TechWire

කෝටි ගණන් දීලා ලැම්බෝගිනි ගන්නේ මොකටද? මෙන්න ලංකාවෙම හදන සුපිරි කාර් එකක්!

supercars

Supercars කියන කොටම කාට වුණත් මතක් වෙන්නේ Bugatti, Ferrari, Porsche, Lamborghini වගේ කාර් තමයි. ඒවායේ තියන සුවිශේෂී වේගය, පෙනුම වගේ කාරණා නිසා  ඕනම කොල්ලෙක් කෙල්ලෙක් මේ වාහන ගැන ලොකු උනන්දුවක් දක්වනවා. පුංචි කාලේ ඒ වගේ වාහනයක කවදාහරි නැගලා යන්න කොච්චර නම් හීන දකිනවාද…? හැබැයි ඉතිං දැනුම් තේරුම් තියන වයසට එනකොට තේරෙනවා ඇයි එහෙම කරන්න බැරි කියලා. ඔය විදිහේ වාහනයක් ගන්න නම් කෝටි ගාණක් වියදම් කරන්න වෙනවා විතරක් නෙවෙයි වාහනේ ගමන් බිමන් යන්නත් නඩත්තුවටත් යන වියදම ගැන හිතනකොට එ්ක හීනයක්ම තමයි. ඒ හීනේ තාම හිතේ තියන නිසා පරිගණක ක්‍රීඩාවක් තුළ හරි මේ වාහන පැදලා සතුටු වෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැනේ. හැබැයි මේ කථාව ගැන ඇහුවොත් පුදුම වෙයි. අපේ රටේදීම නිෂ්පාදනය කරන්න යන සුපිරි මොටර් රථයක් වන VEGA ගැන තමයි අද අපි කියන්නේ.

vega front

vega back

මේ car එකට වේගය කියන අදහස එන විදිහට තමයි VEGA කියන නම දාලා තියෙන්නේ. විශේෂත්වය තමයි මේකට තියන සුපිරි වේගය හා නවීන තාක්ෂණය. මෙය  මුළුමනින්ම විදුලිය භාවිතයෙන් ධාවනය වන රථයක්. ශ්‍රී  ලංකාවේම සිටින ඉංජිනේරුවන් විසින් මෙය නිර්මාණය කිරීම තවත් විශේෂිතයි. මෙහි වැඩ කටයුතු ආරම්භ වුණේ මීට වසර 3කට විතර කලින්. මෙහි මූලික ආරම්භක කටයුතු අවසන් වී ඇතත් වාණිජ වශයෙන් නිෂ්පාදනය කෙරෙන මෝටර් රථයක් බවට පත් කිරීම දක්වා තව දිගු ගමනක් යා යුතුව තිබෙනවා. කොහොම නමුත් මෙවැනි supercar වර්ගයට අයත් රථයක් ලංකාවේ නිෂ්පාදනය කෙරෙන්නේ පළමු වතාවටයි. VEGA රථයට පැයට කිලෝමීටර 240ක උපරිම වේගයක් ලබා ගත හැකි වන පරිදියි මෙය නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත්තේ. ඒ කියන්නේ රථය සම්පූර්ණයෙන් අවසන් වන විට දැනට වෙළඳපොලේ ඇති Pagani Huwayra රථයක් අභිබවා McLaren F1 රථයක් හා තරග කිරීමට VEGA රථයට හැකි වනු ඇති. වඩාත් සුවිශේෂී කාරණය නම් එහි ඇත් ජව සම්පන්න ත්වරණ (Powerful Acceleration ) හැකියාවයි. එය තත්පර 3.6 තුළ වේගය පැයට කිලෝමීටර 100 දක්වා ඉහළ නැංවිය හැකි ලෙයසි නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත්තේ.

