විශ්වය පුරා පදාර්ථය ව්‍යුහගත වී ඇති ආකාරය පිළිබඳ පුළුල් චිත්‍රයක් චිත්‍රණය කරනු ඇත. 

Mapping_the_Distant_Universe

අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ග්‍රහලෝක අධ්‍යයනය කිරීම සඳහා Roman අභ්‍යවකාශ දුරේක්ෂයට මෙම ආලෝක-නැමුම් (Light-Bending) සංසිද්ධිය භාවිතා කළ හැකිය. මයික්‍රොලෙන්සිං (Microlensing) නම් ක්‍රියාවලියක දී අපගේ මන්දාකිණියේ පෙරබිම් තාරකාවක් කාචය ලෙස ක්‍රියා කරයි. එහි චලිතය අහඹු ලෙස පසුබිම් තාරකාවක් සමඟ පෙළ ගැසෙන විට, කාචය පසුබිම් තාරකාව විශාල කර, දීප්තිමත් කර විකෘති කරයි. කාච තාරකාව මන්දාකිණිය වටා එහි කක්ෂය හරහා ගමන් කරන විට හා පෙළගැස්ම වෙනස් වන විට තාරකාවේ දීප්තිය ද පෙනෙන්නට පටන් ගනියි. මෙම වෙනස්වීම් වල නිශ්චිත රටාව මඟින් කාච තාරකාව වටා කක්ෂගත වන ග්‍රහලෝක හෙළි කර ගත හැකිය. එවැනි පෙළගැස්වීම් නිරවද්‍ය විය යුතු අතර මෙම පෙලගස්වීම් පැය කිහිපයක් පමණක් පවතීයි.

Roman අභ්‍යවකාශ දුරේක්ෂයේ මයික්‍රොලෙන්සින් ක්‍රමවේදය මගින් දින සිය ගණනක් තාරකා මිලියන 100 (100M) ක් නිරීක්ෂණය කරනු ඇති අතර ග්‍රහලෝක 2500 ක් පමණ සොයා ගැනීමට අපේක්ෂා කරයි. ඒ අතර සැලකිය යුතු සංඛ්‍යාවක් පාෂාණමය ග්‍රහලෝක සහ ඉන් ඔබ්බට මහා පරිමාණයෙන් ද්‍රව ජලය පැවතිය හැකි කලාපයේ පිළිබඳව නිරීක්ෂණය කෙරෙනු ඇත.

Roman සහ හබල් දුරේක්ෂය

2020 දශකයේ මැද භාගයේදී දියත් කිරීමට සැලසුම් කර ඇති නැන්සි ග්‍රේස් රෝමානු අභ්‍යවකාශ දුරේක්ෂය (Nancy Grace Roman Space Telescope) හබල් දුරේක්ෂයේ පුළුල් ඇස් ඇති ඥාති සහෝදරයා ලෙස ක්‍රියා කරනු ඇත. හබල් දුරේක්ෂයේ කැමරාවන් තරම් සංවේදී වුවත්, Roman අභ්‍යවකාශ දුරේක්ෂයේ මෙගාපික්සල් 300 (300 Megapixel) ක පුළුල් ක්ෂේත්‍ර උපකරණය මගින් අභ්‍යවකාශයේ යම් ප්‍රදේශයක් 100 ගුණයකින් විශාල කර පෙන්වනු ඇත. මෙයින් අදහස් කරන්නේ තනි Roman අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත්  පින්තුරයක් හබල් දුරේක්ෂයෙන් ලබාගත් පින්තූර 100 කට සමාන අන්තර්ගතයක්  දරනු ඇති බවයි.

Roman අභ්‍යවකාශ දුරේක්ෂය සම්බන්ධ රූපමය අත්දැකීමක් පහත ඇමුණුමෙන් ඔබට ලබා ගත හැකිය

නව්‍ය තාක්‍ෂණයන් රාශියක එකතුවකින් නිමවුණු Roman අභ්‍යවකාශ දුරේක්ෂය විශ්වයේ විශාල චිත්‍රයක් ඉදිරිපත් කරමින් තාරකා භෞතික විද්‍යාවේ වඩාත් ගැඹුරු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සැපයීමට අපට උපකාරී වනු ඇත. එහි අවසාන ඉරණම කුමක් වේවිද?

