සමාජජාල බලපෑමත් එක්ක අපේ කට්ටිය රටේ ලෝකේ ඇවිදින එකේ ලොකු වැඩිවීමක් වෙලා තියෙනවා. hiking, backpacking වලට පොඩි ප්‍රවණතාවයකුත් මේ එක්කම ලැබිලා තියෙනවාත් එක්කම අඩු වියදමකින් ගමන ගොඩ දාගන්න පුළුවන් budget travelling වලට නැඹුරු වීමකුත් වෙනෙනවා. ඉස්සර නම් වෑන් එකක නැගල පොල් මලකුත් ගහගෙන නඩේගුරාවත් ඉස්සරහින් තියාගෙන ගිය trips අඩුවෙලා පවුලේ කීපදෙනා හෝ යාළුවො කට්ටිය එකතුවෙලා යන ගමන් වැඩිවෙලා.
Category - Tips & Tricks
iOS 12 OS update එක ඇවිත් දැන් දවස් කීපයක් වෙනවා. බොහෝ අය දන්නවා මෙවර update එකෙන් ලොකු features ප්‍රමාණයක් ඇවිත් නැති බව. විශේෂයෙන්ම මේ update එක focus කරලා තියෙන්නෙ iPhone X එක කියල තමා පෙනෙන්නෙ available features එක්ක බැලුවම. මේ update එක iPhone සහ iPad දෙවර්ගයටම අදාලව තමයි release වෙලා තියෙන්නෙ. ඒ වගේම iPod touch 6th generation එකටත් ලබා දීලා තිබෙනවා. සාමාන්‍යයෙන් මේ update එක 1.5GB පමණ වෙනවා. Read More
Apple iOS 12 ළඟදි release වුණ බව ඔබ දැනුවත් ඇති. Apple සමාගම විසින් වාර්ෂිකව එළිදක්වන අනිත් OS update එක තමයි ඔවුන්ට සුවිශේෂී වූ Mac OS එක. Apple භාණ්ඩ ඉතා මිල අධික වුවද ඔවුන්ගේ OS ලබාදෙන්නේ නොමිළයේ. නමුත් එම නොමිළයේ ලබාදෙන OS එක භාවිත කිරීමට Apple laptop එකක් හෝ phone එකක් ඔබ සතු වියයුතුයි. මෙම ලිපියෙන් ඔබට කියන්නෙ පසුගිය 24වන දින release වුන අලුත්ම Apple Mac OS එක පිළිබදවයි. Read More
අද මට සිදුවුණ දෙයක් නිසා තමයි මේ article එක ලියන්න හිතුවේ. අද මගේ යාලුවෙක්ගෙ birthday එක. පරණ photo කීපයක් අරන් collage එකක් හදල යාලුවට යවන්න මට ඕන වුණා. සාමාන්‍ය විදියට කරානම් පරණ photo හොයන්න පැයක් විතර යනවා. අනික කොයි කලේ ගත්ත photo ද කොහෙද save කරල තියෙන්නෙ මොකුත් මතක නැතිවෙන්නත් පුලුවන්. කොහොම හරි වැඩ වැඩි වෙලාවක යාලුවා surprise කරන්න ගිහින් මගේ පැයක් දෙකක් තුනක් නාස්ති වෙන්නත් තිබ්බා. හැබැයි Google Photos app එක නිසා මට පරණ photo හොයල collage එකක් හදාගන්න විනාඩියක් වගේ තමා ගත වුණේ.
මේ වගේ පැය ගණන් ඉතුරු කරල දෙන්න පුලුවන් සේවාවන් ගොඩක් Google සමාගම විසින් අපි ඕන කෙනෙක්ට භාවිත කරන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඉන් බොහොම වැදගත් කරුණ වෙන්නෙ එම සේවාවන් බොහොමයක් free ඒවා වීම. මෙහෙම ලබාදෙන ඉතා වටිනා සේවාවක් තමයි Google Photos කියන්නෙ. අපි අද බලමු Google Photos වලින් මොනවද අපිට කරන්න පුලුවන් කියල.
Privacy කියන මාතෘකාව පහුගිය කාලයේ කතා බහට ලක් වුන මාතෘකාවක් වුණා. ඔබ browse කරන websites පෞද්ගලිකව browse කිරීමේ පහසුකමක් Google සමාගමෙන් ලබා දෙන Incognito Mode තුලින්ද Mozilla Firefox මගින් ලබා දෙන Private Browsing තුලින්ද ලබා දෙයි. මෙම ලිපිය මගින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මෙම රහසේ වෙබ් අඩවි තුල සැරි සැරීමේ හැකියාව පිලිබදවයි.
