TechWire

Author - Pramodya Abeysinghe

Google Earth Engine

මොකද්ද මේ Google Earth Engine

ලෝකයේ භෞතික ස්වභාවය අධ්‍යනය කරන්න Google විසින් හඳුන්වාදීපු platform එකක් තමයි Google Earth Engine කියන්නෙ. අභ්‍යවකාශයේ තියෙන චන්ද්‍රිකාවලින් ගන්න දත්ත ගබඩා කරල ඒව යම් අධ්‍යන කටයුතුවලට හෝ පර්යේෂණ කටයුතුවලට දෙනව Google Earth Engine එකෙන්. මෙහි ප්‍රයෝජනය පොදු ජනතාවට, රජයන්ට වගේම පෞද්ගලික අංශයට වුණත් ගන්න පුළුවන් විදියට තමයි Google විසින් අවස්ථාව සලසලා තියෙන්නෙ. මොවුන් මේක හදුන්වා දෙන්නේ පෙටා බයිට් ප්‍රමාණයේ විද්‍යාත්මික විශ්ලේෂණ කටයුතු කල හැකි platform එකක් විදියටයි.

මෙහි විශේෂත්වයක් වන්නෙ වසර 35ක පමණ සිට චන්ද්‍රික මගින් ලබා ගත්ත ඡායාරුප එකතුවක් මෙහි තිබෙනවා. වර්තමානයේ නම් එදිනෙදා ලැබෙන සියලු වාර්තා හා ඡායාරුප ඔවුන් සතු වෙනවා. ඒ වගේම Google Earth Engine මගින් JavaScript හා python සඳහා API ලබා දෙනවා විශ්ලේෂණ කටයුතු මෙහෙයවන්න.

Google Earth Engine හා Google Maps කියන්නෙ හාත්පසින් වෙනස් භාවිතයන් දෙකක්. Maps වලින් කරන්නෙ ලෝකය virtually පෙන්වන එක. නමුත් Google Earth Engine මගින් වෙන්නෙ ලෝකයේ භූ ස්වභාවය හා ඒ ආශ්‍රිත දේවල් විශ්ලේෂණය සදහා අවස්ථාවක් ලබාදීම.

Read More

Privacy in the Cloud

Cloud service එකක් කියන්නේ කුමක්ද?

cloud-computingInternet හරහා අපිට ලබා ගන්න පුළුවන් ඕනෑම සම්පතක් හෝ සේවාවක් cloud service එකක් විදියට හඳුන්වන්න පුළුවන්. Email, maps, cloud storage වගේම ගොඩක් ප්‍රසිද්ධ social media sites වගේම තව බොහෝ දේ වෙන්නේ Internet එකෙන්. මේ හැම දෙයක්ම cloud එකෙන් handle වෙන දේවල්. අපි පොඩි කාලෙ Internet කියල ඉගෙන ගනිද්දි ඉගෙන ගත්ත වලාකුළ මතක් කරගන්න, cloud කියන්නේ මොකද්ද කියන එකට උදාහරණයක් විදියට.

Read More

Web Development සඳහා අවශ්‍ය Front-end Tools

අද කාලෙ අපි Internet ගියොත් ලස්සන websites දකින්න පුළුවන්. මේව ලස්සනට හදල ගන්න ගොඩක් මහන්සි වෙන්න ඕන. හැබැයි ඒවා නිර්මාණය කරන්න භාවිතා කරන්න පුළුවන් tools ගැන හොඳ අවබෝධයක් තියෙනව නම් වෙන්න ඕන මහන්සියේ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. Website එකක් ගත්තොත් අපිට ඒකෙ front-end හා back-end කියල development stages දෙකක් හඳුනාගන්න පුළුවන්. මේ article එකෙන් front-end එක develop කරන්න ඕන හොඳ tools ගැන තමයි කියන්න යන්නෙ.

Read More

ජීවිතය පහසු වෙන්න Google Apps

logo_lockup_apps_for_work_color-1024x194

Google නම් හැමෝටම මතක් වෙන්න Google search engine එක තමයි. ඊට එහා ගියපු ගොඩක් දේවල් Google සමාගම මේ වනවිට හදුන්වල දීල තියෙනවා. ඒ අතරින් අපේ එදිනෙදා වැඩ ලේසි කරගන්න පුළුවන් දේවල් ටිකක් තමයි මේ ලිපියෙන් කියන්නේ. විශේෂයෙන්ම smart phone එකකින් භාවිත කරන්න පුළුවන් application ගැන තමයි කතා කරන්නෙ.

