TechWire

අලුතින් එන OnePlus 5

OnePlus

OnePlus කියනනේ දැන් ලෝකයේ කියවෙන අලුත් phone brand එකක්. එම brand එක ලෝකෙට ඇවිල්ල තාම වැඩි කාලයක් ගත වුණේ නෑ. මේ mobile phone company එක පටන් ගත්තෙ 2013 අවුරුද්දේ අන්තිම කාලෙ. මෙහි parent company එක වෙන්නෙ OPPO company එක. නමුත් ඇත්තටම බැලුවම OPPO කියන්නෙත් තව company එකක subsidiary එකක්. මේ සේරගේම parent company එක වෙන්නෙ BBK Electronic Corporation කියන චීන company එක. Made in China phone වලට මිනිස්සු අතරෙ තියෙන දුර් මතය ඉවත් කරන්න පුළුවන් වුණ company එකක් තමයි OnePlus කියන mobile phone brand එක. අද කියන්න යන්නෙ OnePlus 5 කියන අලුත්ම phone එක ගැන.

OnePlus 5

OnePlus 5 phone එක ගැන මුලින්ම කියවුනේ පසුගිය 20 තිබ්බ keynote එකකදි. ඇමරිකාව, කැනඩාව ඇතුළු රටවල් කිපයක වෙළදපොලට නිකුත් වුන එදිනම. චීනය හා ඉන්දියාව තුල මෙය වෙළඳපොළට නිකුත් වෙන්නෙ අද. නමුත් ජුනි 27 ඉදන් තමයි අනිත් රටවල මෙය නිකුත් වෙන්නෙ. ඒ කියන්නෙ ලංකාවේ අපිට 27 වෙනකන් ඉන්න වෙනවා මේ phone එක මිලදී ගන්න. $479ක මුදලකට තමයි මෙය මිල නියම වෙලා තියෙන්නෙ. ඒ කියන්නේ රුපියල් 75,000කට අසන්න මුදලක්. නමුත් බදු එකතු වුනාම එහි වටිනාකම තව වැඩි වෙන්න පුළුවන්.

OnePlus 5 එන්න කලින් release වුනේ OnePlus 3T කියන model එක. 3Tට පස්සෙ 4 අවේ නැත්තේ ඇයි කියල ඔබට ප්‍රශ්නයක් ඇති. එකට හේතුව වෙලා තියෙන්නෙ චීන මිනිස්සු අතරේ ඇදහීමක් තියෙනවා 4 කියන්නෙ අසුබ ඉලක්කමක් කියල. එක නිසා තමා අලුත් model එක OnePlus 5 කියල නම් කරලා තියෙන්නෙ.

Dual Camera

මේ phone එකේ ප්‍රධානම අංගය වෙන්නේ dual camera feature එක. Primary camera එක විදියට 16MP හා 20MP camera දෙකක් තිබෙනවා. මේ දෙකම එකතුවෙලා photo එක capture කරන නිසා දෙගුණයක් දක්වා zoom කිරීමේදී photo එකේ quality එක නොවෙනස්ව පවතිනවා. මෙය නවතම Apple iPhone 7 Plus මාදිලිය වගේම තමයි. 16MP cameraහි ඇති f/1.7 තරම් විශාල aperture එක නිසා bokeh effect එකක් දෙන්න පුළුවන් කමක් තියෙනවා. මේ නිසා blur කිරීමකින් යුත් විශිෂ්ට ඡායාරූප ගැනීමට හැකියාවක් තිබෙනවා. මෙහි ඉදිරිපස cameraව 16MP වෙනවා.

මිට අමතරව මෙහි තිබෙන camera app එක photographer කෙනෙක්ට ගොඩක් හොඳ features ලබාදීලා තියෙනවා. මේ app එකේ තිබෙන බුද්ධි ගුණය නිසා photo එක ගන්න අවස්ථාවේ වටපිට ආලෝක තත්ත්ව හඳුනාගෙන quality එක optimize කිරීමේ හැකියාවක් පවතිනවා. Pro mode එකේදී ISO, shutter speedවලට අමතරව histogram, grid lines වගේම level features වෙනස් කරලා photographerට ඕන විදියට capture කරන්න පුළුවන්. RAW විදියට වුනත් photo එක capture කිරීම කරන්න පුළුවන්. OnePlus 5 හි මේ සුවිශේෂී cameraව මගින් ගත් photo එකක clarity ගුණය ඉතා ඉහළයි. ඒ නිසා photo එකක් zoom කරට බොඳ වීමක් දකින්න ලැබෙන එකක් නැහැ. Auto focusing හැකියාව ගොඩක් optimize කරලා තිබෙනවා. පෙර OnePlus මාදිලියට වඩා 40% ගුණයකින් මෙහි focusing speed එක වැඩි කරලා තිබෙනව. මෙහි LED flashlight එකක් තමයි යොදා ගෙන තිබෙන්නෙ.

Dash Charge

OnePlus 3T model එකේ වගේම Dash Charge කියන තාක්ෂණය මෙහි භාවිත කරලා තිබෙනවා. දවසක සාමාන්‍ය වැඩ කරන්න අවශ්‍ය battery charge එක පැය භාගයක් charge කරලා කරගන්න පුළුවන් කියල තමයි සමාගම කියන්නෙ. 3300mAh පමණ battery එකක් OnePlus 5 සඳහා මොවුන් හඳුන්වාදීලා තියෙනවා. Battery එක 100% charge කිරීමට ඔබට පැයක් පමණ කාලයක් තමයි ගතවෙන්නෙ. Video එකක් බලන් අතරතුර charge කරනවා නම් පැයක් ඇතුළත 75% පමණ charge කිරීමේ හැකියාවක් පවතිනවා. USB C port එකක් තමයි OnePlus 5වල තිබෙන්නෙ.

