TechWire

Author - Pavara Maddumage

iOS 12

What is the most exciting month for Apple users? It is September, without a doubt! We all know the reason for this. This is because of the new releases from Apple to the world. Most of the people are waiting for the new iPhone. Not only that but also the new iOS 12 will be released this September. It will be the major software update for the next year in iOS. The beta version is already available for developers. In this article, we will look into what’s new in this update.

 

1. Performance

In this update, Apple has done a great job on mostly using applications like camera and keyboard. They enhance the speed of launching the app and typing response. Also, they have improved the speed among the heavy workload. All these performances will be applied above iPhone 5s and iPad Air.

 

2. FaceTime

It is a good era to start a group FaceTime with this update. You can connect video and audio up to 32 people at once. The thumbnail of the speaker will enlarge automatically. It will get the full attention of all the people in the conversation.

 

3. Memoji & Animoji

You can customize your Animoji according to your personality and current mood. In this, you can customize your skin type, eye color, hair color and type, wearable items and everything. You can use these Memoji in FaceTime and Messages.

There will be Koala, Tiger, Ghost, and T.rex as your new Animoji. You can have fun by including those in FaceTime or Messages. They can wink and even stick the tongue out.

 

 

4. Augmented Reality

AR gets even more real through ARKit 2. In this update, developers improve this to that more than one people can get the experience simultaneously. Also, you can share these via Messages and Mails. You can use this feature for many more tasks. Especially, professionals in every field will be helped by this Augmented Reality. Even you can measure real-world objects by just pointing the camera at them.

 

5. Notifications 

You can manage your notifications using that specific app which you do not want to see the notifications at all or you can turn all of them on together. Siri becomes more intelligent to study your attractions and is used for apps to send you the notifications. Message threads are grouped and easy to navigate.

 

6. Photo Sharing & Photo Searching

The new tab in your photo library brings you the best moments of your library and enables sharing of those to others who are in those photos. This will be a whole new level in photo sharing.

iOS 12 is all about your satisfaction. This tries to give the best search result for what you are searching exactly. Even before you type the complete word or phrase you want, it suggests some results intelligently regarding your searches like places, peoples, and events. Therefore, it is considered smart.

 

Apart from the discussed features, this also includes some privacy updates in the devices like strong password generation, improved “Do Not Disturb” mode and screen time.

Apple Books, Stocks and Voice Memos are the upgraded apps in this update. Far from that, more battery information, iPad gestures and new dictionaries are released through this iOS 12 major updates.

There are few more days left for the official keynote for this year. So, let’s see how the new update, the new iOS 12 grabs the world.

 

නවතම Advanced Driver Assistance Systems, මහමග යන සියළු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන්මයි

රථවාහන කියූ සැණින් පැන නැගෙන තවත් වචනයක් නම්, ආරක්ෂාව වේ. දිනෙන් දින අප රටේ පමණක් නොව ලෝකයේම වැඩි වන වාහන පරිභෝජනය හේතුවෙන් සිදුවන අනතුරුද සුලබ වේ. මේ හේතුවෙන් සිදුවන ජීවීත හානිය සුළුපටු නොවේ. එම නිසා ලෝකයේ රථවාහන නිෂ්පාදකයින් තමා නිෂ්පාදනය කරන වාහනය වඩා වැඩි ආරක්ෂාවකින් යුතුව පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කරයි. මෙවැනි රථවාහනවල ආරක්ෂාව වැඩි දියුණු කිරීමට උපකාරී වන එක් පද්ධතියක් ලෙස මෙම ලිපියේ සාකච්ඡා වන ADAS ගෙන හැර දැක්විය හැක.

Advanced Driver Assistance Systems හෙවත් දියුණු රියදුරු ආධාරක පද්ධති, කෙටියෙන් හැදින්වුවහොත් ADAS තාක්ෂණය ඒ සදහා මහගු කාර්යයක් ඉටු කරයි. ADAS තාක්ෂණය ප්‍රධාන වශයෙන් අර්ධ සහ සම්පුර්ණ රියදුරු රහිත වාහන නිර්මාණය සදහා යොදා ගැනේ. අද වෙළෙදපොළට එකතුවන සෑම වාහනයක්ම පාහේ සමහරක් අධි තාක්ෂණික උපාංග සමග පැමිණේ. රේඩාර්, සොනර්, අධෝරක්ත කැමරා මෙවැනි දේ සදහා උදාහරණ වේ. රථවාහන නිෂ්පදනයේදීම එකතු කරනු ලබන මෙම පද්ධතිය මගින් මාර්ග අනතුරු අවම කිරීම සහ රියදුරුට තීරණ ගැනීමට නොහැකි අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වීමත් මූලික වශයෙන් සිදු වේ. මාර්ග අනතුරු වාර්ථා දිනෙන් දින අළුත් වන කාලයක මෙවැනි පද්ධතියක අවශ්‍යතාවය අමිලය.

