TechWire

Author - Osusara Kammalawatta

Asus ZenBook Pro Duo

Asus ZenBook Pro Duo Featured Image

2019 මැයි 28 සිට ජුනි 1 වනදා දක්වා, තායිවානයේ පැවති Computex 2019 හිදී Asus සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදන රැසක් එළිදක්වන ලදී. ඒ අතරින් වඩාත් අවධානයට ලක් වූයේ ZenBook Duo සහ විශේෂයෙන් Asus ZenBook Pro Duo laptop පරිගණකයයි.

Asus ZenBook Pro Duo laptop පරිගණකය සඳහා Intel Core i9 9th Gen 8 core දක්වා processor, Nvidia RTX 2060 දක්වා GPU, 1 TB දක්වා SSD දෘඩ තැටිය සහ 32 GB දක්වා RAM අඩංගු වේ. එමෙන්ම Amazon Alexa, IR කැමරාව සහ Face Unlock, Thunderbolt 3 USB-C port වැනි විශේෂාංග රැසක් අඩංගු වේ.

Asus ZenBook Pro Duo Image 1

Laptop පරිගණකයක තිර දෙකක්

Asus ZenBook Pro Duo හි ප්‍රධානම විශේෂත්වය වන්නේ, මෙහි තිර දෙකක් පැවතීමයි.  බොහෝමයක් laptop පරිගණකයක අඩංගු වන්නේ එක් තිරයක් පමණි. නමුත් Asus ZenBook Pro Duo හි 4K resolution තිරයන් දෙකක් පවතී. සාමාන්‍ය laptop පරිගණකයක ආකාරයට අඟල් 15ක 16:9 OLED තිරයකට අමතරව 32:9 IPS තිරයක් යතුරු පුවරුවට ඉහලින් පිහිටා ඇත. මෙම දෙවන තිරය “Screen Pad” ලෙස හඳුන්වන අතර, එය ප්‍රධාන තිරයේ උසින් අඩකට සමාන වේ. යතුරු පුවරුවේ දකුණු පසින් touch pad එක පිහිටා ඇත. එමෙන්ම මෙම තිර දෙකම ස්පර්ශ සංවේදී වේ.

මෙසේ තිර දෙකක් පැවතීම Graphic නිර්මාණකරණය, Video සංස්කරණය, මෘදුකාංග නිර්මාණකරණය, පරිගණක ක්‍රීඩා සහ තවත් බොහෝ කාර්යයන් වඩාත් පහසු කරයි. සාමාන්‍ය පරිගණකයක තිර දෙකක් භාවිතා කර ගනිමින් සිදු කරන කාර්යයන්, Asus ZenBook Pro Duo laptop පරිගණකය මඟින් කරගැනීමට හැකියාව ඇත. එමෙන්ම Screen Pad සමග එන view max, task groups, app navigator වැනි විශේෂාංග බොහෝමයක් මෙම laptop පරිගණකයෙහි ඇතුලත් වේ.

Asus ZenBook Pro Duo Image 2

Asus ආයතනය, ZenBook Duo ලෙස අඟල් 14 වන කුඩා සහා මිල අඩු laptop පරිගණකයක් ද නිෂ්පාදනය කරයි. මෙහි පෙනුම සහ සංකල්පය ZenBook Pro Duo laptop පරිගණකයට සමාන නමුත් විශේෂාංග කිහිපයක් ඉවත් කොට ඇත. කෙසේ නමුත් ZenBook Pro Duo සහ ZenBook Duo හි මිල ගණන් තවමත් Asus සමාගම විසින් ප්‍රකාශයට පත් කොට නොමැත.

Huawei සඳහා ඇමරිකානු තහනම

Huawei Ban Featured image

Huawei ලොව අංක 1 ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදක ආයතනයක් බව ඔබ සැම දන්නා කරුණකි. එමෙන්ම smartphones නිෂ්පාදකයන් අතර ලොව 2 වන ස්ථානය Huawei ආයතනය සතුව පවතී. පසු ගිය දිනක Huawei ආයතනයට විශාල ඛේදවාචකයකට මුහුණ දීමට සිදු විය. එනම්, ඇමරිකාව විසින් Huawei ආයතනය සමඟ තිබූ සියලු සම්බන්ධතා නවතා දැමීමයි.

Huawei Ban image 1

කුමක්ද මෙයට හේතුව?

