
කොටස් වෙළඳපොල යනු ඉතාමත් වේගයෙන් දත්ත හුවමාරු වන ස්ථානයි. එමෙන්ම, ඒ දත්ත ඉතාම සූක්ෂමව සහ නිවැරදිව සකස් කිරීම ඉතාමත් වැදගත් අවශ්‍යතාවයකි. මක්නිසාද යත්, මේවායේ බිලියන ගනන් වලින් සිදු වෙන ගණුදෙනු රටක ආර්ථිකයේ රඳා පැවැත්මක තදින්ම බලපාන බැවිනි.
මාලඹේ Millennium Information Technologies අයතනය, හෙවත් MillenniumIT, එසේත් නැති නම් පොදුවේ MIT ලෙස හඳුන්වන මෘදුකාංග ආයතනය මෙවැනි කොටස් වෙළඳපොල හා බැඳුණු මෘදුකාංග නිර්මාණය කරන ආයතනයකි. එපමණක් නොව, දැනට ස්ථාන 40 කට වැඩි ප්‍රමාණයක කොටස් වෙළඳපොලවල් ක්‍රියා කරන්නේ අපේම රටේ දැනුමෙන් ලියවුණ මාදුකාංග වලිනි. එම ලැයිස්තුවට ලන්ඩන් කොටස් වෙළඳපොල වගේම, අපේ රටේ කොළඹ කොටස් වෙළඳපොලත් ඇතුලත් වේ.
MillenniumIT ආයතනය මුලින්ම ආරම්භ වෙන්නේ 1996 වර්ෂයේ කොළඹ දීය. පසුව එය මාළඹේ නගරයට ගෙන එන්නේ සේවක සංඛ්‍යාව වැඩිවීම නිසා පමණක්ම නොව, කර්කෂ නාගරික පරිසරයෙන් මිදී මෘදුකාංග නිර්මාණයට ගැලපෙන වටාපිටාවක් ඇති කිරීමේ අරමුණිනි. ඔවුන් නිර්මාණය කල මෘදුකාංග වල ඇති උසස් බව නිසාම 2009 දී London Stock Exchange Group (LSEG) මගින් MillenniumIT ආයතනය අත්කරගන්නා ලදී. එය MillenniumIT ආයතනයේ නම පමණක් නොව, මුළු ශ්‍රී ලංකාවේම නාමය අන්තර්ජාතික තලයට ගෙන යාමට මුල් වූ කරුණකි.
Read More