TechWire

මතක අලුත් කරන Google Photos

අද මට සිදුවුණ දෙයක් නිසා තමයි මේ article එක ලියන්න හිතුවේ. අද මගේ යාලුවෙක්ගෙ birthday එක. පරණ photo කීපයක් අරන් collage එකක් හදල යාලුවට යවන්න මට ඕන වුණා. සාමාන්‍ය විදියට කරානම් පරණ photo හොයන්න පැයක් විතර යනවා. අනික කොයි කලේ ගත්ත photo ද කොහෙද save කරල තියෙන්නෙ මොකුත් මතක නැතිවෙන්නත් පුලුවන්. කොහොම හරි වැඩ වැඩි වෙලාවක යාලුවා surprise කරන්න ගිහින් මගේ පැයක් දෙකක් තුනක් නාස්ති වෙන්නත් තිබ්බා. හැබැයි Google Photos app එක නිසා මට පරණ photo හොයල collage එකක් හදාගන්න විනාඩියක් වගේ තමා ගත වුණේ.

මේ වගේ පැය ගණන් ඉතුරු කරල දෙන්න පුලුවන් සේවාවන් ගොඩක් Google සමාගම විසින් අපි ඕන කෙනෙක්ට භාවිත කරන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඉන් බොහොම වැදගත් කරුණ වෙන්නෙ එම සේවාවන් බොහොමයක් free ඒවා වීම. මෙහෙම ලබාදෙන ඉතා වටිනා සේවාවක් තමයි Google Photos කියන්නෙ. අපි අද බලමු Google Photos වලින් මොනවද අපිට කරන්න පුලුවන් කියල.

Google Photos හි වතගොත

Google+ කියන්නේ Google විසින් හඳුන්වා දීපු social media application එකක්. එහි ප්‍රධාන අංගයක් ලෙස ඔවුන් හදුන්වා දුන්නේ photo sharing. නමුත් Facebook සමඟ තරගය දිනන්න ඔවුන්ට බැරි වුණා. ඒ වගේම Google කලින් ඉඳන්ම භාවිත කරපු කෙනෙක් නම් Picasa කියල tool එකක් තිබ්බා කියල මතක ඇති. මේ සේවාවන් දෙකම එකතු කරලා photo store කරන tool එකක් විදියට තමයි Google Photos හඳුන්වා දෙන්නේ. මෙහි ප්‍රධාන අරමුණ වුණේ photos සඳහා සේවාවක් සැපයීම. මෙහි පළවෙනි application version එක release කරල තියෙන්නේ 2015 මැයි 28 ෙවනිදා. ඒත් සමගම Picasa service එක ඔවුන් නවතා දමලා එහි එතෙක් තිබුණු photos හා videos, Google Photos නව app එකට හුවමාරු කරණු ලැබුවා. එදා ඉඳන් අද වනතෙක් Google Photos ලොකු ජනප්‍රියතාවයකට ලක් වෙලා තිබෙනවා. 2017 තොරතුරුවලට අනුව මිලියන 500කට අධික user base එකක්, දෛනික upload ප්‍රමාණය photo බිලියන 1.2ක් ලෙසත් සඳහන් වෙනවා.

දැන් බලමු Google Photos මගින් ලබාදෙන features මොනවද කියල.

Unlimited storage – FREE

Google Photos වලට photos upload කිරීමේදී ඔබට ක්‍රම දෙකක් අනුගමනය කරන්න පුලුවන්. එකක් original quality එක සහ high quality කියන Google Photos මගින් ලබාදෙන quality එක. Original quality එකෙන් upload කිරීමෙන් Google සමාගම ඔබට ලබාදීලා තියෙන free 15GB භාවිත වෙනවා. නමුත් high quality ආකාරයෙන් photos upload කිරීමේදී unlimited storage එකක් ලබාදෙනවා.

Auto backup

බොහෝ දෙනෙක්ට mobile phone එකේ තිබෙන ප්‍රශ්නයක් තමයි free space එක. ගොඩක් phone වල photos වැඩි කාලයක් තියාගන්න බෑ ඉඩ මදි වෙන නිසා. ඊට පිළියමක් විදියට බොහෝ දෙනා කරන්නේ computer එකක් හෝ external hard disk එකක් backup කරන එක. නමුත් Google Photos නිසා ඔබට ඒ වගේ වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. Google Photos app එකෙන් කරන්නේ ඔබේ local storage එකේ තිබෙන photos ඔබේ Google Photos account එකට sync කරගන්න එක. නමුත් මේක one-way sync වීමක්. Google Photos app එකට upload වීමෙන් පසු local storage එකේ photos ඔබට delete කරන්න පුලුවන්. නමුත් Google Photos app එකේ ඒ photos සුරක්ෂිතව තිබෙනවා. මෙය automatically හෝ manually කිරීමට ඔබට පුලුවන්. තවද photos upload වෙන එකක් mobile data වලින් සිදු වීම පාලනය කරන්න ඔබට පුලුවන්.

