TechWire

Author - Sachithra Dilshan

වඩා ප්‍රබල iOS 13 ද Android 10 ද?

iOS හා Android දුරකථන සංසන්දනය කරන්න බොහෝ අය කැමති. තමන් භාවිතා කරන දුරකථනය හොදම එකක් කියල විශ්වාස කරන්න අපි කවුරුත් පෙලබෙනවා. කොහොම වුනත් මේ දුරකථන සමාගම් අතරත්  විශාල තරගයක් පවතින බව මුළු ලෝකයටම රහසක් නෙමෙයි. මේ නිසා ඔවුන් කෙටි කාලයක් තුල විවිධ විශේෂාංග දුරකථන වලට එක් කරමින් අත්හදා බැලීම් සිදු කිරීමටත් දුරකථන භාවිතය පරිශීලකයාට වඩාත් පහසු  කිරීමටත් පෙලබෙනවා. කොහොම වුනත් මේ තරගය ඉතාමත් කෙටි කාලයක් තුල smartphone තාක්ෂණය සීඝ්‍ර දියුණුවකට ලක් වීමට විශාල බලපෑමක් සිදු කලා කිවවොත් නිවරදි.

iPhone 11 සහ iPhone 11 pro  දුරකථන හදුන්වා දීමෙන් පසුව Apple සමාගම iOS 13 යාවත්කාලීනය නිකුත් කිරීම පසුගිය සැප්තැම්බර්,19 වන දින දා සිදු කරනු ලැබුවා. ඒ වගේම Google සමාගම විසින් pixel දුරකථන සඳහා Android 10 නිකුත් කිරීමත් පසුගිය දිනක සිදු කලා. අපි මේ මෙහෙයුම් පද්ධති ලබා දෙන පහසූකම් දිහා බැලුවොත්  iOS 13 Dark mode එක, privacy setting වල පරිශීලකයාට වැඩි පාලනයක් ලබා දීම වගේම iPhone වඩාත් ආරක්ෂිතව සහ භාවිතයට පහසු අයුරින් නිර්මාණය කිරීමට  වැඩිදියුණු කිරීම් රාශියක් ඇතුළත් කර තියෙනවා. අනෙක් පැත්තෙන් Google සමාගම Android 10 Dark mode එක, privacy setting සහ AI වැඩි දියුණු කිරීම් කෙරෙහි වැඩි අවධානය යොමු කරලා තියෙනවා.

අලුත්ම OS  update වල මෙයාලා වැඩියෙන් අවධානයක් යොමු කරලා තියෙන ප්‍රධාන පහසුකම් ටික අපි සංසන්දනය කරලා බලමු.

පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම

ගත වුනු වසර ගණනාව පුරාවටම, Apple  සමාගම විසින් පරිශීලකයන්ගේ දත්ත  ආරක්ෂා කාරීව තබා ගැනීම කියන එක එයාලගේ ප්‍රචාරණ දැන්වීම් වල වගේම වැඩසටහන් වලදීත් මතු කරන ප්‍රධානම සාධකයක් .Google සමාගම පරිශීලකයන්ගේ දත්ත මත පදනම් වුනු දැන්වීම් ප්‍රචාරණය කිරීම සිදු කරනවා. කොහොම වුනත් Apple සමාගම ඒ වෙනුවට  ඔවුන් සපයන දෘඩාංග, මෘදුකාංග සහ සේවාවන් මත පදනම් වෙලා ව්‍යාපාරික කටයුතු සිදු කරනවා. Apple සමාගම ඇමෙරික එක්සත් ජනපදයේ කැලිෆෝනියා හිදී වාර්ෂිකව පවත්වනු ලබන සමුළුවේදී (Apple Worldwide Developers Conference) ප්‍රකාශ කලා පරිශීලකයන්ගේ ස්ථානීය පිහිටීම කිසියම් app එකකට භාවිතා කිරීමට  අවශ්‍ය නම් එයට විටින් විට පරිශිලකයාගෙන් අවසර ගැනීමට සිදු වෙන බව. ඒ වගේම Apple සමාගම විසින් වෙබ් පිටු වලට ඇතුළු  වීමේ ක්‍රම වේදයක් ද එළිදක්වල තියෙනවා එමඟින් පරිශීලකයාට  නිර්නාමිකව වෙබ් අඩවි සහ apps වලට පිවිසීමට හැකි වෙනවා.

