TechWire

ලොව සුපතල Tesla මෝටර් රථ සමාගමට නඩු වැටෙයි…

                             Tesla සමාගම කියන්නෙ ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින ආයතනයක්. වඩා සුඛෝපභෝගී සහ උසස් තත්ත්වයෙන් යුතු මෝටර් රථ නිෂ්පාදනය කිරීමෙහිලා Tesla ආයතනය ලොව පුරා නම් දරා සිටිනවා. විශේෂයෙන්ම නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් තම පාරිභෝගිකයන්ට ඉහල පහසුකම් වලින් යුතු මෝටර් රථ නිෂ්පාදනය කිරීම පිළිබඳව Tesla ආයතනයට ලැබී ඇත්තේ සුවිශේෂී පිළිගැනීම්ක්. ඔවුන් නිරතුරුවම විවිධ නව නිර්මාණ සහ පහසුකම්වලින් යුතු මෝටර් රථ මාදිලි වෙළෙඳපොළ වෙනුවෙන් හඳුන්වාදෙනවා. ලෝකයේ මෝටර් රථ නිෂ්පාදනය සඳහා ඉහළ නම් දරා සිටින BMW, Mercedes සහ Volvo වැනි සමාගම් අතරට තම සම සමාගම ගෙන ඒමට Tesla ආයතනයට හැකියාව ලැබුණා.

Tesla ආයතනයෙන් හඳුන්වා දෙනු ලබන මෙම නවීන පහසු පහසුකම්වලින් යුතු මෝටර් රථ සඳහා ඔවුන්ගේ පාරිභෝගිකයන්ගෙන්ද ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. මේ කොහොම නමුත් පසුගිය කාලය නම් Tesla ආයතනයට එතරම් යහපත් වුණේ නැහැ. ඔවුන්ගේ ආයතනයේ ප්‍රධාන නිලධාරීන් කිහිපදෙනෙකුම සමාගමෙන් ඉවත් වූ අතර ඔවුන්ගේ කොටස් වෙළෙඳපොළ ද සැලකිය යුතු මට්ටමකින් පහත වැටුණා. මේ සියල්ල අතර tesla ආයතනයේ පාරිභෝගිකයෙකු සමාගමට එරෙහිව නඩු දමා තිබෙන බවද වාර්තා වුණා. ඒ අදාල පාරිභෝගිකයාකයා ටෙස්ලා මෝටර් රථයක ගමන් කරමින් සිටියදී අනතුරකට ලක් වීමක් සම්බන්ධවයි.

 

Tesla ආයතනය මෝටර් රථ නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා රියදුරන්ගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් පරිගණක පද්ධතියක් මෝටර් රථ සදහා ඇතුළත් කර තිබෙනවා. එමඟින් navigation, Self-speed up, automatic brake system, සහ sensors යොදාගනිමින් පහසුකම් හා සේවාවන් රැසක් පාරිභෝගිකයන් වෙනුවෙන් ලබාදෙනවා. මෝටර් රථයට සවිකර ඇති sensors සහ කැමරා මගින් රියදුරා ගමන් ගන්නා මාර්ගය පිළිබඳව ලබාගන්නා තොරතුරුවලින් ගමනට අවශ්‍ය පාලනය ලබාගැනීමට පරිගණක පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. ඉහත නඩුවට අදාළ අනතුර මීට මාස කිහිපයකටකට ඉහතදී ඇමරිකාවේ Utah ප්‍රාන්තයේදී සිදුවූවක්.

අනතුරට මුහුණ දුන් Heather Lommatzsch නම් කාන්තාව

Tesla Model S වර්ගයේ රථයක් හිමි Heather Lommatzsch නම් කාන්තාවක් අනතුරට මුහුණ දුන් අතර ඇය විසින් 2016 වසරේදී රථය මිලදී ගෙන තිබෙනවා. ඉකුත් මැයි මාසයේ එකොළොස් වැනිදා මෙම අනතුරට මුහුණ දුන් විසි නව හැවිරිදි කාන්තාව බරපතල තුවාල ලැබ රෝහල් ගත කෙරුණු අතර සිද්ධියෙන් ඇගේ පාදයක්ද බිඳී ගොස් තිබුණා. අනතුර සිදුවන අවස්ථාවේදී ඇය තම මෝටර් රථයේ autopilot තත්ව යටතේ  ධාවනය කරමින් සිට තිබෙනවා. අනතුරුව රථය, මාර්ග සංඥා එළි සඳහා නවතා තිබූ ගිනි නිවන රථයක ගැටී මෙම අනතුර සිදු වුණා.