8D Audio Music සංගීත ලෝකයට සාදරයෙන් පිළිගනිමු

මේ වන විට අන්තර්ජාලය තුළ ජනප්‍රිය වෙමින් පවතින මෙම නව 8D ශ්‍රව්‍ය තාක්ෂණය කුමක්ද? “හෙඩ්ෆෝන් සමඟ මෙම ගීතයට සවන් දෙන්න (හෙඩ්ෆෝන් පැළඳ ගන්න)”:එවැනි දෙයක් සඳහන් කරමින් ඔබට පණිවිඩයක් ලැබෙන්නට ඇත. එය 8D Audio Music තාක්‍ෂණයෙන් සමන්විත පෙන්ටටොනික්ස් (Pentatonix) හි නව සංගීතයයි. හෙඩ්ෆෝන් සමඟ පමණක් එයට සවන් දෙන්න. ඔබ ගීතයක් ඔබේ කන්වලින් නොව ඔබේ මොළයෙන් සවන් දෙන පළමු අවස්ථාව මෙය වේවි. හෙඩ්ෆෝන් වලින් නොව පිටතින් සංගීතය ඔබට දැනෙනු ඇත.

නවතම 8D ශ්‍රව්‍ය තාක්ෂණය යනු කුමක්ද?

“පහත ඇමුණුමට ඔබේ හෙඩ්ෆෝනය භාවිතයෙන් සවන් දෙන්න”

ඉහත පණිවිඩය සමඟ එහි ඇති ඇමුණුම හෙඩ්ෆෝන් භාවිතයෙන් ශ්‍රවණය කල පසු ඔබට කෙබඳු හැඟීමක් ඇතිවීද? එය නම් මෙවැනි හැඟීමක් වන්නට ඇත. ඔබ හිස් පරිසරයක් මධ්‍යයේ හිඳින බවක් මෙන්ම ඔබ වටා ශබ්ද සහ සංගීතය පමණක්ම ඇති බව. මෙම අත්දැකීම බොහෝ විට ඔබ නගරයක් මධ්‍යයේ ගමන් කරන අවස්ථාවක් බඳුය. මන්දයත් ඔබට බොහෝ ශබ්දයන් විවිධාකාර දිශාවන්ගෙන් ඇසෙනු ඇත. නමුත් 8D Audio Music හි විශේෂත්වය නම් මෙම සියලුම දේ පැමිණෙනුයේ ඔබ පැලඳ සිටින හෙඩ්ෆෝනයෙන් වීමයි.

Comparison_of_Different_Sound_Systems

මෙම තාක්ෂණය වර්ථමානයේ බොහෝ සංගීත ලෝලීන් වෙත පිරිනැමුණු නවතම ත්‍යාගයක් ලෙස හඳුන්වා දිය හැකිය. 8D Audio Music මගින් සංගීතයේ ගැඹුරට පිවිසීමට ඔබට අවස්ථාව සලසා දෙයි. ඔබ සජීවී ප්‍රසංගයක සිටින බවට හැඟීමක් ලබා දීම සඳහා එය ඔබගේ හෙඩ්ෆෝන් හරහා වම් සහ දකුණු Speakers වල බලය භාවිතා කරයි. මෙයට සවන් දීම සඳහා හෙඩ්ෆෝන් භාවිත කිරීම අනිවාර්ය වෙයි. මෙම 8D Audio Music වලට සවන් දෙන විට ඔබට එය ශරීරයෙන් පිටත ඇති දෙයක් බවට දැනෙනු ඇත. සාමාන්‍ය ත්‍රිමාණ සංගීතයට වඩා මෙහි වඩාත් අපූර්ව හා දැනෙන සුළු බව නිසාම සංගීත ලෝලීන් අතර ඉතා කුඩා කලකින් බෙහෙවින්ම ජනප්‍රිය විය.

8D Audio Music – එය සැබෑවටම පවතීද?