Apple සමාගම කොතරම් ආරක්ෂාකාරී වැඩසටහන් ක්‍රියාත්මක කලත් මෑතකදී iPhone වල ආරක්ෂක දෝෂයක් Google සමාගම මගින් පෙන්වා දුන්නා. Google සමාගම මගින්ද පරිශීලකයන්ට ස්ථානීය පිහිටීම වෙනත් apps මගින් භාවිතා කිරීම පරිශීලකයාට පාලනය කිරීමට ඉඩ ලබා දි තිබෙනවා. ඔවුන් විසින් privacy setting වලට මෙවර එක් කල ඇති ප්‍රධානම අංගය වන්නේ apps වලට ලබා දී ඇති access permission  සියල්ලම පරිශීලකයන්ට කැමත්ත පරිදි වෙනස් කිරීමට අදාල settings ලබා දීමයි. මෙමගින් පරිශීලකයා හට app එකක් දැනට භාවිතා කරන සියලුම permissions බලා ගැනීමටත් ඒවා වෙනස් කිරීමත් හැකියාව ලබා දී තිබෙනවා.

අදුරු තේමාව (Dark Mode)

ගොඩක්දී අය කැමති Dark Mode එක භාවිතා කරන්න iOS13 දි වගේම Android 10 වලත් ඒ සදහා පහසුකම් සපයා තිබෙනවා. Dark Mode එක සක්‍රිය කිරීමෙන් තිරයේ පික්සල් අඩු ප්‍රමාණයක් ආලෝකවත් කිරීම නිසා පරිශීලකයන්ගේ ඇස් වලට සිදු වන බලපෑම අඩු වීමත් බැටරියේ  ආයු කාලය වැඩි වීමත් වාසියක් විදියට සලකන්න පුළුවන්. Google සමාගම විසින් මෙම වසර මුලදී Android 9 Pie යාවත්කාලීනයකට DarkMode එක් කල නමුත් සෑම තැනකටම එකම තේමාව භාවිතා කිරීමට අපොහොසත් වී තිබුණා. Android 10 වලදී Dark Mode එක වඩාත් පුළුල් ලෙස මෙහෙයුම් පද්ධතියට එක් කිරීම සිදු කර තිබෙනවා.කෙසේ වෙතත්, Google සමහර යෙදුම් (chrome වලට  DarkMode ලබා දී නොමැත) .වලට තවමත් Dark Mode එක ලබා දීමට ඔවුන් අපොහොසත් වී තිබෙනවා

Apple සමාගමට මේ සම්බන්ධයෙන් වැඩි අත්දැකීම් තිබේනවා. ඔවුන් මුලින්ම Desktop පරිගණක වල මෙහෙයුම් පද්ධති  වලට Dark Mode එක එක් කිරීම සිදු කරනු ලැබුවා. 2018 වර්ෂයේදී macOS Mojave හි වලට ඔවුන් මුලින්ම මේ පෙනුම මුලින්ම ලබා දුන්නා.මෙවර  iOS 13 දුරකථන මෙහෙයුම් පද්ධතියටත් ඔවුන් මෙය ලබා දී තිබෙනවා.

ඡායාරූප සංස්කරණය 

ඡායාරූප සේවාවක ඔබට අවශ්‍ය සෑම දෙයක්ම පාහේ  Google Photos මගින් ඉදිරිපත් කරයි. Backup,photo sharing හා භාවිතා කිරීමට ඉතා පහසු editing tools Google සමාගම මගින් Android දුරකථනයක් සඳහා එක් කර තිබෙනවා.ඔබ  Pixel දුරකථන වල Night Site mode එක භාවිතා කල ඇත්නම් Android දුරකථන මේ සම්බන්ධයෙන් ඇති ප්‍රවීණතාවය ගැන සිතා ගැනීමට පුළුවන්. ඡායාරූප ගබඩා කිරීම සදහා 15GB ක  online ගබඩා පහසුකමක් ද නොමිලේම පරිශීලකයන්ට ලබා දීම ඔවුන් සිදු කරනවා. ඔබ මේ සදහා Google’s high-quality compression setting භාවිතා කිරීම සිදු කරනවා නම් සිමා රහිතව මෙම පහසුකම භාවිතා කිරීමටද ඉඩ දී තිබෙනවා.