Image Processing(ඡ‍ායාරෑප විශ්ලේෂණය) සහ Machine Learning (යන්ත්‍ර ස්වයං-අධ්‍යයනය) මෙම ADAS තාක්ෂණය සදහා වර්ථනාමයේ භාවිතා වෙන ප්‍රයෝජනවත් තාක්ෂණ ලෙස ගෙනහැර දැක්විය හැක. මෙම විෂය පද්ධති පරිගණක විද්‍යාවේ ප්‍රධාන සන්ධිස්ථාන වේ. මෙහි ක්‍රියාකාරිත්වය, කැමරාව සහ අනෙකුත් සංවේදක භාවිතයෙන් ලබා ගන්නා ආදානයන් (inputs) මගින් විවිධාකාර වූ සිද්ධාන්ත සහ ක්‍රම උපයෝගී කරගෙන එමගින් වැදගත් සහ විශ්වසනීය තොරතුරු ලබා ගැනීම ලෙස සරලව දැක්විය හැක.

එම තොරතුරු මත පදනම්ව අවශ්‍ය කරන නිසි ක්‍රියාමාර්ග ස්වයංක්‍රීයව හෝ රියදුරු හරහා නියම අවස්ථාවේදී ක්‍රියාත්මක කිරීම මෙම ADAS පද්ධතිය මගින් සිදු වේ. Aisin Seiki Co., Autoliv AB, Bosch Group, Continental AG, Delphi Automotive, Denso Corporation, Freescale Semiconductors, Gentex Corporation, Harman International සහ Hella KGaA Hueck & Co. යන සමාගම් ADAS පද්ධති සැලසුම් කිරීමේ සහ නිර්මාණකරණයේ, මෙම වසරේ (2018) ප්‍රමුඛ සමාගම් දහය ලෙස දැක්විය හැක. මීට අමතරව අප කවුරුත් හොදින් දන්නා NVIDIA Corporation ද මුල් සමාගම් 20 ඇතුලත පවතී.

ADAS පද්ධතියේ පවතින පහසුකම් කිහිපයක් පහත කරුණු වශයෙන් දැක්වේ.

1. මාර්ග සංඥා හදුනා ගැනීම.

මෙහිදී ගමන් ගන්නා මාර්ගයේ පවතින වේග සීමා පුවරු ඇතුළු අනෙකුත් මාර්ග සංඥා පුවරු හදුනා ගෙන එය රියදුරාට සහ වාහනයට දැනුම් දීමක් සිදු කරයි. Machine Learning සහ Image Processing මේ සදහා යොදා ගැනේ. රියදුරාට තම වාහනයේ පවතින GPS පද්ධතිය මගින් වේග සීමා පිලිබදව දැනුවත් කිරීමක් සිදු කරයි. ඇතැම් අවස්ථාවල ස්වයංක්‍රීයව තිරිංග ක්‍රියාත්මක වීමක් හෝ වේගය සීමා වීමක් වැඩි දියුණු කල පද්ධති වල දක්නට ලැබේ. ADAS සදහා මහගු කාර්යයක් මෙය ඉටු කරයි. එමගින් අනතුරු අවම වීමක්ද සිදු වේ.

2. පදිකයන් හදුනා ගැනීම.

පදික මාරුව මත අනතුරු සිදු වීමෙන් ජීවීත හානි සුලබව අසන්නට දකින්නට ලැබේ. එම අවස්ථාවන්ද අවම කරමින් කැමරාවන් සහ සංවේදක මගින් තම රථය ඉදිරිපස පාර මාරුවන පදිකයන් හදුනා ගැනීමත් පරතරය හදුනාගැනීමත් මගින් ස්වයංක්‍රීයව තිරිංග ක්‍රියාත්මක වීමක් හෝ රියදුරුට සංඥාවක් නිකුත් කරනු ලබයි. වර්ථමානයේ දක්නට ලැබෙන බොහෝ වාහනවල ADAS මගින් ලැබෙන මෙම පහසුකම දක්නට ඇත.

3. පාලම් පාලනය. (Cruise Control)

සිංහල යෙදුම හුරු නොවන නමුත් Cruise Control වාහන සමග ගැවසෙන අයට නුපුරුදු පදයක් නොවේ. මෙහිදී සිදු වන්නේ, තම වාහනය ඉදිරිපසින් ගමන් ගන්නා වාහනය අධ්‍යයනය කිරීමෙන් එම වාහනය සමග පරතරය සහ හරියාකාර වේගය පවත්වාගෙන පැදවීමයි. ඉදිරිපසින් යන වාහනයට අනුව තම වාහනයේ වේගය අඩු වැඩි වීමක් සිදුවේ. අධිවේගී ගමන් මාර්ගවල වාහන පැදවීමේදී ADAS හි පවතින මෙම විශේෂාංගය බොහෝ සෙයින් වැදගත් වේ. මෙහිදීද වාහනයේ පවතින සංවේදක පද්ධතිය උපයෝගී කර ගනී.