මුලින්ම අපි Google account එකක් හදා ගන්න ඕන. ඒකට Google.lk වෙබ් අඩවියට ගිහින් හදා ගන්න පුළුවන්. එහෙම හදපු account එක මගින් තමන්ගෙ android phone එකට ඉබේම ඇවිත් තියෙන Play Store කියන යෙදුමට ගිහින් login වෙන්න. iPhone එකක් නම් app Store එකෙන් අවශ්‍ය Google products බාගත කරන්න පුළුවන්.

maxresdefault

Google Chrome

Google-chromeGoogle Chrome කියන්නේ අපි ගොඩක් දෙනෙක් දන්න වගේම ගොඩක් දෙනෙක් නිතරම භාවිත කරන web browser එකක්. එකේ ප්‍රධාන මුහුණත තියෙන්නෙ Google සෙවුම සදහා. ඒකෙ අපිට search කරන්න ඕන දෙයක් වගේම අපිට යන්න ඕන website එකක URL එක වුණත් type කරන්න පුළුවන්. Type නොකර voice command දෙන්නත් පුළුවන්. ඒකට search bar එකේ තියෙන mic එක ඔබල අපිට අවශ්‍ය දේ කියන්න පුළුවන්. හැබැයි හොද ඉංග්‍රීසි උච්චාරණයක් තියෙන්න ඕන. නැත්තම් Googleට අපි කියන දේ නොතේරෙන්න වගේම හිතුවේ නැති දෙයක් search වෙන්නත් පුළුවන්. මිට අමතරව chrome එකේ වෙනත් ප්‍රධාන පහසුකමක් තියෙනවා. ඒ තමයි Incognito කියන ක්‍රමය. ඒකෙන් වෙන්නෙ අපේ search history එක හෝ password වගේ දේවල් save වෙන්නේ නෑ. වෙන කෙනෙක්ගෙ phone එකකින් අපි web browse කරනව නම් මේ ක්‍රමය අනුගමනය කරනවා නම් හොදයි. මොකද password save නොවන නිසා password save වෙයි කියල බය වෙන්න ඕන නෑ. ඒක ලබාගන්න app එකේ උඩ දකුණු කෙලවරේ තියෙන dot තුනේ button එක ඔබල New incognito tab කියන එක ඔබන්න.
ඒ වගේම bookmarks කියන එක ගොඩක් වැදගත් දෙයක්. අපිට වටිනා website එකක් ලැබුනොත් වෙන දවසක් අයෙත් යන්න අපිට ඒ website එක bookmark කරලා තියන්න පුළුවන්. අපි computer එකකින් Google chrome ගිහින් save කරන bookmarks අපිට phone එකේ chrome app එකෙනුත් access කරන්න පුළුවන්. හැබැයි එකට computer එකේ chrome එක අපි sign-in වෙලා ඉන්න ඕන. ඒ වගේම ඒ email එකෙන්ම phone එකේ sign-in වෙන්න ඕන. එතකොට තමයි ඒ දෙක sync වෙන්නේ.
අද කාලේ හදන අලුත් website හදන්නෙ mobile responsive විදියට. එහෙම නැතුව සාමාන්‍ය විදියට chrome app එකෙන් බලන්න ඕන නම්, කලින් කිව්ව තැනම Request desktop site කියල option එකක් tick කරන්න පුළුවන්.