Apple Photos වලත් Android වලට තරගයක් ලබා දීමට හැකි අයුරින් විශාල editing tools ප්‍රමාණයක් අඩංගු කර තිබෙනවා. iOS 13 හි ඡායාරූප වල ආලෝකයේ තීව්‍රතාව(intensity ) වෙනස් කිරීමේ හැකියාව ඇතුළුව තවත් බොහොමයක් විශේෂාංග ඇතුලත් කර තිබෙනවා.එමෙන්ම ඡායාරූප වර්ග කිරීම සදහා iOS වලදී මුහුණ හදුනාගැනීමේ තාක්ෂණය භාවිතා කරනවා. ඡායාරූප ගබඩා කිරීමේදී iCloud වලින් 5GB ප්‍රමාණයක් ඔබට නොමිලේම ලබා ගන්නත් පුළුවන්.

කටහඩ මගින් විධි විධාන ලබා දීම

iOS 13 හි, Siri හට නව රොබෝ කටහඩක් ලබා දී තිබෙන අතර Apple watch වල watchOS මෙහෙයුම් පද්ධතිය සමග වඩාත්  කාර්යක්ෂම ලෙස ක්‍රියා කිරීමට හැකියාව ලබා දි තිබෙනවා. එමෙන්ම Siri සමග බැදුන නව කෙටිමං කිහිපයක්ද මෙහි අඩංගු වෙනවා.

නමුත් විවිධ කටහඩවල්  සහ විධාන හඳුනාගෙන තේරුම් ගැනීමේදී Siri ට වඩා බොහෝ ඉදිරියෙන් Google Assistant ක්‍රියාත්මක වෙනවා. Google Assistant ඔබගේ දුරකථනයේ ඔබ කරන සෑම දෙයකටම සම්බන්ධ වී ඇති අතර ඉදිරි වැඩ කටයුතු වලට කාලය වෙන් කිරීම්, හමුවීම් සඳහා ඔබගේ දින දර්ශනය සහ Gmail ගිණුම දෙස බැලීමෙන් නිර්දේශ පවා ඉදිරිපත් කිරීමට එයට හැකි.

සිතියම් භාවිතය සහ ගවේෂණය

iOS 13 සමඟ Apple විසින් වඩා හොඳ මාර්ග, පදික තොරතුරු සහ වඩාත් නිවැරදි ලිපින ඇතුළත් කිරීම සඳහා සිතියම් නැවත ගොඩනඟමින් සිටිනවා. එමෙන්ම Apple සෙව්ම් ස්ථානයක් වටා ත්‍රිමාණ දර්ශනයක් බැලීමටත්, location share  කිරීමේ පහසුකම්ත් එක් කර තිබෙනවා.

Google Maps වල Street view මගින් මෙම අංගය කලක සිට ලබා දි තිබු අංගයක්. Google විසින් එහි සිතියම් නිරන්තරයෙන් යාවත්කාලීන කරමින් ඔබට සෙව්ම් ස්ථාන ලබා ගැනීම වඩාත් ප්‍රයෝජනවත් කරනවා.ඔබ යම්කිසි ස්ථානයකට පැමිණි පසුවද Google Maps ඉතා ප්‍රයෝජනවත් tool එකක්. ඔබ කොතැනක සිටියත් කෑමට සුදුසු ස්ථාන සහ කළ යුතු දේ පිළිබඳ නිමක් නැති ලැයිස්තුවක් සොයා ගැනීමට එය ඉඩ දෙනවා.