යථාර්ථය නම් 8D නමින් නවතම තාක්ෂණයක් නොමැති අතර එය ඔබව මධ්‍යයෙන් තබා ඔබ වටා ශබ්දය ඇසෙන්නාක් මෙන් සැලැස්විය හැකි ශිල්ප ක්‍රමයකි. ඔබ පැලඳ සිටින හෙඩ්ෆෝනය නිසා ඔබේ හිස වටා දිවෙන මෙම සංගීතමය හැඟීම, “සමානාත්මතා ශිල්පක්‍රම” (Equalization Techniques), “විවිධ ශ්‍රව්‍ය මාධ්‍යයන් වෙත ශබ්දය බෙදා හැරීමේ හැකියාව” (Panning) සහ “ශබ්දය සම්බන්ධ විවිධ විද්‍යාත්මක ආචරණයන්” (Effects) යන සියල්ලේම සුසංයෝගයෙන් බිහිවෙයි.

අවකාශීය ශබ්දයේ යථා ස්වභාවය

තවත් වැඩිදියුණු කරන ලද 8D තාක්ෂණයක් නම් “Dolby Atmos” ය. එය Dolby නම් පුද්ගලයා විසින් දියුණු කරන ලද තාක්ෂණයකි. මෙහිදී ශ්‍රව්‍ය මාධ්‍යයන් වෙනුවට ශබ්ද වස්තූන් යන සංකල්පය භාවිතා කරයි. මෙම තාක්ෂණයත් සමඟ, ශබ්දය ත්‍රිමාන අවකාශයක ඔබ වටා ගමන් කරන බවක් දැනේ, එබැවින් ඔබ ක්‍රියාකාරකමක යෙදී සිටින බවක් ඔබට දැනේ.

අවසන් වශයෙන් විමසා බලන කල්හි සත්‍ය වශයෙන්ම 8D යනුවෙන් තාක්ෂණයක් පවතීද? පිළිතුර නම් නැත, නමුත් ඔව්. පිළිතුර “නැත” යන්නෙහි අරුත නම් 8D යනු නව තාක්ෂණයක් නොව ශිල්ප ක්‍රමයකි. “ඔව්” යන්නෙහි අරුත නම් කෙසේ නමුත් අංශක 360 (3600) අවකාශීය ශබ්ද ඇසීමේ හැකියාව පවතී. එමනිසාම මෙය “අවකාශීය ශබ්දය”ලෙස වඩාත් සාධාරණව හඳුන්වා දිය හැකිය.

“8D Tunes” යනු 8D Audio Music නිර්මාණ කාර්යයෙහි යෙදෙන You Tube චැනලයකි. මේ වන විට මිලියන 6.7 (6.7M) ඉක්මවූ ග්‍රාහකයන් (Subscribers) ප්‍රමාණයක් එය සතුය. එයට පිවිසීම සඳහා ඔබට පහත ඇමුණුම (Link) භාවිතා කල හැකිය.

https://www.youtube.com/channel/UCrRpYEytIHGyDgNWO6VbHlQ

8D_YouTube

ඔබට සුව නින්දක් ලබා දීමට ඉවහල් වන Pegasi

මොකද්ද මේ Pegasi

අප අපගේ ජිවිත කාලයෙන් 1/3 ක් පමණ ගත කරනුයේ නින්ද සඳහාය. නමුත්, ඔබ ඒ නින්ද ඔබට රිසි පරිදි ලබා ගන්නවාද යන්න සලකා බැලිය යුතු කරුණක් වෙයි. බොහෝ වේලාවට පුද්ගලයින්ට තම නින්ද තමාට අවශ්‍ය පරිදි ලබා ගැනීමට නොහැකි වේ. මේ වෙනුවෙන් දැන් ඔබට නවතම smart මාදිලියේ නිෂ්පාදනයක් වන “Pegasi” භාවිතා කිරීමට අවස්ථාව ලැබී තිබේ. මෙය පළමු ද්විස්ථායි සංවෘත ලූපයක් (bi-stable closed loop) භාවිතා වන smart මාදිලියේ නින්ද පහසු කරන උපාංගයකි. දිනකට මිනිත්තු 30 බැගින් දින 7 ක් මෙම උපාංගය භාවිතා කිරීම තුලින් ඔබට අපහසුවක්ව තිබූ ඔබේ නින්ද ක්‍රමානුකුලව සුවදායි නින්දක් බවට පත්වන අයුරු අත්විඳිය හැකිය.

