TechWire

Author - Yohan Malshika

OnePlus සමාගමෙන් එළිදැක්වීමට නියමිත OnePlus TV

OnePlus යනු වර්තමානයේදී  ස්මාර්ට් ජංගම දුරකථන ලෝකයට එකතු වූ නවතම සන්නාමයක් වන අතර මෙහි විශේෂය වන්නේ ඉතා පහසු මිලකට වැඩි පහසුකම් සහිත ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොළෙන් ලබාගත හැකි වීමයි. ස්මාර්ට් ජංගම දුරකථන වලට අමතරව OnePlus සමාගම අලුත් නිෂ්පාදනයක් වෙළදපොළට හදුන්වා දීමට නියමිත බව වාර්තා කළේය. එනම් එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙම OnePlus TV නම් රුපවාහිනී යන්ත්‍රය ඉන්දියානු වෙළඳපොළ සඳහා හදුන්වා දීමට සුදානම් බව OnePlus සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වන Pete Lau විසින් ඔහුගේ පෞද්ගලික Blog පිටුවේ සදහන් කල ඇත.

මෙම රුපවාහිනී යන්ත්‍රය ගැන කතා කරන විට එය Android මෙහෙයුම් පද්ධතියකින් සමන්විත වන අතර එය අඟල් 55 ක විශාලත්වයක් ගන්නා අතර එය QLED තිරයකින් සමන්විත බව OnePlus සමාගමේ උප සභාපති වන Akis Evangelidis Twitter පණිවිඩයකින් වාර්තා කල ඇත. QLED යනු Quantum-dot LED තිර තාක්ෂණයක් වන අතර මෙහි විශේෂත්වය වන්නේ එය OLED (Oragnic LED) මෙන්  ආලෝකය විමෝචනය නොකරන අතර LED පසුතල ආලෝකය මත රඳා පවතී. එම නිසා QLED රූපවාහිනියක රූපයේ ගුණාත්මකභාවය බොහෝ දුරට රඳා පවතින්නේ පසුබිම් ආලෝකකරණ විසඳුම කෙතරම් ඵලදායිද යන්න මතය.

එසේම මෙහි Smart TV සංකල්පය යටතේ නිර්මාණය වන මෙය Bluetooth තාක්ෂණය ඇතුළුව තවත් නවීන පහසුකම් වල යුක්ත වන බවට OnePlus සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වන Pete Lau විසින් ඔහුගේ පෞද්ගලික Blog පිටුවේ සදහන් කල ඇත. එනම් ඔහු බොහෝ සේ සදහන් කල ඇත්තේ OnePlus රුපවාහිනිය IoT හා අන්තර් සම්බන්ධතා ලෝකයට සම්බන්ධ වීමට ගත්  වැදගත් පියවරක් බවයි.

එසේම මෙම රුපවාහිනය ප්‍රථමයෙන් ඉන්දියානු වෙළඳපොළට හදුන්වා දෙන අතර පසුව හැකි ඉක්මනින් ලෝක වෙළදපොලට හදුන්වා දීමට සැලසුම් කරන බව වාර්තා කල ඇත.  එසේම තවත් නවීන තාක්ෂණ ගැන සදහන් කල තිබු අතර මෙම OnePlus TV රුපවාහිනී යද OnePlus ස්මාර්ට් ජංගම දුරකථන මෙන් ඉතා වැඩි පහසුකම් ප්‍රමාණයකින් යුක්තව වෙළදපොළට පැමිණෙන බව බොහෝදෙනාගේ මතය වේ.

VEGA – ලෝකය ජය ගැනීමට ශ්‍රී ලංකාවෙන් බිහිවන සුපිරි මෝටර් රථය

මේ වන විට ලංකාවේ බොහෝ දෙනා අතර කතාබහ වන මාතෘකාවක් වන්නේ ශ්‍රී ලංකාවෙන් නිපදවන සුපිරි මෝටර් රථය පිළිබදවයි. සුපිරි මෝටර් රථ ගැන කථා කරන විට අපි හැමෝටම වගේ සිහියට එන්නේ ඉතාලියේ , ජර්මනියේ වැනි රටවල නිපදවන  Lamborghini, Ferrari වැනි අධි බලැති සුපිරි මෝටර් රථයන්ය. නමුත් ඒ වගේම එම රථ වලට නොදෙවෙනි ආකාරයෙන් ශ්‍රී ලංකාවේද මේ වන විට මෙරට ප්‍රථම සුපිරි මෝටර් රථය නිපදවමින් පවතිනවා. මෙම සුපිරි මෝටර් රථය නමින් “VEGA” නම් වන අතර මෙය අප රටේ ඉංජිනේරුවන්ගේ වැඩක්.

