TechWire

ඔබගේ Android දුරකථනයත් Judy ගේ ගොදුරක්ද ?

පසුගිය දිනවල මුළු ලොවම භීතියෙන් සලිත කරන්නට සමත් වුන WannaCry Ransomware ප්‍රහාරය ක්‍රමයෙන් යටපත් වී යත්ම දැන් තවත් අවදානම් සහගත තත්වයක් උදා වී තිබෙනවා. මෙය Judy යන නාමයෙන් හදුන්වන අතර ඔබත් Android දුරකතනයක හිමිකරුවෙක් නම් ඔබගේ දුරකථනයත් දැනටත් එහි ගොදුරක් බවට පත්වීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් තිබෙනවා.

මොකද්ද මේ Judy?

Checkpoint Security ආයතනයේ නවතම සමීක්ෂණයට අනුව සොයාගත් Judy, Adware වර්ගයට අයත් වෙනවා. Adware මගින් ඔබගේ smartphone apps තුල සැඟවී, ඒවායින් පෙන්වන වෙළද දැන්වීම් හරහා ඔබ වැඩිපුර පරිශීලනය කරන වෙබ් අඩවි සහ වැඩි වශයෙන් සොයා බලන කරුණු ඇසුරෙන් marketing සඳහා අවශ්‍ය වැදගත් දත්ත එකතු කර ගැනීමක් සිදු කරනවා. Judy මගින් මෙවැනි Adware එකක් භාවිතා කර වංචනික ලෙස ad click වැඩි කර ගැනීම මගින් ඔවුන්ගේ අදායම ඉහල යවා ගැනීමක් සිදු කරනවා.

 Judy on App Store

සමීක්ෂණ වාර්තා වලට අනුව Google Play Store තුල apps 41 කට වඩා වැඩි ප්‍රමාණයක් තුල මෙම Judy Adware අන්තර්ගත වෙලා තියනවා. මේ හැම app එකකම ”Judy the Chef”‘ යන චරිතය අන්තර්ගත නිසා මෙය Judy යන අන්වර්ථ නාමයෙන් හදුන්වනවා. මේක නිර්මාණය කරලා තියෙන්නේ Kiniwini නම් කොරියානු ආයතනයක් විසින්. නමුත් මෙය Play Store තුල ලැයිස්තු ගත වෙලා තියෙන්නේ ENISTUDIO Corp යන නමක් යටතේ. මේ ආයතනය මගින් නිර්මිත apps 41ක් පවතින අතර, වෙනත් app නිර්මාණකරුවන්ද Judy තම apps තුල සඟවා ඇති බව සොයාගෙන තියනවා.

මේ පිළිබද දැනගත් වහාම Google ආයතනය මගින් මේ සියලුම apps ඉවත් කරනු ලැබුවද එය දැනටමත් මිලියන 18.5 ක් පමණ වූ Android පරිශීලකයන් විසින් භාවිතා කර තිබෙනවා. ඒ වගේම මෙය මිලියන 36.5 දක්වා ඉහල යන්නට පුළුවන් කියල තමයි Google ආයතනය පවසන්නේ. මේ වන විට ඔබගේ දුරකථනයත් අසාදිත තත්වයේ පවතින්න පුළුවන්!

ඔබත් දැන්ම ආරක්ෂා වන්න!

Google ආයතනය විසින් ඔවුන්ගේ Play Store apps පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා Google Bouncer නම් ආරක්ෂක වැඩසටහන නැවත මෙවැනි දේ සිදුවීම වැලක්වීමට හැකි වන පරිදි යාවත්කාලින කර ඇත. පහත සඳහන් කර ඇත්තේ අසාදිත apps වලින් කිහිපයක්.  ඔබත් මෙම ලයිස්තුවේ ඇති apps install කර ඇත්නම් වහාම ඒවා ඉවත් කර ආරක්ෂා වන්න.

Fashion Judy: Snow Queen style
Animal Judy: Persian cat care
Fashion Judy: Pretty rapper
Fashion Judy: Teacher style
Animal Judy: Dragon care

         

About author View all posts

Maneesha Ratnadiwakara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.