
සචී එදිරිවීර
අප සැවොම දන්නා සිංහබාහු පුරාවෘත්තය යළිත් අප අතර කතාබහට ලක්කරවමින්, ඉතිහාසගත කතාන්දරයක් මත පදනම් වූ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍ර කතාව ලෙස Lionborn එළි දැක්වෙන්නේ සචී එදිරිවීර නම් වූ තරුණ කලාකරුවාගේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසිණි. Filmbox ආයතනයේ ආරම්භකයා වන සචී එදිරිවීර කෙටි සිනමා අධ්‍යක්ෂකවරයෙකු ද වන අතර මෙය ඔහුගේ ප්‍රථම චිත්‍රකතා සංග්‍රහයයි. මොහු විශිෂ්ට නිර්මාණකරුවෙකු වන අතර, එම සිතුවම් වලින් ඔහුගේ Instagram ගිණුම විචිත්‍රවත් වී ඇත.
Lionborn හි කතා රචනය සහ සිතුවම් නිර්මාණය සචී එදිරිවීර විසින් වන අතර සිතුවම් වර්ණ ගැන්වීම සිදුවී ඇත්තේ ඇමරිකානු ජාතික ක්‍රිස් ලිස්මාන් විසිනි. මෙම මස 20 සහ 21 දෙදින තුළ පැවැත්වීමට නියමිත ලංකා කොමික් කොන් 2016 උළෙලේදී මෙම චිත්‍ර කතා සංග්‍රහය එළි දැක්වීමට නියමිතය.
[mks_pullquote align=”left” width=”300″ size=”24″ bg_color=”#000000″ txt_color=”#ffffff”]“මම රහස් පරීක්ෂක කතාවල ලොකු රසිකයෙක්, විශේෂයෙන්ම ඇගතා ක්‍රිස්ටී ගේ නවකතා වල. Lionborn ලිවීමට ඇගේ පොත් මට ලොකු පන්නරයක් වුණා,”[/mks_pullquote]මෙම කතාව ලිවීමට පෙර සචී විසින් කතා මාලා ලැයිස්තුවක් පෙළගස්වා ඇත. එහිදී නවතම අදහස් සහ, ඊට අමතරව ඉතිහාස කතා මත පදනම් වූ යෝජනා ද ඔහු සැළකිල්ලට ගෙන ඇත. “ඒවා අතරින්, සිංහබාහු කතන්දරය සිත්ගන්නාසුළු වුණා, මොකද ශ්‍රී ලාංකික සංස්කෘතියේ ඉතා වැදගත් යැයි සැළකෙන සුවිශේෂ සිද්ධියක් ඒකෙ අන්තර්ගත නිසා. ඒත් එක්කම, ඒ ගැන හරියට දන්නෙ ඉතාමත් සුළු පිරිසක් නිසා.” සචී පැහැදිළි කළ පරිදි සිංහබාහු කතා වෘතාන්තය, බාහිර ඔපයන් නොමැතිව වුවද ඉතාමත් චමත්කාරජනකය. ඔහුට අනුව මෙම පුරාවෘත්තයේ අනාවරණය නොවූ කොටස් ගණනාවක් ඇත. ඒ සියල්ල දෘෂ්‍ය ආඛ්‍යානයක් සමග බද්ධ කිරීමෙන්, චිත්‍ර කතාවක් සඳහා ගොඩනැගීමට සුදුසුම කතා මාලාව මෙය බවට සචී තීරණය කර ඇත. කොටස් හතකින් යුතු මෙම කතන්දරය ජන කතා, ප්‍රබන්ධ සහ රහස්-පරීක්ෂණ යන ප්‍රභේද සියල්ලේම සංයුක්තයක් ලෙස සැළකිය හැකිය.