නවතම iOS 11.3 update එක මගින් iPhone X හරහා Animoji නමින් animated emoji පෙළක්ද, පහසුවෙන් සෞඛ්‍ය වාර්ථා බැලීමට ඇති හැකියාව සහිත නවතම Health app එකක් සහ ස්වාභාවික පරිසරයන්ට සමාන වූ තාක්ෂණය මගින් ලබා ගැනීමට (Augmented Reality) හැකි නවතම ක්‍රම රැසක් ඇතුළු අතිවිශිෂ්ට හඳුන්වාදීම් පෙළක් iPhone සහ iPad භාවිතා කරන්නන් වෙත හදුන්වා දී තිබෙනවා. ඒ හඳුන්වා දුන් විශේෂාංග ගැන කෙටියෙන් විස්තරයක් මේ ලිපියෙන් ඔයාලට දැනගන්න පුළුවන්.
නව AR අත්දැකීම
ARKit 1.5 නවම හදුන්වාදීම මගින් මේස පුටු වැනි තිරස් මතුපිට වල ඇති වස්තුන්ට අමතරව, බිත්ති සහ දොරවල් වැනි සිරස් පෘෂ්ඨ මත ඇති සහ වක්රාකාර අක්‍රමවත් හැඩැති වස්තූන්වල පවා හැඩයන් වඩාත් නිවැරදිව හදුනා ගැනීම මෙන්ම ඒවායේ ප්‍රමාණ නිර්ණය කිරීම් කල හැකිය. මෙමගින් කෞතුකාගාර වැනි ස්ථානවල සංඥා, පෝස්ටර් සහ කලා කෘති ආදිය ස්ථානගත කිරීමට අවශ්‍ය ප්‍රමාණ ගණනය, අදාළ තීරණයන් ගැනීම පහසු වෙනවා. ඊට අමතරව පෙරට වඩා 50% කට වැඩි කැමරා විභේදනයක් (resolution) ද මෙහි අන්තර්ගත වෙනවා.
Animoji
Animoji කියල කියන්නේ iPhone X භාවිතා කරන්නන් අතර ඉතා ජනප්‍රිය හඬ සහ මුහුණේ අංගචලන අනුකරණය කළහැකි නවතම හදුන්වාදීපු emoji විශේෂයක්. මේ නවතම update එක හරහා අලුතින් සිංහයයෙකු, වලසෙකු, මකරෙකු හෝ හිස්කබලක් ලෙසින් Animoji පෙළක් හදුන්වලා දෙනවා. iPhone X භාවිතා කරන්නන්ට මුළු Animoji ගණන දැන් 16ක් ලෙසින් වැඩි වෙන නිසා ඔවුන්ට ඒ අතරින් තමන්ට කැමති ආකාරයකට Animoji එදිනෙදා කෙටි පණිවිඩ වලට යොදාගන්න තෝරාගන්න පුළුවන්.
බැටරි ක්‍රියාකාරීත්වය කළමනාකරණය
තවද iOS 11.3 මගින් බැටරියේ ආයු කාලය මැනීමට මීටරයක් සහිත app එකක් අඩංගු වන අතර මේ හරහා බැටරියේ ආයුකාලය මැනීමට අමතරව අනාරක්ෂිත බැටරි පරික්ෂා කිරීම සඳහා උපදෙස් ලබාදීම් පවා සිදු කරනවා. අනපේක්ෂිත ක්‍රියාවිරහිතවීම් වැලැක්වීම සඳහා උපරිම බැටරි ක්‍රියාකාරීත්වය කළමනාකරණය කිරීමේ හැකියාවත් මෙහි අන්තර්ගත වෙනවා. මේ පහසුකම් iPhone 6 සහ ඊට පසු දුරකථන වලින් ලබා ගන්න පුළුවන්.
සෞඛ්‍ය වාර්තා ලබා ගත හැකි Health App එක
මේ අංගය මගින් අදාළ තැනැත්තාගේ විවිධ වෛද්‍යවරුන්ට සහ සායන වලට අදාළ සියලුම සෞඛ්‍ය තොරතුරු එක් ස්ථානයකට, එකතු කිරීමක් සිදුකරන අතර ඔවුන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල, ඖෂධ, කොන්දේසි සහ වෙනත් නිවේදන නිතිපතා දැනුම් දීමක් සිදු කරනවා. මේ සියුම් තොරතුරු සියල්ල සංකේතාංකනය කර මුරපදයකින් ආරක්ෂා කරල තිබෙනවා (encryption).