Pegasi සඳහා පදනම් වී ඇති ජෛවීය ක්‍රියාවලිය

“Melatonin” යනු ශරීරයේ නින්ද පාලනය කිරීමේ කර්තව්‍යට අදාල ප්‍රධානතම සංයෝගයයි. Pegasi සිරුර තුළ melatonin නිෂ්පාදන යාන්ත්‍රණය පහසු කරවයි. එය ඔබගේ දිවා – රාත්‍රී ජීව චක්‍රය ක්‍රමානුකූලව හැඩගස්වයි. එය “Light Therapy” ලෙස හඳුන්වනු ලැබේ.

Light_Therapy

මෙහි අභ්‍යන්තර ජෛවීය ක්‍රියාවලිය සලකා බලන කල්හි ආලෝකයේ විවිධ තරංග අයාමයන් (වර්ණ) දිනයේ විවිධ කාල පරාසයන් හිදී අපට විවිධ ආකාරයේ බලපෑම් ඇති කරයි. නිල් ආලෝකය හෝ කොළ ආලෝකය උදෑසන කාලයේදී cortisol (අවදි හෝමෝනයක් ලෙස සැලකිය හැකිය) නිෂ්පාදනය උත්තේජනය කරයි. නමුත් මෙම තරංග අයාමයන් melatonin නිෂ්පාදනය අවහිර කරයි. එමනිසා දිනයේ විවිධ කාල පරාසයන් හිදී අප නිරාවරණය වන ආලෝක ප්‍රමාණය පාලනය කිරීම මගින් අපගේ අභ්‍යන්තර ජෛවීය චක්‍රය ස්වභාවික රිද්මයට අනුව හැඩගස්වා ගත හැකිය. එනම් දිවා කාලයේ ශක්තිමත්ව අවදියෙන් සිටීමටත් රාත්‍රියේ සුවසේ නින්දට යාමටත් හැකි වන පරිදිය.

Pegasi ඔබගේ දෛනික කර්තව්‍යන් පහසුවෙන් සහ කාර්යක්ෂමව සිදුකර ගැනීමට උපකාරී වෙයි. එය ඔබට වෙහෙස නිසා ඇතිවන මානසික ආතතිය ආදිය ඇති නොවනු ඇත. ඔබේ සම පවා පෙරට වඩා දීප්තිමත් හා නිරෝගී වනු ඇත.

තාක්ෂණය  සහ අභ්‍යන්තර ක්‍රියාවලිය

මෙම pegasi උපාංගය සමට හිතකර අමුද්‍රව්‍ය භාවිතයෙන් සහ පැළඳීමට පහසු හැඩයකින් යුතුව නිමවා ඇත. මෙම උපාංගය මිනිත්තු 70 ක් ඇතුළත සම්පුර්ණයෙන්ම ආරෝපණය කරගත හැකිය. Pegasi app එකට ඔබගේ නින්දේ තත්ත්වය පරික්ෂා කල හැකි අතර එමගින් පරිශීලකයාට ගැලපෙන පරිදි ඔහුගේ නින්ද හැඩගස්වා ගැනීමට උපකාර කරයි.

මෙහි අභ්‍යන්තර තාක්ෂණය පිළිබඳව සලකා බලන විට මෙම උපාංගය ප්‍රධාන වශයෙන් නින්ද අධීක්ෂණය කිරීම සහ නින්ද පරිශීලකයාට යෝග්‍ය පරිදි හැඩගැස්වීම යන කර්තව්‍යන් ද්විත්වය Pegasi app එක හරහා සිදුකරයි. මේ සඳහා භාවිතා කර ඇත්තේ කෘත්‍රිම බුද්ධිය (AI), Cloud Computing සහ Big Data තාක්ෂණයයි. මෙම Pegasi app එක Android සහ IOS යන දෙයාකාරයටම භාවිතා කල හැකිය.