Specifications

Specifications ගැන කතා කරොත්, display එක අගල් 5.5ක ප්‍රමාණයකින් යුක්ත වෙනවා. Pixel 1080 x 1920 ප්‍රමානයකින් යුත් resolution එකක් මෙහි display එකට තිබෙනවා. වර්ණ මිලියන 16ක් පමණ මෙහි අඩංගු වෙලා තිබෙනවා. OnePlus 5 හි විශේෂ දෙයක් වන්නෙ මෙය dual SIM phone එකක් වීමයි. Qualcomm MSM8998 Snapdragon 835 chipset එකක් හා Octa-core CPU එකක් මෙහි තිබෙනවා. ඊට අමතරව Adreno 540 GPU එකකුත් මෙහි අන්තර්ගත වෙලා තිබෙනවා. මෙහි 8GB හෝ 6GB RAM එකක් තිබෙන නිසා ඉතා වේගවත් බවක් තිබෙනවා. විශේෂයෙන්ම apps කීපයක් එකවර වැඩ කරන්න වගේම එකින් එක මාරු වීම ඉක්මණින් කරන්න පුළුවන්. මෙහි හි 128GB හෝ 64GB internal storage එකක් තමයි තිබෙන්නෙ. වැඩි දුර upgrade කිරීමේ හැකියාවක් නැති නිසා storage සම්බන්ධයෙන් එතරම් වාසිදායක බවක් පෙනෙන්න නැහැ.

මෙහිදී usage patterns අධ්‍යනය කරලා app suggestion කිරීමේ තාක්ෂණයක් පවතිනවා. Midnight Black හා Slate Gray වර්ණ දෙකෙන් තමයි OnePlus 5 වෙළඳපොලට නිකුත් වෙන්නෙ. මෙහි තවත් අලුත් feature එකක් ව්දියට මොවුන් යොදාගෙන තිබෙන්නේ Bluetooth 5.0 තාක්ෂණයයි. ඒ වගේම fingerprint sensor එක මගින් ඉක්මන් හා නිරවද්‍ය ලෙස unlocking හා payment authenticate කිරීම සිදු කරන්න පුළුවන්. තත්ත්පර 0.2 කාලයකින් unlock කිරීම කරන්න පුළුවන් කියල තමයි සමාගම නම් කියන්නෙ. තවද මෙහි microphone 3ක් තිබෙනවා. එම mic noise cancellation කිරීමත් කරනවා. 3.5mm සාමාන්‍ය headphone jack තමයි මෙහිත් තිබෙන්නෙ. මෙම phone එකේ sidebar එකේ alert slider එකක් තිබෙනවා. ඒ මගින් silent හෝ general modes තේරීම සිදු කරන්න පුළුවන්.

Snapdragon 835 chipset

Snapdragon 835 chipset

Oxygen OS

මෙහි ස්ථාපිත කරලා තිබෙන්නෙ අලුත්ම Android Nougat (7.1) OS එකෙහි සංස්කරණයක්. ඔවුන් එය Oxygen OS කියල තමයි හඳුන්වදිලා තිබෙන්නෙ. මෙහි reading mode කියල විශේෂාංගයක් ඇතුලත් කරලා තිබෙනවා. එමගින් කියවීමේදී display එක optimize වෙනවා. නිල් ආලෝකය filter කිරීම හා grayscale map කිරීමත් මෙයට ඇතුලත්. ඒ වගේම reading appsවලට මෙම reading mode එක ඇතුලත් කිරීමටත් හැකියාව තිබෙනවා. Gaming DND mode කියන එක game app එකක් run කරන විට යොදා ගන්න පුළුවන්. මෙහිදී සියලුම notification නැවත්වීම, email block කිරීම වගේම soft keys disable කිරීමත් කරන්න පුළුවන්. Secure Box කියන්නේ තවත් විශේෂාංගයක්.එමගින් ඔබට අවශ්‍ය documents, photos හෝ videos ආරක්ෂිතව සඟවා තබන්න පුළුවන්. ඒ වගේම එම දත්ත encrypt කිරීමක් සිදුවෙනවා.ඒ සඳහා ඔබගේ fingerprint එක හෝ digit 6ක් කේතයක් යොදන්න පුළුවන්.

පසුවිපරම

අවසාන වශයෙන් මෙහි හොඳ නරක ගැන කෙටි විග්‍රහයක් කරොත්, ඉතා හොඳ කැමරාවක්, හොඳ performance තිබීම, අවශ්‍ය ප්‍රමණයේ ඉඩ, ඉක්මන් charging හැකියාව, dual SIM, දීර්ඝ බැටරි කාලය හොඳ තත්ත්වයන් ලෙස කියන්න පුළුවන්. Water resistant නොවීම, ඉඩ විශාල කිරීමට හැකි නොවීම හා wireless charging වැනි trending ගුණාංග නැති වීම අඩුපාඩු විදියට හඳුවන්න පුළුවන්. නමුත් සමස්තයක් විදියට iPhone 7, Pixel හා Samsung 8 වැනි ළගදි නිකුත් වුන smartphone එක්ක තරගයක් දෙන්න පුළුවන් phone එකක් විදියට OnePlus 5 හඳුවන්න පුළුවන්.

Sidebar Alert Slider

Sidebar Alert Slider

Finger Print Touch

Finger Print Touch

About author View all posts Author website

Pramodya Abeysinghe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.