මෙම සුපිරි නිර්මාණයේ පසුපස කතාව ගැන කතා කරන විට, මෙම සුපිරි මෝටර් රථය පිළිබද සංකල්පය නැතහොත් එම අදහස ගෙන එන්නේ CODEGEN හි ප්‍රධාන විධායක නිලධාරී වන ආචාර්ය හර්ෂ සුභසිංහ මහතායි .  එසේම ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාට මෙම සංකල්පය ක්‍රියාවට නංවන්න එකතු වන පුද්ගලයා වන්නේ ආචාර්ය බේශාන් කුලාපල මහතායි. ඔහු ඇමෙරිකාවේ Arizona State University තුලදී ආචාර්ය උපාධිය අවසන් කර ඇති අතර මෝටර් රථ ප්‍රතිස්ථාපනය කිරීම පිලිබඳ ඇති දැනුම නිසාම ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාට මෙම සුපිරි  සංකල්පය ක්‍රියාවට නංවන බලාපොරොත්තුව ඉෂ්ට වුන බව කිවොත් මා නිවැරදියි. එසේම ආචාර්ය බේශාන් කුලාපල මහතා මෙම VEGA ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු ලෙස ක්‍රියා කරයි. එසේම මොවුන් මේ ව්‍යාපෘතිය සදහා දායක කරගෙන ඇති සියළු දෙනා අප රටේ එනම් ශ්‍රී ලංකාවේ මිනිස් සම්පත්ය. එනම් පිටරටවල් වලදී උසස් අධ්‍යාපනය ලබාගත් ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙක් වගේම ලංකාවේ විශ්වවිද්‍යාල වලින් බිහි වූ උපාධිධාරීන් මේ සදහා යොදවා ගැනීම සුවිශේෂ කරුණක්ය. මෙම VEGA ව්‍යාපෘතිය ආරම්භ වන විටම විශාල ගැටළු කිහිපයකටම මුහුණ දීමට සිදුවී තිබේ. නමුත් ඒවාට මුහුණ දී ආරම්භ කර ඇති VEGA සුපිරි මෝටර් රථය නිපදවීමේ ව්‍යාපෘතිය  ප්‍රධාන අරමුණ 3ක් මුල් කරගෙන ආරම්භ කොට ඇත.

ඒවා නම්

  • තප්පර 4 කදී 100 Kmph වේගයක් ලබාගැනීම.
  • පැයට කිලෝමීටර 240 ක උපරිම වේගයක් ලබාගැනීම.
  • බැටරිය චාර්ජ් කල පසු 240 Km දුරක් ධාවනය කිරීමට හැකි වීම වේ

VEGA

VEGA ගැන කතා කරන විට , මෙම ව්‍යාපෘතියේ තවත් අවශ්‍යතාවයක් වන්නේ විවිධ රැකියා ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය සිදු කිරීමයි. ඒ සදහා ඔවුන් Material Engineering, Mechanical Engineering , Electrical and Electronic Engineering, Software Engineering වැනි රැකියා ක්ෂේත්‍ර වල ප්‍රවීනයන් මේ සදහා යොදවාගෙන ඇත. VEGA හි ආකෘතිය ගැන කතා කරන විට මෙහි මුලික සැකැස්ම සදහා Carbon Fiber නම් අමුද්‍රව්‍ය යොදාගෙන ඇති අතර එහි මෙය ආසන දෙකකින් සමන්විත සැකැස්ම sleek aerodynamic පෙනුමකින් යුක්ත වේ. electric motor දෙකකින් සමන්විත වන මෙහි බර 1600Kg කි. මෙහි ඇති electric motor දෙකේ සම්පුර්ණ බලය අශ්ව බල 900 කට වඩා වැඩිය.එසේම Gear box දෙකක් භාවිතා කොට මෙම electric motors දෙක වෙන වෙනම පිටුපස සවී කොට ඇත. එසේම මෙහි සුපිරි ගණයේ තිරිංග පද්ධතියක් සහ suspension පද්ධතියක් සවි කර ඇත. එසේම මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 240 ක වේගයක් ඇති අතර තත්පර 4කටත් වඩා අඩු කාලයකින් නිශ්චලව සිට පැයට කිලෝමීටර් හැටක (0-60kmph ) වේගයක් අත් කරගත හැක.

Digital Differential

අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සැම වාහනයකටම Differential එකක් තිබේ. මෙමගින් වාහනය වංගුවක් ගන්නා විට රෝද දෙකට බලය අවශ්‍ය අනුපාතයට බෙදා දීම සිදුවේ. නමුත් මෙම VEGA නම් සුපිරි මෝටර් රථයේ පිටුපස රෝද දෙකට electric motors දෙකක් වෙන වෙනම සවි කොට ඇති අතර ඒවා වෙන වෙනම පාලනය කිරීමට හැකියාවක් තිබෙන නිසා මොවුන් විසින් ඒ සදහා Digital Differential යක් සාදා ඇත. එය භාවිතා කිරීමෙන් සුක්කානම හරවා ඇති කෝණය හඳුනා ගෙන සහ රියදුරා හට අත් කර ගැනීමට අවශ්‍ය වේග සීමාව හදුනාගෙන රෝද දෙකට නිසි පරිදි බලය බෙදාහැරීමට හැකියාව ඇත. මෙය භාවිතා කිරීමෙන් ඇති වාසි වන්නේ මෙය Digital system එකක් වන නිසා මෙහි නිවැරදිභාවය mechanical system එකකට වඩා වැඩි වන අතර මෙය ඉතා වේගයෙන් ක්‍රියාත්මක වේ. එම නිසාම මෙම සුපිරි රථයේ ස්ථායිතාව සහ මාර්ගයේ රදවා තබා ගැනීමේ හැකියාව වැඩි නිසා මෙම රථයට වැඩි වේගයකින් ගමන් කල හැකි අතර ආරක්ෂාකාරීව වංගු ගැනීමේ හැකියාව තිබේ.