Microservices

වර්ථමානයේ නිර්මාණය වන  බොහෝමයක් මෘදුකාංග වල ඇති විශාලත්වයත් කාර්යක්ෂම තාවය වැඩි කිරීමත් සදහා විවිධ නිර්මාණ  ශිල්පිය ක්‍රම( Architecture) මෘදුකාංග ඉංජිනේරුවන් විසින් හදුන්වා දෙනු ලබනවා. Microservice යනු එවැනි නිර්මාණ ශිල්පිය ක්‍රමයක්. Netflix, eBay, Amazon, Twitter, PayPal හා සහ අනෙකුත් තාක්ෂණික ලෝකයේ විශාල සමාගම් සියල්ලම Monolithic  සිට Microservice නිර්මාණ ශිල්ප ක්‍රමය දක්වා ක්‍රමයෙන් පරිවර්තනය වි තිබෙනවා.පළමුවෙන් Monolithic(Architecture) නිර්මාණ ශිල්ප ක්‍රමය කුමක්ද යන්න අවබෝධයක් ලබා ගමු.

Monolithic නිර්මාණ ශිල්පය යනු මෘදුකාංග වැඩසටහනක් නිර්මාණය කිරීම යොදා ගන්න සාම්ප්‍රදායික ඒකාබද්ධ ආකෘතියකි.නමින්ම කියවෙන පරිදි මෙහිදී සියල්ලම එකට කැටි කරගත් යන අදහස ලබා දෙනු ලබනවා.මෙම ක්‍රමයේ පවතින ප්‍රධාන දුර්වලතා ලෙස මෘදුකාංග යාවත්කාලීන කිරීම සදහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වීමත් යම් තැනක දෝෂයක් හට ගත්තොත් සම්පුර්ණ පද්තිධයම ක්‍රියා විරහිතවිමත් හදුනාගන්නට පුළුවන්. Microservices යනු මෙම දුර්වලතා මග හරවා ගැනීමට නිර්මාණය වුවක්.

 දැන් අපි Microservices ශිල්පිය ක්‍රමය පිළිබද අදහසක් ලබා ගමු . මෙහිදි එකිනෙකට වෙනස් සේවාවන්(services ) කිහිපයක් එකතු වි නිර්මාණය වන තනි යෙදුමක් ලෙස මෘදුකාංගය නිර්මාණය කෙරේ.සෑම සේවාවක්ම තමන්ගේම ක්‍රියාවලියක් තුළ ක්‍රියාත්මක වන අතර ස්වාධීනව යෙදවිය හැකිය. මෙම සේවාවන් විවිධ ක්‍රමලේඛන භාෂාවලින්(programming language ) ලියා ඇති අතර විවිධ දත්ත ගබඩා(Database ) කිරීමේ ක්‍රම ද භාවිතා කළ හැකිය. මෙහිදී සරල ලෙසම කුඩා නමුත් එකිනෙකට වෙනස් මෘදුකාංග කිහිපයක් එකතු වීමෙන් අවසාන මෘදුකාංග වැඩසටහන නිර්මාණය කෙරේ.මෙම සේවාවන් එකම server එකක හෝ කිහිපයක ක්‍රියාත්මක කල හැකි වේ.සේවාවන් හරහා දත්ත හුවමාරු කිරීම සදහා API (Application programming interface) යොදා ගැනීම සිදු කරයි.(බොහෝ විට මේ සදහා RESTful Api භාවිතා කරනු ලැබේ).

Microservice නිර්මාණ ශිල්ප ක්‍රමය සතුව ලක්ෂණ කිහිපයක්  පවතී.ඒ අතරින් කිහිපයක් සලකා බලමු.

1) සේවාවන් රාශියක් එකතු වීමෙන් නිර්මාණය වේ.

Microservices නිර්මාණ ශිල්පය අර්ථ දැක්වීම අනුවම එය සේවා කිහිපයක එකතුවක් ලෙස දැක්විය හැකිය.මෙමගින් සේවාවන් වලට අවශ්‍ය යාවත්කාලීන කිරීම් නිදහසේ කිරීමටත් ඒවා නැවත server එකක ස්ථාපනය කිරීමේදී අනෙකුත් සේවාවන් වලට කිසිදු  බැලපෑමක් සිදු නොවේ.සැලකිලිවිමට ඇත්තේ දත්ත හුවමාරු කිරීම සදහා යොදාගන්න API කෙරෙහිය. මෙම ක්‍රමය සතුව වාසි මෙන්ම අවාසිද පවති server කිහිපයක් භාවිතා කිරීම නිසා ඒ සදහා වඩා වැඩි මුදල් ප්‍රමාණයක් වැය වන අතර API වල සංකීර්ණතාවය වැඩි වේ

2) ව්‍යාපාර කටයුතු සඳහා නිර්මාණය වුවකි .

