TechWire

iPad mini 2019

Apple සමාගම විසින් iPad mini 2019 හඳුන්වාදෙන්නේ, අවසන් වරට 2015 වර්ෂයේ හඳුන්වා දුන් iPad mini 4 එකට පසුවයි. Smart ජංගම දුරකථන වල තිරය විශාල වීමත් සමග iPad mini සඳහා වෙළඳපොලේ පැවති ඉල්ලුම ක්‍රමයෙන් අඩුවිය. නමුත් 2019 වසරේ මාර්තු මස එළිදැක්වූ iPad mini 5 ඒ තත්වය වෙනස් කරන බව විචාරක මතයයි. මෙහි අඩංගු නව විශේෂාංග සහ පහසුකම් කිහිපයක්ම ඇත. තවද iPad mini 2019, $399 වැනි අඩු මිලක සිට ඉහලට මිලදී ගත හැක.

iPad mini 2019 image 1

හුරුබුහුටි පෙනුම

උස අඟල් 8ක්, පළල අඟල් 5.31ක් හා ඝනකම අඟල් 0.24 වන මෙහි බර ආසන්න වශයෙන් ග්‍රෑම් 300ක් පමණ වේ. Space Gray, Silver, Gold ලෙස වර්ණ තුනකින් හදුන්වාදී ඇත. iPad mini 2019 හි අඟල් 7.9ක IPS LCD capacitive ස්පර්ශ සංවේදක තිරයක් ඇත. පිටුපස සහ ඉදිරිපස කැමරා 8 MP සහ 7 MP වේ. iOS 12.1.3 මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන iPad mini 2019 හි Hexa-core (2×2.5 GHz Vortex + 4×1.6 GHz Tempest) CPU, සහ 3 GB RAM එකකින් සමන්විත වේ. 64 GB සිට 256 GB දක්වා දත්ත ගබඩා ධාරිතාවක් මෙන්ම  5124 mAh බැටරියකින් සමන්විතයි.

iPad mini 2019 image 2

අලුත් විශේෂාංග

නව iPad mini 2019 සහ ඊට පෙර iPad mini tablet පරිගණක අතර, බැලු බැල්මට වෙනසක් නැති වුවද ඇතුලතින් වෙනස්කම් කිහිපයක්ම සිදුවී ඇත. Apple Neural Engine සමඟ ප්‍රභල A12 Bionic Chipset මගින් වඩාත් වේගවත්ව සහ සුමටව ක්‍රියා කිරීමට හැකියාව ලැබී ඇත. අඟල් 7.9ක True Tone තිරය මගින් සුපැහැදිලි වර්ණ ලබාදෙන අතර Apple Pencil පහසුකම, වැඩකටයුතු පහසු කරයි. එමෙන්ම Dual Sim පහසුකම වැනි විශේෂාංග iPad mini 2019 සඳහා අලුතෙන් එක්වී ඇත.

පරණ Apple Pencil එක

Apple Pencil පහසුකම තිබුනද iPad mini 2019 සඳහා ක්‍රියා කරන්නේ පළමු පරම්පරාවේ Apple Pencil වේ. පළමු පරම්පරාවේ Apple Pencil උපකරණය ආරෝපණය කිරීමට අපහසු වීම සහ එහි එන ආරක්ෂක වැසුම පහසුවෙන් අස්ථානගත විය හැකි වීම ඉතා අවාසි දායකය. එමෙන් iPad mini 2019 සමග Apple Pencil එකක් ලැබෙන්නේ නැත. ඒ සඳහා වෙනම $99 ක් ගෙවීමට සිදුවේ. මෙය iPad mini 2019 හි පවතින විශාල දුර්වලකමකි.

iPad mini 2019 image 3

කෙසේ නමුත්, පෙර හඳුන්වා දුන් iPad mini වලට වඩා iPad mini 2019 වඩාත් හොඳ මට්ටමක පවතී. කුඩා ප්‍රමාණයේ tablet පරිගණක අතර ප්‍රමුඛ ස්ථානය iPad mini 2019 tablet පරිගණකයට හිමිවන බව විචාරක මතයයි.

      

About author View all posts

Osusara Kammalawatta

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.