4. අනුවර්තී ආලෝක පද්ධතිය සහ රාත්‍රී දර්ශන පහසුව

රාත්‍රී කාලයේ ගමන් පහසුව සදහා Adaptive Light System සහ Night Vision ප්‍රයෝජනවත් වේ.

අනුවර්තී ආලෝක පද්ධතිය හෙවත් Adaptive Light System මගින් ස්වයංක්‍රීයව ඉදිරිපස ලාම්පු (Head Lights) දැල්වීමක්, අවස්ථාව අනුව එහි ආලෝකය පාලනය වීමක් (Head සහ Dim ලෙස), කාලගුණය අනුව ආලෝකය වෙනස් වීම සහ වාහනය හරවන විට ආලෝකය එදෙසට යොමු වීමත් මගින් වඩා පුළුල් පරාසයක් ආලෝකමත් වීම සිදු වේ.

රාත්‍රී දර්ශන පහසුව හෙවත් Night Vision හීදී මූලික වශයෙන් තාපගතික කැමරා, අධෝරක්ත කිරණ සහ අනෙකුත් සංවේදක භාවිත කොට අඩු ආලෝකය තුළින් ආවරණය නොකෙරෙන දේ සහ ප්‍රදේශ පිලිබදව රියදුරු සහ වාහනය දැනුවත් කරනු ලබයි. මෙහි Active සහ Passive ලෙස ප්‍රධාන ආකාර දෙකක් පවතී.

මෙලෙස රියදුරුගේ දර්ශනය ආලෝකමත් හා පැහැදිලි වීම නිසාත් රියදුරුගේ දර්ශනයෙන් පිට පෙදෙසද ආවරණය වීමත් මගින් අනතුරු අවම වීමක් සිදු වේ.

5. රියදුරු අධීක්ෂණය.

රථවාහන අනතුරු බහුල වීමට හේතුවක් ලෙස බීමත් ධාවනය සහ තෙහෙට්ටුවෙන් වාහන ධාවනය සැලකීමට හැකිය. මේ හේතුවෙන් රිය ධාවනය අතරතුර රියදුරුට නින්ද යාමෙන්ද අනතුරු සිදු වූ අවස්ථාද බහුලව පවතී.

රියදුරු අධීක්ෂණ පද්ධතිය, නැතහොත් Driver Alert System මගින් ප්‍රධාන වශයෙන්ම රියදුරුගේ මහන්සිය සහ නිදිමත ස්වභාවය නිරීක්ෂණය කිරීමක් සිදු වේ. මංතීරු හැගවීමේ පද්ධතිය (Lane Departure Warning System) මේ සදහා පැහැදිලි නිදසුනක් වේ. මෙහිදී රථය ගමන් ගන්නා මංතීරුව පිලිබදව අවධානය යොමු කිරීම සිදු වේ.

මෙම පද්ධතියේ දියුණුවීමක් ලෙස, රියදුරුගේ ඇස් සහ මුහුණ අධීක්ෂණය කිරීමක් සිදු කොට රියදුරුගේ එම මොහොතේ පවතින තෙහෙට්ටු ස්වභාවය සහ නිදිමත ස්වභාවය පිලිබදව නිගමනවලට පැමිණේ.

ප්‍රසිද්ධ වාහන සමාගම් මගින් ලබා දෙන Driver Alert System කිහිපයක් පහත දැක්වේ.

  • Ford (Driver Alert)
  • Mercedes-Benz (Attention Assist)
  • Toyota (Driver Monitoring System)
  • Volkswagen (Fatigue Detection System)
  • Volvo (Driver Alert Control)

ADAS හි පවතින මෙම දියුණු, වැදගත් ගුණාංගය මගින් බොහෝ අනතුරු අවම කිරීමේ හැකියාව ලැබී ඇත.

දිනෙන් දින වැඩිවන ජනගහනය හේතු කොට ගෙන රථ වාහන වැඩි වීමත් නිසා සිදුවන අනතුරුවල ඉහල යාම අවම කර ගැනීමට නව තාක්ෂණයේ දියුණුවත් යොදා ගනිමින් දිනෙන් දින අලුත් වන ADAS මගින් විශාල වශයෙන් රථ වාහන අනතුරු සංඛ්‍යාවක් අවම කර ගැනීමට හැකියාව ලැබී ඇත.

Private Browsing පිළිබද ඔබ නිවැරදි ලෙස දැනුවත්ද?

Privacy කියන මාතෘකාව පහුගිය කාලයේ කතා බහට ලක් වුන මාතෘකාවක් වුණා. ඔබ browse කරන websites පෞද්ගලිකව browse කිරීමේ පහසුකමක් Google සමාගමෙන් ලබා දෙන Incognito Mode තුලින්ද Mozilla Firefox මගින් ලබා දෙන Private Browsing තුලින්ද ලබා දෙයි. මෙම ලිපිය මගින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මෙම රහසේ වෙබ් අඩවි තුල සැරි සැරීමේ හැකියාව පිලිබදවයි.

Read More