Google Drive

Googledrive_logoCloud space කියන එක ගොඩ කාලෙක ඉදන් ලෝකේ භාවිත වෙන දෙයක්. එම තාක්ෂනය යොදාගෙන තමයි Google Drive හදල තියෙන්නේ. මේකෙන් වෙන්නේ අපිට අපේ GMail එක හරහා අපිට ඕන දෙයක් online storage එකක් store කරල තියන්න පුළුවන්. මේකේ තියෙන ප්‍රධාන වාසිය තමයි අපිට ලෝකේ කොහේ හිටියත් Internet තියෙනව නම් ඒ store කරපු දේවල් GMail එකෙන් log වෙලා බලන්න/ බාගත කරන්න පුළුවන්. හැබැයි සීමිත ඉඩක් තමයි දෙන්නෙ. GMail එකක් හදනකොටම 15GB ප්‍රමාණයක් දෙනවා. හැබැයි documents වගේ දේවල් store කරන්න නම් ඒ ඉඩ වැඩිත් එක්ක. අවුරුද්දකට සැරයක් 2GB වගේ ප්‍රමාණයක් වැඩි කරගන්න අවසථාවක් Google විසින් ලබා දෙනවා. Drive කියන software එක computer එකට දාගත්තම ඉබේම Drive folder එකක් හැදෙනවා. එතනට දාන ඕනෑම දෙයක්, පරිගණකය Internet එක්ක සම්බන්ද වුනාම ඉබේම upload වෙනවා. හැබැයි තමුන්ගෙ කැමැත්ත අනුව settings වලින් එක වෙනස් කරන්න වගේම, upload වෙන එක pause කරලා තියන්න පුළුවන්.
Phone එකකින් නම් Drive app එක play store එකෙන් බාගන්න පුළුවන්. Phone එකේ තියෙන drive app එකෙන් කරන්නේ online store එකේ තියෙන folders/files පෙන්නන එක. අපිට ඕන නම් phone memory එකට download කරගන්න පුළුවන්. ඒ වගේම phone එකේ තියෙන photos, documents, drive එකට upload කරන්න පුළුවන්. ඒ වගේම drive එකේ තියෙන දෙයක් Internet නැති වෙලාවක් බලන්න නම් අපිට අවශ්‍ය file එක, offline බලන්නත් පුළුවන් විදියට හදාගන්න පුළුවන්. තව අපිට, අපේ drive එකේ store කරපු file එකක් හෝ folder එකක් වෙන කෙනෙක් එක්ක share කරන්න පුළුවන්. Google account එකක් නැති කෙනෙක් එක්ක public විදියට share කරන්නත් පුළුවන් අපිට. File sharing වලට මේ Google drive කියන එක ගොඩක් වැදගත්. මොකද ගොඩක් ලොකු files අපිට email එකකින් යවන්න අමාරුයි. සමහර ඒවා දෙන්නෙත් නෑ ලොකු files email කරන්න. එකට හොද විසදුමක් තමයි මේ Google drive එක. තමුන්ට මේ දීල තියෙන 15GB මදි නම් සල්ලි දීල අවශ්‍ය ඉඩ ප්‍රමාණයක් පවත්වාගෙන යන්න පුළුවන්.

Google Docs

docs-iconසාමාන්‍යයෙන් අපි documents හදන්නේ word වගේ software එකකින්. එත් online document එකක් හදන්න නම් හොදම යෙදුම තමයි Google Docs කියන app එක. මේක web browser එකකින් use කරන්න පුළුවන් වගේම, phone එකකින් නම් වෙනම app එකක් තියෙනවා. අපි එදිනෙද භාවිත කරන word වල තියෙන ගොඩක් පහසුකම් තියෙනවා. අපි හදන හැම document එකක්ම drive එකේ auto save වෙනවා. ඒක නිසා හදිසියකදී close වුණා කියල වද වෙන්න ඕන නෑ. ඒ වගේම සිංහලෙන් type කරන්න නම් Google input tool එකත් Google Docs එක්කම එනව. ඒක නිසා සිංහල fonts හොයල කරදර වෙන්න ඕන නෑ.
Google docs වල තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි කාගේ හරි Gmail එකකට share කරොත්, ඒ පුද්ගලයාටත් document එක real time edit කරන්න පුළුවන්. Project proposal හදන වගේ වැඩකට group එකේ හැමෝම එක තැනකට එකතු නොවී වුනත් ඒ පහසුකම නිසා ලේසියෙන් වැඩ කරන්න පුළුවන්.
ඊට අමතරව Google වෙතින් හදල දීපු template පවා docs වල තියෙනවා. Resume, letters, essays, reports, proposals වගේ තව ගොඩක් හදල තියෙනවා. අපිට ඒ එකක් තෝරාගෙන edit කරන්න විතරයි තියෙන්නේ.

Google Slides

slideමේකෙන් online presentation හදන්න පුළුවන්. මේකෙත් docs වල තියෙන හැම පහසුකමම තියෙනවා. මේකෙත් අපිට දීල තියෙන templates භාවිත කරන්න වගේම share කරගෙන කීපදෙනෙක්ට එක සැරේට වැඩ කරන්න පුළුවන්.