අනතුර සිදුවීම සම්බන්ධයෙන් Tesla ආයතනයට චෝදනාකොට නඩු පවරමින් අදාළ කාන්තාව පවසා ඇත්තේ තමා මෝටර් රථය මිලදී ගැනීමේදී අලෙවිකරුවන් රථය autopilot තත්ත්ව යටතේ ධාවනය වන විට මාර්ගයේ ඇති බාධක හඳුනා ගනිමින් ස්වයංක්‍රීයව තිරිංග ක්‍රියාත්මක කරන බව තමාට පැවසූ බවයි. නමුත් අදාළ අනතුර සිදුවන විට එවැන්නක් සිදු නොවූ අතර තමා විසින් තිරිංග තද කළද එය නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බවටද ඇය චෝදනා කරනවා. තමාට අනතුරෙන් සිදු වූ හානිය සහ ගෙවීම්ට සිදු වූ දඩ මුදල් පිළිබඳව සඳහන් කරමින් ඇය චෝදනා කර ඇත්තේ ආයතනය විසින් තමාට සිදු වූ අනතුරට වන්දියක් ගෙවිය යුතු බවයි.

කෙසේ නමුත් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් Tesla ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක Dave Arnold කරුණු දක්වා ඇත්තේ තම ආයතනය විසින් පැහැදිලි ලෙසම autopilot සේවාව යටතේ වාහනය සෑම අනතුරක්ම වැළැක්වීමේ හැකියාවක් නොමැති බව තම නීති කොන්දේසි යටතේ සඳහන් කර ඇති බවයි. ඊටත් අමතරව autopilot තත්වයෙන් රියදුරෙකු සිය රථයේ ගමන් ගන්නා විට අවධානයෙන් සිටින ලෙසත්, රථයේ පාලනය පවත්වා ගන්නා දෙසත් පරිගණක පද්ධතිය මගින් තම පරිභෝග රියදුරන්ට නිරතුරුව සිහිගන්වන බවත් ඔහු සඳහන් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් Dave Arnold විසින් අදාළ කාන්තාව ලබා දුන් අවසන් පොලිස් වාර්තාවේ අනතුර සිදු වීමට මොහොතකට පෙර ඇය සිය ජංගම දුරකථනය පරීක්ෂාකරමින් සිටි බව ප්‍රකාශ කර ඇති අතර රථයෙන් ලබාගත්ත දත්තවලට අනුව අනතුර සිදුවවීමට ආසන්නතම තත්පර 80 ක කාලය ඇතුළත ඇය steering wheel එක මත අත තබා නොමැති බවද පෙන්වා දෙනවා.

අනතුර පිලි පිළිබඳව කරුණු දක්වමින් පොලිසිය සඳහන් කරන්නේ ඉදිරියෙන් ගමන්ගත් රථය සිය මංතීරුව මාරු කිරීමත් සමඟ Tesla රථය autopilot යටතේ ධාවනය වීමෙේදී එය ස්වයංක්‍රීයව තම වේගය වැඩි කරගන්නට ඇති බවයි. නමුත් ඉදිරියේ නවතා තිබූ රථ පිළිබඳව පරිගණක පද්ධතියට තොරතුරු නොලැබීම නිසා අනතුර සිදුවන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.

පසුගිය කාලයේ මීට ආසන්නතම සිදුවීම් දෙකක් ඇමරිකාවෙන් වාර්තා වුණා. අදාළ සිදුවීම් දෙකට මුහුණ දුන් Tesla මෝටර් රථ දෙකෙන් එකක් මෙම අනතුර සිදු වූ මාදිලියටම අයත්. එක් අනතුරක් රථයේ වේගය අඩාල කර ගැනීම්ට නොහැකිවීමෙන් සිදුවී ඇති අතර අනෙක් අනතුර මෙවැනිම වූ ලෙස selfie speedup කිරීම්ට යෑමෙන් සිදුවී තිබෙනවා.

මේ කෙසේ වෙත්වෙතත් ඇමරිකාවේ මාර්ග හා ප්‍රවාහනය පිළිබඳව ආයතන කිහිපයකින්ම කරන ලද පරීක්ෂණවලට අනුව සොයාගෙන ඇත්තේ නවීන තාක්ෂණය යොදා ගනිමින් පරිගණක පද්ධතිවල සහාය මත සපයන autopilot නැමැති පහසුකම් ලබාදෙන මෝටර් රථ රියදුරාට ආරක්ෂාවක් සපයනවා මෙන්ම ඒවා බොහෝ අවස්ථාවලදී හරියාකාරව ක්‍රියාත්මක නොවීමේ හැවීමේ හැකියාවක්ද පවතින බවයි. එබැවින් ඒවා මත පමණක් විශ්වාසය තබා ධාවනය කර තම ජීවිතය අවදානම්කට නොදමන ලෙසට ඔවුන් උපදෙස් ලබාදී තිබෙනවා.

About author View all posts

Dhanushka Sanjaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.