TechWire

MacOS Mojave

Apple iOS 12 ළඟදි release වුණ බව ඔබ දැනුවත් ඇති. Apple සමාගම විසින් වාර්ෂිකව එළිදක්වන අනිත් OS update එක තමයි ඔවුන්ට සුවිශේෂී වූ Mac OS එක. Apple භාණ්ඩ ඉතා මිල අධික වුවද ඔවුන්ගේ OS ලබාදෙන්නේ නොමිළයේ. නමුත් එම නොමිළයේ ලබාදෙන OS එක භාවිත කිරීමට Apple laptop එකක් හෝ phone එකක් ඔබ සතු වියයුතුයි. මෙම ලිපියෙන් ඔබට කියන්නෙ පසුගිය 24වන දින release වුන අලුත්ම Apple Mac OS එක පිළිබදවයි.

ඉස්සෙල්ල අපි බලමු මොකද්ද මේ Mojave කියන නම කියල. මෙය උච්චාරණය කරන්නේ ‘මොහාවී’ ලෙසයි. මෙය ඇමෙරිකාවේ කාන්තාර ප්‍රදේශයක් සඳහා වෙන්වූ නමක්. මෙය 5GB ට අසන්න ධාරිතාවකින් යුතුයි. මෙහි version එක ලෙස හඳුන්වන්නේ macOS 10.14. මෙය compatible වන්නේ පහත Mac මාදිලිවලටයි.

  • MacBook (Early 2015 or newer)
  • MacBook Air (Mid 2012 or newer)
  • MacBook Pro (Mid 2012 or newer)
  • Mac mini (Late 2012 or newer)
  • iMac (Late 2012 or newer)
  • iMac Pro (2017)
  • Mac Pro (Late 2013, plus mid-2010 and mid-2012 models with recommended Metal-capable GPU)

දැන් අපි බලමු මොනවද අලුතින් අපු features කියල.

Dark Mode

මෙවර update එකෙන් Apple සමාගම ලොකුවටම හුවා දක්වන වෙනස්කමක් තමයි මේ Dark Mode එක. මෙය මතුපිටින් බැලුවම නම් එතරම් ලොකු දෙයක් නොවුණත් මෙවැනි feature එකක් එකතු කරන්න හේතු කීපයක් තිබිල තියෙනවා. Text වල තිබෙන contrast effect එක වැඩි වුණාම එය userට කියවන්න බලන්න ඉතා පහසු වෙනවා. ඒ වගේම Eye fatigue කියන්නේ ඇස් පෙනීම සම්බන්ධයෙන් ඇතිවන අපහසුතාවයක්. මෙය දීර්ඝකාලීනව බලපාන්න පුළුවන් තත්ත්වයක්. මෙම අලුත් Dark mode එකෙන් eye fatigue කියන තත්ත්වය අඩු කිරීමට හේතුවන බවයි සඳහන් වන්නෙ.

ඇත්තටම dark mode එකෙන් වෙන්නෙ display එක පුළුවන් තරම් අඳුරු පැහැයෙන් තබන එක. Menu bar එක අඳුරු පැහැයෙන් සහ අකුරු සුදු පැහැයෙන් තමයි දිස්වෙන්නෙ. ඒ වගේම Apple විසින් ලබාදෙන apps සියල්ලම මේ dark theme එකට ගැලපෙන විදියට අලුත් කරලා තිබෙනවා. නමුත් 3rd party apps තවම පෙර පරිදි තමයි දිස් වෙන්නෙ. නමුත් ඒ apps ළගදීම dark theme එකට ගැලපෙන විදියට updates එවයි කියල තමයි බලාපොරොත්තු වෙන්නෙ. මෙම dark mode එක තමුන්ට ගැලපෙන්නෙ නැත්තම් පුරුදු theme එකට පහසුවෙන් මාරු වෙන්නත් අවස්ථාව ලබාදීලා තිබෙනවා.

Dynamic Desktop

මෙයත් Dark mode එකත් එක්ක ළගින්  feature එකක්. මෙහිදී සිදු වෙන්නෙ ඔබ select කරන background image එක එහෙම නැත්තම් wallpaper එක කාලයත් එක්ක light සිට dark වෙන එක. උදේ කාලයේ light විදියට තිබෙන wallpaper එක වෙලාවත් එක්ක dark වෙන්න පටන් ගන්නව. මෙය කාලයත් එක්ක dynamically වෙන නිසා තමයි මෙම feature එක dynamic desktop ලෙස හඳුන්වන්නෙ. හැබැයි මේ සඳහා wallpaper එක විදියට භාවිත කරන්න පුළුවන් Apple විසින් ලබාදෙන dynamic desktop pictures දෙකෙන් එකක් තමයි. දැනට එසේ වුනත් ඉදිරියේදී විවිධ dynamic wallpapers හොයාගන්න පුළුවන් වේවි.