තවද iOS 11.3 හරහා, Business Chat මගින් කෙටි පණිවුඩ හරහා ව්‍යාපාර සමඟ සෘජු ලෙස සම්බන්ද වීමටත්, Apple Music හරහා දැන්වීම් වලින් තොරව අන්තර්ජාලය හරහා සංගීතය රසවිදීමටත් , Apple News මගින් යාවත්කාලීන ප්රවෘත්ති ලබා ගැනීමටත්, HomeKit මෘදුකාංගය මගින් ගෘහස්ථ දෘඪාංග නිෂ්පාදකයින්ට අතිරේක ආරක්ෂාවක්ද, Advanced Mobile Location (AML) හරහා අත්‍යවශ්‍ය හදිසි අවස්ථා වලදී ගැලවූම් සේවාවන් වෙත දුරකථන ඇමතුම් ලබා ගත්විට ඒ අදාල ගැලවූම් සේවා ආයතනයට දුරකතනය තිබෙන ස්ථානය දැනුම්දීමටත් හැකියාව උදා කරදීල තිබෙනවා.
මේ සියල්ල මේ වසර මාර්තු මාසයේ අවසානයේ සිට ඔබට iPhone හරහා දැකගන්න හැකිවේ.
මේ ගැන වැඩි විස්තර මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.
Google කියන්නේ අපි හැමෝටම අලුත් දෙයක් නෙවේ වගේම අපි බොහෝ දෙනාගේ විශ්වාසය රැක ගැනීමට සමත් වූ ආයතනයක්. මේ ලිපියෙන් කියන්නට යන්නේ ඒ විශ්වාසය තවත් වැඩි කිරීමට ඔවුන් ගෙන ඇති පියවරක් ගැනයි.
අද බොහෝ දෙනාට Gmail ගිණුමක් සතුයි. තම එදිනෙදා වැඩ කටයුතු මෙන්ම විවිධාකාර web ගිණුම් සඳහා Gmail ගිණුම් භාවිතා කරන නිසාම එහි ඇති රහස්‍ය භාවය අතිශයෙන් වැදගත් කරුණක්. විශේෂයෙන්ම මේ දිනවල අහන්නට දකින්නට ලැබෙන දේවල් සලකා බැලීමේදී cyber අවකාශයේදී තම පෞද්ගලිකත්වයට හානියක් වේදෝයි කුඩා හෝ චකිතයක් දැනීම පුදුමයට කරුණක් නොවේ. දේශපාලකයන්, ව්‍යාපාරිකයන් හා සමාජයට බලපෑම් කල හැකි පුද්ගලයන්ගේ web ගිණුම් ඉලක්ක කොට රහස්‍ය දත්ත සොරා ගනිමින් ව්‍යාප්ත වන “Targeted Attacks “ නම් online ප්‍රහාර වලට එරෙහිව නවතම විසඳුමක් Google විසින් හඳුන්වා දී තිබෙනවා. එය නමින් Advanced Protection Programme නැතහොත් APP වේ.
මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
Google විසින් කරන ලද සමීක්ෂණයකට අනුව පෙන්වා දී ඇත්තේ වර්ථමානයේ භාවිතා වන ආරක්ෂිත ක්‍රම අභිබවා online ප්‍රහාර එල්ල කල හැකි බවයි. APP මගින් පැතිකඩ තුනක් ඔස්සේ ආරක්ෂාව තර කරලා තියනවා.
එයින් පළමු පැතිකඩ තමයි phishing ප්‍රහාර වලින් ආරක්ෂා කිරීම. සමහර වෙලාවට තෙවන පාර්ශ්වික Apps වලට log වීමේදී හෝ අලුතින් install කිරීමේදී ඔබගේ දත්ත (email වැනි) පරිහරණය කිරීම සඳහා අවසර ලබා දීමට සිදුවනවා. Advanced Protection Programme එක මගින් මෙසේ පිටට යවන දත්ත සීමා කරනවා.තෙවැන්න වන්නේ යම්කිසි කෙනෙකු වශයෙන් පෙනී සිට ඔහුගේ ගිණුම් වලට අයුතු ලෙස ඇතුළු වීම වැලැක්වීමයි.