චීන බහුජාතික සමාගමක් වන Huawei සමාගම සමඟ තිබූ සම්බන්ධතා මෙසේ නවතා දැමීමට හේතුව, Huawei ආයතනය, චීනයේ රහස් බුද්ධි අංශ සමඟ සම්බන්ධතා පවත්නා බවට ඇති වූ අවිශ්වාසය, ඇමරිකාව සතු T-Mobile Robot Arm හි රහස් තොරතුරු සොරාගැනීම සහ ඔවුන්ගේ තාක්ෂණය ඉරානයට විකිණීම යන කරුණු සම්බන්ධයෙන් Huawei සමාගම කෙරෙහි ඇති වූ අවිශ්වාසයත්ය.

Huawei Ban image 2

මෙහි ප්‍රතිඵලය කුමක්ද?

මෙහි ප්‍රතිඵලය වශයෙන් 2019, මැයි 15 වන දින ඇමරිකානු එකසත් ජනපදයේ Trump Administrative විසින් Huawei ආයතනය Trade Blacklist නැතහොත් වෙළඳ අපලේඛනයට ඇතුලත් කිරීමයි. මෙයින් සිදුවන්නේ ඇමරිකානු සමාගම් සහ Huawei ආයතනය අතර ඇති සම්බන්ධතා සඳහා සීමා පැනවීමයි.

මේ හේතුවෙන් මැයි මස 19 වන දින Google සමාගම විසින් Huawei සමාගම සතුව තිබූ Android මෙහෙයුම් පද්ධති බලපත්‍රය සහ Google සමාගම විසින් සපයනු ලබන Play Store, Gmail, Maps, YouTube, Google Assistant ඇතුලු Google සේවාවන් Huawei නිෂ්පාදන සඳහා ලබා නොදීමට තීරණය කර ඇත. Android මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන Huawei smartphones සඳහා මෙම Android සහ Google සේවා තහනම මහත් ඛේදවාචකයක් විය.

Huawei නිෂ්පාදන සඳහා microchips සපයනු ලැබුවේ Qualcomm, Intel, Broadcom සමාගම් විසිනි. එල්ලවූ තහනමත් සමඟ මැයි 22 වන දින, ඉහත සඳහන් කල ආයතන Huawei සමඟ තිබූ සම්බන්ධතා නවතා, Huawei නිෂ්පාදන සඳහා දෘඩාංග ලබාදීම නවතා දමන ලදි.

එපමණක් නොවේ මේ වන විට Microsoft ආයතනය විසින්, Huawei MateBook X Pro ඇතුලු Huawei නිෂ්පාදන Online store හි අලෙවි කිරීම නවතා ඇත.



Huawei කුමක් කරයිද?

Huawei සමාගම Android මෙහෙයුම් පද්ධතිය වෙනුවට, “Hongmeng” නම් ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක් හදුන්වාදීමට සූදානම් බවට තොරතුරු ලැබී ඇත. එමෙන්ම Google සේවාවන් වෙනුවට Huawei නිෂ්පාදන සඳහා ආවේනික සේවාවන් ලබාදීමට සුදානම් බවටද මත පල කෙරේ.

කෙසේ නමුත් මෙම තහනම ස්ථීර තහනමක්ද, නැතහොත් කවදා අවසන්වේද යන පිලිබඳ නිසැකවම කිව නොහැක. මීට සමානම සිදුවීමක් ZTE සමාගමට මීට වසර කිහිපයකට පෙර සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ZTE සමාගමේ කීර්ති නාමය පළුදු විය. කෙසේ නමුත් Huawei ආයතනය මේ සඳහා කඩිනම් පියවරක් ගන්නේ යැයි අප සිතමු.

iPad mini 2019

iPad mini 2019 cover image

Apple සමාගම විසින් iPad mini 2019 හඳුන්වාදෙන්නේ, අවසන් වරට 2015 වර්ෂයේ හඳුන්වා දුන් iPad mini 4 එකට පසුවයි. Smart ජංගම දුරකථන වල තිරය විශාල වීමත් සමග iPad mini සඳහා වෙළඳපොලේ පැවති ඉල්ලුම ක්‍රමයෙන් අඩුවිය. නමුත් 2019 වසරේ මාර්තු මස එළිදැක්වූ iPad mini 5 ඒ තත්වය වෙනස් කරන බව විචාරක මතයයි. මෙහි අඩංගු නව විශේෂාංග සහ පහසුකම් කිහිපයක්ම ඇත. තවද iPad mini 2019, $399 වැනි අඩු මිලක සිට ඉහලට මිලදී ගත හැක.

