Tesla සමාගම කියන්නෙ ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්රයේ ඉදිරියෙන්ම සිටින ආයතනයක්. වඩා සුඛෝපභෝගී සහ උසස් තත්ත්වයෙන් යුතු මෝටර් රථ නිෂ්පාදනය කිරීමෙහිලා Tesla ආයතනය ලොව පුරා නම් දරා සිටිනවා. විශේෂයෙන්ම නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් තම පාරිභෝගිකයන්ට ඉහල පහසුකම් වලින් යුතු මෝටර් රථ නිෂ්පාදනය කිරීම පිළිබඳව Tesla ආයතනයට ලැබී ඇත්තේ සුවිශේෂී පිළිගැනීම්ක්. ඔවුන් නිරතුරුවම විවිධ නව නිර්මාණ සහ පහසුකම්වලින් යුතු මෝටර් රථ මාදිලි වෙළෙඳපොළ වෙනුවෙන් හඳුන්වාදෙනවා. ලෝකයේ මෝටර් රථ නිෂ්පාදනය සඳහා ඉහළ නම් දරා සිටින BMW, Mercedes සහ Volvo වැනි සමාගම් අතරට තම සම සමාගම ගෙන ඒමට Tesla ආයතනයට හැකියාව ලැබුණා. Read More
Tag - new technology
ක්‍රීඩා විකාශන නිෂ්පාදනය කියන්නේ අද කාලයේ ඇති වඩාත් විහිදී ගිය තාක්ෂණික ක්‍රම ශිල්ප භාවිත වන විෂය පථයක්. නූතනය වන විට බිහිවී ඇති තරඟකාරී පරිසරයත් එක්ක ක්‍රීඩා විකාශන නිෂ්පාදන ආයතන (Sports Broadcasting Production Companies) දවසින් දවස නව සංකල්ප හා නිපැයුම් පිළිබඳව වඩාත් සැලකිල්ලක් දක්වනවා. එ් මොකද කියනවා නම් පේ්රක්ෂක ඉල්ලුම වැඩි කරගන්න නම් මොනයම් හෝ අලුත් අත්දැකීමක් ලබා දෙන්නට එ් එ් ආයතනවලට ඉතා වැදගත් වන නිසායි. ඒ විදිහට ක්‍රීඩා විචාරකයන්ටත් පේ්රක්ෂකයාටත් නැවුම් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් තමයි SPIDERCAM නැමැති උඩුගුවනේ ගමන් කරමින් රූපරාමු ලබා දෙන කැමරාව නිර්මාණය කර තිබෙන්නේ. මේ ලිපියෙන් අපි කතා කරන්නේ මේ කියන කැමරාව සඳහා යොදා ගන්නා තාක්ෂණික උපායන් ගැන.
SPIDERCAM හී නිපැයුම් පසුබිම
SPIDERCAM කියන්නේ ඇත්ත වශයෙන්ම වෙළඳ නාමයක්. මෙවැනි උඩු ගුවනේ සිට කැමරාකරණය කළ හැකි උපාංගයක් පළමුවෙන්ම අත්හදා බැලුනේ ඇමරිකාවේ 1984 දී SKYCAM නැමැති උපාංගයක් මගින්. එ් වුණත් අද වන විට ලෝකයේ බහුලවම භාවිත වන SPIDERCAM උපාංගය නිර්මාණය කරනු ලැබුවේ පරිගණක සහ ප්ලාස්ටික් පිළිබඳ විශේෂ හැකියාවක් ඇති ජර්මන් ජාතික ඉංජිනේරුවෙකු වන Jens Peters විසින්. ඔහු විසින් 2000 වසරේ ආරම්භ කරන ලද ඔස්ටේ්රලියානු ආයතනයක් හරහා මෙම උපාංගයේ වැඩිදියුණු කිරීම් සිදුකරනු ලැබුවා. 2003 වසරේදී සම්පූර්ණ ලෙස අත්හදා බැලීම් සිදුකළ මෙම උපාංගය 2004 වසරේ සිට වාණිජ මට්ටමින් යොදා විකාශන කටයුතු සඳහා යොදා ගැනුණා. ක්‍රිකට් කී‍්‍රඩාව සඳහා මෙය පළමුවරට 2010 වසරේ ඉන්දියාවේදී විකාශන කටයුතු සඳහා යොදා ගනු ලැබුවා.