වර්ණ සහ නිෂ්පාදනයේ ස්වභාවය

එකම ප්‍රමාණයකින් මෙම නිෂ්පාදනය වෙළඳපලට නිකුත් කරන නමුදු භාවිතයේදී ඒ ඒ පරිශීලකයාට අනුකූලව නම්‍යශීලි බවක් ඇත. එම නිසා මෙය පැළඳීම අපහසු නොවේ. මෙහි ආලෝකය නිකුත් කරන LED මෙහි රාමුව අතර රඳවා ඇති අතර එය පැළඳූ විට හරියටම ඇහිබැමට යටින් පිහිටන පරිදි සැලසුම් කර ඇත. නාසය මතට සවිවන රැඳවුම් කොටස නම්‍යශීලී ප්ලාස්ටික් වලින් නිමවා ඇති අතර එවිට පහසුවෙන් පරිශීලකයාගේ නාසයේ ප්‍රමාණය අනුව හැඩගැස්වේ.

Pegasi_glasses_with_green_LED

සමස්ථ නිෂ්පාදනය සලකා බලන කල්හි pegasi ඉතා උසස් තත්ත්වයේ නිමාවකින් සහ ඉතා සැහැල්ලු (බරින් අඩු) නිෂ්පාදනයකි. සුදු සහ කළු යන වර්ණ වලින් වෙළඳපලෙහි දක්නට ලැබේ. මෙය භාවිතා නොකරන අවස්ථා වලදී සාමාන්‍ය උපැස් යුවලක් මෙන් නවා තැබිය හැකිය. මෙහි වෙළඳ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 239 ක් පමණ වේ.

Bitcoin සාර්ථක ආයෝජනයක්ද?

මොනවද මේ Bitcoin?

Bitcoin යනු 2009 ජනවාරි මාසයේදී නිර්මාණය කරන ලද ඩිජිටල් මුදල් වර්ගයකි. එහි සත්‍ය අනන්‍යතාවය තවම සත්‍යාපනය කර නොමැති අතර සතෝෂි නකමොටෝ විසින් ධවල පත්‍රිකාවක දක්වා ඇති අදහස් මෙහි අනුගමනය කරයි. සාම්ප්‍රදායික මාර්ගගත ගෙවීම් යාන්ත්‍රණයන්ට වඩා අඩු ගනුදෙනු ගාස්තු පිළිබඳ කටයුතු වලදී Bitcoin ඉදිරිපත් කරන අතර එය රජය විසින් නිකුත් කරන ලද මුදල් මෙන් නොව විමධ්‍යගත අධිකාරියක් විසින් මෙහෙයවනු ලැබේ.

ලෝකයේ නවතම ප්‍රවණතා අතුරින් Bitcoin ප්‍රමුඛස්ථානයක් ලබා ගෙන තිබේ. මෙම Bitcoin සංකල්පය කුමක්ද? එමගින් සාම්ප්‍රදායික මුදල් හුවමාරු ක්‍රමයන් ප්‍රතිස්ථාපනය කල හැකිද? එහි අනාගතය කෙලෙස වේවිද? එය ආයෝජන මාධ්‍යයක් ලෙස භාවිතා කල හැකි වේවිද? යන්න විමසා බැලීමක්  සිදු කරමු.

සාමාන්‍ය මුදල් වලට Bitcoin මාරු කල හැකිද?

Bitcoin සාමාන්‍ය මුදල් වලට මාරු කිරීමේ හැකියාව නිසැකවම පවතී. නිවැරදි පියවර අනුගමනය කිරීමෙන් පසු ඔබට එය සාමාන්‍ය ව්‍යවහාර මුදල් වලට පරිවර්තනය කොට ඔබගේ බැංකු ගිණුමට මාරු කල හැකිය. මෙම සංකල්පයේ මුලාරම්භයේ සිටම එය හුවමාරු මාධ්‍යයක් ලෙස භාවිතය සිදුවූ අතර වර්ථමානයේ  ඔබට අවශ්‍ය බොහෝ දේ මිලදී ගැනීමට ඒවා භාවිතා කල හැකිය.

