Apple සමාගම මගින් සංවිධානය කරනු ලබන Worldwide Developers Conference නැතහොත් WWDC 2019 සම්මේලනය, 2019 ජූනි 3 සිට ජූනි 7 දක්වා San Francisco හිදී පැවැත්වීය. මෙහිදී Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම මෘදුකාංග, මෙහෙයුම් පද්ධති, උපාංග ඇතුළු නිෂ්පාදන කිහිපයක් හඳුන්වා දෙන ලදි. එහිදී වඩාත් අවධානය යොමු වූ නිෂ්පාදන කිහිපයක් මෙහි දැක්වේ.

iOS 13
iOS යනු Apple iPhone, iPad or iPod touch සඳහා එන මෙහෙයුම් පද්ධතියයි. මෙහි නවතම අනුවාදය iOS 13 වේ. iOS 12 සහ ඊට පෙර අනුවාදයන්හි නොතිබුණු විශේෂාංග කිහිපයක් මෙන්ම ගුණාංග ද iOS 13 හි වැඩි දියුණු කර ඇත.
බලාපොරොත්තු වූ ආකාරයටම iOS 13 සඳහා Dark Mode හඳුන්වා දෙන ලදි. එසේම QuickPath Keyboard මගින් යතුරු පුවරුවේ අකුරු යාකර වචන ලිවීමේ හැකියාවත්, Find My Friend සහ Find My iPhone එක් කොට සෑදු Find My යෙදුමත්, Sign in with Apple ඇතුළු නව විශේෂාංග රැසක් iOS 13 හි අපට දැක ගැනීමට හැක. එමෙන්ම Photos App, Memoji, Siri, Maps සහ තවත් පෙර පැවති විශේෂාංග වල වෙනස්කම් කිහිපයක්ද සිදු වී ඇත.
තවද iOS යෙදුම් විවෘත වීමේ වේගය දෙගුණයකින් වැඩි කිරීමටත්, Face ID භාවිත වේගය 30% කින් වැඩි කිරීමටත් සමත්ව ඇත. එමෙන්ම යෙදුම් භාගත කරගැනීමේදී එහි ප්‍රමාණය 60% කින් කුඩා කිරීමටත් හැකිව තිබේ.

iPad OS
මෙතෙක් කල් iPad සඳහා පැවතියේ iOS මෙහෙයුම් පද්ධතියම වේ. නමුත් WWDC 2019 දී iPad සඳහා iPad OS ලෙස නව මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දෙන ලදි. මෙය iOS 13 මත පදනම් වී නිර්මාණය කර ඇති අතර iPad සඳහාම විශේෂිත වූ විශේෂාංග කිහිපයක් එක් කොට ඇත.
iOS 13 හි එන Dark Mode ඇතුළු අනෙකුත් විශේෂාංග සියල්ල iPad OS හි අඩංගු වේ. ඊට අමතරව swipe gestures මගින් කාර්යයන් පහසු කරගැනීමේ හැකියාව, Split-Screen මගින් එකම යෙදුම, එක් වර කිහිප වතාවක් විවෘත කරගනිමින් ක්‍රියා කිරීමේ හැකියාව, Download Manager වැනි විශේෂාංග ද iPad OS හි අඩංගු වේ. iPad OS හි Multi-tasking හැකියාව වඩා ප්‍රශස්ථ මට්ටමක පවතින නිසා, සාමාන්‍ය පරිගණකයකින් කරන බොහෝමයක් කාර්යයන් iPad මගින් සිදු කරගැනීමට හැකි වේ.