Google Sheets

spreadsheets-iconGoogle හදුන්වා දීල තියෙන Spreadsheet app එක තමයි Google sheets කියන්නේ. මේකෙත් Excel වලින් කරන ගොඩක් දේවල් කරන්න පුළුවන්. Equations භාවිත කරන්න, data validation වගේ අත්‍යවශ්‍ය spreadsheet වැඩ මේකෙත් තියෙනව. To-do list, annual budget, calendars වගේ templates මේකෙත් දීල තියෙනවා. තව Google forms වලින් ලැබෙන දත්ත analyze කරන්නත් Google sheets යොදා ගන්න පුළුවන්.

Google Forms

formඅපිට online survey එකක් කරන්න නම් එකට තියෙන හොදම tool එක තමයි Google forms කියන්නේ. Data collection වලටත් පහසුම tool එක තමයි මේක. Google formsවල අපිට උත්තර ලබා ගන්න option box, check box, drop down වගේ අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. ඒ වගේම අපි ලබා ගන්න data, validate කරලම ගන්න පුළුවන්. එතකොට user වැරදි data ඇතුල් කරන එක වළක්වාගන්න පුළුවන්. එකෙන් data ගන්න කෙනාට වගේම දෙන කෙනාටත් ලේසි. Survey වලට අමතරව මේකෙන් online quizzes තියන්නත් පුළුවන්. ලැබෙන responses Google form එකක් මගින් අපිට ලබා ගන්න පුළුවන්. එකෙන් අපිට analyze කරන්න පුළුවන්.

Survey එකක් නම් යම් කාලයකින් ඉවර කරන්න නම්, accepting responses කියන option එක disable කරලා, දත්ත ලබා ගැනීම නවත්තන්න පුළුවන්. හදිසියේ තාවකාලිකව survey එකක් නවත්තන්න ඒ option එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ලැබෙන responses එකක් ගානේ email notification ගන්නත් පුළුවන්.

Google Maps

mapsඉස්සර නම් නොදන්නා තැනකට යනවනම් දන්නා කෙනෙක්ගෙන් විස්තර අහගෙන, කඩදාසි සිතියම්කුත් හොදට බලල තමයි එලියට බහින්නේ. දැන් Google maps තියෙන නිසා එච්චර කරදර වෙන්න ඕන නෑ. තමන්ගෙ phone එකෙන් Internet connect උන ගමන් ලෝකේ තියෙන ඕන තැනක් හොයාගන්න තප්පර දෙකක්වත් යන්නේ නෑ. Search bar එකේ යන්න ඕන තැන type කරන්න විතරයි තියෙන්නේ. තමන් ඉන්න තැන ඉදන් අවශ්‍ය තැනට යන්න පුළුවන් හැම විදියකම Google අපිට පෙන්නනව. ඒ වගේම අඩුම වෙලාවකින් යන්න පුළුවන් පාරත් අපිට පෙන්නුම් කරනවා. වාහනයකින් වගේම පයින් යන කෙනෙකුටත් අවශ්‍ය මගපෙන්වීම Google අපිට දෙනවා. කොළඹ වගේ තදාසන්න තැනකට අලුතෙන් අපු කෙනෙක්ට නම් Google maps කියන දෙය ගොඩක් වටිනව. ඒ වගේම නොදන්න කාත්කවුරුවත් නැති ගමකට ගියත් පාර හොයාගන්න Google maps යොදා ගන්න පුළුවන්.
සමහරවිට නිතරම යන එන තැන් වගේම, නොදන්නා තැනකට යන්න හදනවා නම්, Internet නැති වෙයි වගේ කියල හිතෙනවා නම් අපිට අවශ්‍ය ප්‍රදේශය download කරලා offline map එකක් විදියටත් භාවිත කරන්න පුළුවන්.
Google maps වලට contribute කරන්නත් පුළුවන් අපිට. එකෙන් Google maps තවත් දියුණු වෙනවා. අපි ගියපු තැන වල හොද නරක වගේම, map එකේ දැනට නැති නමුත් තිබුනොත් හොදයි වගේ හිතෙන තැන අපිට add කරන්න පුළුවන්. ඒකෙන් තව කෙනෙක්ට උදව්වක් වෙන්නත් පුළුවන්.

Google-play

අද මම කිව්වේ Google විසින් අපිට නොමිලේ එදිනෙදා වැඩ ලේසි කරගන්න ලබා දීල තියෙන යෙදුම ගැන. තවත් යෙදුම ගොඩක් තියෙනවා පැහැදිලි කරන්න. ඒවා මීලග ලිපියකකින් ඉදිරිපත් කරන්නම්.

