TechWire

Tag - UAV

G-22 Unmanned Aerial VehicleG-22 – නියමුවන් රහිත ගුවන් යානය (යූ.ඒ.වී)

වර්තමානයේ නියමුවන් රහිත ගුවන් යානා (යූ.ඒ.වී) තාක්ෂණය, තාක්ෂණික ලෝකය ආක්‍රමණය කරමින් පවතී. ‘යූ.ඒ.වී’ වල භාවිතයන් අතර, නාගරික ප්‍රදේශවල වාහන තදබදය නිරීක්ෂණය, හදිසි ආපදා අවස්ථා වල, අදාල ප්‍රදේශයේ තොරතුරු ලබා ගැනීම, කැලෑබද හා මුහුදුබඩ ප්‍රදේශ වල සිදුවන ජාවාරම්, කැලෑ එලි කිරීම්, ලැව් ගිනි පිළිබඳව ඉතා පහතින් පියාසර කර, ඉතා අඩු කාලයකදී වැඩි ඉඩ ප්‍රමාණයක් ආවරණය වන පරිදි තොරතුරු ලබා ගැනීම වගේම යුධමය වශයෙන් සතුරන්ගේ තොරතුරු ගුවනේ සිට ලබාගැනීම සඳහන් කළ හැක.

‘යූ.ඒ.වී’ තාක්ෂණයට  නැතුවම බැරි දෙයක් ලෙස ස්වයංක්‍රීය නියමු පද්ධතිය (ඔටෝ-පයිලට්) හැඳින්විය හැක. නියමුවන් රහිත යානය, දුරස්ථ පාලකය හසුරුවන බාහිර නියමුවාගේ පියවි ඇසට පෙනෙන දෘශ්‍ය සීමාවෙන් ඔබ්බට යවන්නේ නම් , ගුවන් යානය දෙස බලා එය හැසිරවීමේ හැකියාවක් නොමැති හෙයින්, යානය ස්වංක්‍රීයව ගමන් කරවීමට, ඔටෝ-පයිලට් එකක් අවශ්‍ය වේ.

G-22-Flight

නවීන ලෝකයේ ඉතාමත් දියුණු ‘යූ.ඒ.වී’ පැවතියත්, ලංකාවට තවමත් එවන් තාක්ෂණයක් නොමැති අතර, එය තාක්ෂණයක් ලෙස මිලදී ගැනීමේ හැකියාවක් ද නොමැත. ‘යූ.ඒ.වී’ එකක් මිලදී ගැනීම සඳහා බිලියනය ගණනක් වැය වන නමුත් එවැනි යානයක් අප රටේ නිෂ්පාතදනය කරන්නේ නම් වැය වන්නේ අඩු මුදලකි. තවද අපේ රටේ  ‘යූ.ඒ.වී’ නිෂ්පාදනය කළ හැකි නම් එය ජාත්‍යන්තර වෙළඳ පොළේ ඉහල ලාභ ලබන භාණ්ඩයක් වනු නිසැකයි.අපගේ රට සංවර්ධනය කරා ගෙන යාමට නම් සේවා මත පදනම්ව ඇති අපගේ ආර්ථිකය මෙවැනි තාක්ෂණික නිර්මාණ මත ගොඩනැඟිය යුතුය.

මේ ව්‍යපෘතියේ අරමුණ කලින් ලබාදෙන ජී.පී.එස්. ඛණ්ඩාංක හරහා සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ගමන් කළ හැකිකුඩා ගුවන් යානයක් නිපදවීමයි. එම අරමුණ සාර්ථක කරමින් බ්ලූ බේබි ආකෘතියට අනුව නිපදවන ලද යානය කලින් ලබාදෙනු ලැබූ පථයක, සාර්ථකව බාහිර නියමුවාගේ දෘශ්‍ය සීමාවෙන් ඔබ්බට යැවිය හැකි විය. තවද යානයේ මෙහෙයුම් පාලක මෘදුකාංගයක් ද නිර්මාණය කර ඇති අතර එමඟින් යානයේ සියලු තොරතුරු එසැනින් බාහිර නියමුවාට බලාගත හැක.  යානයේ කලු පෙට්ටිය ලෙස මෙමරි චිපයක් ක්‍රියා කරන අතර එහි යානයේ සියලු තොරතුරු හා එයට ලබාදුන් සියලු විධාන පටිගත වේ.

G-22-Aircraft

මෙම ව්‍යාපෘතියේ මූලිකව අවධානය යොමු කරල ලද්දේ යූ.ඒ.වී. එකක හරය වන ඔටෝ-පයිලට් පද්ධතියක් සැකසීම වන අතර, දුරස්ථ පාලක ගුවන් යානයක් නිර්මාණය කිරීම නොවේ. මන්ද ගුවන් යානා ආකෘති පහසුවෙන් මිළදී ගැනීමටද ඇති අතර, එය නිර්මාණය කිරීමද ඒතරම් බැරෑරුම් නොවේ. ව්‍යපෘතියේ හරය ලෙස අප සළකන ලද්දේ මෙහි ඉතාමත් සංකීර්ණම කොටස සහ බුද්ධියට අභියෝගයක් වන ඔටෝ-පයිලට් පද්ධතිය නිර්මාණය කිරීමයි.

අනාගතයේ ආරක්ෂක අමාත්‍යාශය හා ගුවන් හමුදාව මැදිහත් වීමෙන්, මෙම ඔටෝ-පයිලට් පද්ධතිය යොදා ගනිමින් අංග සම්පූර්ණ යූ.ඒ.වී. පද්ධති අපේ රටෙන් බිහිවේවායි අපේක්ෂා කරන්නෙමු. යානය දුරස්ථ පාලකයෙන් ගුවන් ගත කිරීම හා ගොඩ බෑම, මෙන්ම යානය නිර්මාණයේදී ඉතා වැදගත් උපදෙස් ලබාදුන් ආර්.සී. ෆ්ලයින් එරීනා කණ්ඩායමට හා එහි සාමාජික පසිංදු මදුශංඛට විශේෂ ස්තූතිය හිමිවිය යුතුය.

G-22-Team

මොරටුව විශ්ව විද්යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ 2012 අවසන් වසර ව්‍යාපෘතියක් ලෙස මෙය නිර්මාණය කරන ලදී

ව්‍යාපෘති අධීක්ෂක – මහාචාර්ය රොහාන් මුණසිංහ

ව්‍යාපෘති කණ්ඩායම – ආබිද් රුෂ්දි, අනුරුද්ධ තෙන්නකෝන්, අශෝක් අරවින්ද, හොමේෂ් වත්සල්ය

බාහිර නියමුවා – ආර්.සී ෆ්ලයින් එරීනා සාමාජික, පසිඳු මදුශංඛ

යානයේ බර: 1kg

පියාසාර කාලය: 12min

වේගය: 50km/h

පියාසර කල හැකි උස:200m

https://www.youtube.com/watch?feature=player_embedded&v=7M8WvYNngkY