Battery Pack

මෙහි ඇති electric motors දෙක සහ බැටරි cells පිටරටින් ගෙන්වා ඇත. එසේම මෙම electric motors දෙකට අවශ්‍ය විදුලි බලය සැපයෙන්නේ 3.3v Lithium ferro phosphate cells 600කිනි (LiFePO4 cells). සාමාන්‍යයෙන් භාවිතා වන smart phones සහ laptops වල තිබෙන්නේ LiCoO2 වන  නමුත් මේ LiFePO4 වල chemical stability එක ඉතා වැඩි නිසා දිගු කාලයක් පුරාවට ආරක්ෂාකාරීව විදුලි බලය සැපයීමේ  හැකියාවක් මේවාට ඇත. මෙහි බැටරි ඇසුරුම් (Battery Pack) 12ක් ඇති අතර එක බැටරි ඇසුරුමක cells 50ක් බැගින් ඇත. මේවා භාවිතා කිරීමේදී සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි වේ. එම නිසා මේවාහි කාර්යක්ෂමතාවය අඩු වේ. එම නිසා එය පාලනය කිරීමට මෙහි Glycol Cooling System එකක්ද යොදාගෙන තිබේ

Digital Battery Monitoring System

. එසේම මේ සදහා Digital Battery Monitoring System එකක් භාවිතා කර ඇත. මෝටර් රථය ධාවනය වන විට cells වල වෝල්ටියතාවය අඩු වේ. ක්‍රමක් ක්‍රමයෙන් මෙය අඩුවෙන විට ආරක්ෂාකාරී මට්ටමට වඩා වෝල්ටියතා අගය පහල ගියහොත් මේ cells විනාශ වීමට ඇති හැකියාව බොහෝ සෙයින් වැඩිය. එය වලක්වා ගැනීම සදහා මෙම Digital Battery Monitoring System එක භාවිතා කොට ඇති අතර එමගින් තිබෙන cells 600ම voltage වෙන වෙනම ඉතාමත් නිවැරදිව මැන ගැනීමේ හැකියාවක් තිබේ. ආරක්ෂාකාරී මට්ටම ඉක්මවා  යන බැටරි cell තිබුනොත් ඒ බැටරි පද්ධති විසන්ධි කර හානි සිදු වීමෙන්  ආරක්ෂා කර ගැනීම මෙන්ම ඒ පිලිබඳ රියදුරා දැනුවත් කිරීමේ හැකියාවද මෙම පරිඝනක පද්ධතිය සතුය . තවද එමගින් විනාශ වී ගිය බැටරි cell පැවතියොත් එය නිවැරදිවම කුමන  බැටරි පද්ධතියේ කුමන  cell එකද යන්න හදුනාගත හැක. එවිට සේවා ස්ථානයකින් ඉතා අඩු මුදලකට අදාල බැටරි cell එක පමණක් ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාවක් ඇත. මෙහි බැටරි charger එක මෝටර් රථයේ ඇතුලතම(ON – BOARD CHARGER ) සවි කොට ඇත. එසේම සාමාන්‍ය ගෘහස්ථ විදුලි පද්ධතියක් ආධාරයෙන් මේ බැටරි පද්ධතිය පැය 4කින් සම්පුර්ණයෙන්ම ආරෝපණය කිරීමටද හැකියවක් ඇත.

ඉදිරියේදී දැක ගනු හැකි Public Charging Station

එසේම VEGA කණ්ඩායම මගින් Public charging station උපාංගයක්ද නිර්මාණ කොට ඇති අතර ඉදිරියේදී මෙම Public charging stations ලංකාව පුරාම ඉදිරියේදී දැක ගනු හැක . එසේම super charging unit එකක් නිර්මාණය කිරීමට අදහසක්ද ඔවුන්ට තිබේ. super charging unit භාවිතයෙන් විනාඩි 20ක් ඇතුලත බැටරිය 80% ආරෝපණය කිරීමට හැකියාවක් ඇත. එසේම ආරම්භයේදී පැවසු සේම ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් වූ  බැටරිය වරක් සම්පුර්ණයෙන්ම ආරෝපණය කල පසු 240 Km දුරක් ධාවනය කිරීමට හැකි වීම ද මෙම මෝටර් රථයට ඇති විශේෂ හැකියාවක්ය.

මෙහි භාවිතා ඇති උපාංග කිහිපයක් පිටරටින් ගෙන්වා ගත් ඒවා වන අතර අනිකුත් සෑම දෙයක්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඒවා වීම විශේෂ කරුණක්ය. විශේෂයෙන් මෙහි ඇති තාක්ෂණය සදහා භාවිතා කර ඇති දැනුම 100% ක්ම ලංකාවේ සිටින දක්ෂයන්ගේ දැනුම වීම විශේෂිත වගේම ආඩම්බර විය යුතු කරුණකි. වරක් ආචාර්ය බේශාන් කුලාපල මහතා කල ප්‍රකාශයක් වන්නේ අලුත් දෙයක් නිපදවීමට අවශ්‍ය වන්නේ අලුත් දේවල් අත්හදා බැලීම, අලුත් දේවල් ඉගෙන ගැනීම සහ නොපසුබස්නා උත්සාහයයි. එම ප්‍රකාශය මෙම සුපිරි මෝටර් රථයේ ගමන් මග තුලින් මනාව පැහැදිලි වන අතර එය අපගේ ජිවිතයට එක් කර ගත හැකි මනා ආදර්ශයකි.  

ශ්‍රී ලංකික පුරවැසියෙක් වශයෙන් ඔබත් මමත් මෙරට නිෂ්පාදනයක් වන මෙම සුපිරි මෝටර් රථය ධාවනය කිරීමට ඉතා ආඩම්බරයෙන් යුක්තව මග බලා සිටී. මෙම ව්‍යාපෘතිය 100% ක්ම අවශ්‍ය ආකාරයෙන් සාර්ථක කරගැනීමට මෙන්ම ලෝකය ජය ගැනීමට ආචාර්ය හර්ෂ සුභසිංහ ඇතුළු ව්‍යාපෘතියේ සියලුම පිරිසට හැකි වේවායි Techwire කණ්ඩායම හදවතින්ම සුභ පතමු !