මෙහිදී ආරක්ෂිත ක්‍රමවේදය ලෙස අපි දැනට භාවිතා කරන 2-step verification වගේ ක්‍රම වලින් ඔබ්බට ගිය ක්‍රමයක් වශයෙන් physical security key එකක් භාවිතා කරනවා. මෙය ඇත්තටම dongle එකක්. එය Bluetooth (Mobile ,Tablet , PC සඳහා) හෝ USB(පුද්ගලික පරිගණකය සඳහා පමණි) ආකාරයෙන් ඔබගේ පරිගණකයට සම්බන්ධ විය හැකිය. මෙය ඔබ පාවිච්චි කරන device එක සමග සම්බන්ධ කර බොත්තමක් එබූ සැනින් Google විසින් ඔබගේ අනන්‍යතාවය හඳුනා ගැනේ.

Phishing Attacks වළක්වන්නේ කොහොමද?
Phishing attacks වලදී බොහෝ විට අපි දන්නා site එකක් ලෙස පෙනී සිටිමින් ඔබගේ දත්ත අයුතු ලෙස ලබා ගන්නා අවස්ථාවන් තිබෙනවා. අලුතින් හඳුන්වා දෙන security key එක ක්‍රියාත්මක වන්නේ කලින් හඳුනාගත් genuine sites වලට පමණක් නිසා මෙවැනි අවධානම් වලින් ගැලවෙන්නට පුළුවන්.
APP කරදරයක් වෙයිද?
ඉහත පෙන්වා දුන් පරිදි APP වලින් ලොකු ආරක්ෂාවක් සපයනවා. ඒත් මේ නිසා සිදුවන බාධාවීම් හා කරදර නැතුවාම නොවේ . පළමුව කිව යුතු වන්නේ ඔබ Google site එකකට ඇතුළු වීමේදී සෑම විටම ඉහත කී security key එක තිබිය යුතුයි. නැති නම් දවස් කීපයකට ඔබගේ ගිණුම හෝ site එකට ඇතුළු වීමට නොහැකි වේවි. ඒ වගේම කලින් සඳහන් කල පරිදි third -party apps වලට දත්ත ලබා දීම සීමිත නිසා එවැනි දත්ත අත්‍යවශ්‍ය apps භාවිතා කිරීමට නොහැකි වේවි. Google සේවාවන් සඳහා sign -in වීමේදී අනිවාර්යෙන් Google Chrome බ්‍රව්සරය පාවිච්චි කරන්නත් වෙනවා.
ඔබට මෙය අවශ්‍යමද?
මුලදීම සඳහන් කල ආකාරයට Google විසින් මෙම APP සේවාව හඳුන්වා දීමට මූලික හේතුව වන්නේ Targeted Attacks. security key වලට යන වියදම අමතරව වෙනත් ලොකු වියදමක් මේ සඳහා වැය නොවුනත් ඔබ සාමාන්‍ය වැසියෙක් නම් ඉහත සඳහන් කල අවදානම් වලට ලක්වීමට ඇති ඉඩ කඩ සීමිත නිසා APP භාවිතා කිරීමට පෙර තවත් වරක් සිතා බලන්න.
මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් Google විසින් මේ පිලිබඳ ලියා ඇති මේ ලිපියෙන් බලාගන්න පුළුවන්.
UI කියන්නේ industry එකේ කතා වෙන්න පටන් අරන් තියෙන trending මාතෘකාවක්. අපිට අලුත් වගේ වුණාට UI එහෙම නැත්තම් User Interface designing කියන්නේ ගොඩක් කලක් තිස්සේ පැවත එන දියුණුවෙමින් එන ලොකු විෂයක්. UI එක්ක බැඳුණු තවත් වචනයක් තමයි UX කියන්නේ. ඒ User Experience කියන තවත් වැදගත් දෙයක්. මේ article එකෙන් බලාපොරොත්තුවෙන්නේ mobile apps හදද්දි හිතන්න ඕන UI facts කීපයක්.
මේ කතා කරන්න හදන facts category 4ක් ඔස්සේ කතා කරන්න පුළුවන්.
- Interactivity
- Readability
- Graphics
- Clarity කියන මේ category ඔස්සේ UI facts කීපයක් ගැන කතා කරමු.
