TechWire

ලෝකෙම ජයට සමරන Software Freedom Day

Software Freedom Day(SFD) කියලා කියන්නේ Free Software පිළිබඳව සමරන්න පැවැත්වෙන උත්සවයක්. සෑම වසරකම පැවැත්වෙන මේ උත්සවයේ අරමුණ වෙන්නේ Free Software සහ ඒවායේ භාවිතය පිළිබඳව සමාජ මට්ටමේ දැනුවත් කිරීමක් ඇතිකිරීමයි.

Software Freedom Day

Software Freedom Day ගැන පරණ විස්තර

මේ උත්සවය මුලින්ම ආරම්භ වෙන්නේ 2004 වසරේ අගෝස්තු 28 වෙනිදා. නිදහස් මෘදුකාංග ගැන උනන්දු කණ්ඩායම් 12ක් එකතු වෙලා තමයි මුල්වරට මේ උත්සවය පැවැත්වුනේ. එදා සිට අද දක්වා SFD උත්සවය ලෝකය පුරාම ව්‍යාප්ත වුන උත්සවයක් බවට පත්වෙනවා.

SFD උත්සවය අද වනවිට රටවල් 100කට වැඩි ප්‍රමාණයක උත්සව 300කට වැඩි ප්‍රමාණයක් පමණ පැවැත්වෙන උත්සවයක් දක්වා වර්ධනය වෙලා තියනවා. 2006 වසරේ සිට මේ උත්සවය පවත්වන්න නියමිත දිනය විදියට සැප්තැම්බර් මාසේ තුන්වන සතියේ සෙනසුරාදා නම් කරලා තියනවා. ඒ වගේම සමහර අවස්ථාවල Software Freedom Day(SFD) උත්සවය International Talk Like a Pirate Day (ITLAPD) සැමරුමත් එක්ක සමගාමීව පවත්වලා තියනවා.

Software Freedom Day කියන වචනෙත් එක්කම එන වචනයක් තමයි Digital Freedom Foundation කියන්නේ. Digital Freedom Foundation එහෙමත් නැත්තන් DFF කියන්නේ 2004දි Software Freedom Day(SFD) උත්සවය පැවැත්වීම සඳහා ආරම්භ වුන ආයතනයට.

මේ ආයතනය ආරම්භ කරේ Software Freedom Day උත්සවය පැවැත්වීමේ අරමුණෙන්. පසු කාලීනව ලාභ නොලබන සමාජ සුභ සාධනය අරමුණු කරගත් ආයතනයක් විදියට ඇමරිකා එක්සත් ජනපදයේදි ආරම්භ වෙනවා. ඒ Software Freedom Day International කියන නම යටතේ Software Freedom DayEducation Freedom Day සහ Hardware Freedom Day දින සැමරුම් සැලසුම් කිරීම පාදක කරගෙන.

Software Freedom Day එකක් පටන් ගන්න නම්,

Software Freedom Day(SFD) උත්සවය සැලසුම් කිරීම සම්පුර්ණයෙන්ම සිදු කරන්නේ අදාළ ප්‍රදේශයේ එකතු වුණු කණ්ඩායමෙන්. නමුත් තමන් මේ විදියට උත්සවයක් ආරම්භ කරන බව softwarefreedomday.org වෙත දැනුවත් කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඒ උත්සව පිළිබඳව දත්ත එකතු කිරීමක් සිදුවෙන නිසා. මෙතැනින් පුළුවන් ඒ විදියට දැනුවත් කිරීමක් කරන්න. ඒ සඳහා අවශ්‍ය තොරතුරු දැනගන්නත් පුළුවන්.

සැප්තැම්බර් මාසේ තුන්වෙනි සතියේ සෙනසුරාදට මාස දෙකකට කලින් මේ දැනුම්දීම කරොත් softwarefreedomday.org විසින් උත්සවයට සහභාගී වෙන අය අතර බෙදාහරින්න ප්‍රවර්ධන අයිතම(swags)  නොමිලේ ලබාදීමක් සිදු වෙනවා.

මේ විදියට register වුණු උත්සව ලැයිස්තුව මෙතනින් බලන්න පුළුවන්. ඒ වගේම මේ උත්සවය නිදහස් මෘදුකාංග වල භාවිතය සහ ගුණාත්මකභාවය ගැන කතා කරන සමුළු ආකාරයේ වැඩසටහන් වගේම වැඩමුළු, සාකච්ඡා සහ ඉදිරිපත්කිරීම් ආකාරයෙනුත් පැවැත්වෙනවා.

කවුද මේ වැඩේට අතහිත දෙන්නේ,

මේ උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයා විදියට කටයුතු කරන්නේ කව්රුත් දන්න Canonical Ltd. ආයතනයෙන්. මීට අමතරව GoogleRed HatLinodeNokia සහ MakerBot Industries සමාගම් වගේම FSF සහ FSFE ආයතනත් සහයෝගය  දක්වන ආයතන විදියට එකතු වෙනවා. මාධ්‍ය ආවරණය ප්‍රධානව සිදුවෙන්නේ Linux MagazineLinux Journal and Ubuntu User විසින්. ඒ වගේම ප්‍රාදේශීය මට්ටමේ උත්සව වලට අවශ්‍ය විදියට අනුග්‍රාහකයන් සහ මාධ්‍ය ආයතන එකතු කරගන්නත් අවස්ථාව තියනවා.

Software Freedom Day මෙවරත් ලංකාවේදී,

මේ වසරේ ශ්‍රී ලංකාවේදි නැවතත් Software Freedom Day උත්සවය ජයටම පවත්වන්න තමයි සුදානම් වෙන්නේ. foss.lk සහ opensource.lk එකතු වෙලා Sofware Freedom Day ’18 උත්සවය SLIIT Malabe Campus එකේ සැප්තැම්බර් මාසේ 22 වෙනිදා දහවල් 1 සිට 5.30 දක්වා පවත්වන්න මේ වනවිට සංවිධාන කටයුතු කරගෙන යනවා. මෙතනින් ලංකාවේ SFD උත්සවය ගැන වැඩි විස්තර බලාගන්න පුළුවන්.

foss.lk

 

නිදහස් මෘදුකාංග වලට ජයවේවා!!!

About author View all posts

Dhanushka Chandana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.