Search what you need

Google Photos හි ඉතා වටිනාම අංගයක් තමයි මේ search කිරීමේ හැකියාව. පුද්ගලයෙකුගෙ නමක්, ඔබ photo ගත්ත තැනක නමක්, කෑමක් බීමක් ආදී ඕනෑම ක්‍රමයකින් ඔබට search කරන්න පුලුවන්. වෙලාව ඉතුරු කර දෙමින් ඕනෑම දෙයක් හොයන්න මේ search එකට හැකියි. මේ app එක භාවිත කරන මුල් කාලයේදී app එක විසින් පුද්ගලයන් හඳුනාගැනීම ආරම්භ කරනවා. ඒ සඳහා ඔබේ සහය app එකට අවශ්‍ය ෙවනවා. විවිධ පුද්ගලයින්ගේ මුහුණු නම් කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා. පුද්ගලයින්ගේ photos group කිරීම Google Photos විසින් ඉබේම සිදු කරනවා. මෙය කිසිදු මනුෂ්‍ය ක්‍රියාකාරිත්වයකින් තොරවයි සිදු වෙන්නේ. මේ සඳහා machine learning තමයි භාවිතා වෙන්නෙ. Face grouping කියන මේ feature එක හැම රටකටම තවම ලබා දීලා නැහැ. නමුත් වාසනාවකට අපේ රටට ලබාදීලා තියෙනව. ඔබ upload කරන photos වල geolocation එක meta data එකක් විදියට තිබෙනවා නම් ඔබට ස්ථානයක් නමින් වුනත් search කරන්න පුලුවන්.

Photo වලින් අලුත් යමක්

Google Photos වලට upload කරලා තියෙන photos වලින් movies, collages සහ animations හදන්න පුලුවන්. අවශ්‍ය photos select කරලා හදන්න ඕන option එක ලබා දුන්නම Google Photos විසින් අපිට අවශ්‍ය දෙය හදල දෙනවා. පසුගිය වසරේ Google I/O keynote එක වෙලව්දී Photo Book කියන feature එකක් හඳුන්වා දුන්නා. එමගින් album එකක් print කරල ඇත්ත photo album එකක් ඇනවුම් කරන්න වුණත් පුලුවන්. නමුත් තවම එම පහසුකම ශ්‍රී ලංකාවට ලබාදී නැහැ. Videos සහ photos එකතු කරලා movie එකක් හදන්නත් පුලුවන්. ඒ සඳහා audio එකක් එකතු කරන්න, video එක trim, cut වගේ edits කරන්නත් පුලුවන්.

In-app editing

Google Photos app එක තුල photos edit කිරීමේ පහසුකම තිබෙනවා. මෙහිදී Photo එකක basic adjustments (color සහ light) කිරීමට පුලුවන්. ඒ වගේම කොයි කවුරුත් අතර ප්‍රසිද්ධ filters යෙදීම ද කරන්න පුලුවන්.

Albums සහ smart sharing

Photos set එකක් upload කරපු විගසම user ට Google Photos මගින් album එකක් හදල දෙනවා. එහි ඔබේ මිතුරන් සිටින බව Google Photos හඳුනා ගත්තොත් ඔවුන්ට share කිරීමට suggestion එකක් පවා Google Photos මගින් ලබාදෙනවා. බුද්ධිමත් බැවින් Google Photos කොතරම් ඉහළද කියල ඔබට මෙයින් තේරේවි. ඒ වගේම පසු කලෙකදී ඔබ photos upload කිරීමේදී එකම photo එක නැවත upload කිරීමක් සිදු කරන්න Google Photos අවස්ථාවක් දෙන්නේ නැත. ඒ වගේම පරණ album එකක් සාදා තිබේ නම් එයට අදාල photo බව මතක් කරදී එයට ඇතුලත් කිරීමට suggestion කිරීමට Google Photos වලට හැකියාවක් තිබෙනවා. Photo album එකක් හෝ photos තනි තනිව share කිරීම ඉතා පහසු කර තිබෙනවා. ඒ කාලේ වගේ photos email කිරීමට අවශ්‍ය නැහැ. Google Photos තුලින්ම email, phone number එකකට හෝ save කර තිබෙන contact එකකට (Google contacts) share කිරීමට පුලුවන්.

Re-discover

මේ option එක enable කර තිබේ නම් යම් දවසකට වසරකට පෙර හෝ වසර ගණනාවකට පෙර එම දිනයේ ලබා ගත් photos ඔබට මතක් කර දීමක් සිදුකරනවා.මෙය Google Photos හි assistant මගින් සිදුකරනවා.

ෙම්වා ඇතුලුව තවත් ෙබාෙහා් පහසුකම් ඇති Google Photos ඔබ තවමත් භාවිත කරලා නැත්තම් අදම එය ඔබේ මතකයන් ගබඩා කරගන්න භාවිතයට ගන්න. මෙතෙක් Google Photos භාවිත කරත් මේවා දැනන් හිටියේ නැත්තම් අදම try කරලා බලන්න.

About author View all posts Author website

Pramodya Abeysinghe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.