එදා මෙදා තුර ලොව වැඩියෙන්ම විවේචනයට ලක් වූ වෙබ් බ්‍රවුසරය ලෙස Internet Explorer හැඳින්විය හැකිය. එම යුගයට තිත තබමින් නවතම වෙබ් බ්‍රවුසරයක් හඳුන්වා දීමට මයික්‍රොසොෆ්ට් සමාගම දැන් සූදානම්ව සිටී. ඉදිරියේදී නිකුත් වීමට නියමිත Windows 10 මෙහෙයුම් පද්ධතිය සමඟ කලඑලි බැසීමට නියමිත මෙම වෙබ් බ්‍රවුසරය Spartan යන සංකේත නාමයෙන් හැඳින්වේ. පසුගිය ජනවාරි 21 වන දින පැවැත්වූ වින්ඩෝස් 10 මූලික කරගත් හඳුන්වා දීමේ වැඩසටහනක දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම වෙබ් බ්‍රවුසරයෙහි ආදර්ශනයක් ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව නිල වශයෙන් අනාවරණය කරන ලදී.
![Cortana in action ([4])](https://techwire.lk/wp-content/uploads/2015/02/microsoft-windows-10-live-verge-_0882.0-e1423672612327.jpg)
Cortana in action ([4])
පරිශීලක අතුරු මුහුණත (User Interface) අතින් ගත් කල Internet Explorer වෙබ් බ්‍රවුසරයට වඩා Spartan වෙබ් බ්‍රවුසරයෙහි සැලකිය යුතු වෙනසක් ඇති බව පෙනේ. එය Chrome හා Firefox වෙබ් බ්‍රවුසරවල අතුරු මුහුණතට සමාන කමක් දක්වයි.
කෙසේ නමුත් Windows 10 මෙහෙයුම් පද්ධතිය සමඟ Internet Explorer 11 වෙබ් බ්‍රවුසරයත් ඇතුළත්වන බව මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පවසා ඇත. ඒ Internet Explorer වල භාවිතා වුන සමහර තාක්ෂණ Spartan වෙබ් බ්‍රවුසරය විසින් අතහැර දමා ඇති බැවිනි. ActiveX හා Browser Helper Objects යොදා ගෙන Internet Explorer වෙනුවෙන්ම නිර්මාණය කරන ලද විවිධ ව්‍යාපාර වෙබ් අඩවි (enterprise websites) අපහසුවකින් තොර ව පවත්වා ගෙන යාම සඳහා වෙබ් බ්‍රවුසර දෙකම Windows 10 මෙහෙයුම් පද්ධතියට ඇතුලත් කිරීමට පියවර ගනු ඇත.
![Spartan Reading Mode ([4]) microsoft-windows-10-live-verge-_0857.0](https://techwire.lk/wp-content/uploads/2015/02/microsoft-windows-10-live-verge-_0857.0-e1423673303266.jpg)
Spartan Reading Mode ([4])
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Spartan වෙබ් බ්‍රවුසරය සංවර්ධනය කෙරෙනුයේ අන්‍යෝන්‍ය කාර්යකාරිතාව (interoperability) හා Internet Explorer සමඟ ගැළපුම (compatibility) සිත් හි තබා ගෙනයි. Spartan වෙබ් බ්‍රවුසරය Windows 10 මෙහෙයුම් පද්ධතියෙහි පරිගණක හා ජංගම යන අනුවාද (PC and mobile versions) ද්විත්වය තුලම පෙරනිමි (default) බ්‍රවුසරය වනු ඇත. ඒ අනුව පරිශීලකයාට පරිගණකය වේවා තම Windows phone එක වේවා සෑම උපකරණයක්හරහාම එකම වෙබ් බ්‍රවුසරයක කටයුතු කර ගැනීමට අවස්ථාව සැලසේ.