යොදා ගන්නා තාක්ෂණික උපායන්

design

motor controller

3d view

මෙම මෝටර් රථය මුලූමනින්ම විද්‍යුත් මෝටර් රථයක් ලෙසින් නිර්මාණය කෙරෙන අතර වරක් charge කිරීමෙන් කිලෝමීටර 240ක දුරක් ගමන් කළ හැකිවනවා. කාබන්-ෆයිබර් මිශ‍්‍ර අමුද්‍රව්‍යයක් යොදා ගනීම නිසා රථයේ බර අවම වී ශක්තිමත් බවක් එක් කරනුලබනවා. රථයේ සම්පූර්ණ බර කිලෝ 1500ක් පමණ වේ. පිටුපස රෝද දෙකට සවිවන මෝටර් දෙකක් මගින් horsepower 900 ක බලයක් ලබා දෙනවා. මෘදුකාංග මගින් රථයේ සhorsepower හැසිරවිය හැකි වන අතර වංගු ගැනීමකදී එය ආරත්ෂාකරීව සිදුකිරීමට එක් එක් රෝදය කැරකිය යුතු වේගය ස්වයංක‍්‍රීයව මෘදුකාංග හරහා පාලනය කෙරෙනවා. මෝටර් රථයට යොදා ගන්නා මෝටර් පාලක (Motor Controllers) අලූතින්ම නිපදවා ඇති අතර එ්වා වෝල්ට් 600ක් යටතේ කි‍්‍රයාත්මක වේ. ඒ සඳහා ලිතියම්-අයන් (Li-ion) බැටරි පද්ධතියක් යොදා ගැනීමට නිර්මාණකරුවන් සමත්ව තිබෙනවා. බැටරිය ධාරිතාවෙන් විශාල බැවින් යළි ආරෝපණය (charge) කිරීමේදී වැය වන කාලය ඉතිරි කිරීමේ අදහසින් බැටරි රථය සවිවන සැකැස්ම අවශ්‍යය පරිදි වෙනස් කිරීමට හැකිවන පරිදි නිර්මාණය කිරීමට නිර්මාණ කරුවන් යොමුව තිබෙනවා.

නිර්මාණකරුවන්

test_drive

test_drive01

VEGA රථය නිර්මාණය කිරීමේ මෙම ව්‍යාපෘති පිළිබඳ සංකල්පය ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ නිර්මාණයක් වන අතර ව්‍යාපෘතියේ කලමණාකරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ ආචාර්ය බෙෂාන් කුලපාල මහතායි. ව්‍යාපෘතියේ කටයුතු සඳහා ශී‍්‍ර ලංකාවේ විවිධ පෙදෙස් වලින් බිහිවී ක්ෂෙත‍්‍රයේ සුවිශේෂිතා දැක් වූ විශ්වවිද්‍යාල සිසුන් සහ ඉංජිනේරුවන්ගෙන් සැදුම් ලද් කණ්ඩායමක් එකට එක්ව තිබෙනවා. මෙම නිර්මාණය සිදුකිරීමේ මූලික කටයුතු සඳහා ඇ.ඩො 500,000 ක පමණ මුදලක් වැය කොට ඇති අතර ඉදිරියේදී එය මිලියන දහය ඉක්මවනු ඇති බවට විශ්වාස කෙරෙනවා. මෙම නිර්මාණය හරහා ලෝකයේ නව නිර්මාණ බිහිකිරිමෙහි ලා ශ‍්‍රී ලංකාව සුවිශේෂී තලයකට ගෙන එ්මටත්, එමෙන්ම නව නිර්මාණ බිහිකිරීමට ශ‍්‍රී ලාංකික නිර්මාණකරුවන්ට ඇති බිය නැති කිරීමටත් නව නිර්මාණකරුවන් නිර්මාණ කටයුතු උදෙසා විදේස්ගතවීම වැළැක්වීමටත් මෙමගින් හැකි වනු ඇතැයි VEGA නිර්මාණ කරුවන් විශ්වාස කරනු ලබනවා.

About author View all posts

Dhanushka Sanjaya

2 CommentsLeave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *