Google කියන්නේ අපි හැමෝටම අලුත් දෙයක් නෙවේ වගේම අපි බොහෝ දෙනාගේ විශ්වාසය රැක ගැනීමට සමත් වූ ආයතනයක්. මේ ලිපියෙන් කියන්නට යන්නේ ඒ විශ්වාසය තවත් වැඩි කිරීමට ඔවුන් ගෙන ඇති පියවරක් ගැනයි.
අද බොහෝ දෙනාට Gmail ගිණුමක් සතුයි. තම එදිනෙදා වැඩ කටයුතු මෙන්ම විවිධාකාර web ගිණුම් සඳහා Gmail ගිණුම් භාවිතා කරන නිසාම එහි ඇති රහස්‍ය භාවය අතිශයෙන් වැදගත් කරුණක්. විශේෂයෙන්ම මේ දිනවල අහන්නට දකින්නට ලැබෙන දේවල් සලකා බැලීමේදී cyber අවකාශයේදී තම පෞද්ගලිකත්වයට හානියක් වේදෝයි කුඩා හෝ චකිතයක් දැනීම පුදුමයට කරුණක් නොවේ. දේශපාලකයන්, ව්‍යාපාරිකයන් හා සමාජයට බලපෑම් කල හැකි පුද්ගලයන්ගේ web ගිණුම් ඉලක්ක කොට රහස්‍ය දත්ත සොරා ගනිමින් ව්‍යාප්ත වන “Targeted Attacks “ නම් online ප්‍රහාර වලට එරෙහිව නවතම විසඳුමක් Google විසින් හඳුන්වා දී තිබෙනවා. එය නමින් Advanced Protection Programme නැතහොත් APP වේ.
මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
Google විසින් කරන ලද සමීක්ෂණයකට අනුව පෙන්වා දී ඇත්තේ වර්ථමානයේ භාවිතා වන ආරක්ෂිත ක්‍රම අභිබවා online ප්‍රහාර එල්ල කල හැකි බවයි. APP මගින් පැතිකඩ තුනක් ඔස්සේ ආරක්ෂාව තර කරලා තියනවා.
එයින් පළමු පැතිකඩ තමයි phishing ප්‍රහාර වලින් ආරක්ෂා කිරීම. සමහර වෙලාවට තෙවන පාර්ශ්වික Apps වලට log වීමේදී හෝ අලුතින් install කිරීමේදී ඔබගේ දත්ත (email වැනි) පරිහරණය කිරීම සඳහා අවසර ලබා දීමට සිදුවනවා. Advanced Protection Programme එක මගින් මෙසේ පිටට යවන දත්ත සීමා කරනවා.තෙවැන්න වන්නේ යම්කිසි කෙනෙකු වශයෙන් පෙනී සිට ඔහුගේ ගිණුම් වලට අයුතු ලෙස ඇතුළු වීම වැලැක්වීමයි.
මෙහිදී ආරක්ෂිත ක්‍රමවේදය ලෙස අපි දැනට භාවිතා කරන 2-step verification වගේ ක්‍රම වලින් ඔබ්බට ගිය ක්‍රමයක් වශයෙන් physical security key එකක් භාවිතා කරනවා. මෙය ඇත්තටම dongle එකක්. එය Bluetooth (Mobile ,Tablet , PC සඳහා) හෝ USB(පුද්ගලික පරිගණකය සඳහා පමණි) ආකාරයෙන් ඔබගේ පරිගණකයට සම්බන්ධ විය හැකිය. මෙය ඔබ පාවිච්චි කරන device එක සමග සම්බන්ධ කර බොත්තමක් එබූ සැනින් Google විසින් ඔබගේ අනන්‍යතාවය හඳුනා ගැනේ.

Phishing Attacks වළක්වන්නේ කොහොමද?
Phishing attacks වලදී බොහෝ විට අපි දන්නා site එකක් ලෙස පෙනී සිටිමින් ඔබගේ දත්ත අයුතු ලෙස ලබා ගන්නා අවස්ථාවන් තිබෙනවා. අලුතින් හඳුන්වා දෙන security key එක ක්‍රියාත්මක වන්නේ කලින් හඳුනාගත් genuine sites වලට පමණක් නිසා මෙවැනි අවධානම් වලින් ගැලවෙන්නට පුළුවන්.
APP කරදරයක් වෙයිද?
ඉහත පෙන්වා දුන් පරිදි APP වලින් ලොකු ආරක්ෂාවක් සපයනවා. ඒත් මේ නිසා සිදුවන බාධාවීම් හා කරදර නැතුවාම නොවේ . පළමුව කිව යුතු වන්නේ ඔබ Google site එකකට ඇතුළු වීමේදී සෑම විටම ඉහත කී security key එක තිබිය යුතුයි. නැති නම් දවස් කීපයකට ඔබගේ ගිණුම හෝ site එකට ඇතුළු වීමට නොහැකි වේවි. ඒ වගේම කලින් සඳහන් කල පරිදි third -party apps වලට දත්ත ලබා දීම සීමිත නිසා එවැනි දත්ත අත්‍යවශ්‍ය apps භාවිතා කිරීමට නොහැකි වේවි. Google සේවාවන් සඳහා sign -in වීමේදී අනිවාර්යෙන් Google Chrome බ්‍රව්සරය පාවිච්චි කරන්නත් වෙනවා.
ඔබට මෙය අවශ්‍යමද?
මුලදීම සඳහන් කල ආකාරයට Google විසින් මෙම APP සේවාව හඳුන්වා දීමට මූලික හේතුව වන්නේ Targeted Attacks. security key වලට යන වියදම අමතරව වෙනත් ලොකු වියදමක් මේ සඳහා වැය නොවුනත් ඔබ සාමාන්‍ය වැසියෙක් නම් ඉහත සඳහන් කල අවදානම් වලට ලක්වීමට ඇති ඉඩ කඩ සීමිත නිසා APP භාවිතා කිරීමට පෙර තවත් වරක් සිතා බලන්න.
මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් Google විසින් මේ පිලිබඳ ලියා ඇති මේ ලිපියෙන් බලාගන්න පුළුවන්.