TechWire

Google Play Store වෙත ඍජු ගෙවීම් සිදු කළ හැකි Airtel Airpay

මෑතකදී ඊ ක්‍රීඩා (E-Sports) නිල ක්‍රීඩාවක් බවට පත් කල පළමු  දකුණු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත් වූ අතර ශ්‍රී ලංකාව මිලියන 32 ක ජංගම දුරකථන ග්‍රාහකයින් පිරිසක් සමග ඩිජිටල් සමාජයක් කරා වේගයෙන් පිය නගිමින් සිටී.

ජංගම දුරකථන යෙදුම් නැතහොත් අප කවුරුත් දන්නා Apps වර්ථමානයේ විශාල ව්‍යාපාරයක් වන අතර එය වීඩියෝ ක්‍රීඩා, ගෘහස්ථ ව්‍යාපාර, විනෝදාස්වාදය ලබා දෙන අංශයන් ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දී තිබේ. කෙසේ වෙතත් බොහෝ දෙනා විවිධ හේතූ මත සීමිත පහසුකම් ඇති සාම්ප්‍රදායික මුදල් ගෙවීමේ ක්‍රමවේදයන් වන බැංකු තැන්පතු, භාණ්ඩ භාර ගැනීමේදී මුදල් ගෙවීම් (Cash on Delivery) වැනි ක්‍රමවේදයන් වලට යොමු වී සිටී. එම නිසා පහසුකම් වැඩි ඩිජිටල් ආකාරයෙන් මුදල් ගෙවීමේ ක්‍රමයන් යොදා ගැනීමේ අඩුවක් පවතී. මෙවන් පසුබිමක් තුල Apps යොදාගෙන ගනුදෙනු කිරීමට පාරිභෝගිකයන් සුදානම්ද යන වග පිළිබද කිසියම් දෙගිඩියාවක් පැන නැගේ.

නමුත් Airtel Airpay ඍජු බිල්පත් ගෙවීමේ සේවය (Direct Carrier Billing) හදුන්වා දීමත්  සමග ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව ඒ වෙත යොමු වෙමින් අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට උනන්දුවක් දක්වයි.  මන්ද ඔවුන්ට ඩිජිටල් ආකාරයෙන් මුදල් ගෙවීම සදහා අවශ්‍යව තිබූ විශ්වාසනීයත්වය සහතික කල පහසු ප්‍රවේශයක් Airtel Airpay සේවාව මගින් ලබා දී තිබීමයි. 

මෙහි ජනප්‍රියතාව කෙතෙක්ද යත්‌ මෙම සේවාව හඳුන්වා දුන්‌ 2017 වසරේ සිට ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව Airtel Airpay මගින්‌ Google Play Store හරහා කරන ලද ගනුදෙනු ප්‍රමාණය වාර්ථා ගත ලෙස 10 ගුණයකින්‌ මේ  වන විට වැඩිවී තිබේ.

Airtel Airpay සහ සෘජු බිල්පත්‌ ගෙවීම්‌ (Direct Carrier Billing) ක්‍රමචේදය යනු කුමක්ද?

වර්ෂ 2017 දී දියත්‌ කරන ලද Airtel Airpay යනු ශ්‍රී ලංකා වෙළඳපොළට පැමිණි පළමු සෘජු බිල්‌ ගෙවීමේ සේවාව වේ. මෙය  අන්තර්ජාල ගෙවීම්‌ ක්‍රමවේදයක්‌ වන අතර මින්‌ පරිශීලකයින්ට තම දුරකථන බිලට එකතු වන ලෙස හෝ පෙර ගෙවුම්‌ ශේෂයන්‌ භාවිත කරමින්‌ Google Play Store හරහා තම මිළදී ගැනීම්‌ සිදු කිරීමේ හැකියාව ලැබේ.

එසේම අතපසු වී සිදුවන මිලදී ගැනීම්‌ වැළක්වීම සඳහා මුදල්‌ ආපසු ලබාගැනීමේ ක්‍රමවේදයක්‌  Airtel Airpay සතුව ඇත. එහිදී යම්‌ භාණ්ඩයක්‌ හෝ සේවාවක්‌ මිළදී ගත්‌ වහාම ඇප්‌ එක තුළ මුදල්‌ ආපසු ගැනීමේ නැතිනම්‌ ගනුදෙනුව ආපසු හැරවීමේ සලකුණ දිස්වන අතර එය පැය දෙකක්‌ පුරාවට සක්‍රීයව පවතී. එසේම පරිශීලකයින්ට ඔවුන්ගේ Google Play ගිණුමේ ඇති ඇණවුම්‌ ඉතිහාසය හරහා Airtel Airpay මිලදී ගැනීම්‌ පිළිබඳ සම්පූර්ණ විස්තරයක්‌ ද තබා ගැනීමේ හැකියාව පවතී.

Airtel Airpay කෙතරම්‌ සුරක්ෂිතද?