macOS Catalina
macOS යනු Mac සහ MackBook සඳහා ලබාදෙන මෙහෙයුම් පද්ධති මෘදුකාංගයයි. මෙහි නවතම අනුවාදය macOS Catalina වේ.
macOS Catalina හි iTunes ඉවත්කර Apple Music, Apple Podcasts, Apple TV ලෙස යෙදුම් තුනක් ලබාදී ඇත. macOS Catalina හි Sidecar බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් විශේෂාංගයක් විය. මෙමගින් iPad tablet පරිගණකයක්, Mac හෝ MackBook හි දෙවන තිරයක් ලෙස භාවිතා කල හැක.
Mac යෙදුම් නිර්මාණකරුවන්ට වඩාත් සතුටුදායක පුවත වුයේ, Project Catalyst මගින් iOS, iPad OS සහ macOS සඳහා එකම යෙදුම, එක වර නිර්මාණය කිරීමට පහසුවීමයි.

watchOS 6
watchOS යනු Apple Watch සඳහා Apple සමාගම විසින් නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධතියයි. WWDC 2019 දී හදුන්වාදුන් watchOS 6 එහි නවතම අනුවාදයයි.
watchOS 6 හි ආන්දෝලනාත්මක නව විශේෂාංගය වුයේ on-watch App Store වේ. මෙමගින් Apple Watch සඳහා අවශ්‍ය යෙදුම්, පහසුවෙන් භාගත කර ගැනීමට හැක. මේ නිසා iPhone එකක් නොමැතිව Apple Watch එකකට තනිව ක්‍රියා කිරීමට හැකිවේ. තවද නව Noice යෙදුම මගින් අවට ඇති ඝෝෂා ශබ්ද පිලිබඳ ඇඟවීම් සිදු කරයි. එමෙන්ම watchOS 6 නව මුහුණුවරකින් සමන්විත වේ.

tvOS 13
tvOS යනු Apple TV සඳහා නිර්මාණය කර ඇති මෙහෙයුම් පද්ධතිය වේ. නව tvOS 13 හි ද නව විශේෂාංග කිහිපයක් හඳුන්වාදෙන ලදී.
පළමුවෙන් home screen හි නව මුහුණුවරක් දැක ගැනීමට හැක. තවද පෙර tvOS සහිත Apple TV සඳහා ක්‍රියා කරේ MFi පාලකයන් පමණි. නමුත් නව tvOS 13 නිසා PS4 සහ Xbox One පාලකයන්ද ක්‍රියා කරයි. එමෙන්ම iOS 13 සහ tvOS 13 දෙකෙහිම Music app මගින් ගීතයක රචනය ලබාගත හැක.

Mac Pro සහ Pro Display XDR
Mac Pro යනු Apple සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ නවතම Desktop පරිගණකයයි. නව මුහුණුවරකින් එන Mac Pro ඉතා ප්‍රභල මෙන්ම අනාගතයට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කරන ලද පරිගණකයකි.
මෙහි 28-core දක්වා වර්ධනය කල හැකි Intel Xeon processor, 1.5 TB දක්වා වර්ධනය කල හැකි RAM ධාරිතාවයක් ඇත. තවද 4 TB දක්වා SSD ධාරිතාවක් සහ ලොව ප්‍රබලම graphics card අඩංගු වේ. PCI විවර 8 ලබා දී ඇති නිසා Mac Pro හි ගුණාංග පුළුල් කිරීමට ඇති නිදහස, වැඩි කර ඇත. මේ සියල්ලට බලය සැපයීමට 1.4 kilowatts ජව සැපයුමක් ඇත.
Apple Pro Display XDR යනු Mac Pro සඳහා එන තිරයයි. මෙය 6K resolution සහිත අඟල් 32 ක තිරයකි. මෙය $4999 යේ සිට මිලදී ගැනීමට හැක. තවද මේ සඳහා එන ආධාරකය මගින් තිරය තිරස්ව මෙන්ම සිරස්ව රැඳවිය හැක. හාස්‍යයට කරුණ නම් මෙම ආධාරකය සඳහා වෙනම $999 ක මුදලක් අය කිරීමයි.

WWDC 2019 පිළිබඳ වැඩිදුර තොරතුර කෙටියෙන් දැනගන්න පහත වීඩියෝව නරඹන්න.