Windows 10 හි අලුත්ම යාවත්කාලීනය

Microsoft සමාගම පවසන ආකාරයට Windows 10 හි ප්‍රධාන යාවත්කාලීන කිරීම් දෙකක් අවුරුද්දකට ලබා දෙන අතර මෙම අවුරුද්දේ මුල්ම යාවත්කාලිනය එනම් Windows 10 May යාවත්කාලිනය මෙම මැයි මාසයේදී නිකුත් කළේය. එහිදී , මීට පෙර වූ යාවත්කාලිනය Windows 10 October යාවත්කාලිනය ලෙස හැදින්වූ අතර එය 2018 ඔක්තෝම්බර් වලදී නිකුත් වූ අතර එහි ඇති බොහෝ දේවල් සදහා අලුත් විශේෂාංග එකතු වී ඇත.

LIGHT THEME

New Light Theme යනු මෙවර 2019 Windows May යාවත්කාලිනයේ Visual පැත්තෙන් සිදුවී වී ඇති විශාල වෙනසකි. මෙය Windows 10 අලුත්ම සංස්කරණයේ Default Theme එක ලෙස ක්‍රියා කරයි. තද වර්ණ හා තද කළු වර්ණ සැම විටම Windows මෙහෙයුම් පද්ධතිය සදහා නොගැලපෙන අතර මෙම සුදු පැහැයෙන් යුක්ත New Light Theme එක යොදාගැනීමේදී මෙහෙයුම් පද්ධතිය හොදින් ක්‍රියා කරන බැවින් මෙය යොදගෙන ඇත. එසේම මෙම තේමාවට ගැලපෙන ආකාරයෙන් Default Wallpaper හිද වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත.

WINDOWS SANDBOX

Windows SandBox යනු 2019 Windows May යාවත්කාලීනය සමග Windows 10 සදහා එකතු වන අලුත්ම විශේෂාංගයකි. Windows මෙහෙයුම් පද්ධතිය මත නාදුනන මෘදුකාංග ක්‍රියා කිරීමේදී ඇති වන හානි පාලනය කිරීම සදහා මෙය නිර්මාණය කර ඇත. එනම් මෙය මගින් තාවකාලික Desktop Environment එකක් සෑදෙන අතර එය තුල නාදුනන හෝ සැකයක් ඇති මෘදුකාංගය හෝ Script එක ක්‍රියා කර එය නිසා පරිගණකයට හානියක් සිදුවේදැයි බැලිය හැක.

CORTANA සහ SEARCH BAR එක වෙන් වේ.

ඔබ Windows හි ඇති Cortana Digital Assistant  හි රසිකයෙක් නොවේනම් Microsoft විසින් එයට මෙවර යාවත්කාලිනයෙන් විසදුමක් ලබා දී ඇත. Cortana භාවිතයෙන් අපට අපේ වාචික විධානයන් භාවිතා කර සියලු දේ  සදහා ප්‍රවේශ වීමට මාර්ගය පාදා ගත හැක. මෙවර යාවත්කාලිනයෙන් taskbar එකෙහි Search Box හා cortana එකිනෙකින් වෙන් කොට ඇත.  එනම් Search Box එක භාවිතා කිරීමෙන් Keyboard Input මගින්ද Cortana භාවිතා කිරීමෙන් වාචික විධානයන් භාවිතා කර අපට අවශ්‍ය දෑ පරික්ෂා කල හැක.

Brightness Slider

Brightness Slider එක භාවිතයෙන් ඉක්මනින් අපට අවශ්‍ය මට්ටමකට Brightness වෙනස් කල හැකි අතර මුලින් අපට අවශ්‍ය ආකාරයට Brightness වෙනස් කිරීමට නොහැකි වූ නමුත් මෙය භාවිතයෙන් එය වඩාත් පහසු කොට ඇත.

KAOMOJI (╯°□°)╯︵ ┻━┻

මෙවර Windows යාවත්කාලිනයෙන් ඔබගේ යහළුවන්ට හෝ තව ඕනෑම කෙනෙකුට Kaomoji යැවීමට හැකි අතර එය දැනට පවතින emoji ගන්නා ආකාරයට එනම් win+period (.) හරහා එය ලබාගත හැක. එහි  Kaomoji ගණනාවක් ඇත.

Windows Updates තාවකාලිකව නවතා දැමිය හැක.

අවසානයේදී Microsoft විසින් ඔවුන්ගේ පරිශීලකයින් හට සවන් දී ඇත. එනම් මෙවර යාවත්කාලිනයෙන් පරිශීලයකයන් හට Windows හි සිදුවන යාවත්කාලිනයන් පාලනය කිරීමට අවස්ථාව ලබා දී ඇත. එනම් පරිශීලකයන්ට යාවත්කාලීන කිරීම තාවකාලිකව නවතා දැමිය හැකි අතර පරිශීලකයන් හට නවතම යාවත්කාලිනය ඔවුන්ට අවශ්‍ය වෙලාවට ස්ථාපනය කිරීමට හැකිය. එනම් මෙම වෙනස සමග පරිශීලකයන්ට වඩාත් පහසු වේ.

Google සහ Nest එකතුව ගෙන එන Google Nest Hub Max

Google Nest Hub Max යනු මෙවර Google I /O වැඩසටහනේදී පෙන්වූ තවත් නිර්මාණයකි. මේ වන විට Google සහ Nest යන කණ්ඩායම් මෙය නිර්මාණය කිරීම සදහා එකතු වී ඇත. කැමරාවකින් සහ අඟල් 10 ක පමණ Smart තිරයකින් මෙය සමන්විත වේ.

2018 දී නිකුත් වූ අගල් 7ක් පමණ දිගැති Google Home Hub හි කැමරාවක් නොමැති වීම එහි එක අඩුවක් විය. එම නිසා මෙවර Google කණ්ඩායම Nest කණ්ඩායම සමග එකතු වී ඇත. Nest යනු ආරක්‍ෂිත කැමරා සහ Smart උෂ්ණත්ව පාලක යන නිර්මාණ සැදීම සදහා ඇති ප්‍රසිද්ධ සමාගමකි. Google සමාගම 2014 දී නැවතත් Nest සමාගම අත්පත් කර ගත් අතර මෙය මුලින්ම Google හි මව් සමාගම වන Alphabet විසින් වෙනම ව්‍යාපාරයක් ලෙස පවත්වා ගිය අතර පසුගිය වසරේ මුල් කාලයේදී Nest සමාගම Google සමාගම විසින් පවරාගෙන ඇත. මාස පහකට පසු Nest සමාගම  Google Smart Home අංශය සමග එකතු විය. එසේම Nest සමාගම මිට පෙර Google Hardware අංශය යටතේද ක්‍රියා කර ඇත.

Nest Hub Max හි ඇති කැමරාව උපයෝගී කරගෙන , ඔබ ගෙදරට පැමිණෙන විට ඔබගේ මුහුණ හදුනා ගත හැකි අතර, පසුතල දැනුම්දීම් හෝ ඔබගේ ඡායාරූප සමග  background slideshow ක් සදහා Personalized මුල් පිටුවක් ගෙන එනු ඇත. මෙම විශේෂාංගය Face Match නමින් හැදින්වේ.

එසේම Nest Hub Max මගින් Video calls ගැනීමටද හැකි අතර ඔබ ඇමතුමක සිටින විට Smart කැමරාව මගින් ඔබගේ ඉරීයව්ව සදහා හොදින් අවධානය දී එය විශාලනය කිරීමට හැක. එසේම ඔබ රාමුව තුල සිටීන බවද වග බලා ගත හැක.

එසේම මෙහි ඇති සුවිශේෂ විශේෂාංගයක් වන්නේ මෙය ගෙදර ඇති අනිකුත් Smart උපාංග සදහා පාලක පැනලයක් (Control Panel) ලෙස ක්‍රියා කරයි. එසේම ඔබගේ හඬ විධානය(Voice Command ) උපයෝගී කරගෙන එහි ඇති ඡායාරූප බැලීමට, හෝ YouTube වීඩියෝ ක්‍රියා කිරීමට හැක. එසේම ඔබගේ අත ඔසවා එහි ක්‍රියාත්මක වෙමින් පවතින වීඩියෝ හෝ සින්දුවක් නැවැත්විය හැක. මෙහි ඇති කැපී පෙනෙන විශේෂාංගයක් වන්නේ මෙහි ඇති  speakers සහ එහි ඇති ඉහල ගුණාංගයකින් යුක්ත වූ ශබ්දයය.

$229 ක් වැනි මුදලකට මෙම අවුරුද්දේ ඒමට නියමිත මෙය Nest සමාගම හා Google සමාගම එකතු වී කරන ඉහල තාක්ෂණික මෙවලම් හා විකල්ප වලින් යුක්ත උපාංගයකි.  

OnePlus 7 Pro

ජංගම දුරකථන ලෝකය යනු දවසින් දවස අලුත් දෑ නිපදවන පෙරලිකාරාත්මක ලෝකයකි. OnePlus යනු එම ලෝකයේ ඉන්නා එක් දැවැන්තයෙකි. ජංගම දුරකථන ලොව පෙරළියක් සිදු කරමින් OnePlus සමාගමෙහි අලුත්ම නිෂ්පාදන වන OnePlus 7 සහ OnePlus 7 Pro යන දුරකථන දෙක  මෙම මස 14 වන දින එළිදැක්වූයේය. මෙහිදී බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වන ජංගම දුරකථනය වන්නේ OnePlus 7 pro යන ජංගම දුරකථනයයි.

OnePlus  7 Pro හි පෙනුම

අඟල් 6.7 ක් පමණ දිගැති මෙම ජංගම දුරකථනය මුළුමනින්ම එම ඉඩ ප්‍රමාණය දුරකථනයේ තිරය සදහා පමණක් භාවිතා කල ඇත. එනම් සාමාන්‍ය Smart දුරකථන සේ Notches නැත, camera lenses නැත. මෙහි තිරයේ ඇත්තේ මුළුමනින්ම භාවිතා කල හැකි Glass එක සහිත තිරය පමණි. මෙය කාගේත් සිත් ගත් කරුණකි. මෙහි වැදගත් වන තවත් කරුණක් වන්නේ මෙහිදී Display එක සදහා භාවිතා කල ඇති තාක්ෂණයයි. එනම් එහි ඔවුන් විසින් භාවිතා කල ඇත්තේ ලොව අලුතෙන්ම හදුන්වා දුන් තාක්ෂණයක් වන Fluid AMOLED නම් තාක්ෂණයයි. එසේම මෙහි 3140 x  1440 resolution එකක් සහ HDR10+ වගේම අඟලක් තුල 516 pixels සහිත තිරයකින් මෙය නිමා කොට ඇත. ඒ වගේම මෙහි ඇත්තේ Quad-HD+ display කි. එසේම මෙම දුරකථනය Mirror Grey, Almond සහ Nebula Blue යන පැහැයවල් 3 න් ඇත.

OnePlus 7 Pro හි Fingerprint Lock

මෙය මෙම ජංගම දුරකථනයේ සුවිශේෂ විශේෂාංගයකි.  මෙහි භාවිතා වන Fingerprint Lock එක සාමාන්‍ය ජංගම දුරකථන වල ඇති Fingerprint Lock වගේ නොවේ. මෙහි භාවිතා වන Fingerprint Lock එක In Screen FingerPrint Lock එක වේ. එනම් මෙහිදී FingerPrint Lock එක භාවිතා කිරීමට හැක්කේ දුරකථනයේ ඇති Screen එක සමග වේ. එසේම මෙය ඉතාමත් වේගවත් Screen Unlock පද්ධතියකි.

OnePlus 7 Pro හි කැමරාව

මෙහි කැමරාව ගැන කතා කරන විට එහි පසුපස කැමරා පද්ධතිය නැත්නම් ප්‍රධාන කැමරා පද්ධතිය කැමරා තුනකින් සමන්විත වේ. එනම් ප්‍රධාන කැමරාවේ 48 MP, f/1.6, 1/2sensor, OIS සහ එහි දෙවැනි කැමරාවේ 8 MP, f/2.4, 3x zoom, OIS සහ එහි තුන්වන කැමරාවේ 16 MP, f/2.2 ආකාරයෙන් සකසා ඇත. එසේම 16 MP, f/2.0 වන මෙහි ඉදිරිපස කැමරාව ගැන කතා කරන විට ඔවුන් යොදාගෙන ඇත්තේ pop-up එකක් ලෙස යොදාගන්නා කැමරා තාක්ෂණයයි. මෙම තාක්ෂනය මිට පෙර දුරකථන කිහිපයක යොදාගත්තත් එය බොහෝ දෙනෙක් අකමැති වූ තාක්ෂණයකි. එනම් මෙය යොදාගැනීමේදී එහි ඇති කැමරාවේ ආරක්ෂාව අඩු බවයි බොහෝ දෙනෙක්ගේ මතය. නමුත් OnePlus සමාගම මෙම සමාගම මෙම තාක්ෂනය යොදාගෙන ඇත්තේ එයටද පිළිතුරක් යොදාගෙනය. එනම් යම් කිසි ආකාරයකින් දුරකථනය වැටුණොත් එය විසින් ක්ෂණිකව එම අවස්ථාව හදුනාගෙන කැමරාව ඇතුලට ගනියි.

Battery  Life

මෙහි Battery ගැන කතා කරන විට එය Li-Po  4000mAh ප්‍රමාණයකින් යුක්ත බැටරියකි. මෙය ගැලවීමට බැරි බැටරියකි. එසේම මෙහි බැටරිය ඉතා වේගයෙන් නැවත Charge කල හැකිය.

High Quality Performance

මෙම දුරකථනයේ Qualcomm SDM855 Snapdragon 855 (7 nm) චිප් එකක් වගේම Adreno 640 GPU එකක් භාවිතා කරයි. එම නිසා මෙහි හිරවීම් වැනි ගැටළු ලේසියෙන්ම සිදු නොවේ. එනම එවැනි දෑ සිදු නොවන තරම්ය. එසේම 12GB RAM එකකින් යුක්ත වන මෙය Octa-core CPU එකක් භාවිතා කල ඇත. මෙම කරුණු සමග බලනවිට මෙම දුරකථනයේ  Performance ඉතා හොද මට්ටමක ඇති බව පෙනේ.

මෙම දුරකථනයේ මිල $669 කින් පටන් ගන්නා අතර OnePlus සමාගමේ මෙම නිපැයුම අනිකුත් දුරකථන සමාගම් වලට හොද තරගයක් ලබා දෙන බව මාගේ පෞද්ගලික මතය වේ.

Flutter හි නව සංස්කරණයේ තොරතුරු

මෙවර Google I /O 2019 වැඩසටහනේදී Google සමාගම විසින් Flutter නවතම සංස්කරණය වන Flutter 1.5 එළිදක්වීම් සිදු කළේය. Flutter යනු open source mobile UI framework එකක් වන අතර එය Android සහ IOS සදහා Native Interface සැදීම සදහා යොදාගත්තේය. නමුත් මෙවර Google I /O 2019 වැඩසටහනේදී එළිදැක්වූ Flutter හි නවතම සංස්කරණය සමග Flutter යනු තවදුරටත්  mobile UI framework නොවන අතර Flutter හි 1.5 සංස්කරණය අනුව Flutter යනු open source multi-platform UI framework වන බව දැනුම් දුන්නේය. එනම් එය WEB, DESKTOP, MOBILE සහ EMBEDDED DEVICES සදහා යොදාගත හැකිය.

