2019 මැයි 28 සිට ජුනි 1 වනදා දක්වා, තායිවානයේ පැවති Computex 2019 හිදී Asus සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදන රැසක් එළිදක්වන ලදී. ඒ අතරින් වඩාත් අවධානයට ලක් වූයේ ZenBook Duo සහ විශේෂයෙන් Asus ZenBook Pro Duo laptop පරිගණකයයි.
Asus ZenBook Pro Duo laptop පරිගණකය සඳහා Intel Core i9 9th Gen 8 core දක්වා processor, Nvidia RTX 2060 දක්වා GPU, 1 TB දක්වා SSD දෘඩ තැටිය සහ 32 GB දක්වා RAM අඩංගු වේ. එමෙන්ම Amazon Alexa, IR කැමරාව සහ Face Unlock, Thunderbolt 3 USB-C port වැනි විශේෂාංග රැසක් අඩංගු වේ.

Laptop පරිගණකයක තිර දෙකක්
Asus ZenBook Pro Duo හි ප්‍රධානම විශේෂත්වය වන්නේ, මෙහි තිර දෙකක් පැවතීමයි. බොහෝමයක් laptop පරිගණකයක අඩංගු වන්නේ එක් තිරයක් පමණි. නමුත් Asus ZenBook Pro Duo හි 4K resolution තිරයන් දෙකක් පවතී. සාමාන්‍ය laptop පරිගණකයක ආකාරයට අඟල් 15ක 16:9 OLED තිරයකට අමතරව 32:9 IPS තිරයක් යතුරු පුවරුවට ඉහලින් පිහිටා ඇත. මෙම දෙවන තිරය “Screen Pad” ලෙස හඳුන්වන අතර, එය ප්‍රධාන තිරයේ උසින් අඩකට සමාන වේ. යතුරු පුවරුවේ දකුණු පසින් touch pad එක පිහිටා ඇත. එමෙන්ම මෙම තිර දෙකම ස්පර්ශ සංවේදී වේ.
මෙසේ තිර දෙකක් පැවතීම Graphic නිර්මාණකරණය, Video සංස්කරණය, මෘදුකාංග නිර්මාණකරණය, පරිගණක ක්‍රීඩා සහ තවත් බොහෝ කාර්යයන් වඩාත් පහසු කරයි. සාමාන්‍ය පරිගණකයක තිර දෙකක් භාවිතා කර ගනිමින් සිදු කරන කාර්යයන්, Asus ZenBook Pro Duo laptop පරිගණකය මඟින් කරගැනීමට හැකියාව ඇත. එමෙන්ම Screen Pad සමග එන view max, task groups, app navigator වැනි විශේෂාංග බොහෝමයක් මෙම laptop පරිගණකයෙහි ඇතුලත් වේ.

Asus ආයතනය, ZenBook Duo ලෙස අඟල් 14 වන කුඩා සහා මිල අඩු laptop පරිගණකයක් ද නිෂ්පාදනය කරයි. මෙහි පෙනුම සහ සංකල්පය ZenBook Pro Duo laptop පරිගණකයට සමාන නමුත් විශේෂාංග කිහිපයක් ඉවත් කොට ඇත. කෙසේ නමුත් ZenBook Pro Duo සහ ZenBook Duo හි මිල ගණන් තවමත් Asus සමාගම විසින් ප්‍රකාශයට පත් කොට නොමැත.