TechWire

Android පවුලේ නවතම සාමාජිකයා – Android Oreo

එළිදැක්වීම

කාලයක් තිස්සේ ඇසුණු දෙයක් තමයි අලුතින් එන Android OS එක. ඔන්න සුවිශේෂී දවසක සුවිශේෂී වෙලාවක තමයි අලුත් OS එක officially release වුණේ. මෙය Android හි 8 වන සංස්කරණය ලෙස හදුන්වන්න පුළුවන්. ඒ තමයි අගෝස්තු මාසේ 21 වෙනිදා New York නුවරදී තමයි මේක release කරේ. සිදුවුණ සුවිශේෂී දෙය තමයි සුර්ය ග්‍රහණයක් සිදුවීම.

කලින් ලැබුණු නිල නොවන ආරංචි සනාථ කරමින් මේ අලුත් OS එක Oreo කියල තමයි නම් කරලා තිබ්බේ. නමුත් ප්‍රථම අදියරයේ Oreo release වුනේ Google එක සම්බන්ධ smartphonesවලට විතරයි. ඒ කියන්නේ Google Pixel හා Google Nexus කියන smartphones වලට විතරයි. එයත් manual installation එකක් තමයි ලබාදුන්නේ. මිට අමතරව Oreo එන්න තියෙන phones ගැන අන්තර්ජාලයේ කතා බහක් ඇතිවෙලා තිබෙනවා. ඒ අනුව Huawei Mate 9, OnePlus 3, 3T හා 5, Nokia 3,5 හා 6 සඳහාත් Asus Zenfone 3 හා 4, Samsung Galaxy S8, Note 8, S7 සඳහාත් Motorolla, LG, Acer, Lenovo, Sony හා HTC ඇතුළු මෑතක නිපදවූ smartphone සඳහාත් Oreo release වෙන බව තමයි සඳහන් වෙන්නෙ.

Android O මගින් ලැබෙන අලුත් හා සුවිශේෂ features ගැන හොයල බලමු.

Battery life එකට වැඩි ඉඩක්

Power saving කියන එක ගොඩක් වැදගත් දෙයක් smartphone එකකට. ඒ සඳහා ඔවුන් නිතරම වෙහෙසෙනවා. මෙවරත් ඔවුන් ඒ සඳහා යම් පියවර අරන් තිබෙනවා. Battery life එක සහ performance වැඩි කරන්න, background apps සඳහා automatic limitations ඇතුලත් කරලා තිබෙනවා. background services හා location updates කළමනාකරණය කියන දේ ගැන වැඩි අවධානයක් දීල තියෙනවා මේ සඳහා. ඒත් සමගම යම් application එකක් මගින් තමන්ගේ phone එකේ battery එක විශාල වශයෙන් භාවිත කරනවද නැතිනම් අවශ්‍ය වෙලාවට විතරක් battery එක භාවිත වෙනවද කියලත් බලන්න පුළුවන්. අඩු energy එකක් භාවිත කරවල battery life එක වැඩි කරල දෙන එක තමයි මෙයින් බලාපොරොත්තු වෙන්නෙ.

Project Treble

Updates ලබාදීම අලුත් මුහුණුවරකින් Oreo වලදී අත්විදින්න පුළුවන්. userට යම් වේගවත් update කිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙයට මුලික වෙලා තිබෙන්නෙ Project Treble. මෙමගින් Android OS framework එක හා vendor අතර interface එකක් ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ modularity එකක් ලබාදීලා තියෙනවා.මෙමගින් Android updates වේගවත් වෙනවා වගේම පහසුවෙන් කිරීම බලාපොරොත්තු වෙන්න පුළුවන්.