එහෙත් ඔබ දැක ඇති පරිදි ව්‍යාපාර කිහිපයක් සහ පුද්ගලයින් ඉතා සුළු ප්‍රමාණයක් දැනට ගෙවීම් සඳහා Bitcoin පිළිගැනීම සිදුකරයි. මේ හේතුව නිසා, ඔබ සතුව යම් Bitcoin ප්‍රමාණයක් තිබේ නම් එය මුදල් බවට පරිවර්තනය කිරීම ගැන සලකා බැලීමට ඔබට අවශ්‍ය විය හැකිය. විශේෂයෙන් එය ඩොලරයට සාපේක්ෂව අගය කර එහි සාපේක්ෂ විනිමය වටිනාකම බිඳ වැටුණු අවස්ථාවලදී නැවත හොද වටිනාකමක් එනතුරු  බලා සිටිය යුතුය.

වර්ථමානයේ Bitcoin සාමාන්‍ය ගෙවීම් කටයුතු සඳහා යොදා ගත හැකි ආකාර කිහිපයක් පවතී. එනම් ඔබට ක්‍රිප්ටෝ හුවමාරුවකට (Crypto- Exchange) විකිණිය හැකිය. ඒ සඳහා ඔබට Coinbase සහ Kraken වැනි Platforms භාවිත කල හැකි අතර මෙම ක්‍රමවේදය වඩා ආරක්‍ෂිත මෙන්ම පහසුය. විකිණීමෙන් පසුව ඔබට ඔබේ මුදල් පහසුවෙන් ඍජුවම ඔබේ බැංකු ගිණුම වෙත ගිණුම්ගත කල හැකිය. තවද ඔබට Bitcoin ATM  එකක් භාවිතා කල හැකිය. මේ වන විට ලොව පුරා Bitcoin ATM 2200ක් ඇතැයි ගණන් බලා තිබේ. මෙමගින්ද ඍජුවම Bitcoin ව්‍යවහාර මුදල් බවට පරිවර්තනය කල හැකිය. එමෙන්ම Bitcoin Debit Card එකක් ලබා ගැනීමේ පහසුවද ලබා ගත හැකිය. මේ සඳහා ඔබේ Bitcoins මිලදී ගන්නා වෙබ් අඩවි කිහිපයක්ම පවතී. තවද ඔබට ඍජුවම ඔබේ Bitcoins ඔබේ මිතුරන්ට හෝ ඔබ හා සමානව මේ ගැන දන්නා කවර හෝ පුද්ගලයෙකුට විකිණිය හැකිය. නමුත් මේ සඳහා ඔවුනොවුන් අතර ඉහල විශ්වාසයක් පැවතිය යුතුය.

Bitcoin ATM

Bitcoin මගින් මුදල් උපයන්නේ කෙසේද?

Bitcoin හි වාසි සහ අලාභ පිළිබඳ සියලු අදහස් සමඟ එය යම් මුදලක් උපයා ගත හැකි සාර්ථක ආයෝජන උපක්‍රමයක්දයි දැයි පරික්ෂා කල යුතුය. නමුත් Bitcoin ඇත්ත වශයෙන්ම මෙම අරමුණු සඳහා අදහස් නොකෙරේ. Bitcoin සහ අනෙකුත් Crypto-currencies ඇත්ත වශයෙන්ම අදහස් කරන්නේ භාණ්ඩ හා සේවා හුවමාරු කිරීමේ මාධ්‍යයක් ලෙසය. එනම් සාමාන්‍ය ව්‍යවහාර මුදල් සඳහා ආදේශ කිරීමය. විශේෂිත කරුණක් නම් එම න්‍යායාත්මක ගනුදෙනු ඇදහිය නොහැකි තරම් සුරක්‍ෂිත හා විභව වංචනික ක්‍රියාකාරකම් වලින් තොර විය යුතුය. නමුත් එයින් මුදල් ඉපයීම නිසැකවම සිදුකල හැකිය. ඇත්ත වශයෙන්ම, ඔබ මුල් කාලයේ සිටම Bitcoin හි “ආයෝජනය” කළා නම් ඔබ අද කෝටිපතියෙකු වීමට ඉඩ තිබුණි. ඔබ අඩු මිලට මිලදී ගැනීමට සහ ඉහළ මිලට විකිණීමේ න්‍යාය ප්‍රගුණ කර ඇත්නම් ඔබට න්‍යායිකව ප්‍රතිලාභයක් ලෙස හොඳ මුදල් ප්‍රමාණයක් උපයා ගත හැකිය. නමුත් crypto-currency හි ඉහළ විචල්‍යතාවය හේතුවෙන් ඔබට පහසුවෙන් මුදල් අහිමි වීමද සිදු විය හැකිය.

