TechWire

GNU/Linux පාවිච්චි කරන්න බයයිද?

 

Operating System කිව්වම අපි ගොඩක් දෙනෙක්ගේ මුල්ම තෝරාගැනීම වෙන්නේ Microsoft වෙතින් එන Windows Operation Systems. ඒක Windows 7, Windows 8/8.1 හෝ Windows 10 වෙන්න පුළුවන්. හැබැයි Original Windows OS එකක් මිලදීගන්න පුළුවන් වෙන්නේ අපේ සුළුතරයකටයි. ඊට හේතුව වෙන්නේ Windows 10 home version එකක් ඇමරිකානු ඩොලර් 119(රුපියල් 18,000ක්) වන අතර pro version එකක් ඇමරිකානු ඩොලර් 199ක්(රුපියල් 30,000ක්) පමණ වීමයි.

ඉතින් අපේ බොහෝදෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ crack කරපු version එකක් අරන් පරිගණකයේ install කරන එක. නමුත් මේ විදියට crack කරපු මෘදුකාංග පාවිච්චි කරන එක නීතියෙන් තහනම්. මොකද අපි මෙහිදී මෘදුකාංග නිර්මාණකරුවන්ගේ බුද්ධිමය දේපල අනවසරයෙන් භාවිතා කරන නිසා. Windows වැනි proprietary මෘදුකාංග භාවිතා කරනවිට අපිට එහි හිමිකාරිත්වය හිමිවෙන්නේ නැහැ. අපට මිලදිගතහැක්කේ මෘදුකාංග එක භාවිතා කිරීමට license එක පමණයි.

මෙම ගැටළුව නිරාකරණය කරන්න තමයි Richard Stallman 1985දී Free Software Foundation එක පටන් ගන්නේ. ඔහුගේ මග  යමින් 1991දී Linus Torvalds Linux kernel එක develop කරනවා. ඕනෑම operating system එකක වැදගත්ම කොටස තමයි kernel එක. එතකොට GNU යනුවෙන් හැදින්වෙන්නේ මේ kernel එක support කරන නිදහස් මෘදුකාංග. ලෝකේ පවතින බලවත්ම  Super Computers 500න් 99.6%ක්ම Linux kernel මත දිවෙන නමුත් desktop පරිගණක වලදී සියළු  Linux distributions වල market share එක 2.3% ක් පමණයි. මෙයට හේතුව වුනේ Linux OS සමග සසඳන විට Windows OS වඩා user-friendly වීමයි. නමුත් පසුකාලීනව Linux distributesද වඩා user-friendly interfaces සමග පැමිණියා. අද ලිපියෙන් තොරතුරු අරන් එන්නේ ඒ වගේ Windows OS වලට විකල්ප Linux distributes ගැන.  

5) Zorin OS

2008දී Zorin OS project එක පටන්ගත්තේ නවතම තාක්ෂණය සැමදෙනාටම ගෙන ඒමේ අපේක්ෂාවෙන්.  පෙර පරිගණක දැනුමක් නැති කෙනෙක්ට වුවද හැසිරවීමට හැකිවෙන ලෙස Zorin OS එක සැලසුම් කරලා තියෙනවා. Zorin 12.2 නිකුන් වනවිට එහි developersලා සදහන් කලේ එය මෙතෙක් නිකුත් වූ වඩාත්ම බලවත්  OS එක ලෙසයි. එය පසුගිය සැප්තැම්බර් 7වෙනිදා නිකුත්වුණා. මෙහි තවත් විශේෂ අංගයක් වෙන්නේ Zorin OS 12.2 එකට Wineහි අලුත්ම version එක OS එකටම අඩංගු කිරීම් නිසා Windows වලට පැමිණෙන මෘදුකාංග පවා කිසිදු බාධාවක් නැතිව run කිරීමට හැකිවීම. මිට අමතරව පරිගණකයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට උදව් වන මෘදුකාංග බොහොමයක් Zorin OS සමගම පැමිණෙනවා.