Facebook Account එකේ ආරක්ෂාව ගැන සිතුවාද?

අද ගොඩක් අය cyber අවකාශය තුල යන එන ප්‍රධාන තැනක් තමයි Facebook. ඒ වගේම Facebook නිසා පෞද්ගලිකත්වයට හානි වුන බොහෝ පිරිසක් ඉන්නවා කියල අපිට ඕන තරම් ආරංචි ලැබෙනවා. මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ ගොඩක් වෙලාවට අපේ තියෙන නොසැලකිලිමත්කම නිසාම තමයි. මේ article එක ලියන්නේ ඒ ප්‍රශ්නවලින් මිදිලා කොහොමද පරිස්සමෙන් Facebook යන්නේ කියල.

Login එකේදි ආරක්ෂා වීම

loginweb browser එකෙන් FB log වෙනවා නම් අපිට හුරුපුරුදු login screen එකක් තමා තියෙන්නෙ. Keep me logged in කියන option එකක් තියෙනවා කියල ඔබට මතක ඇති. තමන්ගේම computer එකක් නෙමේ නම් ඒ option එක භාවිත නොකරන තරමට හොදයි. මොකද තමන් FB ගිහින් ඉවර වෙලා logout වෙන්න අමතක උනොත් account එක බාහිර පුද්ගලයෙක්ට භාවිත කරන්න හරිම ලේසි.

Password එක පෞද්ගලික විය යුතුය.

keep-calm-and-dont-share-passwords-5

අපි ඕනෑම account එකකට password එකක් දන්නේ ආරක්ෂාවට. එහනම් අපි ආරක්ෂාවට දාපු password එක අන්සතු කිරීම දැන දැන කරන මෝඩ වැඩක්. ඒක නිසා තමන්ගෙ password එක කිසි විටෙකත් අන්සතු කරන්න එපා. Facebook account එකේ ආරක්ෂාවට ඒ කාරණය ගොඩක් වැදගත්. ඒ වගේම password ගැන කියන කොට තවත් කරුණු කිපයක් කියන්න ඕන.

password_toothbrush_analogy

password එක අපි දත් බුරුසුව කියල හිතුවොත්, ඒ වගේම password එකට හොද එකක් තෝරාගන්න ඕන. ඒ වගේම වෙන කාත් එක්කවත් share කරන්න එපා. අනිත් කාරණය තමයි විටින් විට password එක මාරු කරන්න ඕන. අඩු ගානේ මාසෙකට වතාවක්වත් කරන්න ඕන. හොද password එකක් දන්නේ කොහොමද කියල මේ link එකේ web site එකෙන් බලන්න වගේම තමුන්ගේ password එක කොයිතරම් දුරට හොදද කියල බලන්න පුළුවන්.

ඒ වගේම password එකකට බොහොම සරල එහෙම නැතිනම් කෙනෙක්ට guess කරන්න පුළුවන් දේවල් දන්නා එපා. විශේෂයෙන් උපන් දින, ගෙදර අයගේ නම් වගේ දේවල්.

3rd Party Apps

අද වෙන කොට FB එකේ ගොඩක් ප්‍රසිද්ධ දෙයක් තම 3rd party applications. අපි දන්නේ නැතුව ඒ apps වලට permission දීමෙන් නොදැනුවත්වම අපේ private දේවල් ලබා දීමක් තමයි වෙන්නේ. අපේ photos, personal messages වගේ පෞද්ගලික දේවල් අන්සතු වීමක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ apps භාවිත කරනකොට ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන. හොද ratings තියෙනවද, මොන වගේ දේවල්ද ඒ app එක use කරන්නේ වගේ දේවල් හොයල බලන්න පුළුවන්.
සමහර apps තියෙනව අපි permission නොදීම අපේ wall එකේ, app එකේ results post වෙනවා. එක පෞද්ගලිකත්වයට හානි වෙන  දෙයක් වෙන්න ගොඩක් ඉඩ තියෙනව. ඒකෙන් වැළකෙන්න නම් කරන්න ඕන, app එක use කරන්න කලින් posts auto share වෙනවද කියල සැක හැර දැන ගන්න ඕන.

