TechWire

Tag - USSD

ඔබේ iPhone දුරකථනයේ ඇති සැඟවුණු සැකසුම්

USSD (Unstructured Supplementary Service Data) කේත කියලා හඳුන්වන්නේ දුරකථන නිෂ්පාදන සමාගම් හෝ වෙනත් සේවාදායකයින් විසින්, අදාළ පරිගණක සමග දත්ත හුවමාරු කරගන්නට ඔබේ ජංගම උපාංග වලට ඔබ්බවා ඇති කේත වර්ගයක්. බොහෝ අවස්ථා වලදී නොදැනුවත්වම මෙම USSD කේතයන් කොතෙකුත් අපේ අතින් භාවිතා වෙනවා. උදාහරණයක් විදිහට ඔබේ Mobitel සිම්පතේ ගිණුම් ශේෂය විමසන්න භාවිතා කරන *100# කියන්නෙත් සරල USSD කේතයක්.

සේවා දායකයින් බොහෝ විට USSD කේත භාවිත කරන්නේ යම් යම් සේවාවන් සක්‍රිය කිරීමටයි (දත්ත පැකේජ සක්‍රිය කිරීම වැනි). එහෙත් දුරකථන නිෂ්පාදකයින් මේවා යොදාගන්නේ දුරකථනයේ ඇති විවධ සැකසුම් පහසුවෙන් සිදුකරගැනීමටයි. එනම් සාම්ප්‍රදායික සැකසුම් වෙත පිවිසිය හැකි රහස් දොරක් ලෙසටයි. Read More