 

Stacks

මෙම feature එක අදාල වන්නෙ desktop එකට. ගොඩක් වෙලාවට පරිශීලකයාගේ පහසුවට files, folders තියන්නේ desktop එකේ. ඒ වෙලාවට ලේසි වුණාට පස්සේ  මේක ටිකක් වදයක් වෙනවා. මේ feature එකෙන් කරන්නේ one click එකකින් මේ files සහ folders පිළිවෙලවකට හදල දෙන එක. ලොකු දෙයක් නෙවේ වගේ පෙනුනට විවිධ files category එකක් තෝරගෙන ඉබේම stack එකක් විදියට හදල දෙනවා. ඕන නම් පරණ තිබුණු පිළිවෙලට reverse කරගන්නත් පුළුවන්.

Gallery View and Quick Actions

මෙය photos වැනි දේ finder එකේම පහසුවෙන් preview කරගන්න පහසු කරපු ක්‍රමයක්. මේ ක්‍රමයෙන් file එකක් open කරන්නෙ නැතුව බලන්න වගේම තව options කීපයක් දීල තිබෙනවා. ඒ තමයි photo එකක් නම් rotate කරන්න සහ markup කරන්න පහසුකම් දීල තිබෙනවා. Markup ලෙස මෙහි කරන්න පුළුවන් පොඩි editing වැඩ. Crop කරන්න, text දාන්න, shapes දාන්න වගේ පොඩි පොඩි වැඩ Finder එකෙම කරන්න පුළුවන්. ඒ සඳහා app එකක open කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ වගේම image එකක් PDF format එකට convert කරගන්නත් එතැනින්ම පුළුවන්. තවත් feature එකක් තමයි ඕනෑම file එකක් metadata preview කිරීමේ හැකියාව. විශේෂයෙන්ම imagesවල තමයි මේක වැදගත් වෙන්නෙ.

Screenshots

මෙතරම් කාලයක් screenshot එකක් ගන්න පහසු ක්‍රමයක් තිබ්බෙ නෑ. එක ක්‍රමයක් වුණේ keyboard shortcut එකකින් එහෙම නැත්තම් Grab කියන app එකෙන්. නමුත් මෙවර screenshots කියල වෙනම app එකක් හඳුන්වදිලා තිබෙනවා. මෙම app එකේ shortcut එකක් docker එකට ඉබේම එනවා. මෙමගින් screenshots වගේම screen record කිරීමේ පහසුකමද ලබාදෙනවා. මෙමගින් apps කීපයක් භාවිත කරන්න වුණ දෙය එක app එකකින් කරන්න පුළුවන් වෙලා තියෙනවා. මෙහිදී ලබාගත්ත screenshot එක කෙළින්ම share කරන්නත් පුළුවන්. නැතිනම් save කරගන්න පුළුවන්. ඊටත් වඩා වටිනා feature එකක් ලබාදීලා තිබෙනවා. එක තමයි markup පහසුකම. එමගින් screenshot එක අවශ්‍ය විදියට edit කරලම share කරන්න පුළුවන්වීම. Screenshot එකට text, shapes, borders, colours එකතු කරන්න වගේම crop, rotate වගේ options දීල තිබෙනවා. එමගින් අවශ්‍ය මොහොතේම screenshot එකක් අරන් අවශ්‍ය markup එකක් දීල එවෙලේම share කරන්න පුළුවන්. මෙය කාලය ඉතුරු කරන වගේම සහ apps අතර මාරු වීමක් නැතුව කරගන්න පුළුවන්.