Login Alerts & Login Approvals

තමුන්ගේ account එක නොදැනුවත්ව වෙන තැනකින් log වෙලා නම් alert එකක් එහෙම නැත්තම් notification එකක් එන විදියට හදන්න පුළුවන්. ඒ සදහා Settings -> Security Settings වල තියෙන Login Alerts enable කරන්න ඕන. ඒක email එකට හෝ/හා mobile phone එකට එන විදියට වෙනස් කරගන්න පුළුවන්.login-approval

අනාරක්ෂිත අවස්ථාවක් දැනුම් දෙන්න තම ඒ ක්‍රමය තියෙන්න. ඒ වගේම අනාරක්ෂිත බවෙන් මිදෙන්න login approvals කියල විශේෂාංගයක් FB වල තියෙනවා. එකත් කලින් කිව්වා Security Settings වලම තියෙනවා. එකෙන් වෙන්න අපි username හා password ගහල account එකට log වෙන්න හදන කොට අපේ mobile එකට text එකකින් යම් කේතයක් එවනවා FB එකෙන්. එක enter කරාම තමයි අපිට log වෙන්න පුළුවන්. මේක automatically generate වෙන කේත ක්‍රමයක්.

Trusted Contacts

FB account එක යම් වැරදීමකින් තමන්ට log වෙන්න බැරි දෙයක් වුනොත්, ඒ සදහා FB ඉන්න තමන්ට විශ්වාස යාළුවෙක් හරහා නැවත ලබා ගන්න පුළුවන්. ඒකට අපිට විශ්වාස FB friendsල නම් කරන්න පුළුවන්.

Privacy එක ආරක්ෂා කිරීම

privacyFacebook කියන්නේ ගොඩක් වෙලාවට privacy පැත්ත ගැන දෙසැරයක් හිතන්න ඕන තැනක්. මොකද FB එකේ අපේ අදහස්, සිතුවිලි, photos, videos share කරන තැනක්. ඒවා බලන්න ඕන නැත්තේ කවුද කියන එක තීරණය කරන්න අපිට අයිතියක් තියෙනව. එකට ගොඩක් ලොකු අවසථාවක් FB එකෙන් අපිට ලබා දීල තියෙනවා.
Settings -> Privacy Settings වලට යන්න, එතනින් අපේ timeline එකේ තියෙන දේවල් බලන්න පුළුවන් කාටද කියන එක වගේම, තමන්ගේ account එකට friend request එවන්න පුළුවන් කාටද, තමන්ව contact කරන්න පුළුවන් කාටද වගේ, privacy එකට බලපාන දේවල් customize කරන්න පුළුවන්.

Blocking haters

blockedඅපිට කරදරයක් වෙන පුද්ගලයෝ ඉන්නවා නම් ඒ accounts block කරන්න පුළුවන් අපිට. එතකොට ඒ account එක කිසිම විදියකින් අපිට පේන්නෙ නෑ වගේම ඒ පුද්ගලයාටත් අපිව පේන්නෙ නෑ. ඒක කරන්න settings වල තියෙන Blocking කියන තැනට යන්න පුළුවන්. මේකෙන් තමන්ගේ privacy එකට හානි කරන අයව block කරන්න පුළුවන්. මේකෙදි පුද්ගලයෝ විතරක් නෙමේ, කරදරකාර page invitations, app invitations වගේම event invitations වුනත් block කරන්න පුළුවන්.

Who to add as friends ?

Facebook කියන්නේ social media එකක්. ඉතින් මෙතන අපිට අලුත් යාලුවෝ හද ගන්න හොද තැනක්. හැබැයි මිතුරු වේශයෙන් එන හතුරෝ ගොඩක් ඉන්න තැනක් තමයි FB කියන්නේ. ඒක නිසා අලුත් යාලුවෝ ඇති කර ගන්න කලින් අපි දෙසැරයක් හිතන්න ඕන. තමුන් දන්නේ නැති අය add කර නොගන්න තරමට තම නුවණට හුරු. තමුන් දන්නේ නැති අයට් friend request නොයවනවා වගේම දන්නේ නැති අයාගෙන request අවම accept නොකර ඉන්න තරමටම හොදයි. මොකද දන්නේ නැති අය අපේ timeline එක බැලීමෙන් privacy පිළිබද ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