Microservices නිර්මාණ ශිල්ප ක්‍රමය සාමාන්‍යයෙන් සංවිධානය වී ඇත්තේ ව්‍යාපාර හැකියාවන් සහ එහි ප්‍රමුඛතා වටා ය. සාම්ප්‍රදායික Monolithic ක්‍රමයේ මෙන් නොව, විවිධ සේවක කණ්ඩායම් වලට වෙන වෙනම වගකීම් මෙහිදී පැවරේ.මෙහිදී විවිධ සේවාවන්(software Developer team) සංවර්ධනයේ යෙදෙන කණ්ඩායම් සමග සන්නිවේදනය හොදින් තබා ගනිමින් තමන්ට පැවරුනු සේවාවන් සංවර්ධනය කල යුතු වේ.

3) විමධ්‍යගත(Decentralized)

 විවිධ තාක්ෂණයන් එකම වේදිකාවක  සම්බන්ධ වන බැවින් සම්පුර්ණ  පද්ධතිය මෙහෙයවීම් කටයුතු සදහා සාම්ප්‍රදායික මෙහෙයවීම් අනුකුල නොවේ. විමධ්‍යගත(Decentralized ) පාලනයක් සේම, දත්ත කළමනාකරණයට කිරීම සදහා ද  සාම්ප්‍රදායික Monolithic ක්‍රමයේ භාවිතා කරන තනි දත්ත ගබඩාවක වෙනුවට එක් එක් සේවාව සදහා වෙනස් දත්ත ගබඩාවන් භාවිතා කිරීමත් සිදු වේ.

4)දෝෂ මතුවුවත් සම්පුර්ණ  පද්තිධය බිද නොවැටීම.

5) පහසුවෙන් වැඩි දියුණු කිරීමට හැකි වීම.

Microservice නිර්මාණ ශිල්ප ක්‍රමයේ වාසී.


01)මෘදුකාංග  සංවර්ධකයින්ට(developers ) ස්වාධීනව සේවාවන් සංවර්ධනය කිරීමට සහ යෙදවීමට නිදහස ලබා දේ.
02)සේවාවන් නිර්මාණය කිරීම සදහා කුඩා කණ්ඩායම් යෙදවිය හැකි වීම.
03)විවිධ සේවාවන් සඳහා කේත විවිධ භාෂාවලින් ලිවිය හැකිය.
04) මෘදුකාංග  සංවර්ධකයින්ට (developers ) තේරුම් ගැනීමට සහ වෙනස් සිදු කිරීමට පහසුය,  එබැවින් නව කණ්ඩායම් සාමාජිකයෙකුට වුවද ඉක්මනින් කණ්ඩායමට එකතු විය හැකි වේ.
05)වෙනත් බාහිර සේවාවන් සමඟ ඒකාබද්ධ කිරීමට පහසුය.

එමෙන්ම මෙම ක්‍රමයේ ප්‍රධාන අවාසින්  ලෙස API හා Testing වල සංකීර්ණතාවය වැඩිවීමත් සේවාවන් අතර සන්නිවේදනය සිදු කිරීම සදහා වෙනම යාන්ත්‍රණයක්  ක්‍රියාත්මක කිරීමත් හදුනා ගත හැකි වේ.

මොනවාද මේ Wi-Fi Boosters?

ඔබ මේ දිනවල අන්තර්ජාලයේ සැරි සරන විට නිතර දකින්නට ලැබෙන වෙළද දැන්වීම් අතර wifi booster ප්‍රධාන තැනක් ගන්නවට සැකයක් නැ.බොහෝ වෙළද දැන්වීම් ප්‍රචාරණ  වලින් ලබා දෙන මුලික අදහස වෙන්නේ ඔබගේ අන්තර්ජාල වේගය කිහිප ගුණයකින් වැඩි කර ගැනීම සදහා wifi booster භාවිතා කල හැකි බවයි. ඇත්තටම wifi booster වලින් අන්තර්ජාල වේගය වැඩි කර ගන්න පුළුවන්ද?

