TechWire

Google Drive සහ Google Photos හි නොදුටු පැතිකඩ හා අවධානම

තාක්ෂණයේ දියුණු වීමත් සමග අප දත්ත ගබඩා කිරීමට Floppy Drive තුලින් පටන් ගෙන Cloud Computing  දක්වා පැමිණ ඇත.

 

 

 

 

 

මේ සමගින් මෑත කාලයේ අප Google Drive සහ Google Photos බහුලව භාවිතා කිරීමට පෙළඹී ඇත. Google Drive අප හට බොහෝ ප්‍රයෝජනවත් වන අතර මෙහි නොදුටු පැතිකඩක් පවතී, ඒ ඔබේ දත්ත වෙනත් අයෙකුට පත් වුවහොත්!

කුමක්ද මෙහි සාමාන්‍යයෙන් ගබඩා කරන්නේ?

01. Data (Documents, Sheets, Photos , etc)

අපගේ පෞද්ගලික විස්තර නැතිනම් අපගේ රාජකාරී විස්තර

කුමක්ද අප මෙහි නොදැනුවත්ව ගබඩා කරන්නේ?

01.  Whats App Backup

මෙය අප බොහෝ විට නොදැනුවත්ව කරන දෙයක්, නුදුරු අනාගතයේ මෙය අක්‍රිය වීමට නියමිතව ඇති වුවත් තවමත් පවතින දෙයක්. මේ මගින් ඔබගේ අතිශය පෞද්ගලික දත්ත වෙන කෙනෙක් අතට පත් වෙන්න පුළුවන්. ඔබ Whats App මගින් යවනු ලැබූ හා ඔබ වෙත ලැබුනු  Photos සහ Chat History වෙනත් අයෙකුට බැලීමට හැකිවේ.

මෙම Backup files පහසුවෙන් Download කරගැනීමට නොහැකි වූවත් Python Code එකක් හරහා සියළුම දේ Download කරගැනීමට හැකි වේ. එම ආකාරය පිළිබද ඔබට ඉදිරි ලිපියකදී  දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම තත්වය වළක්වාගන්නේ කෙසේද?

මෙම Backup option එක ඔබට Whats App Application එකට ගොස් Deactivate කල හැකිය. එමෙන්ම පරණ  Backup එක ඔබේ Google Drive  ගිණුම වෙත Log වී මකා දමන්න.

02. Google Photos
 

 
Google Photos තුලින්ද ඔබගේ පෞද්ගලික ජායාරූප වෙනත් අයෙකු අතට පත් වෙන්න පුළුවන්. මන්දයත් ඔබගේ දුරකථනයේ Google Photos සදහා ඔබගේ Camera Access Allow කලහොත් ඔබගේ කැමරා එක මගින් ලබාගන්නා සියළුම  ජායාරූප තුල ගබඩා වේ.
 

කොහොමද ඔබගේ දත්ත වෙන අයෙකු වෙත පත් වෙන්නෙ?

මේ සඳහා ඔබගේ Google Username, Password, අවශ්‍ය වේ.

කොහොමද Username, Password අන් සතු වෙන්නේ?

බොහෝ විට සිදුවන්නේ ඔබ විසින්ම වෙන අයෙකු වෙත ලබා දීමයි. එම නිසා විශ්වාසී කෙනෙකුට වුවත් Password ලබා දීමෙන් වළකින්න.

නැතහොත් දුරස්ථව සිට හො ඔබගේ මුරපදය ලබාගත හැකි ක්‍රමයක් තමයි  Phishing කියන්නේ. ඒ Google Login Interface එක වැනිම Interface එකක් සාදා ඔබ වෙත කූට ආකාරයකින් එවනු ලබයි.  උදාහරණයක් ලෙස ඔබට Reload එකක් ලබාගන්න මෙතනින් Log වෙන්න ආකාරයෙන් එවනු ලබයි. සෑම විටම Google Login එකේ Link එක බලන්න. උදාහරණයක් ලෙස xsite.goole.com. මෙවැනි Phishing Activities වලින් ආරක්ශා වෙන්න.

 

එමෙන්ම ඔබගේ කාර්යාලයෙදී Official Mail එකකින් පමණක් Log වෙන්න. පමණක් ආයතන වල ඔබ සිදු විසින් කරනු ලබන Activities Monitor කරනු ලබයි. එම නිසා Official Mail එක පමණක් භාවිතා කිරීමට වග බලාගන්න.

About author View all posts

Asanka Abeywickrema

2 CommentsLeave a comment

    • ඒත් Backup වල පෙන්වනවා. ඒක අපිය වෙනම Script එකක් මගින් Download කරන්න පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.