Internet Explorer හි වෙබ් පිටු render කරනුයේ Trident layout engine එක භාවිතා කර ගනිමිනි. Spartan වෙබ් බ්‍රවුසරය සඳහා නවීන වෙබ් තාක්ෂණයට අනුගත වන පරිදි Trident layout engine එක පාදක කොට ගත් නව layout engine එකක් භාවිතා කර ඇත. එය Edge නමින් හැඳින්වේ. නවීන තාක්ෂණය යොදා නිර්මාණය කරන ලද වෙබ් පිටු මෙම Edge layout engine එක භාවිතා කරගනිමින් Spartan වෙබ් බ්‍රවුසරය විසින් render කරනු ලබන අතර අවශ්‍ය පරිදි කලින් සඳහන් කල කලක පටන් පැවත එන (legacy) ව්‍යාපාර වෙබ් අඩවි Internet Explorer හි භාවිතා කරන Trident layout engine එක භාවිතා කරමින් render කිරීමටද හැකියාව ඇත. JavaScript කේත ක්‍රියාත්මක කිරීම සඳහා පෙර භාවිතා කල Chakra JavaScript Engine එක භාවිතා වනු ඇත. Chakra දැනට පවතින JS Engine අතර මන්දගාමී JS Engine එකක් ලෙස සැලකෙන බැවින් එය නව වෙබ් බ්‍රවුසරයට පසුබෑමක්ද විය හැකිය.
Spartan වෙබ් බ්‍රවුසරයෙහි එක් සුවිශේෂී අංගයක් වනුයේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ලබා දෙන විවිධ අන්තර්ජාල සේවා හා එකතු වී ක්‍රියා කිරීමට ඇති හැකියාවයි. Cortana digital assistant එවැනි එක් සේවාවකි. එමගින් පරිශීලකයාට voice commands යොදා ගනිමින් වෙබ් බ්‍රවුසරය හැසිරවීමට හැකියාව ඇත. මීට අමතරව පරිශීලකයාට වඩාත් අදාළ සෙවුම් ප්‍රතිඵල ලබා දීමද එමගින් සිදු කරයි. පරිශීලකයා යම් අවන්හලක වෙබ් පිටුවට ගිය විට Cortana විසින් එම අවන්හලට මාර්ගය, විවෘත කර ඇති වෙලාවන් හා දුරකථන අංක වැනි විස්තර, කැමති නම් එම අවන්හලේ reservation එකක් කර ගැනීමට යනාදී සේවාවන් ලබා දීමට ඉදිරිපත් වේ. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Cortana සඳහා සහය Windows 10 මෙහෙයුම් පද්ධතිය තුලම ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන බැවින් මෙය පරිශීලකයාට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.Chakra දැනට පවතින JS Engine අතර මන්දගාමී JS Engine එකක් ලෙස සැලකෙන බැවින් එය නව වෙබ් බ්‍රවුසරයට පසුබෑමක්ද විය හැකිය.
![Spartan Note Mode ([4])](https://techwire.lk/wp-content/uploads/2015/02/microsoft-windows-10-live-verge-_0828.0-e1423672971582.jpg)
Spartan Note Mode ([4])
Safari වෙබ් බ්‍රවුසරයෙහි දක්නට ඇති Reading List හා Reading Mode අංග නව Spartan වෙබ් බ්‍රවුසරයටද ඇතුලත් කර ඇත. Reading List හරහා පරිශීලකයාට අවශ්‍ය ලිපි අන් අය සමඟ බෙදා ගැනීමට, පසුව කියවීම සඳහා තබා ගැනීමට හා වෙනත් Spartan වෙබ් බ්‍රවුසරයක් හරහා බැලීමටද හැකියාව ලැබේ. Reading Mode මගින් වෙබ් පිටුවක ඇති අනවශ්‍ය කොටස් ඉවත් කොට කියවීමට පහසු ආකාරයෙන් එය සකසා දෙයි.