iPad mini 2019 image 1

හුරුබුහුටි පෙනුම

උස අඟල් 8ක්, පළල අඟල් 5.31ක් හා ඝනකම අඟල් 0.24 වන මෙහි බර ආසන්න වශයෙන් ග්‍රෑම් 300ක් පමණ වේ. Space Gray, Silver, Gold ලෙස වර්ණ තුනකින් හදුන්වාදී ඇත. iPad mini 2019 හි අඟල් 7.9ක IPS LCD capacitive ස්පර්ශ සංවේදක තිරයක් ඇත. පිටුපස සහ ඉදිරිපස කැමරා 8 MP සහ 7 MP වේ. iOS 12.1.3 මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන iPad mini 2019 හි Hexa-core (2×2.5 GHz Vortex + 4×1.6 GHz Tempest) CPU, සහ 3 GB RAM එකකින් සමන්විත වේ. 64 GB සිට 256 GB දක්වා දත්ත ගබඩා ධාරිතාවක් මෙන්ම  5124 mAh බැටරියකින් සමන්විතයි.

iPad mini 2019 image 2

අලුත් විශේෂාංග

නව iPad mini 2019 සහ ඊට පෙර iPad mini tablet පරිගණක අතර, බැලු බැල්මට වෙනසක් නැති වුවද ඇතුලතින් වෙනස්කම් කිහිපයක්ම සිදුවී ඇත. Apple Neural Engine සමඟ ප්‍රභල A12 Bionic Chipset මගින් වඩාත් වේගවත්ව සහ සුමටව ක්‍රියා කිරීමට හැකියාව ලැබී ඇත. අඟල් 7.9ක True Tone තිරය මගින් සුපැහැදිලි වර්ණ ලබාදෙන අතර Apple Pencil පහසුකම, වැඩකටයුතු පහසු කරයි. එමෙන්ම Dual Sim පහසුකම වැනි විශේෂාංග iPad mini 2019 සඳහා අලුතෙන් එක්වී ඇත.

පරණ Apple Pencil එක

Apple Pencil පහසුකම තිබුනද iPad mini 2019 සඳහා ක්‍රියා කරන්නේ පළමු පරම්පරාවේ Apple Pencil වේ. පළමු පරම්පරාවේ Apple Pencil උපකරණය ආරෝපණය කිරීමට අපහසු වීම සහ එහි එන ආරක්ෂක වැසුම පහසුවෙන් අස්ථානගත විය හැකි වීම ඉතා අවාසි දායකය. එමෙන් iPad mini 2019 සමග Apple Pencil එකක් ලැබෙන්නේ නැත. ඒ සඳහා වෙනම $99 ක් ගෙවීමට සිදුවේ. මෙය iPad mini 2019 හි පවතින විශාල දුර්වලකමකි.

iPad mini 2019 image 3

කෙසේ නමුත්, පෙර හඳුන්වා දුන් iPad mini වලට වඩා iPad mini 2019 වඩාත් හොඳ මට්ටමක පවතී. කුඩා ප්‍රමාණයේ tablet පරිගණක අතර ප්‍රමුඛ ස්ථානය iPad mini 2019 tablet පරිගණකයට හිමිවන බව විචාරක මතයයි.

Google Pixel 3A

Google Pixel 3A Featured Image

Google I/O 2019 Keynote හිදී හඳුන්වාදුන් Google Pixel Smartphones Series එකේ, අලුත්ම සාමාජිකයන් දෙදෙනා Google Pixel 3A සහ Pixel 3A XL. Google සමාගමේ නවතම තාක්ෂණයත් සමඟ විශේෂාංග රැසක් මේ smartphones දෙකේ අන්තර්ගත වෙලා තියනවා.

