TechWire

ගනිඳු නානායක්කාර යනු නව නිර්මාණ ශිල්පියෙකු සහ මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. SLIIT ආයතනයේ ඉගෙනුම ලබා ඇති මහු ආදි ආනන්දීයයෙකු ද වේ. මෙම වසරේ Verizon ආයතනය මගින් පැවැත්වූ Powerful Answers තරඟයේ ප්‍රවාහන අංශයේ දෙවන ස්ථානය ලබාගැනීමට ගනිඳුගේ iHelmet නිර්මාණයට හැකිවූ අතර, ඔහුට හිමිවූ ජයග්‍රාහී ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 500,000ක් විය.

Powerful Answers යනු Verizon ආයතනය විසින් සංවිධානය කරනු ලබන තරඟාවලියකි. මෙය ප්‍රධාන අංශ තුනක් (Transportation, Emergency Response සහ Internet of Things) යටතේ පැවැත්වෙන අතර එක් අංශයකින් ජයග්‍රාහකයින් 4 දෙනෙක් තෝරාගනු ලැබේ. ප්‍රථමයාට ඇමරිකානු ඩොලර් 1,000,000ක් ද, දෙවැනියාට ඇමරිකානු ඩොලර් 500,000ක් ද, ඉතිරි දෙදෙනාට ඇමරිකානු ඩොලර් 250,000 බැගින් ද ත්‍යාග මුදල් හිමිවේ. මෙවර මෙම තරඟය සඳහා 1,400කට අධික තරඟකරුවන් සහභාගී වූ අතර අවසන් සම්මාන ප්‍රදානය පසුගිය දෙසැම්බර් 9 වන දා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී පැවැත්වුණි.

iHelmet (intelligentHelmet) සතුව විශේෂාංග ගණනාවක් ඇත. මෙම විශේෂිත හිස්වැස්ම පාලනය කිරීමට ගනිඳු ඉදිරිපත් කරන්නේ Android අයදුමකි. හිස්වැස්මේ ඇති උපාංගය නිරතුරුව සංවේදනය කරගන්නා දත්ත ජංගම දුරකථනයට සම්ප්‍රේෂණය වන්නේ බ්ලූටූත් සංඥා ඇසුරෙනි. ඊට අමතරව හුරුබුහුටි දුරස්ථ-පාලකයක් ද මේ සමග ලැබෙන අතර ස්මාට්ෆෝන් භාවිතය නුපුරුදු අයට එය පහසුවක් වනු ඇත. iPhone පරිශීලකයින් හට ද iHelmet භාවිත කිරීමේ පහසුකම නුදුරු දිනෙකම හඳුන්වාදෙනු ඇතැයි අපි උදක්ම අපේක්‍ෂා කරමු.

iHelmet

සේයාරුව: http://recode.net

[mks_pullquote align=”right” width=”300″ size=”20″ bg_color=”#000000″ txt_color=”#ffffff”]මේ උපකරණය හා Android අයදුම සමඟ හිස්වැස්මක මිල $115ක් පමණ වන අතර උපකරණය හා Android අයදුම පමණක් $75ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.[/mks_pullquote]යතුරුපැදි අනතුරු වලින් නිමක් නැති රටක් වන අපට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් උපාංගයක් වනු ඇත. මෙවන් නව නිර්මාණ ශ්‍රී ලංකාව කොතෙකුත් බිහිවුවද අපගේ අවාසනාවට මෙන් එයින් වෙළඳපලට එක්වන්නේ ඉතාම අතළොස්සකි. මෙයට විවිධ හේතු තිබුණද, රජය සහ මහජනයා මෙම නිමැවුම් වෙත යොමන අඩු අවධානය එයට ප්‍රධාන හේතුවකි. TechWire අපගේ පැතුම කිසියම් අනුග්‍රාහක භවතෙකුගේ මැදිහත්වීමකින් මෙම ප්‍රයෝජනවත් හිස්වැස්ම, සාමාන්‍ය ජනයාට ආර්ථිකමයව පහසුදායක අයුරකින්, වෙළඳ භාණ්ඩයක් ලෙස ඉක්මණින්ම අප අතරට පැමිණේවා කියා ය.

Powerful Answers Awards 2015 තරඟයේ ජයග්‍රාහකයන් පහත පරිදිය.

[mks_tabs nav=”horizontal”]
[mks_tab_item title=”ආපදා කළමණාකරණය”]

$1,000,000 – Bounce Imaging

$500,000 – EmergenSee®

$250,000 – Disaster Mesh, Lifeguard Drone
[/mks_tab_item]
[mks_tab_item title=”අන්තර්ජාල සේවා”]

$1,000,000 – Zizmos Technology

$500,000 – CityTaps

$250,000 – Owlet, Smart Barn
[/mks_tab_item]
[mks_tab_item title=”ප්‍රවාහන”]

$1,000,000 – Pogo

$500,000 – iHelmet

$250,000 – i4drive, Swiftmile
[/mks_tab_item]
[/mks_tabs]

About author View all posts Author website

Chevindu Wickramathilaka

Walking is his favorite mode of travel and, comics are his favorite type of books. He can talk all day if needed and, stay silent all day if needed.
He keeps his friends close, his books closer.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.