 Wifi booster, Wifi Extender හා Wifi Repeaters කියන උපකරණ ඒවායේ කාර්ය භාර්ය අතරින් බොහෝ දුරට සමානයි. මුලිකව මේ උපකරණ මගින් සිදු කරන්නේ wifi router එකෙන් එන wireless signal වල පරාසය වැඩි කරන එක. උදාහරණ විදියට ඔයාගේ ගෙදර wifi router එක තියෙන්නේ ඔයාගේ කාමරේ. හැබැයි ඔයාලගේ සාලෙට හරි ගෙදර වෙනත් තැනකට හරි අන්තර්ජාල සබදතාවය ගන්න ඕන වුනොත් එතනට signal එන්නේ නැත්නම් හරි එන signal වල speed එක අඩු නම් හරි අපට මේ උපකරණ භාවිතා කරලා කාමරේ වගේම speed විදියට අන්තර්ජාලය එක්ක පුළුවන්ද වෙන්න පුළුවන්.

wifi router එක හා අනෙකුත් අන්තර්ජාලය අවශ්‍ය උපකරණ අතර තියෙන පාලමකට අපට wifi booster සමාන කරන්න පුළුවන්. මුලින්ම wifi router එකට connect වෙන booster එක පසුව access point එකක් විදියට අනෙකුත් උපකරණ වලට භාවිතා කරන්න පුළුවන්. ඔයාලට තේරෙනවා ඇති මෙයා කරන්නේ wifi router එකෙන් broadcast කරන signal එක rebroadcast කරන එක කියලා.

wifi booster එකක් මිලදී ගැනීමට කලින් ඔයාට සිද්ධ වෙනවා ඔයාලගේ නිවසේ,කාර්යාලයේ හෝ අදාල ස්ථානයේ dead zone එක හරියටම හොයා ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය wifi router එක භාවිතා කරලා අන්තර්ජාල සබදතාවය දෙන්න බැරි ප්‍රදේශය හදුනා ගන්න එක.(නිවසේ බිත්ති වල ඝනකම වගේම බිත්ති ප්‍රමාණයත් වැඩි නම් එක wifi signal දුර්වල වීම කෙරෙහි කෙලින්ම බලපානවා ) ඊට පස්සේ අපට පුළුවන් මොන විදියේ booster එකක්ද හරියට හරියන්නේ කියලා තීරණය කරන්න.

නිවසේ හා කාර්යාලයේ තියෙන dead zone වලට විසදුමක් වගේම යම්විදියකින් අන්තර්ජාල වේගය වැඩි කිරීමටත් boosters භාවිතා කරන්න පුළුවන්. router එකක අන්තර්ජාල වේගය කෙරෙහි එය භාවිතා කරන IEEE standard එක කෙලින්ම බලපානවා. උදාහරණයක් ලෙස ඔබ භාවිතා කරමින් සිටින්නේ  පරණ router එකක් නම් එය ඉවත් කිරීමකින් තොරව network එකේ වේගය 802.11ac standard එකේ වේගයක් දක්වා වැඩි දියුණු කිරීමට booster එකකට පුළුවන්.

ලියුම් බෙදන ඇමරිකන් ට්‍රක්රථ

නුදුරු අනාගතයේදී රියදුරෙක් නොමැතිව ගමන් ගන්නා රථයක් මගින් ලියුම් බෙදා හරින රොබෝවෙක් දුටුවහොත් ඔබ පුදුම වන්නට එපා. මේ වනවිටත් ඇමරිකා එක්සත් ජනපද තැපැල් සේවාව ස්වයංක්‍රීය රිය පැදවීමේ තාක්ෂණය යොදා ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැරසෙනවා. මේ සදහා ඔවුන් ස්වයංක්‍රීයව ධාවනය වන ට්‍රක් රථ යොදා ගනිමින් සති දෙකක කාලයක් අත්හදා බැලීම් කරනු ඇති. San Diego පදනම් කර ගත් සමාගමක් වන TuSimple සමග මෙම නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මෙහිදී TuSimple සමාගමට අයත් ස්වයංක්‍රීයව ධාවනය වන ට්‍රක් රථ Dallas හා phoenix නගර අතර වට පහක් ගමන්  කිරීමටයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. Texas, Arizona හා New Mexico යන ප්‍රාන්ත හරහා ගමන් කරන මේ මාර්ගයේ විශේෂත්වය වන්නේ ඇමරිකන් ආර්ථික කටයුතු වලින් 60% වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ මෙය ආශ්‍රිතව වීමයි.