Cryptocurrency සාර්ථක ආයෝජනයක්ද?

අනාගතය සැබවින්ම කිසිවෙකුට දැකිය නොහැකි බැවින් මෙය පිළිතුරු දීමට පහසු ප්‍රශ්නයක් නොවේ. පසුකාලීනව, ඔබ කලින් ආයෝජනය කළා නම් Bitcoin හොඳ ආයෝජනයක් වී ඇත. නමුත් අනාගතය ගැන කුමක් කිව හැකිද? කාලයත් සමඟ Bitcoin හි වටිනාකම අඛණ්ඩව ඉහළ යනු ඇත්ද යන්න ඕනෑම කෙනෙකුගේ අනුමානයකි. තර්කයේ දෙපැත්තේම බොහෝ ප්‍රවීණයන් සිටින අතර ඔවුන් ඔවුන්ගේ ප්‍රකාශයන්ට සහාය දැක්වීම සඳහා හොඳින් පර්යේෂණ කර තර්ක ඉදිරිපත් කරනු ඇත. එහෙත්, දවස අවසානයේදී, ඔවුන්ගෙන් කිසිවෙකුට සැබවින්ම අනාගතය දැකගත නොහැකිය.

ඕනෑම දෙයක ආයෝජනය කිරීමේදී, ස්වර්ණමය රීති වන්නේ, සිදු වන ආයෝජනය වර්ධනයන්  පිළිබඳව ඔබේ නිසි කඩිසර බව සහ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවයි. සාම්ප්‍රදායික මුදල් වල ඇති ප්‍රධාන ගැටළුව නම්, මහ බැංකුවලට කාලයත් සමඟ ඒවායින් වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීමට (මුද්‍රණය කිරීමට) හැකි වීමයි. උද්ධමනය සහ මුදල් ඛාදනය සඳහා ප්‍රධාන ධාවකය මෙයයි.

නමුත් Bitcoin සඳහා ඇති වාසිය නම් එය සීමිත සම්පතක් වීමයි. එමනිසා සාමාන්‍ය ව්‍යවහාර මුදල් ආයෝජනයන්හි මුල්‍යමය වටිනාකම් පහත වැටීමට සාපේක්ෂව Bitcoin ආරක්‍ෂිත ආයෝජනයකි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයටත් දැන් Augmented Reality

Augmented Reality යනු

Augmented Reality හෙවත් “අවකාශීය පරිගණනය” වර්ථමානයේ බොහෝ ව්‍යාපාරික මෙන්ම කාර්මික යෙදවුම් ගණනාවක් සඳහා භාවිතා වන නව තාක්ෂණික උපක්‍රමයක් ලෙස හඳුන්වා දිය හැකිය. අවකාශීය පරිගණන ක්‍රියාවලිය මගින් මිනිසුන් තම අවට තිබෙන පරිගණක සමඟ අන්තර්ක්‍රියා කරන අයුරු පුළුල් අයුරින් විස්තර කරනු ලබයි. කෙසේද යත් අවකාශීය පරිගණනයේදී පරිගණක යන්ත්‍ර සඳහා මිනිසාට සමාන ස්ථානයක් හිමිවේ. එනම් තවදුරටත් පරිගණකයක් එකම ස්ථානයක රඳවා තබන උපාංගයක් ලෙස නොසලකයි. Augmented Reality හි පවතින සුවිශේෂී අන්තර් නිමැවුම් දැක්වීමේ හැකියාව සහ අභිනයන් හේතුවෙන් Augmented Reality පද්ධතියක් ඩිජිටල් මාධ්‍ය වලට සැබෑවටම පවතින භෞතික පද්ධතියක් මෙන් දිස්වීම සිදුවේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා Augmented Reality හි භාවිතය