Airtel Airpay සමග ගනුදෙනු සිදු කිරීමේදී එහි  ආරක්ෂිත ස්ථර කිහිපයක්‌ ඇති නිසා ඔබගේ මුදල්‌ වංචා කිරීම්‌ සම්බන්ධයෙන්‌ ඔබ බියක්‌ ඇති කරගත යුතු නොවේ. ඕනෑම මිලදී ගැනීමකට පෙර පරිශීලකයා විසින්‌ තම Google ගිණුමේ මුරපදය(password) ඇතුළත්‌ කර අනන්‍යතාව තහවුරු කරගත යුතු වෙයි. Airtel Airpay සෘජුවම ඔබගේ දුරකථන ගිණුම හා සම්බන්ධව පවතින අතර ඍජු  බිල්පත් ගෙවීමේ සේවාව මගින් ඔබගේ කාඩ්පත්‌ විස්තර හෝ වෙනත්‌ පුද්ගලික තොරතුරු කිසිවක්‌ ඔබගෙන්‌ ඉල්ලන්නේ නැත. සරළව පවසන්නේ නම්‌ ඔබගේ මිළදී ගැනීම්‌ ක්‍රියාවලිය තුළ ඔබගේ කිසිදු දත්තයක්‌ ලබා ගැනීමක්‌ හෝ තුන්වන පාර්ශවයක්‌ සමග හුවමාරු කිරීමක්‌ සිදු නොකරනු ලැබේ. මින්‌ අදහස්‌ කරනුයේ ඊ වොලට්‌ හෝ කාඩ්‌ පත්‌ භාවිතයේදී මෙන්‌ අනාගතයේදී ඉවත්‌ කළ යුතු ස්ථිතික දත්ත කිසිවක්‌ මෙහි ඉතිරි නොවන බවයි.

ඍජු  බිල්පත් ගෙවීමේ සේවාව මෙතරම්‌ ජනප්‍රිය ඇයි?

Google Play Store හි සාප්පු සාවරී යාමට ඔබට ක්‍රෙඩිට් කාඩ්පත්‌, ඩෙබිට්‌ කාඩිපත්‌ හෝ අඩු තරමේ බැංකු ගිණුමක්වත්‌ අවශ්‍ය වන්නේ නැත. මෙය අන්තර්ජාලය හරහා මිලදී  ගැනීම්‌ සිදු කරන සමස්ථ ශ්‍රී ලාංකිකයන්ට හොඳ ප්‍රවෘත්තියක්‌ වේ. මෙම සේවාවේ ඇති ගුණාත්මකභාවය නිසා පුද්ගලික දත්ත සොරාගනීම්‌, අතපසුවීමෙන්‌ කරනු ලබන මිලදී ගැනීම්‌, අමතර බැංකු ගාස්තු යනාදී කරුණු සම්බන්ධයෙන්‌ බිය වීමට අවශ්‍ය නොවේ.

අද වන විට ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව අන්තර්ජාලය හරහා භාණ්ඩ මිළදී ගැනීම සඳහා වැඩි පෙළඹීමක්‌ දක්නට ලැබේ. එහිදී ක්‍රෙඩිට් කාඩ්පත්‌ හෝ වෙනත්‌ ගෙවීම්‌ ක්‍රම සඳහා පහසුකමක්‌ නොමැති තරුණ ප්‍රජාවට මෙමගින්‌ තම අවශ්‍යතා ඉතා පහසුවෙන්‌ ඉටු කරගැනීමේ හැකියාව පවතී. එසේම සමහර මූල්‍යමය කටයුතු සඳහා අවශ්‍ය මූලික සුදුසුකම්‌ සපුරා නොමැති පාසල්‌ වයසේ හෝ රැකියා අපේක්ෂිත පුද්ගලයන්ට පවා Airtel Airpay හරහා තම අවශ්‍යතා ඉටුකර ගැනීමේ හැකියාව පවතී.

Airtel Airpay භාවිත කරනුයේ කෙසේද?

පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන්‌ Airtel Airpay හරහා සම්බන්ධ විය හැකි අතර ඔබ සතුව Airtel සිම්‌ පතක්‌ ඇත්නම්‌ කල යුත්තේ Google Play ගිණුම්‌ මෙනුවට ගොස්‌ එහි ඇති “Use Airtel Billing” තෝරාගැනීම පමණි. පසුව ඔබට අවශ්‍ය භාණ්ඩ හෝ සේවා තෝරාගැනීමෙන්‌ පසු “Buy” සලකුණ ක්ලික්‌ කළ යුතුවේ. ඉන්පසු “Bill my Airtel Account” මත ක්ලික්‌ කර පසුව Google ගිණුමේ රහස්‍ය අංකය ඇතුළත්‌ කර මිළදී ගැනීම තහවුරු කිරීමෙන්‌ පසු ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීමේ හැකියාව ලැබේ.

මෙම සේවාව සපයන Bharti Airtel Lanka පිලිබඳව සැකෙවින්

වර්ෂ 2009 ජනවාරි 12 වන දින ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඇරඹු Bharti Airtel Lanka සමාගම පාරිභෝගිකයන්‌ මිලියනයක්‌ කරා ලඟා වී සිටින ඔවුන් ශ්‍රී ලංකාවේ වේගවත්ම සන්නිවේදන ජාලය වේ. තම වාණිජ මෙහෙයුම්‌ ඇරඹු 2009 වර්ෂයේ සිට වසර 03 ක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ Airtel ලංකාවේ සෑම ප්‍රදේශයක්‌ කරාම ව්‍යාප්ත  කර ඇති අතර අද වන විට මුළු දිවයිනම ආවරණය කරනු ලබයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර ඇති Bharti Airtel Lanka සමාගම දුරකථන අන්තර්ජාල සේවාවන්‌ සහ ආයතනික විසඳුම්‌ ඇතුළු ඩිජිටල්‌ ජංගම දුරකථන සේවාවන්‌ රාශියක්‌ පිරිනමයි. ඔබට ඔවුන්ගේ සේවාවන් හා සම්බන්ධ වැඩි විස්තර ලබා ගැනීම සඳහා “www.airtel.lk” වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

About author View all posts Author website

TechWire

Techwire delivers the latest in technology, science, gadgets, startups and events for the Sri Lankan Tech community.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.