Flutter හි ඉතිහාසය ගැන සදහන් කරන විට, එහි පළමු සංස්කරණය පැමිණෙන්නේ SKY යන නමින්  2015 දී වන අතර එහිදී එය Android Platform සදහා පමණක් නිර්මාණය කල තිබුණේය. ඊටපසු 2017දී  Flutter වශයෙන් මුල්ම Alpha සංස්කරණය නිකුත් කරන අතර 2018 December වන විට Flutter හි 1.0 සංස්කරණය නිකුත් කළේය. එනම් එය Android සහ IOS සදහා භාවිතා කල හැකි ආකාරයේ Cross-platform framework එකක් විය. Dart යන Programming Language එක Flutter සදහා යොදාගනියි. Dart යනු Google සමාගම මගින් හදුන්වා දුන් Programming Language යක් වන අතර එය හදුන්වා දීමේදී ඔවුන්ගේ පරමාර්ථය වුයේ JavaScript නම් Programming Language සදහා තරගකාරිත්වයක් ලබාදීමයි. නමුත් ඔවුන් සිතු ආකාරයට එය ප්‍රචලිත කරගැනීමට නොහැකි විය. නමුත් Flutter හි ආගමනය සමග මේ වන විට Dart යන  Programming Language ද යම් කිසි ආකාරයක වර්ධනයක් පෙන්නුම් කරමින් පවතියි.

Flutter for Web

Google හි Flutter කණ්ඩායම විසින් Flutter WEB  සමග සම්බන්ධ වන ආකාරය පෙන්වා දුන් අතර ඔවුන් පැවසුවේ එය පර්යේෂණ මට්ටමේ පවතින බවය. මෙවර Google I /O වැඩසටහනේදී WEB Application සදහා Flutter උපයෝගී කරගන්නා ආකාරය පෙන්නුම් කිරීමට යොදාගත් Kenken puzzle නම් තරගය සංවිධානය Google සමාගමේ කණ්ඩායමක් New York Times කණ්ඩායම සමග එකතු වී ඇති අතර ඔවුන් විසින් තවදුරටත් පැවසුවේ මෙය සදහා යොදාගත් Flutter codes  Android, iOS, web, Mac, සහ Chrome OS සදහාද යොදා ගත හැකි බවය.

Flutter for Desktop

Desktop සදහා Flutter ව්‍යාපෘතිය තව දුරටත් පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් නොවන අතර එය හොද මට්ටමක පවතින බව Google කණ්ඩායම විසින් සදහන් කල අතර Windows, Mac, සහ  Linux platform සදහා Flutter app සාදන ආකාරය පිළිබද මුලික කරුණු නිකුත් කර ඇති බව ඔවුන් වැඩි දුරටත් කළේය. එසේම මෙම Flutter app සැදීම සදහා ඔබට Visual Studio Code හෝ Android Studio භාවිතා කල හැකි අතර ඔබට එම app එක පරීක්‍ෂා කිරීම සදහා Emulator ය  නොමැතිව Chrome Web Browser පාවිච්චි කල හැකිය.

Flutter for Embedded Devices

Google සමාගම විසින් embedded devices සදහාද Flutter යොදා ගත හැකි බව අවසානයේදී ප්‍රකාශ කල අතර  Google කණ්ඩායම විසින් Flutter යොදාගෙන නිර්මාණය කල Projects කිහිපයක් නිකුත් කල ඇත. ඒ සදහා ඔවුන් Raspberry Pi නම් smaller-scale devices යොදාගෙන ඇත.

Flutter for Mobile Devices

Mobile Devices සදහා Flutter යොදා ගැනීම අලුත් දෙයක් නොවේ. මේ වන විට ලංකාවේ සේම ලෝකය පුරාම මෙම  mobile UI framework ය ප්‍රචලිත වෙමින් පවතියි. එසේම Flutter 1.5 නව සංස්කරණය සමග නව විශේෂාංග බොහොමයක් එකතු වී ඇති බව Google කණ්ඩායම විසින් මෙවර Google I /O වැඩසටහනේදී ප්‍රකාශ කළේය. එසේම Flutter Upgrade නම් විධානය උපයෝගී කරගනිමින් නව සංස්කරණය යාවත්කාලින කල හැක.

දවසින් දවස දියුණු වන මෙම Flutter සමග Google කණ්ඩායමේ අරමුණ වන්නේ සැම පද්ධතියක් සදහාම Flutter භාවිතා කල හැකි ආකාරයෙන් Flutter  multi-platform UI framework ය දියුණු කිරීමයි.

Google I/O 2019

Google-IO-2019

Google I/O කියන්නේ Google සමාගම විසින් වාර්ෂිකව පවත්වන ඔවුන්ගේ අලුත් දේවල් ගැන කියන, පෙන්වන ලෝකෙම අවධානය යොමු වෙන Tech Event එකක්. මෙවර Google I /O 2019 Conference ඊයේ එනම් May 7 පටන් ගත්තා. එහිදී මුලින්ම තිබ්බේ Google I /O 2019 එකේ Keynote එක වන අතර එය ආරම්භ කරේ Google සමාගමේ CEO වන Sundar Pichai විසින්ය. මෙවර Keynote විශේෂාංගයේදී ඔවුන්ගේ නවතමව දේවල් කීපයක් එළිදැක්වූවා.

PIXEL 3A සහ 3A XL

Google PIXEL 3A සහ Google PIXEL 3A XL කියන්නේ මෙවර Google I /O පටන් ගන්නට පෙර සිටම බොහෝ දෙනෙක් අතර කථා වුන Phone වර්ග 2ක්. එහිදී පැවසු වැදගත්ම දේ තමයි මේ Phone දෙකම ඊයේ සිටම අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට ඇති බවත් එහි මිල $399 ආරම්භ වන බවත්ය. මෙම PIXEL Phone දෙකේම කාගෙත් සිත් ගැනීමට හේතුව මෙහි Camera Features වන අතර Night Sight, Super Res Zoom එයින් විශේෂිත වේ. ඒ වගේම මෙම Phone දෙකේම Google Photos Cloud Storage එක Unlimited ලබා දීම, මෙවැනි අඩු මිලකින් මෙහි මිල ආරම්භ වීම විශේෂ වේ. දැනටමත් රටවල් 13 ක් අතර මෙම Phone දෙකම විකිණීමට ආරම්භ කර
ඇත.