4) Deepin Linux

Deepin Linux අපිට එන්නේ චීනයෙන්. 2004දී Deepin Linux වල මුල්ම version එක release වුනා. එකල Deepin Linux හැදින්වුයේ Hiweed Linux ලෙසයි. ඉතාමත්ම ආකර්ශනීය user interfaces සහිත Linux distro එකක් විදියට Deepin සඳහන් කරන්න පුළුවන්. ඔබ Deepin install කරලා use කලොත් ඔබට හැගේවි Deepin, iOS අකාරයේ styling තම user interfaces වලට භාවිතා කරලා තියනවා. මේ OS එකටත් base වෙලා තියෙන්නේ Ubuntu. පසුගිය ජුලි 21 වෙනිදා Deepin 15.4.1 version එක release වුණා.  

   

3)Elementary OS

Elementary OS එකටත් base එක වෙලා තියෙන්නේත් Ubuntu OS එක. මෙහි desktop environment එක වෙන්නේ Pantheon. Pantheon Elementary OS developers  විසින් develop කරපු එකක්. නමුත් අපේ කලින් OSවල වගේ windows-like user-interface එකක් නෙවෙයි අපිට Elementary OS එකත් එක්ක එන්නේ. කෙසේ වුවත්  Pantheon desktop environment එක usersලට ගොඩක් friendly වෙන විදියට develop කරලා තියෙනවා. Elementary OS එකේ user-interface එක ගොඩක් දුරට MAC OS interface වලට සමානයි. කලින් කිව්වා වගේ Ubuntu OS එක base වීම නිසා usersලට ubuntu වලට එන සියළු  updates සහ security patches Elementary OS සඳහාද ලබාගන්න පුළුවන්. දැනට තියන අලුත්ම Elementary OS version එක වෙන්නේ 0.4.1 Loki.

2) Kubuntu

කලින් Linux පාවිච්චි කලත් නැතත් ඔබ Ubuntu ගැන අහලා ඇති. Canonical සමාගම වෙතින් එන Ubuntu OS එකේ default graphical user interface එක වෙන්නේ GNOME environment එකේ Unity graphical shell එක. නමුත් Kubuntu වලදී Unity වෙනුවට KDE Plasma Desktop එක තමයි default GUI එක විදියට ක්‍රියාකරන්නේ. ඒ නිසයි ubuntu නමට ඉස්සරහට K අකුරක් ඇවිල්ලා Kubuntu වෙන්නේ. KDE Plasma Desktop එක නිසා Ubuntu වලට වඩා Kubuntu, windows වලින් Linux වලට මාරුවෙන කෙනෙක්ට භාවිතා කරන්න පහසුවෙයි.       Kubuntu භාවිතා කරන කෙනෙක්ට ලැබෙන තවත් වාසියක් තමයි community help එක. ඒ නිසා OS එක භාවිතා කරනකොට යම් ප්‍රශ්නයක් ඇතිවුනොත් අන්තර්ජාලෙයේ ඇති දසදහසක් වූ Ubuntu/Kubuntu forum වලින් ඔබට උදව් ලබා ගන්න  හැකියාව තියෙනවා. දැනට release වෙලා තියන අලුත්ම Kubuntu version එක වෙන්නේ 17.04 Zesty Zapus release එක.

1) Manjaro Linux

Manjaro Linux distro එක Arch Linux OS එක මත develop කරපු OS එකක්. Manjaro නිර්මාතෘන්ගේ මූලික පරමාර්ථ වෙලා තියෙන්නේ user friendliness සහ accessibility එක.  Arch Linux install කරන එක එතරම් පහසු දෙයක් නෙවෙයි. මොකද අපි installation process එකේ හැම step එකම manual කරන්න ඕනේ නිසා. නමුත් Manjaro Linux, installer එකක් භාවිතයෙන් අපිට ලේසියෙන් install කරලා Arch Linux අත්දැකීමක් අත්විදින්න පුළුවන්. අපේ අවශ්‍යතාවයට අනුව Manjaro වල desktop environment එක select කරගන්න පුළුවන්. Manjaro GNOME, KDE සහ XFCE desktop environments වලින් වෙනස් version release කරනවා. Manjaro වල අලුත්ම version එක 17.0.5, සැප්තැම්බර් 16 වෙනිදා නිකුත් වුනා. එහි codename එක වුනේ Deepin.

         

About author View all posts Author website

Vidura Dantanarayana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.