TechWire

Mobile Data Save කරගන්න අපෙන් උපදෙස්

බහුතරයක් දුරකථන සමාගම් වලට බනින කාරණයක් තමයි, Mobile Data ඉක්මණින් ඉවර වීම. ඒ වගේම භාවිතා නොකරම Data කපනවා කියන එක. ඒත් ඇත්තටම මොකද වෙන්නේ කියලා හොයලා බැලුවද?  නැතිනම් මේ ටිකත් කරලා බලන්න.

 

Sim එක 4G වලට Upgrade කරගන්න කලින්,

බොහෝ දුරකථන සමාගම් වලින් 4G Sim upgrade කරන්නේ නොමිලේ. අපි request කරොත් ගෙදරටත් එවනවා. ඒත් අපේ පරණ Sim එකේ වෙබ් සයිට්, වීඩියෝ එහෙම load වෙන්නේ හෙමින්. Website එකක් නම් මුලින් text එක තමයි load වෙන්නේ. Images load වෙන්නේ පස්සේ.

අපි 4G වලට Upgrade කරාට පස්සේ Website content එක ඉතා ඉක්මණින් load වෙනවා. ඒ වගේම Videos ඉක්මණටම buffer වෙනවා. ඔන්න ඊට පස්සේ තේරෙන්න ගන්නවා Data කැපෙනවා වැඩියි කියලා.

නමුදු අපේ දෛනික වැඩකටයුතු පහසුවෙන් කරගන්න 4G වලට Upgrade කරගැනීමද අවශ්‍ය වනවා.

පහත උපදෙස් පිළිපැද ඔබට පුළුවන් Mobile Data Save කරගන්න

01. Data Limit කරගන්න

ඔයාගේ Phone එකේ Settings>Data Usage>Data limit මගින් ඔයා යම් කාලයකදී වැය කරන්න බලාපොරොත්තු වෙන Data ප්‍රමාණය Limit කරගන්න. ඒ වගේම Data warning එකක් තබාගන්න. ඔයට මේ Limit එක ඉවර උනාම Auto disconnect වෙන්න දෙන්නත් පුළුවන්.

02. App background data

මේ Graph එකෙන් ඔයාට බලන්න පුළුවන් මොන Apps ද වැඩියෙන් Data use කරන්නේ කියලා. ඔයාට පුළුවන් අනවශ්‍ය ඒවා බලලා එය නවත්වන්න.

03. Chrome Data Saver

ඔයාට බලන්න පුළුවන් මෙතනින් Chrome data compression මගින් කොපමණ ප්‍රමාණයක් Mobile Data Save කරලද කියලා.

04. Apps Wi-Fi වලින් පමණක් Update කරගන්න

Play store එකට ගිහින් ඔයාගෙ Apps  Wi-Fi වලින් පමණක් Update වෙන්න දෙන්න.

05. Audio & Video හැකි සෑම විටම Download කරගෙන අසන්න හෝ බලන්න

මොකද ඔයා එකම එක් කිහිප සැරයක් බලනවනම් ඒ හැම වෙලාවෙම Data use වෙනවා.

06. App ගැන ඇහැ ගහගෙන ඉන්න

සමහර Apps අපි නොදැනුවත්වම Data use කරනවා, සමහර වෙලාවට නිකම්ම Ads load වෙනවා. ඒක නිසා ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න.

07. Account Sync Settings

අප නොදැනුවත්ව වෙන දෙයක් තමයි මේකත්. අපට අනවශ්‍ය Accounts තියෙනවා නම් Auto sync වෙන එක නවත්වන්න. ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි Phone gallery එක Google photos වලට upload වෙන එක.

08. Offline Google Maps

ඔයාට පුළුවන් අවශ්‍ය වන Google maps download කරලා තියාගන්න.

09. Large files Wi-Fi සීමාවකදී Download කරගන්න

10. Cache එක Clear නොකරන්න

අත්‍යාවශ්‍ය මොහොතකදී  හැරෙන්න. Cache එක Clear නොකරන්න මොකද පරණ Websites වලට යද්දී ආයෙ මුල ඉදන් Load වීමක් සිදු වෙනවා.

11. අනවශ්‍ය Apps uninstall කරන්න

12. අනවශ්‍ය වෙලාවට Mobile Data off කරගන්න

Sources – Google Images
Foss Bytes

         

About author View all posts

Asanka Abeywickrema

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.