වේගවත්බව

System එකේ optimization කිරීම තුලින් වෙනදට වඩා වේගවත් බවක් තමන්ගෙ smartphone එකෙන් අත්විදින්න පුළුවන්. Restart time එක දෙගුණයකින් වේගවත් වී ඇති බව තමයි සඳහන් වෙන්නෙ. නමුත් ඔවුන් මෙය පෙන්වීම සඳහා යොදාගෙන තියෙන්නේ Pixel smartphone එකක්. අනිත් phoneවල වුණත් සැලකිය යුතු වේගවත් බවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම application load විමේදීද වෙනදාට වඩා වේගවත් බව තමයි නිෂ්පාදකයින් සඳහන් කරන්නෙ.

ආරක්ෂාවට වැඩි යමක්

Google Play Protect කියන්නේ background service එකක් විදියට Oreo වල හඳුන්වාදෙන feature එකක්. එය phone එකේ වගේම Play Store එකේ ආරක්ෂාවට හඳුන්වාදීපු feature එකක්. එමගින් app එකේ behavior එක analyze කරලා malware එකක් වගේ හැසිරීමක් තියෙනවා නම් phone එකෙන් සහ Play Store එකෙන්ම ඉවත් කිරීම සිදුවෙනවා. මෙයත් සමගම app developersලට Google මගින් අවවාදයක් ලබාදීලා තියෙනවා තමන්ගෙ appවල performance සහ stability එක maintain කරන්න. එය 25% ක සීමාවකට උඩින් තබාගන්න නොහැකි වුනොත් එම app එක Play Store එකෙන් ඉවත් කිරීමක් කරන බවත් සඳහන් වෙනවා.

Form පුරවන්න කරදර වෙන්න ඕන නෑ

තවත් වටිනා feature එකක් විදියට Autofill feature එක සඳහන් කරන්න පුළුවන්. මෙය Auto-fill API එකක් හරහා තමයි ඔවුන් හඳුන්වාදෙන්නේ. මෙමගින් apps භාවිතයේදී විවිධ අවස්ථාවල අවශ්‍යවන විවිධ passwords හා usernames එකම තැනක ගබඩා කිරීමක් සිදු වෙනවා. ඒ වගේම form fill කරද්දීත් auto fill වීමක් සිදුවෙනවා ගබඩා වී ඇති තොරතුරු අනුව. මෙමගින් password හා username අමතක වීමට හොඳ විසදුමක් ලැබී තිබෙනවා.

HDR images

මෙවර Oreo සංස්කරණය මගින් application එකට අවශ්‍ය විදියට images save කිරීම හා view කිරීම customize කරන්න පුළුවන්. එමගින් HDR images officially support කිරීමක් සිදුවෙනවා. Google පවසන ආකාරයට මෙය වැඩ වැදගත් වෙන්නේ image processing වලට අදාල applicationවලදී තමයි.

Bluetooth දියුණු වෙලා

Bluetooth වැඩි දියුණු කිරීමක් Android හි නව සංස්කරණයෙන් අත්විදින්න පුළුවන්. මේ තාක්ෂණික වැඩිදියුණුව සඳහා Google විසින් Sony ආයතනයත් හවුල් කරගෙන තිබෙනවා. LDAC කියන රැහැන් රහිත් audio technology එක මෙහිදී භාවිත කරලා තිබෙනවා. ඔවුන් පවසන අන්දමට LDAC භාවිතය නිසා 990kpbs bit rate එකකින් Bluetooth හරහා දත්ත යවන්න පුළුවන්. මෙමගින් Oreo ධාවනය වන smartphone එකක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න device එකකින් වඩාත් ගුණාත්මක audio quality එකක් අත්විදින්න පුළුවන්. AAudio කියන audio හා සම්බන්ධ API එකකුත් මේ සමග හඳුන්වා දෙනවා. එමගින් high performance සමග අවම latency එකකින් යුත් audio quality එකක් ලබාගන්න පුළුවන් usersට.

Copy නොකර copy කරන්න

දැනට පවතින් text හා URL select all, copy හා paste ක්‍රමවේදයට අලුත් මුහුනවරක් එකතු කරලා තිබෙනවා. ඒ සඳහා ඔවුන් machine learning පවා යොදාගෙන තිබෙනවා. address එකක්, URL එකක් හෝ phone number එකක් copy හෝ paste කිරීමට ඔබ screen එක මත උත්සාහ කලොත් එය ස්වයංක්‍රියව ඔබට කරලා දෙන්න Android Oreo සමත්.