Continuity Camera

මෙම පහසුකම අත්විදීමට නම් Apple Mac එකකට අමතරව Apple iPhone එකක් හෝ iPad එකක් ඔබ සතුව තිබිය යුතුයි. මෙමගින් කෙරෙන්නෙ phone එකෙන් හෝ ipad එකෙන් ගන්න image එකක් එවෙලේම mac එකේ තිබෙන app එකකට ගන්න එක. උදහරණයක් විදියට Apple විසින් ලබාදෙන Page word processing software එකෙට photo එකක් දාන්න ඕන නම් ඔබට කරන්න තිබෙන්නේ devices දෙකම එකම wifi network එකට හා එකම iCloud account එකට connect කරල තිබීම. එවිට app එක හරහා photo එක import කරගන්න පුළුවන්. මෙය ඉතා වටිනා feature එකක්, විශේෂයෙන්ම journalistsලට, reportsලට. Photo එකක් අරන් වෙන තැනක save කරන්න හෝ share කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඔබ භාවිත කරන app එකෙන්ම ඔබට අවශ්‍ය photo එක ලබාගන්න පුළුවන්. ඒ වගේම බිලක් වගේ දෙයක් scan කරගන්න වුනත් මෙම ක්‍රමය භාවිත කරගන්න පුළුවන්. මෙය දැනට වැඩ කරන්නේ Apple විසින් ලබාදෙන Notes, Mail, TextEdit, Pages සහ Keynote appsවලටයි.

අලුත් Apps

මෙවර macOS update එකෙන් දකින ලොකු වෙනසක් තමයි iOS වල තියෙන සමහර features macOS එකටත් ඇතුලත් කර තිබීම. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ iOS වලට සම්බන්ධ apps කීපයක් macOS එකටත් ලබාදීම. මෙයින් ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ device එකෙන් use කරත් userගේ අවශ්‍යතාව පහසුවෙන් හා ඉකමණින් කරදීම.

News app එකත් මෙවර macOS එකට ඇතුලත් කර තිබෙනවා. මෙය iCloud සමග sync වන නිසා මොන device එකෙන් news බැලුවත් ඔබ අන්තිමට කියවල ඉවර කරපු තැන ඉදන් news කියවන්න පුළුවන් ඔබට. තවත් ලබාදීපු app එකක් තමයි Stock app එක. මෙය අපිට නම් වැඩිය අවශ්‍ය වෙන app කියල හිතන්න බැහැ. තවත් macOS එකට ලබාදීපු වැදගත් app එකක් තමයි Home app එක. මෙය ලංකාවේ තවම ප්‍රචලිත නැති තරම්. මෙය home automation කිරීම සම්බන්ධ app එකක් service එකක්. තවත් හඳුන්වදීපු app එකක් තමයි Voice Memos. මෙයත් iCloud එකත් එකක් sync වෙන නිසා ඕනෑම device එකකින් access කරන්න පුළුවන්. මෙය voice recording වලට අදාල app එකක්. මෙහි app එක ඇතුලෙම recordings trim කරන්න පුළුවන් වීම විශේෂයක්.

Recent apps

තවත් පොඩි feature එකක් තමයි මේ. Recent apps access කරන්න shortcut එකක් වගේ හැදෙනවා තාවකාලිකව docker එකේ. Recent apps හොයන්න කරදර නොවෙන්න තමයි මේ feature එක ලබාදීලා තියෙන්නෙ.

මිට අමතරව තව පොඩි පොඩි features කීපයක්ම සඳහන් කරන්න ඉතිරි වෙලා තිබෙනවා. ඒවායේ වැඩි විස්තරයක් නැති නිසා කරුණු වශයෙන් සඳහන් කරන්නම්.

  1. Mac app store එකේ design එක අළුත් වෙලා තිබෙන බවක් බලාගන්න පුළුවන්
  2. Safariවල මෙතෙක් කල් website එකේ favicon එක tab bar එකේ දිස්වුණේ නැහැ. මෙවර එය ඇතුලත් කර තිබෙනවා. Intelligent tracking protection feature එකත් Safari එකට ලබාදීලා තිබෙනවා.
  3. Mail app එකෙන් emoji එක්ක email යවන්න පුළුවන්
  4. Siri තවත් වැඩි දියුණු කරලා තිබෙනවා. Homekit devices control කිරීම සහ password සෙවීමත් කරන්න පුළුවන්. ඒ වගේම Find my iPhone භාවිත කරන්නත් පුළුවන්.
  5. අලුත් wallpapers set එකක්ම ලබාදීලා තිබෙනවා.  
  6. macOS එක update කිරීම මෙතෙක් කල් වුණේ app store එකෙන්. දැන් System Preference වල Software Update කියල වෙනම feature එකක් දීල තිබෙනවා. එකෙන් OS එකට එන patches වගේම major updates auto download කරන්න හෝ detect කරගන්න පුළුවන්.
         

About author View all posts Author website

Pramodya Abeysinghe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.