මෙම ට්‍රක් රථ සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රීය ධාවනය වුවත් ආරක්ෂක ඉංජිනේරුවරයෙක් හා රියදුරෙක් මගින් රථයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණ කිරීම හා මහජන ආරක්ෂාව තහවුරු කරගැනීම සිදු කරනවා.මෙම ට්‍රක්රථ තද සුළං හා වර්ෂාව නොතකා ධාවනය වීමට හැකි වූවත් හිම සහිත මාර්ග වල ධාවනය වීමට තරමක් අපහසු බව TuSimple හි අධ්‍යක්ෂක වරයෙකු  වන Robert Brown විසින් ප්‍රකාශ කරන්නේ.

2015 වර්ෂයේ TuSimple සමාගම ඇරඹීමෙන් පසුව අද වන විට එය ඩොලර් මිලියන 178 ක වටිනාකමක් සහිත සමාගමක් බවට පත්ව තිබෙනවා. සුප්‍රසිද්ධ Nvidia හා චීනයේ Cina සමාගම් ද TuSimple සමාගම වෙත සහයෝගය ලබා දෙන ප්‍රධාන සමාගම්. San Diego හා Beijing නගර වල මොවුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථාන පිහිටා තිබෙනවා. TuSimple සමාගම ඔවුන්ගේ අත්හදා බැලීම් සදහා බහුලව භාවිතා කරන්නේ ලොව සුපතල ට්‍රක්රථ වෙළද නාමයක් වන Navister සමාගම විසින් නිපදවනු ලබන ට්‍රක්රථ.

මෙවැනි  ස්වයංක්‍රීයව ධාවනය වන රථ මගින් ප්‍රවාහනය සදහා යන වියදම අඩු කර ගන්නා අතර ඒ සදහා ගත වන කාලයත් අඩු කර ගැනීමට පුළුවන්. වර්ථමානය වන විට ට්‍රක්රථ සදහා පවතින රියදුරු හිගයත් මෙම ස්වයංක්‍රීයව ධාවනය වන ට්‍රක් රථ ප්‍රචලිත වීම සදහා බලපෑ සාධක වේ.

ඕනෑම තාක්ෂණයක් හදුනවා දීමේදි අභියෝග යනු අනීවාර්ය කාරණාවක්. ඔබ දැක ඇති බිත්ති හා නවතා ඇති වාහන මත විවිධ සිතුවම් නිර්මාණය කරන පුද්ගලයන්. ඔවුන් යම් ලෙසකින් ට්‍රක්රථ වල ඇති සංවේදක මත වර්ණ කිරීමක් සිදු කලහොත් මෙම  ට්‍රක්රථ අකර්මන්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම මෙම සියලුම ට්‍රක්රථ හා දත්ත මධ්‍යස්ථාන වලට එල්ල වන සයිබර් ප්‍රහාර ලක්වීම වැළැක්වීම සදහාත් විශාල අවධානයක් යෙදීමටත් සිදූ වේවී.

මොකක්ද මේ WhatsApp hack කිරීමට යොදාගත් cyber-weapon එක?

WhatsApp app එකේ තිබු security අඩුපාඩුවක් නිසාවෙන් එය හැකින් ප්‍රහාරයකට ලක් වුනා ඔබට අසන්න ලැබෙන්න ඇති. පසුගිය සතියේ Israeli තාක්ෂණික සමාගමක් වන NSO Group Technologies ආයතනය මගින් වැඩි දියුණු කරපු spyware එකකින් තමයි මේ හැකින් ප්‍රහාරය සිදු කරලා තියෙන්නේ. තවමත් දුරකථන කීයකට මේකෙන් බලපෑමක් වුනාද කියලා හොයා ගන්න Facebook (WhatsApp හි මව් සමාගම )අසමත් වෙලා තියෙනවා. කොහොම වුනත් මේ ප්‍රහාරයේ ඉලක්කය වෙලා තියෙන්නේ එංගලන්තයේ මානව හිමිකම් නියෝජිත ආයතන කිහිපයක්.මේ හැකින් ප්‍රහාරයේ විශේෂත්වය වුනේ WhatsApp miss call එකක් හරහා මේ spyware එක ඉලක්ක කරපු දුරකථන වලට install කිරීමට හැකර්ස්ලට පුළුවන් වුන එක.කොහොම වුනත් attack එකෙන් පස්සේ ක්ෂණිකව ක්‍රියාත්මක වුන Facebook සමාගම WhatsApp එකට update එකක් නිකුත් කරලා සිදු වෙලා තිබුන අතපසුවීම නිවැරදි කරන්න කටයුතු කරලා තිබුනා.