SPIDERCAM හී සැකැස්ම
මෙය විශේෂ තන්තු (cables) 4ක් යොදා ගනිමින් ති‍්‍රමාණ තලයක් ඔස්සේ චලනය කරවිය හැකි කැමරාවක්. Cables සියල්ල සම්බන්ධ වෙන්නේ කැමරාව රැගෙන යන ආධාරකය (Dolly) ටයි. එය මත අචලව ස්ථානගත කොට ඇති කැමරාව මගින් සාමාන්‍ය කැමරාවක සිදුකෙරෙන කාර්යයන් (Focusing, Panning, Tilting, Zooming) සියල්ල සිදුකෙරෙනවා. කැමරාව දුරස්ථපාලක මගින් හැසිරවිය හැකි අතර හසුරවන්නන් දෙදෙනෙකු එකවර යොදා ගැනෙනවා. එක් අයෙකු කැමරාවේ චලන සිදුකරන අතර අනෙක් තැනැත්තා විසින් එහි කැමරාකරණ මෙහෙයුම් (Camera Operations) සිදුකෙරෙනවා. දුරස්ථපාලක වලින් ලබාදෙන signals වලට අනුරූපව කැමරාව ස්ථානගත කිරීම සඳහා cables වල අනෙක් කෙලවර මෝටර් හතරකට (motorized winches) සම්බන්ධ කර තිබෙනවා. එක් එක් මෝටර් මගින් cables හැකිලීම හෝ දිගහැරීම හරහා එ්වායේ දිග වෙනස් කර කැමරාව චලනය කෙරෙනවා. cables මගින් කැමරාව දරා සිටීමට අමතරව signal transfer කිරීම සඳහා Fiber Optics cables ඇතුලත් කර තිබෙනවා. එම Fiber Optics cables මගින් කැමරාවේ දර්ශන යැවීම සහ කැමරාවේ හැසිරවීම් සඳහා අවශ්‍ය උපදෙස් යැවීම සිදු කෙරෙනවා. මීට අමතරව කැමරාව සෑම විටම සමබරව තබා ගැනීමට හැකිවන පරිදි සංවේදකයක් (gyro sensor) කැමරාව රැගෙනයන dolly එකට සවිකර තිබෙනවා. ක්‍රීඩා පිටියේ කෙලවරක මෙය හසුරවන නියමුවන් දෙදෙනා සහිත පාලන කුටිය පිහිටුවන අතර එය සම්ප්රේෂණාගාරයට සෘජුවම සම්බන්ධකර සාමාන්‍ය කැමරාවකින් දර්ශන ලබාදෙන පරිදිම දර්ශන යැවීම සිදු කෙරෙනවා.
අභියෝග
සමාන්‍ය කැමරාවකට ලබාදිය නොහැකි අපුර්ව දර්ශන රාමු ගෙනදෙන්නට මෙම උපාංගයට හැකි වුණා. සමහර අවස්ථාවල තෙවැනි විනිසුරු ලබා දීමට පවා මෙයින් ලබා ගන්නා පුනරූපන යොදා ගත්තා. බොහෝ විට පරිගණක ක්‍රීඩාවලදී අපි විඳින රසවින්දනයට ආසන්න රසවින්දනයක් ලබා දෙමින් නරඹන්නන් ක්‍රීඩා පිටිය තුළ සිට ක්‍රීඩකයන් සමග තරගයේ සිටින ආකාරයේ අත්දැකීමක් ලබා දෙන්න SPIDERCAM ට හැකියාව ලැබුණා. රූපවාහිනී පේ්රක්ෂකයන් නම් මෙය බෙහෙවින් අගය කළත් ක්‍රීඩකයන් සහ කි‍්‍රඩා පිටියේ සිට තරගය නරඹන්නන් නම් මේ සඳහා එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. හැමදෙනෙක්ම එසේ අප්‍රසාදය පළ නොකළත් ඇතැමුන් නම් මෙය තරගයට බාධාකරන කරදරකාරී දෙයක් හැටියට දෝෂ දර්ශනයට ලක් කරනවා. තරගවලදී ඇත්තෙන්ම මෙම උපාංගය නිසා බාධා වුණු අවස්ථාද නැතුවම නෙවෙයි. ක්‍රිකට් තරගවලදී මෙහි පන්දු ගැටීම නිසා බධා වුණු අවස්ථා ගණනාවක්ම තිබෙනවා. කොහොම නමුත් මේ සියලූ ගැටලූ පිළිබඳව සලකා බැලෙන නිසා නිෂ්පාදකයින් තවදුරටත් මෙය වැඩිදියුණු කර වඩා යහපත් සේවයක් ලබා දීමට මතු දිනෙක හැකිවනු ඇත.