මෙහිදී ඉදිරිපත් කරන images වල වම් පස නිවැරදි ක්‍රමයත් දකුණු පස නොකළ යුතු විදියත් ප්‍රකාශ වෙනවා.
හැම අධුනිකයෙකුටම තියෙන ප්රශ්නය තමයි මම කොතනින්ද පටන්ගන්නේ කියල. කොහොමද Programmer කෙනෙක්, Software engineer කෙනෙක් වෙන්නෙ කියන එක. මේක අපි කොටස් පහකින් හොයල බලමු.
- Programming field එකක් තෝර ගැනීම
- Programming language එකක් තෝර ගැනීම
- ඉගෙන ගැනීමේ මාධ්‍යයක් තෝර ගැනීම
- Platform එකක් තෝර ගැනීම
- IDE එකක් තෝර ගැනීම
මේ වචන ගැන දන්නෙ නැත්තම් කලබල වෙන්න එපා. ඉස්සරහට තේරුම් ගන්න පුළුවන් ඒවා ගැන.
WannaCry ransomware attack was the hottest topic in the past couple of weeks among everyone. It damaged computers which used the Windows Operating System to a level where it left users helpless. Previous articles by us gave you in-depth information regarding this topic on numerous occasions.
The damage is done! There is no option left but to find a mechanism to jump out of the damage which WannaCry caused. With this intention in mind, two researchers have successfully managed to develop a decryption tool to unlock the locked files without paying a single penny to the cyber attackers. Namely, these two tools are WannaKey and WannaKiwi.
අන්තර්ජාලය කියන්නේ විශ්වීය දැනුම් සම්භාරයක් කිව්වොත් නිවැරදියි. අපිට අවශ්‍ය ඕනෑම දෙයක් පිලිබඳව තොරතුරු අන්තර්ජාලය තුළින් සොයා ගන්නට අද අපිට පුළුවන්. තාක්ෂණයේ දියුණුවත් අධිවේගී අන්තර්ජාල සබඳතා නිසාත් ඕනෑම තොරතුරක් සොයා ගැනීමට අපිට ගත වන්නේ තප්පර කිහිපයක් වැනි සුළු කාලයක්.
අන්තර්ජාලයේ ඇති තොරතුරු සොයා ගැනීමට අපිට උපකාරී වෙන්නේ සෙවුම් යන්ත්‍ර හෙවත් search engines. විවිධ සෙවුම් යන්ත්‍ර අතරින් Google කියන්නේ අද අපි හැමෝම භාවිතා කරන සෙවුම් යන්ත්‍රයක්. Google කොච්චර ජනප්‍රිය ද කියනවා නම් Internet search කරනවා කියනවා වෙනුවට Google කරනවා කියලත් අපි කියන්න පුරුදු වෙලා ඉන්නවා.
කලිනුත් මම සඳහන් කළා වගේ අන්තර්ජාලය කියන්නේ තොරතුරු රාශියක එකතුවක්. එත් සමහර වෙලාවට අපිට හරියටම අවශ්‍ය දේ සොයා ගන්න අපිට ටික වෙලාවක් ගත වෙනවා. අන්තර්ජාලයේ ඒ පිලිබඳ තොරතුරු ඕනෑ තරම් තිබුනත් අපි search කරන ආකාරය අනුව ඒ සඳහා වැයවෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අද මම කියන්න යන්නේ Google search engine එක මගින් අපිට අවශ්‍ය තොරතුරු ඉක්මනින් සහ වඩාත් ඵලදායි විදිහට සොයා ගන්න භාවිතා කරන්න පුළුවන් උපක්‍රම කිහිපයක් ගැන.
Amazon Alexa is a virtual personal assistant designed by Amazon.It is a voice-activated application like Siri in Apple, Google Assistant in Google and Microsoft’s Cortana. Alexa was initially designed by Amazon’s Secretive Lab126, but later integrated with many of Amazon services and also available in products such as Amazon Echo and Amazon Fire TV. Alexa became popular with Amazon Echo, a device that can act as a speaker as well as a smart hub, and also capable of working with many other devices.
You can ask questions from Alexa such as “what is weather today in Colombo?” or “Dollar rate for Rupees” or even about general questions like “who is Richard Branson ? “. Simply, it listens to your voice commands, responds and help to get your work done.
Besides, you can assign it to perform different tasks like create to-do lists, play music tracks and control volume, order items from Amazon, play games and various other cool stuff.