මේ හැකින් ප්‍රහාරය සදහා යොදාගෙන ඔවුන් යොදා ගෙන තියෙන්නේ Pegasus කියන හැකින් application එක. මේ application එක අපේ දුරකතනයට install වුනාට පස්සේ අදාල හැකර්වරයාට දුරකථනයේ ඕනෑම file එකකට ඉතා පහසුවෙන් ඇතුල් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දුරකතයේ කෙටි පණිවිඩ වල ඉදන් camera එක microphone එක remotely access කරන්න පුළුවන්.දැන් ඔයාලට තේරෙනවා ඇති මේ වගේ tool එකක් සමාන්‍ය හැකර් කෙනෙක්ට හදන්න ටිකක් අමාරුයි කියලා.

මේ tool එක මුලින්ම කරලියට එන්නේ 2016 වර්ෂයේදී United Arab Emirates වලදි.මෙතැනදී ඉලක්කය වෙලා තියෙන්නේ Mansoor කියලා මානව හිමිකම් අධිනිතිඥ වරයෙක්.ඔහුට ලැබුන කෙටි පණිවිඩ කිහිපයක තිබුන link ගැන සැකයක් ඇති වෙන අධිනිතිඥවරයා ඒ පිලිබදව බලධාරීන් දැනුවත් කරනවා.කොහොම වුනත් මෙතැනදී හැකර් වරයාට දුරකථනයට පිවිසීමට හැකි වන්නේ නැ.නමුත් සව්දි අරාබියේ මාධ්‍යවේදියෙකු වන Jamal Khashoggi මරණය ට Pegasus වලද සම්බන්ධයක් ඇති බවට සොයා ගත්තා.2017 වර්ෂයේදීත් Mexico පර්යේෂකයන් කිහිප දෙනෙකු ඉලක්ක කර Pegasus හරහා හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

ඔබ cyber security පිළිබද ඉතා ඉහල දැනුමක් තිබුනත් Pegasus install වෙලා තියෙන දුරකථනයක් එක්වරම හදුනා ගැනීම ටිකක් අපහසු කටයුත්තක්.මොකද මේ application එක දුරකථනයේ තිබුනා කියලා වැඩිපුර රත්විමක්වත් අපට බලාගන්න අමාරුයි.දුරකථනයේ network traffic එක නිරීක්ෂණය කලොත් නම් යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

මේ application එක develop කරලා තියෙන්නේ NSO group කියන Israeli සමාගම කියලා මම මුලින්ම සදහන් කලා.මේ සමාගම 2010 වර්ෂයේදී ආරම්භ කරපු එකක් සමාගම පිහිටවීමේ අරමුණ වෙන්නේ අපරාද හා ත්‍රස්ථවාදී කටයුතු වලට එරෙහිව සටන් කරන්න අවශ්‍ය තාක්ෂනය රජයන් වලට ලබාදීම. Pegasus කියන්නෙත් cyber-weapon එකක් විදියට රජයන් වලට භාවිතයට ගන්න හදපු application එකක්.NSO Group CEO Shalev Hulio මහතා සදහන් කරන අන්දමට ඔවුන් මේ application එක විකුණනු ලබන්නේ රජයන් හා සම්බන්ධ ආරක්ෂක අංශ වලට පමණයි.කෙසේවෙතත් මෙම application එක හරහා වරක් යුරෝපයට එල්ල වීමට ගිය ත්‍රස්ථවාදී ප්‍රහාරයක් වැළැක්වීමටද හැකි වී තිබෙනවා.