Google NEST HUB MAX

Google NEST HUB MAX ගැනත් ඊයේ Google I /O Keynote විශේෂාංගයේදී ප්‍රකාශ කලා. Google NEST HUB MAX ගැන කතා කරන විට එහි විශේෂත්වය වන්නේ එහි අඟල් 10ක් පමණ ප්‍රමාණයෙන් ඇති Smart Display, Security Camera සහ Loudspeakers උපාංගයි. ඒ වගේම Google NEST HUB MAX එකේ ඇති Camera මගින් සිදු කරන Facial Recognition ක්‍රියාවලිය සහ එහි Google Assistant ගේ ක්‍රියාවලිය තව සුවිශේෂ ක්‍රියාවන්ය.එහි මිල $229 පටන් ගන්නා අතර මීලග මාස කිහිපය ඇතුලත එය වෙළදපලට පැමිණීමට නියමිතයි.

ANDROID Q

Android Q කියන්නේ Android මෙහෙයුම් පද්ධතියේ එන්න තියෙන අලුත්ම Version එක වන අතර Google I/O පැවැත්වීමට පෙර Android Q Beta Version කිහිපයක් ඔවුන් Release කර තිබ්බේය. මෙහිදී ඔවුන් Android Q වල අලුත්ම BETA Version launch කළේය. එහිදී Dark Theme එක නැවත ලබාදී තිබෙන අතර එය මුල් Beta version වල තිබ්බත් එය on off කරගැනීමේදී ගැටළු පැන නැගී තිබුන අතර මෙහිදී එය නිවැරදි කර ඇති බවයි සදහන් වුයේ. The Verge සගරාවේ Executive Editor වන Dieter Bohn මෙය අත්හදා බැලීමක් කර ඇති අතර ඔහු පවසා ඇත්තේ මෙහි Theme එකේ පැහැය හරි කළු පැහැය බවත් තද අළු පැහැයක් නොගන්නා බවය. ඒ වගේම මෙවර Google I /O Keynote එකේදී Google සමාගම විසින් Security ගැන විශේෂයෙන් කතා කලා.

Google Lens


Google Lens කියන්නේ පසුගිය වසරේ බොහෝ දෙනෙක් අතර කථා බහට ලක්වුන
මාතෘකාවක්ය. මේ වසරේදීත් ඔවුන් Update කිහිපයක් සිදු කර ඇති අතර එය බොහෝ
දෙනෙක්ගේම කථා බහට ලක්වූයේය. මෙවර ඔවුන් පැවසු ආකාරයට අපට Google Lens යොදාගෙන Restaurant එකක බිල්පතක එකතුව Google Lens මගින් කෙලින්ම ලබා ගත හැක.

Google Lens යොදාගෙන සිදු කරන Translations Option එක අනික් සුවිශේෂ කරුණ වේ.මෙහි ඇති සුවිශේෂම කරුණ වන්නේ එම Translations Option එක යොදාගෙන අකුරු කියවන්න බැරි කෙනෙක්ට පවා ඔහුට හෝ ඇයට අවශ්‍ය දේ එම Google Lens යොදාගෙන ඇසීමට හැකි බවය. මෙහි දී ඔවුන් එය ඉන්දියාවේ භාවිතා කරන අයුරු උදහරණයක් ලෙස පෙන්වූ අතර ඔවුන් පැවසුවේ මෙම Update එකෙන් පසුව විවිධ භාෂා බොහොමයක් සදහා මෙය උපයෝගී කර හැකි අයුරෙන් ලබා දෙන බවය.

Google Duplex සහ Google Assistant


Google Duplex කියන්නේ ගිය අවුරුද්දේ කාගේත් කතාබහට ලක් වුන දෙයක්ය. Sundar Pichai විසින් ඊයේ පැවසුවේ මෙය Web Platform එක සදහාත් ඉදිරියේදී එන Update සමග නිකුත් කිරීමට නියමිත බවය. තවද අපි කවුරුත් දන්න Google Assistant තවත් Update වන බව ඊයේ දිනයේදී ඔවුන් පැවසුවේය. එනම් Google Assistant යොදාගෙන Email වලට Reply කරන ආකාරය, ඒ වගේම එය යොදාගෙන Image තෝරාගන්න හැටි, ඒ වගේම එහි කාර්යකෂම බව බොහෝ දෙනෙක්ගේ සිත් ඇදගත් කරුණක් විය.

Incognito Mode දැන් Google Maps වලටත්


ඊයේ දිනයේදී. Sundar Pichai විසින් සිදු කර තවත් විශේෂ දෙයක් වන්නේ Incognito Mode එක Google Maps වලටත් ලබාදෙන බවය. එහිදී ඔවුන් පැවසුවේ මෙය Web සහ App යන Platform දෙකටම ඉදිරියේදී ලබාදෙන බවත් එමගින් මාස 3 සිට 18 දක්වා කාල පරාසයක් තුළ පරිශිලකයා හට ඔවුන්ගේ පැරණි ස්ථානීය තොරතුරු ඉවත්කල හැකි බවය. මෙය Security සහ Privacy අතින් වටිනා කරුණක්ය.

ඒ වගේම Google I /O Keynote එක බලන්න ඔබට මග හැරුන නම් පහතින් ඔබට එහි අන්තර්ගත වූ විශේෂාංග කෙටියෙන් බලාගත හැක.