TechWire

HYPERLOOP – ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවතම නිමැවුම

මොකක්ද මේ HYPERLOOP?

HYPERLOOP වර්ථමානයේ ප්‍රවාහන ක්ෂේත්‍රයට හඳුන්වා දීමට නියමිත නවතම මාදිලිය යි. මෙය ප්‍රවාහනයේ පස්වන පරම්පරාවේ ආගමනය ලෙසද හඳුන්වනු ලැබේ. HYPERLOOP සංකල්පය ප්‍රථම වතාවට ලොවට හඳුන්වා දෙනු ලැබුවේ සුප්‍රකට බිලියනපතියෙකු මෙන්ම අතිසාර්ථක ව්‍යවසායකයෙකුද වන, Tesla සහ SpaceX යන සමාගම් වල හිමිකරුවාද වන Elon Musk විසින්ය.

Elon_Musk

මෙම සංකල්පය පිටුපස පදනම් වන තාක්ෂණය වන්නේ අව පීඩන නලයක් හරහා කිසිම ඝර්ෂණයක් හෝ වාත ප්‍රතිරෝධයක් නොමැතිව ගමන් කළහැකි Pod හෝ Passenger Car නැමැති ඒකකයකි. මෙම HYPERLOOP එකක වේගය දල වශයෙන් අවම පැයට කිලෝමීටර 900 ක් සහ උපරිම පැයට කිලෝමීටර 1220 ක් පමණ වනු ඇතැයි තක්සේරු කර ඇත. Elon Musk මෙම සංකල්පය හෙළිදරව් කිරීමත් සමඟ බොහෝ මහා පරිමාණ ව්‍යාපාර ආයතන මෙම ව්‍යාපෘති දියත් කොට ඇත. උදාහරණ වශයෙන් Tesla, SpaceX, Virgin, HYPERLOOP Transportation Technologies සඳහන් කල හැකිය. නමුත් Virgin සමාගම පළමුව සාර්ථක අයුරින් Pod ඒකකයෙහි අභ්‍යන්තර ආකෘතියක් එළිදක්වා තිබේ. ඔවුන් මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ Dubai Roads and Transport Authority සමඟ හවුල් ව්‍යාපෘතියක් ලෙසය.

HYPERLOOP_Pod_Design

මෙම මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමේදී එමගින් අපේක්ෂිත ආදායමට වඩා අඩු ආදායමක් සහ මහා පරිමාණයේ ප්‍රාග්ධන පිරිවැයක් වැයවනු ඇතැයි පැවසෙන නමුත් ඒ කිසිදු තත්වයක් මෙම සංකල්පයේ පැවැත්මට හානියක් කිරීමට සමත් වී නැත. මන්දයත් වර්ථමානයේ භාවිතයේ පවතින අධි තාක්ෂණික දුම්රියන් වන Maglev සහ Bullet Trains වලද මෙම තත්වය පවතින නිසාවෙනි.

HYPERLOOP හි නිර්මාණ සැලැස්ම

HYPERLOOP ගමන් කිරීම සඳහා නිර්මාණය කල යුතු නලය අටළුවක් ආකාරයේ ආධාරක සහිතව පොළොවට සම්බන්ධ නොවී උත්තෝලනය විය හැකි ආකාරයෙන් නිර්මාණය කල යුතුය. සාමාන්‍ය දුම්රියන් හට ගමන් කල නොහැකි භූ විද්‍යාත්මක ව්‍යුහයන් හරහාද (ජලය හරහා) ගමන් කල හැකි වන පරිදි නලය නිර්මාණය කල හැකිය.

HYPERLOOP හි ව්‍යාපෘති සැලැස්ම

Elon Musk ගේ අදහස අනුව දුර කිලෝමීටර 1500 ට වැඩි නගර අතර ප්‍රවාහන කටයුතු සඳහා HYPERLOOP භාවිතා කල හැකිය. HYPERLOOP සඳහා එක් මාර්ගයක් ලෙස පූනේ සිට මුම්බායි දක්වාද අනෙකුත් මාර්ග ඇමෙරිකාව හා යුරෝපා ජනපද අතර ගොඩනැංවීමට යෝජනා වී ඇත. ඔහුගේ තක්සේරුව අනුව ලොස් ඇන්ජලිස් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ අතර මාර්ගය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 06 ක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇති බවත් ඒ සඳහා මගී ප්‍රවේශ පත්‍රය ඇමෙරිකානු ඩොලර් 20 ක පමණ අගයකට නිකුත් කිරීමට හැකි වනු ඇති බවත් යන්නය.

HYPERLOOP සංකල්පයේ වාසි සහ අවාසි

මෙම සංකල්පයේ ඇති වාසි ලෙස ශක්තිය උත්පාදනය සඳහා සූර්ය ශක්තිය භාවිතා කල හැකි නිසා අඩු ශක්ති පිරිවැය, කාලගුණය හා අනෙකුත් අපදා වලින් Tube ආරක්ෂා වීම, කිසියම් හෝ අයුරක විදුලිය බිඳ වැටීමකදී Pod එක නතර වීම පමණක් සිදු වීම හා කිසිදු අයුරක කඩා වැටීමක් වැනි අනතුරු සිදු නොවීම යනාදිය හැඳින්විය හැකිය.

අවාසි නම් අධික වියදමක් දැරීමට සිදුවීම, අධික වේගය නිසා දෙදරීම් වැනි අවස්ථා හට ගැනීමට ඉඩකඩ තිබීම හැඳින්විය හැකිය.“Virgin HYPERLOOP ONE” 2021 දී සිය කටයුතු අරඹනු ඇත. එවිට මෙම අපූර්ව සංකල්පයේ ප්‍රයෝගිකත්වය සියැසින්ම දැක බලා ගැනීමට අපට හැකිවනු ඇත.

Virgin_HYPERLOOP_ONE

About author View all posts

Dhananjana Jayakody

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.