Google Pixel 3A Image 1

High-End phone පහසු මිලට

Google Pixel, Flagship කාණ්ඩයට අයත් Smartphone මාලාවක් වුවද Google Pixel 3A සහ Pixel 3A XL Smartphones, Mid-range price devices විදිහට තමයි හදුන්වාදෙන්නේ. තොරතුරු වලට අනුව විශේෂාංග සහ පහසුකම් පෙර Google Pixel වලට වඩා තරමක් අඩු නමුත් ආවේනික ප්‍රධාන විශේෂාංග සහ පහසුකම් මෙන්ම නව විශේෂාංග එක් කොට තිබේ. High-End smartphones වලට නොදෙවනි Google Pixel 3A සහ Pixel 3A XL, $399 වැනි අඩු මුදලක සිට ඉහලට මිලදී ගැනීමට හැකියාව ඇත. අපේක්ෂා කල ආකාරයට Google Pixel Smartphones විකුණුම් නොමැති වීම හේතුවෙන්, Google සමාගම ගත් පියවරක් ලෙස මෙය සැලකිය හැක.

බාහිර පෙනුමේ වෙනස්කම්

Google Pixel 3A සහ Pixel 3A XL Smartphones වල පිටුපස ආවරණය, වීදුරු වෙනුවට polycarbonate plastic වලින් නිර්මාණය කර ඇත. එමෙන්ම 3.5mm headphone jack එක නැවතත් මේ smartphones දෙකේම දැකගැනීමට හැක. Just Black, Clearly White සහ Purple-ish ලෙස පාට තුනකින් Google Pixel 3A සහ Pixel 3A XL හඳුන්වා දී ඇත. එමෙන්ම Google Pixel 3A හි අඟල් 5.6ක 2220 x 1080 resolution එකක් සහිත FULL HD, OLED තිරයක් සහ Google Pixel 3A XL හි අඟල් 6ක 2160 x 1080 resolution එකක් තියන FULL HD, OLED තිරයක් දැකගැනීමට හැක. තවද dual stereo speakers සහ USB-C port අඩංගුවේ. කෙසේ නමුත් Water resistant හැකියාව පිලිබඳ සඳහන් කර නොමැත.

Google Pixel 3A  Image 2

හොඳම Camera එක

Google Pixel 3 හි තිබු අද්විතීය කැමරාවම Google Pixel 3A සහ Pixel 3A XL සඳහා ද ලබාදී ඇත. Google Pixel හි ප්‍රධානම විශේෂාංගය එහි කැමරාවයි. 12MP, F/1.8 පිටුපස කැමරාවක් සහ 8MP, F/2 front කැමරාවක් දැකගත හැක. බොහෝ Smartphones වල පිටුපස කැමරා දෙක තුනකින් සිදුකරන සෑම කාර්යක්ම වාගේ Google Pixel හි තනි කැමරාවකින් සිදුකිරීමට Google සමාගමට හැකිව ඇත. එමෙන්ම Night Sight, Super Res Zoom, optical + electronic image Stabilizer, auto focus with dual-pixel phase detection, 84-degrees field-of-view වගේ අද්විතීය විශේෂාංග මෙහි අඩංගු වේ.

Google Pixel 3A  Image 3

අභ්‍යන්තරයේත් වෙනස්කම් රාශියක්

Google Pixel 3A සහ Pixel 3A XL හි 2.0GHz octa-core Snapdragon 670 processor එකකින් සමන්විත වන අතර 4 GB RAM සහ Storage එක 64 GB වලට සීමා කර ඇත. එමෙන්ම Active Edge, Proximity, Ambient light, Accelerometer, Gyrometer, Magnetometer, Barometer යන සංවේදක සහ Titan M Security Processor එකද අඩංගු වේ.

Google Pixel 3A හි 3000mAh සහ Google Pixel 3A XL හි 3700mAh Battery ධාරිතාවක් සහ 18W USB-PD fast charging හැකියාවෙන් සමන්විතයි. එමෙන්ම Google සමාගමේ AI තාක්ෂණයෙන් Battery ආයුකාලය පෙරට වඩා වැඩි කර ඇත. නමුත් Wireless charging නොමැත.

Android Pie වලින් බලගැන්වේ

මෘදුකාංගමය අතින් ගත් විට, Android Pie මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත වන අතර AR in Google Maps, Call screening වගේ විශේෂාංග පවතී. Mid-range smartphones සමඟ සසඳන විට Google Pixel 3A සහ Pixel 3A XL බොහෝ ඉදිරියෙන් ඇත.

Google Pixel 3A සහ Pixel 3A XL, Google I/O 2019 Keynote හිදී හඳුන්වාදුන් ආකාරය පහත වීඩියෝවෙන් බලාගත හැක.