Spartan වෙබ් බ්‍රවුසරයට plug-in මගින් විවිධ functionality එකතු කර ගැනීමට හැකියාව ලබා දෙන බවට මයික්‍රොසොෆ්ට් සමාගම පවසා ඇත. එනමුදු මෙම plug-ins Spartan වෙබ් බ්‍රවුසරයටම විශේෂිත ඒවා විය යුතුද නැත්නම් Chrome හා Firefox වැනි වෙබ් බ්‍රවුසර සමගත් ක්‍රියා කල හැකි පන්නයේ ඒවාද යන්න ඔවුන් මෙතෙක් පවසා නොමැත.
නව වෙබ් බ්‍රවුසරයේ ප්‍රකාශිත විවිධාංග අතරින් තවත් එකක් වනුයේ පරිශීලකයාට රිසි පරිදි tabs කිහිපයක් එකට group කිරීමට ඇති හැකියාවයි. විවිධ සෙවුම්වලට අදාල tab groups වශයෙන් සංවිධානය කරගත් කල එක වර වැඩ කිහිපයක් කරන පරිශීලකයාට එය කාර්යක්ෂමව කර ගැනීමට හැකි වනවා නොඅනුමානය.
Internet Explorer දැනට පරිශීලකයාට ලැබෙන්නේ මෙහෙයුම් පද්ධතිය තුල ස්ථාපනය කොටය. එය යාවත්කාල කිරීම කරනු ලබන්නේ මෙහෙයුම් පද්ධතිය යාවත්කාල කිරීම හරහායි. මෙම නිසා නිතර යාවත්කාල නොකරන පරිශීලකයාට ඒවා මග හැරී යයි. මෙයට විසඳුමක් ලෙස Spartan වෙබ් බ්‍රවුසරය Windows store app එකක් ලෙස ඉදිරිපත් කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ අවධානය යොමු වී තිබේ. මෙමගින් එය නිතර යාවත්කාල කිරීම මයික්‍රොසොෆ්ට් සමාගමට පහසු වනවා සේම පරිශීලකයාටද වෙබ් බ්‍රවුසරය යාවත්කාලීනව තබා ගැනීම පහසු වනවා ඇත.
නව Spartan වෙබ් බ්‍රවුසරය ලඟදීම මෘදුකාංග පරීක්ෂකයන් සඳහා නිකුත් වීමට නියමිත බව මයික්‍රොසොෆ්ට් සමාගම එය හඳුන්වා දීමේ වැඩසටහනේදී පවසා ඇත. එනමුදු එය මෙම පෙබරවාරි මාසයේ පැවැත්වෙන Windows phone හා කුඩා tablet සඳහා වන Windows 10 මෙහෙයුම් පද්ධතිය ප්‍රදර්ශනයේදී එයට Spartan වෙබ් බ්‍රවුසරය ඇතුලත් නොවන බව මයික්‍රොසොෆ්ට් සමාගමේ නිලධාරීන් තහවුරු කර ඇත.
යොමුව
- http://www.zdnet.com/article/microsoft-is-building-a-new-browser-as-part-of-its-windows-10-push/
- http://www.zdnet.com/article/microsofts-spartan-browser-whats-under-the-hood/
- http://blogs.msdn.com/b/ie/archive/2015/01/22/project-spartan-and-the-windows-10-january-preview-build.aspx
- http://www.theverge.com/2015/1/21/7863331/microsoft-project-spartan-new-web-browser
- http://thefusejoplin.com/2015/02/windows-10-consumer-version-debut-spartan-web-browser-goodbye-internet-explorer/
- http://www.cnet.com/news/microsoft-officially-introduces-its-spartan-browser/
- http://www.cnet.com/news/more-details-leak-about-microsofts-spartan-browser/
- http://www.pcworld.com/article/2876356/confirmed-microsoft-spartan-browser-will-have-extensions-unlike-internet-explorer.html
Spartans JS performance sucks! Chakra JavaScript Engine is one of the worst. I don’t know why MS choose a better one even when its a complete rewrite.