Google කියන්නේ අපි හැමෝටම අලුත් දෙයක් නෙවේ වගේම අපි බොහෝ දෙනාගේ විශ්වාසය රැක ගැනීමට සමත් වූ ආයතනයක්. මේ ලිපියෙන් කියන්නට යන්නේ ඒ විශ්වාසය තවත් වැඩි කිරීමට ඔවුන් ගෙන ඇති පියවරක් ගැනයි.
අද බොහෝ දෙනාට Gmail ගිණුමක් සතුයි. තම එදිනෙදා වැඩ කටයුතු මෙන්ම විවිධාකාර web ගිණුම් සඳහා Gmail ගිණුම් භාවිතා කරන නිසාම එහි ඇති රහස්‍ය භාවය අතිශයෙන් වැදගත් කරුණක්. විශේෂයෙන්ම මේ දිනවල අහන්නට දකින්නට ලැබෙන දේවල් සලකා බැලීමේදී cyber අවකාශයේදී තම පෞද්ගලිකත්වයට හානියක් වේදෝයි කුඩා හෝ චකිතයක් දැනීම පුදුමයට කරුණක් නොවේ. දේශපාලකයන්, ව්‍යාපාරිකයන් හා සමාජයට බලපෑම් කල හැකි පුද්ගලයන්ගේ web ගිණුම් ඉලක්ක කොට රහස්‍ය දත්ත සොරා ගනිමින් ව්‍යාප්ත වන “Targeted Attacks “ නම් online ප්‍රහාර වලට එරෙහිව නවතම විසඳුමක් Google විසින් හඳුන්වා දී තිබෙනවා. එය නමින් Advanced Protection Programme නැතහොත් APP වේ.
මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
Google විසින් කරන ලද සමීක්ෂණයකට අනුව පෙන්වා දී ඇත්තේ වර්ථමානයේ භාවිතා වන ආරක්ෂිත ක්‍රම අභිබවා online ප්‍රහාර එල්ල කල හැකි බවයි. APP මගින් පැතිකඩ තුනක් ඔස්සේ ආරක්ෂාව තර කරලා තියනවා.
එයින් පළමු පැතිකඩ තමයි phishing ප්‍රහාර වලින් ආරක්ෂා කිරීම. සමහර වෙලාවට තෙවන පාර්ශ්වික Apps වලට log වීමේදී හෝ අලුතින් install කිරීමේදී ඔබගේ දත්ත (email වැනි) පරිහරණය කිරීම සඳහා අවසර ලබා දීමට සිදුවනවා. Advanced Protection Programme එක මගින් මෙසේ පිටට යවන දත්ත සීමා කරනවා.තෙවැන්න වන්නේ යම්කිසි කෙනෙකු වශයෙන් පෙනී සිට ඔහුගේ ගිණුම් වලට අයුතු ලෙස ඇතුළු වීම වැලැක්වීමයි.
මෙහිදී ආරක්ෂිත ක්‍රමවේදය ලෙස අපි දැනට භාවිතා කරන 2-step verification වගේ ක්‍රම වලින් ඔබ්බට ගිය ක්‍රමයක් වශයෙන් physical security key එකක් භාවිතා කරනවා. මෙය ඇත්තටම dongle එකක්. එය Bluetooth (Mobile ,Tablet , PC සඳහා) හෝ USB(පුද්ගලික පරිගණකය සඳහා පමණි) ආකාරයෙන් ඔබගේ පරිගණකයට සම්බන්ධ විය හැකිය. මෙය ඔබ පාවිච්චි කරන device එක සමග සම්බන්ධ කර බොත්තමක් එබූ සැනින් Google විසින් ඔබගේ අනන්‍යතාවය හඳුනා ගැනේ.