Emoji වෙනස් වෙලා

අපි හැමෝම භාෂාවක් වගේ භාවිත කරන emojiවලටත් අලුත්ම හුරුවක් ලබාදීලා තියෙනවා. blob emoji වෙනුවට අලුත් standard එක අනුව round ගතියක් ලබාදෙන emoji හදුන්වදිල තියෙනවා. ඒ වගේම තවත් අලුත් emoji කිපයකුත් ඇතුලත් වෙලා තිබෙනවා.

Notifications

Application වල notifications බලන්නත් අලුත් ක්‍රම දෙකක් හදුන්වදිලා තිබෙනවා. එක ක්‍රමයක් විදියට පරණ විදියටම dropdown කල විට පෙනෙන view එක. ඒකෙත් යම් වෙනස් කිරීම් තිබෙනවා. notification channel විදියට තමයි මෙය හදුන්වන්නෙ. ඊට අමතරව app icon එක උඩ dot එකක් මගිනුත් අලුත් notification එකක් තිබෙන බව පෙන්වනවා. එය මත long press කිරීම මගින් notification එක preview වීමක් සිදුවෙනවා.

Widgets පහසුවෙන්

Widgets භාවිතයත් තවත් ලෙහෙසි කරලා තිබෙනවා. පරණ Android සංස්කරණ වගේ නෙමෙයි, මෙහිදී app icon එක මත long press කිරීමෙන් එම app එකට අදාල widgets එකම තැනකින් බලා ගන්න පුළුවන්. පරණ විදියට alphabetical order එකෙන් widgets search කරලා කරදර වෙන්න ඕන නැ.

App info ඉක්මනින්

Android Lollipop මගින් හදුන්වාදීපු settings menu එකෙහි app search කිරීමේ feature එක වැඩිදියුණු කරමින් app එකක් search app එකේ app info බලාගැනීම කරගන්න පුළුවන්. එමගින් app info වෙනම preview කරන්න පෙර thumbnail ආකාරයට පොඩි විස්තරයක් බලාගන්න පුලවන්. එමගින් cache එක delete කරන්න, permission manage කරන්න වගේ දේවල් ගැන ඉක්මන් අදහසක් ලබාගන්න පුළුවන්.

Picture-in-Picture

Picture-in-Picture කියන්නෙ Oreo මගින් කරලියට එන අලුත් feature එකක්. මේ වගේ අත්දැකීමක් කලින් ඉදල YouTube එකෙන් අත්විදින්න පුළුවන් වුණා. එහි ඇති වැදගත්කම නිසා එය අළුත් OS එකට ඔවුන් ඇතුලත් කරලා තිබෙනවා. එමගින් multi tasking කිරීම තවත් පහසු කර තිබෙනවා. මෙමගින් එක app එකක් උඩ තවත් app එකක් preview කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් Google doc එකක් edit කරන ගමන් ඔබට video call එකකට සහභාගී වෙන්න පුළුවන්.

මෙයට අමතරව තවමත් හෙළි නොවූ නවතම features Android Oreo තුළ තවම සැගව තිබෙන්න පුළුවන්. එම features ජනතාව අතරට එන්න ටික දවසක් යන බව තමයි හැගෙන්නෙ. එයට හේතුව තමයි තවම මෙය වැඩි පිරිසක් අතර සංසරණය නොවීම හා තවමත් මෙයට ඇත්තේ සිමිත් පරිශීලක ප්‍රජාවක් වීමයි. අනිත් Android samrtphone වලට Oreo ඇතුලත් වුනාම මෙහි ඇති සැගවුණු දේවල් ඕන තරම් දැකගන්න පුළුවන් වේවි.

   

About author View all posts Author website

Pramodya Abeysinghe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.