Lionborn ප්රචාරක සිත්තම
කතාවේ පසුතලය, පුරාවෘත්තයේ ලෙසින්ම, වංග නම් වූ රාජ්‍යයකි. එනමුදු චිත්‍ර කතාවේ දී, නගරය බොහෝ දුරට ප්රබන්ධමය සන්දර්භයක පිහිටන අතර එහි ඇති ඉදිකිරීම් සඳහා පුරාණ පර්සියානු ආභාසය ලැබී ඇත. කතාවේ එන ශීර්දාස් සහ සීවලී යන චරිත මූලිකවම සිංහබාහු සහ සිංහසීවලී මත පදනම් වී ඇත. කතන්දරය ඇරඹෙන්නේ මෙම දෙදෙනා ගල් ලෙනෙන් පැනගොස් වසර අටකට පසුව, ශීර්දාස් විසින් ආපසු වංග රාජ්‍යයට පැමිණීම සමගය. එසේ පැමිණෙන්නේ සීවලීව වරදකාරී ලෙස අත්අඩංගුවට ගැනීමට හේතු වූ අපරාධයක් පිළිබඳව පරීක්ෂා කිරීමටය. කතා වින්‍යාසයේ වැඩිදුර සාරාංශයක් ඔබට Lionborn Facebook පිටුවෙන් දැකගත හැකිය.
Lionborn යනු චරිත මත බද්ධ වූ කතාවකි. “මට ඕන වුණා සිංහසීවලී ව ප්‍රධාන චරිතයක් කරන්න, පුරාවෘත්තයෙ එන විදිහට හැම මොහොතෙදිම සිංහබාහු මත නාභිගත වෙන්නෙ නැතුව,” සචී කීය.
“Lionborn කතාවේ, සිංහයා කියන්නෙ හිටපු දක්ෂ රණශූරයෙක්. මම ශීර්දාස් විදිහට නම් කරපු සිංහබාහු ඉන්නෙ සිංහයෙකුගෙ අතකට සමාන යකඩ අත් වැස්මක් පැළඳගෙන. මම හිතනවා සිංහබාහුගේ සත්‍ය ස්වරූපය ඒ වගේ වෙන්න ඇති කියලා,” ඔහු පැහැදිලි කළේය.
ඔහු චරිත නිර්මාණකරණය සිදුකර ඇත්තේ කතන්දරයේ මූලික සැකැස්ම ලියන අතරතුරදී ම ය. ඔහුගේ අරමුණ ව තිබී වී ඇත්තේ තත්කාලීන පසුබිම සමග ගැලපෙන, ඒ අතරම නූතන චිත්‍ර කතා සමග බද්ධ වන චරිත නිර්මාණයක් සිදුකිරීම ය.

දෙබස් නොමැති පූර්ව දර්ශනයක්
“සිතුවම් නිර්මාණකරණයේදී අපට හමුවන එකම සීමාව අපේ නිර්මාණශීලීත්වය විතරයි. නිර්මාණශීලීත්වය එක්ක ලිඛිත සාහිත්‍යය සමබර කරන්න මම දරපු එක් විශේෂ උත්සාහයක් තමයි Lionborn කියන්නෙ,” ඔහු කීය. කෙටි චිත්‍රපටයක් හෝ වේවා, සිතුවම් නිර්මාණයක් හෝ වේවා සචී සැමවිටම උත්සාහ දරන්නේ සිය ව්‍යාපෘතීන් අන්තර්ජාතික මට්ටමක රැඳවීමට ය. “මේක මගේ පුද්ගලික තීරණයක්. ලෝකයෙම අවධානය ශ්‍රී ලංකාවට ලැබෙන විදිහේ දෙයක් කරන්න ලැබෙන එක, ස්වාධීන කලාකරුවක් විදිහට මට අතිශයින් සතුට දනවන්නක්,” සචී පැවසීය.
කොටස් 7කින් යුතු Lionborn කතා මාලාවේ පළමු කොටස ලංකා කොමික් කොන් 2016 උළෙලේ Filmbox කුටියෙන් රුපියල් 1200/- මුදලකට මිලදී ගත හැකිවනු ඇත. මීට අමතරව ඔහුගේ මුද්‍රණය කළ පරිගණක සිතුවම් ද ඔබට එහිදී මිලදීගත හැකිවනු ඇත.
මූලාශ්‍රය: Nation
Great stuff! Good luck for the revolution in the comics!
made me remember the game Mark Of Ninja!
thumbs up for the awesome job!
Admiring the time and energy you put into your blog and in depth information you provide.
It’s awesome to come across a blog every once in a while that isn’t the same
outdated rehashed material. Excellent read! I’ve bookmarked your site and I’m including your
RSS feeds to my Google account.