TechWire

Tag - Advanced Protection Program

Google හඳුන්වා දුන් නව ආරක්ෂකයා – Advanced Protection Program

Google කියන්නේ අපි හැමෝටම අලුත් දෙයක් නෙවේ වගේම අපි බොහෝ දෙනාගේ විශ්වාසය රැක  ගැනීමට සමත් වූ ආයතනයක්. මේ ලිපියෙන් කියන්නට යන්නේ ඒ විශ්වාසය තවත් වැඩි කිරීමට ඔවුන් ගෙන ඇති පියවරක් ගැනයි.

අද බොහෝ දෙනාට Gmail  ගිණුමක් සතුයි. තම එදිනෙදා වැඩ කටයුතු මෙන්ම විවිධාකාර web ගිණුම් සඳහා Gmail  ගිණුම් භාවිතා කරන නිසාම එහි ඇති රහස්‍ය භාවය අතිශයෙන් වැදගත් කරුණක්. විශේෂයෙන්ම මේ දිනවල අහන්නට දකින්නට ලැබෙන දේවල් සලකා බැලීමේදී cyber  අවකාශයේදී තම පෞද්ගලිකත්වයට හානියක් වේදෝයි කුඩා  හෝ චකිතයක් දැනීම පුදුමයට කරුණක් නොවේ. දේශපාලකයන්, ව්‍යාපාරිකයන් හා සමාජයට බලපෑම් කල හැකි පුද්ගලයන්ගේ web  ගිණුම් ඉලක්ක කොට රහස්‍ය දත්ත සොරා ගනිමින් ව්‍යාප්ත වන “Targeted  Attacks “ නම් online ප්‍රහාර වලට එරෙහිව නවතම විසඳුමක් Google විසින් හඳුන්වා දී තිබෙනවා. එය නමින් Advanced Protection Programme නැතහොත් APP වේ.

Advanced Protection

මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

Google  විසින් කරන ලද සමීක්ෂණයකට අනුව පෙන්වා දී ඇත්තේ වර්ථමානයේ භාවිතා වන ආරක්‍ෂිත ක්‍රම අභිබවා online  ප්‍රහාර එල්ල කල හැකි බවයි. APP මගින් පැතිකඩ තුනක් ඔස්සේ ආරක්ෂාව තර කරලා තියනවා.

එයින් පළමු පැතිකඩ තමයි phishing ප්‍රහාර වලින් ආරක්ෂා කිරීම. සමහර වෙලාවට තෙවන පාර්ශ්වික Apps  වලට log  වීමේදී හෝ අලුතින් install  කිරීමේදී ඔබගේ දත්ත (email වැනි) පරිහරණය කිරීම  සඳහා අවසර ලබා දීමට සිදුවනවා. Advanced  Protection  Programme එක මගින් මෙසේ  පිටට යවන දත්ත සීමා කරනවා.තෙවැන්න වන්නේ යම්කිසි කෙනෙකු වශයෙන් පෙනී සිට ඔහුගේ ගිණුම් වලට අයුතු ලෙස ඇතුළු වීම වැලැක්වීමයි.

මෙහිදී ආරක්‍ෂිත ක්‍රමවේදය ලෙස  අපි දැනට භාවිතා කරන 2-step  verification  වගේ ක්‍රම වලින් ඔබ්බට ගිය ක්‍රමයක් වශයෙන් physical  security  key එකක් භාවිතා කරනවා. මෙය ඇත්තටම dongle  එකක්. එය  Bluetooth (Mobile ,Tablet , PC සඳහා)  හෝ USB(පුද්ගලික පරිගණකය සඳහා පමණි) ආකාරයෙන් ඔබගේ පරිගණකයට සම්බන්ධ විය හැකිය. මෙය ඔබ පාවිච්චි කරන device  එක සමග සම්බන්ධ  කර බොත්තමක් එබූ සැනින් Google  විසින් ඔබගේ අනන්‍යතාවය හඳුනා ගැනේ.

Security Key
Phishing  Attacks  වළක්වන්නේ කොහොමද?

Phishing  attacks  වලදී බොහෝ විට අපි දන්නා site  එකක් ලෙස පෙනී සිටිමින් ඔබගේ දත්ත අයුතු  ලෙස ලබා ගන්නා අවස්ථාවන් තිබෙනවා. අලුතින් හඳුන්වා දෙන security  key  එක ක්‍රියාත්මක වන්නේ කලින් හඳුනාගත්  genuine sites  වලට පමණක් නිසා මෙවැනි අවධානම් වලින් ගැලවෙන්නට පුළුවන්.

APP කරදරයක් වෙයිද?

ඉහත පෙන්වා දුන් පරිදි APP  වලින් ලොකු ආරක්ෂාවක් සපයනවා. ඒත් මේ නිසා සිදුවන බාධාවීම් හා කරදර  නැතුවාම නොවේ . පළමුව කිව යුතු වන්නේ ඔබ Google  site  එකකට ඇතුළු වීමේදී සෑම  විටම ඉහත කී security  key  එක තිබිය යුතුයි. නැති නම් දවස් කීපයකට ඔබගේ ගිණුම හෝ site  එකට ඇතුළු වීමට නොහැකි වේවි. ඒ වගේම කලින් සඳහන් කල පරිදි third -party  apps  වලට දත්ත ලබා දීම සීමිත නිසා එවැනි දත්ත අත්‍යවශ්‍ය apps  භාවිතා කිරීමට නොහැකි වේවි. Google  සේවාවන් සඳහා sign -in  වීමේදී අනිවාර්යෙන් Google  Chrome  බ්‍රව්සරය පාවිච්චි කරන්නත් වෙනවා.

ඔබට මෙය අවශ්‍යමද?

මුලදීම සඳහන් කල ආකාරයට  Google  විසින් මෙම APP  සේවාව හඳුන්වා දීමට මූලික හේතුව වන්නේ Targeted  Attacks. security  key වලට යන වියදම අමතරව වෙනත් ලොකු වියදමක් මේ සඳහා වැය  නොවුනත්  ඔබ සාමාන්‍ය වැසියෙක් නම් ඉහත සඳහන් කල අවදානම් වලට ලක්වීමට ඇති ඉඩ කඩ සීමිත නිසා APP භාවිතා කිරීමට පෙර තවත් වරක් සිතා බලන්න.

මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් Google  විසින් මේ පිලිබඳ ලියා ඇති මේ ලිපියෙන් බලාගන්න පුළුවන්.