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා Augmented Reality හි භාවිතය සඳහා නිදසුනක් ලෙස නගර සැලසුම් කිරීමේදී Augmented Reality තාක්ෂණය මගින් දෘශ්‍ය ප්‍රතිරුපයන් ලබා ගැනීම සිදු කරයි. මෙම සැලසුම් කිරීම් සඳහාඉතා විශාල දත්ත ප්‍රමාණයක් භාවිතා කරන අතර Augmented Reality මගින් එම දත්ත දෘශ්‍යමාන කල හැකිය. එමගින් ගෘහ නිර්මාණ ශිල්පීන්ට සහ නගර සැලසුම් කරුවන් හට තම සැලැස්මෙහි සැබෑ පෙනුම කෙසේ වේ දැයි පරික්ෂා කල හැකිය. එමගින් යම් ස්ථානයන්හි වෙනස්කම් සිදු කල යුතු ආකාරයන් වැනි තීරණ ඉක්මනින් ලබා ගැනීමට අවකාශය සලසයි.

ඉංජිනේරු, පාරිසරික හා ගොඩනැගිලි පාලන සැලසුම් උපදේශන ආයතනයක් වන MLM සමූහයට (MLM Group), WakingApp Augmented Reality තාක්ෂණය උපයෝගී කරගනිමින් Augmented Reality ස්ටුඩියෝ භාවිතා කරමින් සාමාන්‍ය සැලැස්මට එහා ගිය ආකාරයකට තම ව්‍යාපෘති ගනුදෙනුකරුවන්ට ප්‍රදර්ශනය කිරීමට හැකි විය.

WakingApp

Augmented Reality තාක්ෂණය ඉදිකිරීම් ක්ෂේත්‍රයට යොදා ගැනීම මගින් එම ව්‍යාපෘති අඩු පිරිවැයකින් නිම කිරීමට හැකියාව පවතී. මන්දයත් ආරම්භයේ පටන් අවසානය තෙක් ඉංජිනේරුවන්ට මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන්ටද මෙහි අවසන් නිමැවුම කෙරෙහි දැඩි පරීක්ෂාවකින් සහ විධිමත් අයුරින් සැලසුම් කර ගැනීමට Augmented Reality තාක්ෂණය උපකාරී වන බැවිනි. Augmented Reality ඕනෑම ගෘහ සැලැස්මක ත්‍රිමාණ ප්‍රතිරූපයට එහා ගිය අවබෝධයක් ලබා දෙයි. එමගින් පරිශීලකයාට කාර්යක්ෂමතාවය සහ ප්‍රයෝගිකභාවය යන දෙකම ලබා දෙයි.

වර්ථමානයේ සමාගම් කිහිපයක් Augmented Reality දෘඩාංග නිෂ්පාදනය කරයි. නමුත් ඉදිකිරීම් සඳහා වඩාත් ජනප්‍රිය වන්නේ Microsoft HoloLens ය. ගෘහ සැලසුම්කරුවන් Microsoft holoLens තෝරා ගැනීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ එහි මිල සහ එය ආරක්ෂිත වීදුරු ආවරණයකින් යුක්ත වීමයි.

Microsoft_HoloLens

DAQRI සමාගම මගින් Augmented Reality තාක්ෂණය භාවිත වන කණ්නාඩි වලට සම්බන්ධ කර ඇති ආරක්ෂිත හිස් ආවරණයක් නිපදවා ඇත.

DAQRI’s_Smart_Helmet

වර්ථමානයේ මෙන්ම අනාගතයේදීද Augmented Reality තාක්ෂණය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන උපාංග වන  smart phones, tablets වැනිඋපාංග වැඩි වැඩියෙන් භාවිතා කිරීම නිසා සමස්තයක් ලෙස සලකා බලන කල්හි 2023 වන විට Augmented Reality මෘදුකාංග වෙළඳපොලෙහි ශීඝ්‍ර වර්ධනයක් බලාපොරොත්තු විය හැකි අතර විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා Augmented Reality තාක්ෂණය භාවිතය කරලියට පැමිණීමත් සමඟ වඩාත් සැලසුම් සහගත නගර නිර්මාණකරණයක් බලාපොරොත්තු විය හැකිය.