friends

Spams & Malware

Facebook හරහා ගොඩක් spam messages එහෙමෙහෙ යනවා. emailවලට එන spams  වගේම තමයි. බොරු විස්තර දාල අපේ වටිනා කාලය නාස්ති කරනවා වගේම, අපිව මුළා කරන එක මේ spam වලින් වෙනවා. විශේෂයෙන් දැන් හදුන්වා දීල තියෙන message request පහසුකම නිසා දන්නැති අයගෙන් එන messages සීමා කරන්න පුළුවන්.
මේ ළගදි FB එක පුරාවටම malware එකක් සංසරණය වුණා. එක link එකක් click කරාම තමා නොදැනුවත්වම අනිත් friends ලගේ wall වල video එකක් link එකක් share වෙනවා. මේක මුළු fb එක පුරාම පිළිලයක් වගේ ව්‍යාප්ත වුණා. මේ වගේ දන්නේ නැති links click නොකර ඉන්න තරමට තම හොද. නැත්තම් තම නොදැනුවත්ව ගොඩක් වැරදි දේවල් වෙන්න පුළුවන්. එක නිසා FB භාවිතය ගොඩක් ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක්.

Database Servers

adv_db_securityDatabase server එකක් කිව්වම හැමෝටම මතක් වෙන්නෙ computers ගොඩක් තියෙන hubs switches තියෙන තැනක්.  හැබැයි එහෙම මතක් වෙනවා නම් එතන පොඩ් අවුලක් තියෙනවා මොකද db server එකක් කියන්නේ hard දෙයක් විතරමක් නෙමේ. database server එකක් කියන්නේ database services supply කරන computer එකක run වෙන computer program එකක්. ඒ වගේම ඒ program එක run වෙන computer එකටත් database server එක කියන්න පුළුවන්. හැබැයි හරිම විදියට කිව්වොත් database server එකක් කියන්නේ software හා hardware දෙකේම එකතුවක්.මෙහෙම කිව්ව database services supply කරන්න පුළුවන් program එකකට අපි කියනවා database management system එකක් කියල. MYSQL, Oracle කියන්නනේ ඒවාට ප්‍රසිද්ධ DBMS උදාහරණ. වෙන විදියකට කියනවා නම් database server එකක functionality (ක්‍රියාව) කරන්න පුළුවන් computer program එකක් තම DBMS එකක් කියන්නේ.අපි තවත් විදියකට database server කියන එක විග්‍රහ කරොත්, database application එකක back-end එක කියල හදුන්වන්නත් පුලුවන්.

database

Why databases?

ඇත්තටම මේ database එකක් ඕන වෙන්නේ මොන වගේ  දෙයකටද?බැංකුවක්  උදාහරණයට ගන්නකො. එතන ගොඩක්  transactions වෙනවා. ඒවා manually maintain කරන්න  උනා නම් ගොඩක් අමාරු වෙනවා නඩත්තු  කර ගන්න. එකට හොද විසදුමක් තමා database කියන concept එක. database එකක් පවත්වා පවත්ව ගත්තම ගොඩක්  වාසි තියෙනවා. ඒවා වෙනම සදහන් කරන්නම්.

Functions of databases

  • share data දත්ත හුවමාරුව
  • data integrity දත්තවල සත්‍යබව
  • data security දත්ත සුරක්ෂිතතාව
  • control redundancy අනවශ්‍ය අතිරික්තතව පාලනය

දත්ත හුවමාරුව විදියට සලකන්නේ විවිධ අවස්ථාවලදී විවිධ අය සමග කරන දත්ත හුවමාරු. ඒ කියන්නේ බැංකුවක නම් bank officer enter කරන data userට බලන්න පුළුවන් එක වගේ කියන්න පුළුවන්. database එකක් ගොඩක් වැදගත් function එකක් තම integrity කියන්නේ. database එකේ තියෙන data වල සත්‍යබව තමා මේකෙන් කතා කරන්නේ. ඊට අමතරව security හා redundancy controlling කියන දෙවල්නුත් database එකක ප්‍රධාන දේවල්.

