TechWire

Windows 10, ඔබේ සෑම device එකකටම ආදරය කරනු ඇත!

එදිනෙදා ජීවිතයේදී අපි tablet, smartphone, laptop, PC ආදී විවිධාකාර විද්‍යුත් උපාංග රැසක් අතරේ කාලය ගත කරනවා. නමුත් අපිට අවශ්‍ය දත්ත හෝ ලිපිගොණු ඒ උපාංග අතර හුවමාරු කරගන්න එක ටිකක් අමාරු වැඩක්. එයට පිලියමක් විදිහට Microsoft ආයතනය විසින් “Phone Companion” නමින් අලුත්ම app එකක් තම Windows 10 පාරිභෝගිකයන් වෙනුවෙන් හඳුන්වාදීලා තිබෙනවා. මෙහිදී අපගේ සියලුම උපාංග පොදු ක්‍රමවේදයක් සහ පොදු Windows apps යොදාගෙන එකිනෙකට සම්බන්ධ කරනු ලබනවා. මෙය Windows ජංගම දුරකථන භාවිත කරන්නන්ට මෙන්ම බහුතර iPhone සහ Android දුරකථන භාවිතා කරන්නන්ටද පහසුවෙන් ලබාගන්න පුළුවන්. මෙහිදී Windows 10 තියෙන PC එකක් තිබීම පමණක් ප්‍රමාණවත්. අනෙකුත් උපාංග වල අන්තර්ගත මෙහෙයුම් පද්ධතිය කුමක් වුනත් එය මෙම app එක භාවිතයට අදාළ වෙන්නේ නැහැ.

සරලවම මෙහිදී “Phone Companion app” එකෙන් ඒ සියලුම උපාංග Windows 10 සහිත PC එක හා OneDrive හරහා සම්බන්ධ කිරීමක් තමයි මෙහිදී සිදුවෙන්නේ.

windows devices

පළමුව Phone Companion app එක ආරම්භදී ඔබට අයත් ජංගම දුරකථන වර්ගය Windows දුරකථනයක්ද, Android දුරකථනයක්ද නැතිනම් iPhone එකක්ද යන වග තෝරාගන්න. Windows දුරකථන වලට නම් එතැන් පටන්ම app එක භාවිතා කරන්න පුළුවන්. නමුත් අනිත් දුරකථන වර්ගවලට Windows 10 මෙහෙයුම් පද්ධතියත් සමග සහයෝගයෙන් කටයුතු කරන්න ලෙහෙසි වන්න පහසු පියවර කිහිපයක් සිදු කරන්න වෙනවා.

ඉන් අනතුරුව ඒ උපාංගවල අන්තර්ගත වුනු සියලුම ලිපිගොනු සහ තොරතුරු ඔබගේ දුරකථනය සහ පරිගණකය හරහා ලෙහෙසියෙන් ලබාගන්න හැකියාව ලැබෙනවා.
මෙමගින්;

  • දුරකතනයෙන් ලබාගන්නා ජායාරූප OneDrive හරහා පරිගණකයේ photos app එක තුල ස්වයංක්‍රීයව දිස්වීමත්,
  • දුරකථනයේ ඇති සිංදු පරිගණකයෙනුත් පරිගණකයේ ඇති සිංදු දුරකතනයෙනුත් පහසුවෙන් අසන්නට හැකියාවත්,
  • OneNote මගින්, දුරකථනය හරහා ආරම්භ කල ලිපිගොනු පරිගණකය වෙත ස්වයංක්‍රීයව ලබාගැනීමටත්, පරිගණක ලිපිගොනු දුරකථනය හරහා ඉදිරියට කරගෙන යාමේ හැකියාවත්,
  • Microsoft Office ලිපිගොනු හැසිරවීමේ පහසුවත්,

උදාකර දී තිබේ.

එපමණක් නොව මෙම app එක මගින් Windows 10 සදහා වූ සුවිශේෂී ඩිජිටල් සහයකයා වන “Cortana” ඔබගේ Android හෝ iPhone දුරකතනන වලටත් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. මෙහිදී Cortana app එක ‘Phone Companion’ යෙදුම මගින් පහසුවෙන් Apple Store හෝ Play Store හරහා බාගත කරගන්න පුළුවන්. මේමගින් Cortana වල අසමසම සේවාවන් වන අන්තර්ජාල සෙවුම් කටයුතු, විද්‍යුත් පණිවිඩ හුවමාරුව, සිහිගැන්වීම් පණිවිඩ සේවා සාම දුරකථනයකටම ලබාගත හැකිවනවා.

නමුත් සියලුම Cortana පහසුකම් Android හෝ iPhone සදහා ලබාගන්නට නම් හැකියාවක් නැහැ. උදාහරණයක් විදියට “hey cortana” ලෙස පැවසීමෙන් Cortana දියත් කිරීම Windows හැර අනෙක් දුරකථන වලට සිදුකරන්නට නම් අපහසුයි.

මෙන්ම මේ කියන පහසුකම් ඔබ වෙත ලබා දෙන්න Microsoft විසින් Phone Companion app ප්‍රමුකත්වයක් දෙමින් Xbox Music app, Cortana app නිපදවා සියලුම ජංගම උපාංග සදහා හදුන්වල දීල තියෙනවා.

වැඩි විස්තර මේ ලින්ක් එක හරහා ඔබට ලබාගන්න පුළුවන්.

About author View all posts

Sanjani Gunathilaka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.