Phishing Attacks වළක්වන්නේ කොහොමද?
Phishing attacks වලදී බොහෝ විට අපි දන්නා site එකක් ලෙස පෙනී සිටිමින් ඔබගේ දත්ත අයුතු ලෙස ලබා ගන්නා අවස්ථාවන් තිබෙනවා. අලුතින් හඳුන්වා දෙන security key එක ක්‍රියාත්මක වන්නේ කලින් හඳුනාගත් genuine sites වලට පමණක් නිසා මෙවැනි අවධානම් වලින් ගැලවෙන්නට පුළුවන්.
APP කරදරයක් වෙයිද?
ඉහත පෙන්වා දුන් පරිදි APP වලින් ලොකු ආරක්ෂාවක් සපයනවා. ඒත් මේ නිසා සිදුවන බාධාවීම් හා කරදර නැතුවාම නොවේ . පළමුව කිව යුතු වන්නේ ඔබ Google site එකකට ඇතුළු වීමේදී සෑම විටම ඉහත කී security key එක තිබිය යුතුයි. නැති නම් දවස් කීපයකට ඔබගේ ගිණුම හෝ site එකට ඇතුළු වීමට නොහැකි වේවි. ඒ වගේම කලින් සඳහන් කල පරිදි third -party apps වලට දත්ත ලබා දීම සීමිත නිසා එවැනි දත්ත අත්‍යවශ්‍ය apps භාවිතා කිරීමට නොහැකි වේවි. Google සේවාවන් සඳහා sign -in වීමේදී අනිවාර්යෙන් Google Chrome බ්‍රව්සරය පාවිච්චි කරන්නත් වෙනවා.
ඔබට මෙය අවශ්‍යමද?
මුලදීම සඳහන් කල ආකාරයට Google විසින් මෙම APP සේවාව හඳුන්වා දීමට මූලික හේතුව වන්නේ Targeted Attacks. security key වලට යන වියදම අමතරව වෙනත් ලොකු වියදමක් මේ සඳහා වැය නොවුනත් ඔබ සාමාන්‍ය වැසියෙක් නම් ඉහත සඳහන් කල අවදානම් වලට ලක්වීමට ඇති ඉඩ කඩ සීමිත නිසා APP භාවිතා කිරීමට පෙර තවත් වරක් සිතා බලන්න.
මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් Google විසින් මේ පිලිබඳ ලියා ඇති මේ ලිපියෙන් බලාගන්න පුළුවන්.
Supercars කියන කොටම කාට වුණත් මතක් වෙන්නේ Bugatti, Ferrari, Porsche, Lamborghini වගේ කාර් තමයි. ඒවායේ තියන සුවිශේෂී වේගය, පෙනුම වගේ කාරණා නිසා ඕනම කොල්ලෙක් කෙල්ලෙක් මේ වාහන ගැන ලොකු උනන්දුවක් දක්වනවා. පුංචි කාලේ ඒ වගේ වාහනයක කවදාහරි නැගලා යන්න කොච්චර නම් හීන දකිනවාද…? හැබැයි ඉතිං දැනුම් තේරුම් තියන වයසට එනකොට තේරෙනවා ඇයි එහෙම කරන්න බැරි කියලා. ඔය විදිහේ වාහනයක් ගන්න නම් කෝටි ගාණක් වියදම් කරන්න වෙනවා විතරක් නෙවෙයි වාහනේ ගමන් බිමන් යන්නත් නඩත්තුවටත් යන වියදම ගැන හිතනකොට එ්ක හීනයක්ම තමයි. ඒ හීනේ තාම හිතේ තියන නිසා පරිගණක ක්‍රීඩාවක් තුළ හරි මේ වාහන පැදලා සතුටු වෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැනේ. හැබැයි මේ කථාව ගැන ඇහුවොත් පුදුම වෙයි. අපේ රටේදීම නිෂ්පාදනය කරන්න යන සුපිරි මොටර් රථයක් වන VEGA ගැන තමයි අද අපි කියන්නේ.