TechWire

Messenger තියෙන්නේ chat කරන්න විතරද ?

Messenger කියන්නේ අද වනවිට smartphone භාවිත කරන අයගෙන් හැමෝම වගේ භාවිත කරන app එකක්. ගොඩක් අය Messenger භාවිත කරන්නෙ තමන්ගෙ Facebook මිතුරන් සමග chat කරන්න. නමුත් අද අපි කතා කරන්න යන්නේ Messenger වලින් තවත් වැඩ රාශියක් කරගන්න පුළුවන් Messenger Bots ගැන ….

Messenger Bot එකක් කියන්නෙත් web apps, mobile apps වගේ තවත් එක් පරිගණක වැඩසටහන් විශේෂයක්. Messenger Bot එකක් සමග කටයුතු කරන ආකාරය, තමන්ගේ Facebook friend කෙනෙක් සමග Messenger වලින් සම්බන්ධ වන ආකාරයට ගොඩක්ම සමානයි .ඒ වගේම Messenger Bot එකක් භාවිත කරන්න කිසිම අමතර app එකක් අවශ්‍ය වෙන්නෙත් නෑ. දැන් නම් smartphones භාවිතා කරන කවුරුත් කියන්නේ “ඕකට app එකක් තියෙනවා” කියලානේ. ඒත් අනාගතයේදී ඒක වෙනස් වන බව හුඟක් පරිගණක විශේඥයින් මත පළකරනවා. ඊට පස්සේ ගොඩක් අය කියයි මේකට bot එකක් තියෙනවා කියලා.

Messenger Bots වලින් දැනට ලංකාවේ අපිට කරගන්න පුළුවන් දේවල් කිහිපයක් පහතින් දැක්වෙනවා

  • ප්‍රවෘත්ති දැනගැනීම
    • ප්‍රවෘත්ති දැනගැනීම සඳහා නිර්මාණය කරනලද Messenger Bots අතරින් CNN, BBC, Yahoo News වගේ විදේශීය සේවාවන් වගේම Newcey (m.me/botNewcey) වගේ දේශීය සේවාවන්ද සඳහන් කරන්න පුළුවන්
    • Newcey වගේ bot එකක් එක්ක චැට් කරලා තමන් කැමති භාෂාවකින්  කැමති ප්‍රවෘත්ති මුලාශ්‍රයකින් නවතම ප්‍රවෘත්ති ලබාගන්නත්, දිනපතා විශේෂ ප්‍රවෘත්ති තමන් වෙත ගෙන්වාගන්නත් පුළුවන්. ඒ වගේම ගංවතුර,සුනාමි,නායයෑම්,සුළිසුළං ආදී ස්වභාවික විපත් පිලිබඳ අනතුරු හැඟවීම් පිළිබඳ පණිවිඩ ගෙන්වා ගන්නත් හැකියාව පවතිනවා. මේ දේවල් Messenger app එක තුළින් අන්තර්ජාලය හරහා සිදුවන නිසා කිසිදු SMS ගාස්තුවක් වැයනොවන අතර අලුතෙන් apps download කිරීමක් අවශ්‍ය වන්නේත් නෑ.
      Newcey

 

  • බැංකු කටයුතු සිදුකිරීම
    • මේ සඳහා උදාහරණ ලෙස දැනට Seylan බැංකුව මගින් හඳුන්වා දී ඇති Messenger bot එක හඳුන්වන්න පුළුවන් ( m.me/SeylanBank )
  • Pizza ඇනවුම් කිරීම
    • Domino’s Pizza මගින් හඳුන්වා දී ඇති Messenger Bot එක භාවිතයෙන් pizza order කිරීමත්, orders track කිරීමත් පහසුවෙන් කරන්න පුළුවන් 

      Domino’s Pizza Messenger Bot

  • කෑම වට්ටෝරු ලබාගැනීම
    • Knorr Messenger Bot එකෙන් මේ විදියට recipes ලබාගන්න පුළුවන්

දැනට මේ bots ගොඩක්ම text ආකාරයෙන් ක්‍රියාත්මක වුනත් නුදුරේදීම ඒවා voice මගිනුත් ක්‍රියාත්මක කරන්න හැකි වනු ඇත. Websites සහ mobile apps වගේ මේ bots ඉක්මනින්ම අපිට නැතිවම බැරි දෙයක් බවට පත්වනු නොඅනුමානයි.

            

About author View all posts

Shehan Munasinghe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.