What to know about database servers?

database server එකක වැඩ කරන්න Query language එකක් use කරන්න ඕන. MySQL කියන්නේ එහෙම language එකක්. ඒ කියන්නේ අපි database එකට data enter හෝ data retrieve කරන්න වගේම තව database සම්බන්ද වැඩ කරන්න තම query language එකක් ඕන වෙන්නේ. hardware වශයෙන් ගත්තම database server එකක් normal computer එකක් වුනත් run කරන්න පුලවන්. එත් ඒවාට වෙනම හදපු computers තියෙනව. ඒවා specially database server functionalities වලටම හදල තියෙන්නේ. ඒ වගේම ඒ computers run කරන්න වෙනම OS පවා තියෙනව. ලෝකේ වැඩියෙන්ම භාවිත වෙන්නේ Linux base උන OS තමා.  Red Hat Enterprise Linux (RHEL) හා  SUSE Linux Enterprise Server තමා Linux based OS servers වලට හොදම උදාහරණ. Apple computers වලට නම් OS X Server කියන OS එක තමා තියෙන්නේ. ඒ වගේම කවුරුත් දන්න Microsoft ලගෙ තියෙන්නේ windows server කියන OS server එක.

sles osxserver win2012වාසි අවාසි  !!!

Database server එකක් use කරන එකේ වාසි අවාසි කීපයක් තියෙනව.

අවාසි විදියට කියන්න පුළුවන් ඉතින් ආරක්ෂාව පිළිබද ප්‍රශ්නේ තම. ඒ කියන්නේ cyber attacks වලට ගොඩක් ගොදුරු වෙන දෙයක් තම data servers. ඒ වගේම අවශ්‍යතාව හදුනා නොගෙන implement කරන server එකක් උනත් අපරාදයක්. එකත් අවාසියක් වෙන්න පුළුවන් අවසානයේ. server එකේ capacity, performance එහෙම හොයල බලන්නැතුව use කරොත් එකත් අවසියෙක් වෙන්න පුළුවන්.

වාසි ගැන කතා කරොත්,  සාමාන්‍ය වැඩකට data store කරන්න අපිට spread sheet එකක් ගන්න පුලුවන්. එත් මහා පරිමාණ වැඩක් කරන්න නම් database මට්ටමටම යන්න වෙනවා. එකෙත් පොඩි computer වල කරාම ඕන වැඩේ efficient විදියට කරගන්න බෑ.  ඒ අතින් ගත්තම database server කියන තැනට එන්න වෙනව. එක තම big picture එකක් විදියට කියන්න පුලවන්. ඒ වගේම concurrent access වගේ දේවල් කරන්න වගේම, backup data වගේ දේවල් කරන්න database servers implement කරන්න ඕන. මෙතන මම server කියල අදහස් කරන්නේ software එකක් නෙමේ. DBMS එකක් run වෙන server machine එකක්.

New trends

cloud

අලුත්ම විදියට වැඩ කරන තැන වල නම් database එකක් run කරන්න අලුතෙන් server machines ගන්නේ නෑ. ඒකට තියෙන හොදම විසදුම තම cloud computing කියන concept එකෙන් ලැබිල තියෙන්නේ. එකෙන් වෙන්නේ මොකක් හරි company එකක් කොහේ හරි තැනක ගොඩක් හොද efficient server machines implement කරනවා. ඊට පස්සේ service එක අවශ්‍ය අයට යම් මුදලකට ඉඩ ලබා දෙනවා.එටකොට database server එකේ hardware  සම්පුර්ණ වෙන්ව. software පැත්ත තමා අපි බල ගන්න ඕන.

server-room

Security of Database Servers

database එකක් ගත්තම security කියන එකම අත්‍යාවශ්‍යම දෙයක්. එහෙම ආරක්ෂාව තහවුරු වෙන්න නම් database එක run වෙන server machines secure වෙන්න ඕන. ලෝකේ දැන් ලොකු ප්‍රශ්නයක් වෙන තියෙන්නේ cyber crimes කියන එක. එකේ ලොකුම තර්ජනයක් තියෙන දෙයක් තමයි server security කියන එක. මොකද, server එකක් physically වගේම virtually ත් තර්ජනයට ලක් වෙන්න පුළුවන්. virtual attacks වලින් මිදෙන්න තම ගොඩක් අමාරු. එකට කරන්න තියෙන්නෙත් ගෙදර computer එකට කරනවා වගේම ආරක්ෂාවක් තම. හැබැයි මේක ඊට වැඩ දරුණු විදියට ආරක්ෂා වෙන්න ඕන. මම එකෙන් අදහස් කරේ මේවටත් virus guard use කරනවා. unauthorized access නොදීම, remote access වලදී පරිස්සම් වෙන්න වගේ දේවල් කෙරෙන්න ඕන.
මේ ගැන ටිකක් හොද ලිපියක් තම මේ link එක තියෙන්නේ.
laptops-database