
පරිගණක ක්‍රීඩා කියන්නෙ අද වන විට වයස් බේදයකින් තොරව ජනප්‍රිය වෙලා තිබෙන දෙයක්. ඔබ තරුණයකු නම් පාසල් අවධියේ සිටම පරිගණක ක්‍රීඩා කියන දෙය ඔබට එතරම් අළුත් දෙයක් නෙමෙයි. තාක්ෂණය දියුණු වීමත් සමග පරිගණක තාක්ෂණය ඉතා සීග්‍රයෙන් වැඩි දියුණු වෙලා තිබෙනවා. ඒ නිසාම Gaming PC සහ Gaming L
Asia Pacific Predator League 2019
“ආසියා පැසිෆික් ප්රිඩේට’ ලීගය” (Asia Pacific Predator League) කියන්නෙ ලෝකයේ ප්‍රධාන පෙළේ Gaming තරගාවලියක්. එය දෙවන වරට පවත්වන්නේ මේ වසරේ පෙබරවාරි මස 15-17 තෙදිනයේය. Predator කියන්නෙ ලෝ සුපතල Acer සමාගම විසින් Gaming සඳහාම වන නිපදවන PC හා Laptop සන්නාමයක්. මෙහි සත්කාරකත්වය දරන්නේ මෙම Predator හා Acer සමාගමයි. Asia Pacific Predator League 2019 තරගය මෙවර පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවර National Stadium complex හි Nimibutr Stadium හිදීය. මේ සඳහා තායිවානය, කොරියාව, මැලේසියාව, තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, ජපානය, සිංගප්පුරුව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, චීනය, මැකව්, හොං කොං, මියන්මාරය හා ශ්‍රී ලංකාව යන රටවල් තරග වදිනවා. මෙවර මුළු ත්‍යාග මුදල් ප්‍රමාණය ඩොලර් ලක්ෂ 4ක් පමණ වෙනවා. එය ලංකාවේ මුදලින් කෝටි 7කටත් අධිකයි.
ගියවර රටවල් 8කින් තමයි මෙය ආරම්භ කර තිබෙන්නේ. නමුත් මෙවර එය 16ක් දක්වා දෙගුණ කර තිබෙනවා. එහිදී DOTA2 තමයි ප්‍රධාන පරිගණක ක්‍රීඩාව වන්නෙ. ඊට අමතරව මේ දිනවල ඉතා ජනප්‍රිය වී තිබෙන PUBG එහෙම නැත්තම් Playerunknown’s Battlegrounds ක්‍රීඩාවත් regional tournament එකක් විදියට පවත් වන බවයි සඳහන් වන්නෙ. ගියවර ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වුණු තරගාවලියේ ජයග්‍රහණය කළේ මැලේසියානු කණ්ඩායමයි. මුලික වටයේ කණ්ඩායම් 1197කින් තොර ගැනුණු රටවල 8ක කණ්ඩායම් 8ක් තමයි තරගයට අවතීර්ණ වුණේ.

Acer Predator League LK

Asia Pacific Predator League 2019 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම තෝරාගැනීම සඳහා තමයි Acer Predator League LK කියන තරගාවලිය පැවැත්වුයේ. මෙහි තරගකරුවන්ට තරග කරන්න වුණේ කොයි කවුරුත් අතර ප්‍රසිද්ධ DOTA2 එහෙමත් නැත්තම් Defense of the Ancients 2 පරිගණක ක්‍රීඩාවයි. Online ක්‍රමයට දෙසැම්බර් මස 15-30 දක්වා තිබු තරග වටවලින් අවසාන වටයට කණ්ඩායම් 4ක් තෝරාගනු ලැබුවා. ඒ අනුව අවසාන මහා තරගය පැවැත්වුණේ 2019 ජනවාරි 13 වන දින Hilton Colombo Residencies හිදිය.

මෙහිදී අවසාන මහා තරගයට එක්වුණ කණ්ඩායම් වුණේ x3 (Victorious Secret), PnX (Indomitus.MSI), DeS (Death Sentence), and nA (Bedtime Samurais) කණ්ඩායම් 4යි. Acer Predator League LK ජයග්‍රහණය කර ලබන මස පැවැත්වෙන Asia Pacific Predator League 2019 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වාසනාව උදා කරගත්තේ x3 (Victorious Secret) කණ්ඩායමයි. දෙවන ස්ථානය DeS (Death Sentence) කණ්ඩායමටත් තෙවන ස්ථානය nA (Bedtime Samurais) කණ්ඩායමටත් හිමි වුණා. ජයග්‍රාහී කණ්ඩායමට මුදලින් රුපියල් 320,000ක මුදලක් පිරිනැමුණා. මෙහි පිරිනැමුණු මුළු මුදල් වටිනාකම රුපියල් ලක්ෂ 8ක් වන අතර ඊට අමතර වෙනත් ත්‍යාගද පිරිනැමුණා. මෙහි විශේෂයක් වුණේ ජයග්‍රාහී කණ්ඩායමට ජයග්‍රාහී පළිහක්ද පිරිනැමුණා. ඊට අමතරව ජයග්‍රහකයින්ට පදක්කම් හා සහතික ද පිරිනැමුණා.




Nice article!
thanks Mihiri